පිලිප්පි 4:5-6
පිලිප්පි 4:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ ගුණ යහපත්කම හැම දෙනාට ම පෙනේවා! ස්වාමින්වහන්සේ ළං ව සිටින සේක; කිසි දෙයක් ගැන කනස්සලු නො වී, හැම දෙයකදී ම යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් යුතු ව, ස්තුති කරමින්, ඔබේ ඉල්ලීම් දෙවියන්වහන්සේ වෙත පිළිගන්වන්න.
බෙදාගන්න
පිලිප්පි 4 කියවන්නපිලිප්පි 4:5-6 Sinhala Revised Old Version (SROV)
නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා. ස්වාමීන්වහන්සේ ළංව සිටිනසේක. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.
බෙදාගන්න
පිලිප්පි 4 කියවන්නපිලිප්පි 4:5-6 Sinhala New Revised Version (NRSV)
ඔබගේ ගුණ යහපත්කම සියලු මනුෂ්‍යයන්ට දැනගන්නට ලැබේ වා. සමිඳාණන් වහන්සේ විගස වඩින සේක. ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න.
බෙදාගන්න
පිලිප්පි 4 කියවන්න