පිලිප්පි 4:19-23
පිලිප්පි 4:19-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ තේජසේ ඉසුරුමත් භාවයේ ප්‍රකාරයට ඔබගේ සියලු අවශ්‍යතා සපුරන සේක. අපගේ දෙවියන්වහන්සේට, පියාණන්වහන්සේට සදහට ම, සදාතනික ව තේජෝ මහිම වේවා! ආමෙන්. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ශුද්ධවතුන් හැම දෙනාට ආචාර කරන්න. මා සමඟ සිටින සහෝදරයෝ ඔබට ආචාර කරති. සියලු ශුද්ධවන්තයෝ ද, විශේෂයෙන් ම සීසර් මාලිගයේ සිටින ශුද්ධවන්තයෝ ද ඔබට ආචාර කරති. යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබගේ ආත්මය සමඟ පවතීවා! ආමෙන්.
පිලිප්පි 4:19-23 Sinhala Revised Old Version (SROV)
මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණකරනසේක. ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේට සදාකාලයටම ගෞරවය වේවා. ආමෙන්. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ශුද්ධවන්තයන් සෑමදෙනාට ආචාරකරන්න. මා සමඟ සිටින සහෝදරයෝ නුඹලාට ආචාරකරති. සියලු ශුද්ධවන්තයෝද ප්‍රධානකොට කායිසර්ගේ ගෙදර සිටින ශුද්ධවන්තයෝද නුඹලාට ආචාරකරති. ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලාගේ ආත්මය සමඟ වේවා.
පිලිප්පි 4:19-23 Sinhala New Revised Version (NRSV)
මාගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ, ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිඟකම් සපුරාලන සේක. අපගේ පිය වූ දෙවියන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ සියලු සැදැහැවතුන්ට ආචාර කරන්න. මා සමඟ සිටින සහෝදරයෝ ඔබට ආචාර කරති. සියලු සැදැහැවත්හු ද, ප්‍රධාන කොට සීසර්ගේ රාජ භවනයේ සැදැහැවත්හු ද ඔබට ආචාර කරති. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!
පිලිප්පි 4:19-23 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ, ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිඟකම් සපුරාලන සේක. අපගේ පිය වූ දෙවියන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ සියලු සැදැහැවතුන්ට ආචාර කරන්න. මා සමඟ සිටින සහෝදරයෝ ඔබට ආචාර කරති. සියලු සැදැහැවත්හු ද, ප්‍රධාන කොට සීසර්ගේ රාජ භවනයේ සැදැහැවත්හු ද ඔබට ආචාර කරති. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!
පිලිප්පි 4:19-23 New International Version (NIV)
And my God will meet all your needs according to the riches of his glory in Christ Jesus. To our God and Father be glory for ever and ever. Amen. Greet all God’s people in Christ Jesus. The brothers and sisters who are with me send greetings. All God’s people here send you greetings, especially those who belong to Caesar’s household. The grace of the Lord Jesus Christ be with your spirit. Amen.