පිලිප්පි 4:14-18

පිලිප්පි 4:14-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

කෙසේ වෙතත්, ඔබ මගේ අපහසුතාවලදී බෙදා හදා ගැනීම හොඳ ය. තවද පිලිප්පිවරුන් වූ ඔබ දන්නා පරිදි, ශුභාරංචියේ මුල් දවස්වලදී, මා මකිදෝනියෙන් පිටත් ව යන කල, ඔබ හැර අන් එකදු සභාවක් ගැනීමෙන් හා දීමෙන් මා හා බෙදා හදා ගත්තේ නැත. මා තෙසලෝනිකයේ සිටියදී පවා මගේ අවශ්‍යතාහි දී යළි යළිත් ඔබ මට ආධාර එවූහ. මා තෑගි සොයනවා නො වේ. මා බලන්නේ ඔබේ ගිණුමට වඩ වඩා විපාක එක් කිරීමටයි. සම්පූර්ණ දීමනාවක්, ඕනෑවටත් වඩා වූ දීමනාවක් ලද්දෙමි. එපප්‍රොදිතස් අත ඔබ විසින් මවෙත එවන ලද තෑගි ලැබ මම දැන් හොඳට ම සෑහී සිටිමි. ඒවා, දෙවියන්වහන්සේට ප්‍රසන්න වූ සුවඳ පූජාවකි; පිළිගත මනා යාගයකි.

පිලිප්පි 4:14-18 Sinhala New Revised Version (NRSV)

කෙසේ වුව ද, මාගේ පීඩාවල දී ඔබ මට උපකාර කිරීම කොතරම් හොඳ ද? පිලිප්පිවරුනි, මාගේ ධර්මදූත සේවයේ මුල් අවදියේ දී මා මසිදෝනියෙන් නික්ම ගිය විට, ඔබ හැර අන් කිසි සභාවක් මගේ අය වැය සම්බන්ධයෙන් මට හවුල් නො වූ බව ඔබ ම දන්නහු ය. තවද මා තෙසලෝනිකයේ සිටිය දී පවා මාගේ ඕනෑඑපාකම් පිරිමැසීමට කීප වරක් ඔබ මට මුදල් එව්වහු ය. මා දීමනාව සොයනවා නොවේ. මා සොයන්නේ ඔබගේ ගිණුම අධික ලෙස වැඩි කරන විපාකය යි. දැන් මට සියල්ල වුවමනාවටත් වැඩියෙන් ලැබී ඇති බවට සහතික කරමි. ඔබ එපප්‍රොදිතස් අත මා වෙත එවූ දේවල් ද ලබා පූර්ණ වී සිටිමි. ඒවා දෙවියන් වහන්සේට මිහිරි සුගන්ධයක් හා ප්‍රියමනාප පූජාවක් වී ඇත.

පිලිප්පි 4:14-18 Sinhala New Revised Version 2018 (SNRV)