පිලිප්පි 4:12-14 - Compare All Versions

පිලිප්පි 4:12-14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අග හිඟ ඇති ව සිටීම කවරේ ද යස ඉසුරු ඇති ව සිටීම කවරේ ද යන්න මම දනිමි. කුස පිරී සිටිය ද කුස ගිනි ව සිටිය ද සරු සාර ව හෝ අග හිඟ ව දිවි ගෙවුව ද ඒ කවර විටෙකදී වුව, සෑහී-පෑහී සිටීමේ රහස මම ඉගෙන සිටිමි. මා ශක්තිමත් කරන ක්‍රිස්තුස්වහන්සේ තුළ හැම දෙයක් ම කරන්නට මට පුළුවන. කෙසේ වෙතත්, ඔබ මගේ අපහසුතාවලදී බෙදා හදා ගැනීම හොඳ ය.

බෙදාගන්න
පිලිප්පි 4 SCV

පිලිප්පි 4:12-14 SROV (Sinhala Revised Old Version)

පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන. එසේවී නුමුත් නුඹලා මාගේ පීඩාවට හවුල්වුණා හොඳය.

බෙදාගන්න
පිලිප්පි 4 SROV

පිලිප්පි 4:12-14 NRSV (Sinhala New Revised Version)

මම පහත් තත්ත්වයක සිටින්නට ද සමෘද්ධ ව, සිටින්නට ද දනිමි. මා කුමන තත්ත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත්, සාගින්නෙන් සිටින්නටත්, සමෘද්ධ ව සිටින්නටත්, අගහිඟකම් ඇති ව සිටින්නටත් හැකි, රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත් කරන තැනැන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය. කෙසේ වුව ද, මාගේ පීඩාවල දී ඔබ මට උපකාර කිරීම කොතරම් හොඳ ද?

බෙදාගන්න
පිලිප්පි 4 NRSV

පිලිප්පි 4:12-14 SNRV (Sinhala New Revised Version 2018)

මම පහත් තත්ත්වයක සිටින්නට ද සමෘද්ධ ව, සිටින්නට ද දනිමි. මා කුමන තත්ත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත්, සාගින්නෙන් සිටින්නටත්, සමෘද්ධ ව සිටින්නටත්, අගහිඟකම් ඇති ව සිටින්නටත් හැකි, රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත් කරන තැනැන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය. කෙසේ වුව ද, මාගේ පීඩාවල දී ඔබ මට උපකාර කිරීම කොතරම් හොඳ ද?

බෙදාගන්න
පිලිප්පි 4 SNRV

පිලිප්පි 4:12-14 NIV (New International Version)

I know what it is to be in need, and I know what it is to have plenty. I have learned the secret of being content in any and every situation, whether well fed or hungry, whether living in plenty or in want. I can do all this through him who gives me strength. Yet it was good of you to share in my troubles.

බෙදාගන්න
පිලිප්පි 4 NIV