පිලිප්පි 4:10-14

පිලිප්පි 4:10-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

කලකට පසු මා ගැන ඔබගේ සැලකිල්ල අලුත්වීම ගැන ස්වාමින්වහන්සේ තුළ මම බෙහෙවින් ප්‍රීති වෙමි. ඇත්තෙන් ම කවදත් ඔබ මා ගැන සැලකිලිමත් වූ නමුදු, එය පෙන්නුම් කිරීමේ අවස්ථාවක් ඔබට ලැබුණේ නැත. මට අවශ්‍යතාවක් ඇති නිසා මෙසේ කියනවා නො වේ. මන්ද කවර තත්වයකදී වුව, ලද දෙයින් සෑහීමට මම උගෙන සිටිමි. අග හිඟ ඇති ව සිටීම කවරේ ද යස ඉසුරු ඇති ව සිටීම කවරේ ද යන්න මම දනිමි. කුස පිරී සිටිය ද කුස ගිනි ව සිටිය ද සරු සාර ව හෝ අග හිඟ ව දිවි ගෙවුව ද ඒ කවර විටෙකදී වුව, සෑහී-පෑහී සිටීමේ රහස මම ඉගෙන සිටිමි. මා ශක්තිමත් කරන ක්‍රිස්තුස්වහන්සේ තුළ හැම දෙයක් ම කරන්නට මට පුළුවන. කෙසේ වෙතත්, ඔබ මගේ අපහසුතාවලදී බෙදා හදා ගැනීම හොඳ ය.

පිලිප්පි 4:10-14 Sinhala Revised Old Version (SROV)

මෙපමණ කාලයකට පසු මා ගැන කල්පනාකිරීමට නුඹලා නැවත පිබිදුණු බැවින් ස්වාමීන්වහන්සේ තුළ බොහෝසෙයින් ප්‍රීතිවෙමි. ඒ ගැන නුඹලා ඇත්තටම කල්පනාකළහුය, නුමුත් ප්‍රස්තාවක් ලැබුණේ නැත. හිඟකමක් ගැන මෙසේ කියනවා නොවේ. මක්නිසාද මම මොන ස්වභාවක සිටිම් නුමුත්, ඊට සතුටුවෙන්ට මම ඉගෙනගෙන සිටිමි. පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන. එසේවී නුමුත් නුඹලා මාගේ පීඩාවට හවුල්වුණා හොඳය.

පිලිප්පි 4:10-14 Sinhala New Revised Version (NRSV)

බොහෝ කලකට පසු මා ගැන කල්පනා කිරීමට ඔබ නැවත පිබිදුණු බැවින් සමිඳාණන් වහන්සේ තුළ මම අතිශයින් ප්‍රීති වෙමි. කවදත් ඒ කල්පනාව ඔබ තුළ තිබිණි. එහෙත් එය පෙන්වීමට ඉඩප්‍රස්තාවක් නො වී ය. මා මෙය කියන්නේ මට ඇති හිඟ කමක් නිසා නොවේ. මන්ද, මම කුමන තත්ත්වයක සිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. මම පහත් තත්ත්වයක සිටින්නට ද සමෘද්ධ ව, සිටින්නට ද දනිමි. මා කුමන තත්ත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත්, සාගින්නෙන් සිටින්නටත්, සමෘද්ධ ව සිටින්නටත්, අගහිඟකම් ඇති ව සිටින්නටත් හැකි, රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත් කරන තැනැන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය. කෙසේ වුව ද, මාගේ පීඩාවල දී ඔබ මට උපකාර කිරීම කොතරම් හොඳ ද?

පිලිප්පි 4:10-14 Sinhala New Revised Version 2018 (SNRV)