පිලිප්පි 3:8-9
පිලිප්පි 3:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එපමණක් ද! මා ස්වාමියාණන් වූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ හැඳින ගැනීමේ පරම උතුම්කම හා සසඳන කල, අන් හැම දෙයක් ම අලාභයක් සේ සලකමි. උන්වහන්සේ නිසා සියල්ල මට අහිමි වුවත්, මා ඒ සියල්ල කුණු-කසල ලෙසින් සලකන්නේ ක්‍රිස්තුස්වහන්සේ අත්කර ගනු පිණිසත්, මා උන්වහන්සේ තුළ සිටින පිණිසත් ය. එය අත්කර ගන්නේ ව්‍යවස්ථාවෙන් එන මගේ ම ධර්මිෂ්ඨකමින් නො ව, ක්‍රිස්තුස්වහන්සේ ඇදහීම මගින් එන, ඇදහිල්ල මත දෙවියන්වහන්සේ වෙතින් එන ධර්මිෂ්ඨකම මගිනි.
පිලිප්පි 3:8-9 Sinhala Revised Old Version (SROV)
එසේය, මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව; ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත්, ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ටකම නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින පිණිසත්
පිලිප්පි 3:8-9 Sinhala New Revised Version (NRSV)
එපමණකුත් නොවේ, මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැන්මේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවාසියකැ යි ගණන්ගනිමි. උන් වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව, ඒ සියල්ල කුණු කසළ යයි සලකමි. මාගේ කැමැත්ත නම් ක්‍රිස්තුන් වහන්සේ අත්කරගැනීමත්, උන් වහන්සේ හා ඒකාබද්ධ වීමත් ය; ව්‍යවස්ථාවෙන් වන මාගේ ම දමිටුකම නොව, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහීම කරණකොටගෙන ඇදහිල්ල නිසා, දෙවියන් වහන්සේගෙන් වන දමිටුකම ලබාගැනීම ය.
පිලිප්පි 3:8-9 Sinhala New Revised Version 2018 (SNRV)
එපමණකුත් නොවේ, මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ දැනගැන්මේ විශිෂ්ටතාව නිසා ඒ සියල්ල අවාසියකැ යි ගණන්ගනිමි. උන් වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව, ඒ සියල්ල කුණු කසළ යයි සලකමි. මාගේ කැමැත්ත නම් ක්‍රිස්තුන් වහන්සේ අත්කරගැනීමත්, උන් වහන්සේ හා ඒකාබද්ධ වීමත් ය; ව්‍යවස්ථාවෙන් වන මාගේ ම දමිටුකම නොව, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහීම කරණකොටගෙන ඇදහිල්ල නිසා, දෙවියන් වහන්සේගෙන් වන දමිටුකම ලබාගැනීම ය.
පිලිප්පි 3:8-9 New International Version (NIV)
What is more, I consider everything a loss because of the surpassing worth of knowing Christ Jesus my Lord, for whose sake I have lost all things. I consider them garbage, that I may gain Christ and be found in him, not having a righteousness of my own that comes from the law, but that which is through faith in Christ—the righteousness that comes from God on the basis of faith.