පිලිප්පි 3:1-7
පිලිප්පි 3:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉදින් මා සහෝදරයිනි, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති වන්න! එක ම දේ යළි යළිත් ඔබට ලිවීම මට කරදරයක් නො වේ. ඔබගේ පරෙස්සමටත් එය හොඳ ය. ඔය බල්ලන්ගෙන් පරෙස්සම් වන්න! ඔය දුෂ්ටකම් කරන්නන්ගෙන් පරෙස්සම් වන්න! ඔය මාංසයේ අංග-ඡේදන කරන්නන්ගෙන් පරෙස්සම් වන්න! මන්ද සැබෑ චර්මඡේදිතයෝ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මගින් නමස්කාර කරන, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටු කරන, මාංසය කෙරේ විශ්වාසය නො තබන අපි ම ය. ඕනෑ නම් මාංසය කෙරේ විශ්වාසය තැබීමට හේතු ද මට ඇත. මාංසය කෙරේ විශ්වාසය තැබීමට තමනට හේතු ඇතැයි යමෙක් සිතන්නේ නම්, ඊට වැඩි හේතු බොහොමයක් මට තියේ: ඉපදී අට වන දින චර්ම-ඡේදනය ලදිමි. ඉශ්‍රායෙල් ජාතිකයෙක්මි; බෙන්යමින් ගෝත්‍රිකයෙක්මි; හෙබ්‍රෙව්වන්ගෙත් හෙබ්‍රෙව්වෙක්මි. ව්‍යවස්ථාවට අනුව, පරිසියෙක්මි; උද්යෝගයට අනුව නම් සභාවට පීඩා කළ කෙනෙක්මි; ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන ධර්මිෂ්ඨකමට අනුව නම් දෝෂ නැති කෙනෙක්මි. එහෙත් මට වාසිදායක වූ ඒ දෑ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා දැන් අවාසි ලෙසින් සලකමි.
පිලිප්පි 3:1-7 Sinhala Revised Old Version (SROV)
ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත, නුඹලාගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය. බල්ලන්ගෙන් ප්‍රවේසම්වෙන්න, නපුරු ක්‍රියාකාරයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඡේද්‍යකරන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද චර්මඡේදිතයෝ නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන නමස්කාරකරන්නාවූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටුකරගන්නාවූ, මාංසය තුළ විශ්වාසයක් නැත්තාවූ අපිය. ඕනෑ නම් මට මාංසය කෙරෙහි පවා විශ්වාසය තබන්ට පුළුවන. වෙන යමෙක් මාංසය කෙරෙහි තමාට විශ්වාසය තබන්ට පුළුවනැයි සිතන්නේ නම්, මට ඊට වඩා පුළුවන. අටවෙනිදා චර්මඡේදිතවූයෙමි, ඉශ්‍රායෙල් වංශයේ, බෙන්යමින්ගේ ගෝත්‍රයේ කෙනෙක්මි, හෙබ්‍රෙව්වරුන්ගෙන් හෙබ්‍රෙව්වෙක්මි; ව්‍යවස්ථාව ගැන නම්, එරිසියෙක්මි; ජ්වලිතකම ගැන නම්, සභාවට පීඩාකෙළෙමි; ව්‍යවස්ථාවෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ගැන නම්, නිර්දෝෂව සිටියෙමි. එසේවී නුමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස්වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි.
පිලිප්පි 3:1-7 Sinhala New Revised Version (NRSV)
ඉතින් සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ප්‍රීතියෙන් පවතින්න. කලින් ඔබට කී දේ ම යළිත් සඳහන් කිරීම මට කරදරයක් නොවේ. ඔබේ පරෙස්සමටත් එය හොඳ ය. බල්ලන් වැනි අයගෙන් ද ඔවුන්ගේ දුරාචාරකම්වලින් ද පරෙස්සම් වන්න. චර්මඡේදනය යයි කියා ශාරීරික ඡේදනයක් අදහස් කරන්නන්ගෙන් පරෙස්සම් වන්න. නියම චර්මඡේදිතයෝ නම්, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් උන් වහන්සේට නමස්කාර කරන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්න, බාහිර වත්පිළිවෙත් පිට විශ්වාසයක් නොතබන අපි වම්හ. ඕනෑ නම් මට බාහිර වත්පිළිවෙත් කෙරෙහි පවා විශ්වාසය තැබීමට පිළිවන. යමෙක් බාහිර වත්පිළිවෙත් කෙරෙහි විශ්වාසය තබන්නට පිළිවනැ යි සිතන්නේ නම්, මට ඊටත් වඩා එසේ කළ හැකි ය. මම අට වන දා චර්මඡේදනය ලැබීමි; ඉශ්රායෙල් වංශයේ ද බෙන්ජමින් ගෝත්‍රයේ ද තැනැත්තෙක්මි; හෙබ්‍රෙව් පෙළපතින් එන නියම හෙබ්‍රෙව්වෙක්මි; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් නම් පරිසියෙක්මි; උද්‍යෝගය අතින් නම් සභාවට පීඩා කළ තැනැත්තෙක්මි. ව්‍යවස්ථාවෙන් පැමිණෙන දමිටුකම අතින් නම් නිදොස් වූවෙක්මි. එහෙත් මට වාසියක් ව තිබූ දේ ම, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා දැන් අවාසියකැ යි සිතන්නට පටන්ගතිමි.
පිලිප්පි 3:1-7 Sinhala New Revised Version 2018 (SNRV)

පිලිප්පි 3:1-7 New International Version (NIV)
Further, my brothers and sisters, rejoice in the Lord! It is no trouble for me to write the same things to you again, and it is a safeguard for you. Watch out for those dogs, those evildoers, those mutilators of the flesh. For it is we who are the circumcision, we who serve God by his Spirit, who boast in Christ Jesus, and who put no confidence in the flesh— though I myself have reasons for such confidence. If someone else thinks they have reasons to put confidence in the flesh, I have more: circumcised on the eighth day, of the people of Israel, of the tribe of Benjamin, a Hebrew of Hebrews; in regard to the law, a Pharisee; as for zeal, persecuting the church; as for righteousness based on the law, faultless. But whatever were gains to me I now consider loss for the sake of Christ.