පිලිප්පි 2:6-8
පිලිප්පි 2:6-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ස්වරූපය දැරූ සේක්, දෙවියන්වහන්සේ හා සම ව සිටීම, තදින් අල්ලාගෙන සිටිය යුතු දෙයකැයි නො සලකමින්, එය ඉවත ලා, දාසයකුගේ ස්වභාව ගෙන, මිනිසකුගේ සමානත්වයට පැමිණි සේක. මෙසේ, හුදු මිනිසකුගේ ස්වරූපයෙන් සිටිමින්, තුමූම යටහත් ව, මරණය දක්වාත්, එනම් කුරුසියේ මරණය දක්වාත්, කීකරු වූ සේක.
පිලිප්පි 2:6-8 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක.
පිලිප්පි 2:6-8 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැ යි නොසිතා, තමන් වහන්සේ ම ත්‍යාජ කරගනිමින්, වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක. මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.
පිලිප්පි 2:6-8 Sinhala New Revised Version 2018 (SNRV)
උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැ යි නොසිතා, තමන් වහන්සේ ම ත්‍යාජ කරගනිමින්, වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක. මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.
පිලිප්පි 2:6-8 New International Version (NIV)
Who, being in very nature God, did not consider equality with God something to be used to his own advantage; rather, he made himself nothing by taking the very nature of a servant, being made in human likeness. And being found in appearance as a man, he humbled himself by becoming obedient to death— even death on a cross!
