පිලිප්පි 1:20-21
පිලිප්පි 1:20-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ ජීවත් වීමෙන් වේවා, මරණයෙන් වේවා අන් හැම විට මෙන් දැනුත්, මගේ ශරීරයෙන් ක්රිස්තුස්වහන්සේ ගෞරවයට පමුණු වන පිණිස, කිසි සේත් ලජ්ජාවට පත්වීමේ හේතුවක් නො වී, හැම අයුරින් ම එඩිතර ව සිටීම මගේ දැඩි අපේක්ෂාවත්, බලාපොරොත්තුවත් ය. මට, ජීවත් වීම ක්රිස්තුස්වහන්සේ ය. මරණය මට ලාභයකි.
පිලිප්පි 1:20-21 Sinhala Revised Old Version (SROV)
ඒ හැටියට මම කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, සියලු ආකාරයෙන් නිර්භීතව සිටීමෙන්, මාගේ ශරීරය කරණකොටගෙන, ජීවිතයෙන් වේවා, මරණයෙන් වේවා, නිතරම වාගේ දැනුත් ක්රිස්තුස්වහන්සේ ගෞරවයට පැමිණේයයි මාගේ තද බලාපොරොත්තුවක්ද ප්රාර්ථනාවක්ද ඇත්තේය. මක්නිසාද මාගේ ජීවත්වීම නම් ක්රිස්තුස්වහන්සේ (උදෙසා) ය, මරණයද මට ලාභයක්ය.
පිලිප්පි 1:20-21 Sinhala New Revised Version (NRSV)
මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතීම මෙය වේ: මා කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, හැම අයුරින් ම නිර්භීත ව සිට, මැරෙතත්, ජීවත් වෙතත්, මාගේ ජීවිතයෙන්, පෙර සේ ම දැනුත් ක්රිස්තුන් වහන්සේ මහිමයට පැමිණවීම ය. මට ජීවත් වීම නම්, ක්රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වීම ය. මරණය මට වාසියකි.
පිලිප්පි 1:20-21 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතීම මෙය වේ: මා කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, හැම අයුරින් ම නිර්භීත ව සිට, මැරෙතත්, ජීවත් වෙතත්, මාගේ ජීවිතයෙන්, පෙර සේ ම දැනුත් ක්රිස්තුන් වහන්සේ මහිමයට පැමිණවීම ය. මට ජීවත් වීම නම්, ක්රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වීම ය. මරණය මට වාසියකි.
පිලිප්පි 1:20-21 New International Version (NIV)
I eagerly expect and hope that I will in no way be ashamed, but will have sufficient courage so that now as always Christ will be exalted in my body, whether by life or by death. For to me, to live is Christ and to die is gain.