පිලිප්පි 1:1-2
පිලිප්පි 1:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ක්රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයින් වන පාවුල් හා තිමෝති වෙතින්, පිලිප්පියෙහි සභා නායකයින් සහ උපස්ථායකයින් ඇතුළු ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ සියලු ශුද්ධවන්තයින් වෙතයි. අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් හා යේසුස් ක්රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්රහයත්, සාමයත් වේවා!
පිලිප්පි 1:1-2 Sinhala Revised Old Version (SROV)
ක්රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයන්වූ පාවුල්ද තිමෝතියස්ද ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ පිලිප්පියෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් නායකයන් හා උපස්ථායකයන්ටත් ලියා එවන වග නම්: අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.
පිලිප්පි 1:1-2 Sinhala New Revised Version (NRSV)
ක්රිස්තුස් ජේසුස් වහන්සේගේ සේවකයන් වන පාවුලු ද තිමෝතියස් ද යන අපි, පිලිප්පියෙහි වසන සභා නායකයන් සහ උපස්ථායකවරුන් ඇතුළු සකල කිතුනු සැදැහැවතුන් වෙත ලියා එවමු. අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ජේසුස් ක්රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!
පිලිප්පි 1:1-2 Sinhala New Revised Version 2018 (SNRV)