ගණන් කථාව 8:1-26
ගණන් කථාව 8:1-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෝසෙස්ට මෙසේ කී සේක; “ආරොන්ට කතා කොට, මෙසේ කියන්න: ‘ඔබ පහන් හත සවි කරන කල, ඒවායින් පහන් රුක ඉදිරිපස කොටස එළිය විය යුතුයි.’ ” ආරොන් එසේ කළේ ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු පහන් රුකේ ඉදිරිපසට මුහුණ ලා සිටින සේ පහන් සවි කළේ ය. පහන් රුක සාදන ලද්දේ මෙලෙසිනි: එහි පාද තලයේ සිට එහි මල් මොට්ටුව දක්වා තැලූ රනින් සැදුම් ලදී. පහන් රුක සාදන ලද්දේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට පෙන්වා තිබූ ආකෘතියට හරියට ම සමාන ව ය. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “සෙසු ඉශ්‍රායෙල් ජනයා අතරින් ලෙවීවරුන් කැඳවා, ඔවුන් පවිත්‍ර කරන්න. ඔවුන් පවිත්‍ර කරන පිණිස මෙසේ කරන්න: පිරිසිදු කිරීමේ වතුර, ඔවුන් මත ඉසින්න. ඉන්පසු ඔවුන්ගේ මුළු ගතම බූ ගා, ඔවුන්ගේ ඇඳුම් සෝදා, පවිත්‍ර වන්නට සලස්වන්න. ඉන්පසු ඔවුහු ගොන් වස්සකු ද එහි ධාන්‍ය පූජාව සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි ද ගනිත්වා. පාප පූජාවක් සඳහා දෙවන ගොන් වස්සකු ඔබ ගත යුතු ය. ලෙවීවරුන් හමුවීමේ කූඩාරම ඉදිරිපිටට කැඳවා ගෙනවුත්, මුළු මහත් ඉශ්‍රායෙල් සමාජය ම එක් රැස් කරවන්න. ඔබ, ස්වාමින්වහන්සේ අබියසට ලෙවීවරුන් ගෙන ආ යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයා තම අත් ඔවුන් මත තැබිය යුතු ය. ස්වාමින්වහන්සේගේ සේවය ඉටු කරන්නට ලෙවීවරුන් යෝග්‍ය කරවන පිණිස ආරොන්, ඉශ්‍රායෙල් ජනතාව වෙතින් තේව කිරීමේ පූජාවක් වශයෙන් ස්වාමින්වහන්සේ ඉදිරියේ ලෙවීවරුන් පිළිගැන්විය යුතු ය. “ගවයින්ගේ හිස් මත ලෙවීවරුන් තම අත් තැබූ පසු, ලෙවීවරුන් සඳහා පාප වන්දි නිවාරණය සලසමින්, එක් ගවයකු පාප පූජාවක් සඳහා ද අනෙකා දවන යාග පූජාවක් සඳහා ද ස්වාමින්වහන්සේට පූජා කරන්න. ආරොන් හා ඔහුගේ පුතුන් ඉදිරිපිට ලෙවීවරුන් සිටුවා, ස්වාමින්වහන්සේට තේව කිරීමේ පූජාවක් වශයෙන් ඔවුන් පිළිගන්වන්න. ඔබ මෙසේ, සෙසු ඉශ්‍රායෙල් ජනයා වෙතින් ලෙවීවරුන් වෙන් කළ යුතු ය. එසේ, ලෙවීවරුන් මගේ වන්නේ ය. “ඔබ, ලෙවීවරුන් පවිත්‍ර කොට, තේව කිරීමේ පූජාවක් වශයෙන් ඔවුන් පිළිගැන් වූ පසු, හමුවීමේ කූඩාරමේ තම සේවාවන් සඳහා ඔවුන් පැමිණිය යුතු ය. මුළුමනින් ම මට කැප කරන ලද ඉශ්‍රායෙල්වරු ඔවුහු ය. සෑම ඉශ්‍රායෙල් කාන්තාවකගේ ම ප්‍රථම පිරිමි දරුවා වන කුලුඳුලන් වෙනුවට මට ම මම ඔවුන් ගතිමි. මිනිසුන් වේවා, සතුන් වේවා ඉශ්‍රායෙල්හි සෑම පිරිමි කුලුඳුලෙක් ම මගේ ය. ඊජිප්තුවෙහි සියලු කුලුඳුලන් මා ගසා හෙළූ කල, මම ඔවුන් වෙන් කොට ගතිමි. එබැවින් ඉශ්‍රායෙල්හි සියලු කුලුඳුල් පුතුන් වෙනුවට, මම ලෙවීවරුන් ගතිමි. ඉශ්‍රායෙල් ජනයා උදෙසා හමුවීමේ කූඩාරමේ සේවය කරන පිණිසත්, ඔවුන්ගේ පාප වන්දි නිවාරණය සලසන පිණිසත් මම, සියලු ඉශ්‍රායෙල්වරුන් අතරින් ලෙවීවරුන් ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත් ත්‍යාගයක් කොට දුනිමි. මෙසේ, ඉශ්‍රායෙල් ජනයා ශුද්ධස්ථානය වෙත ළඟා වන කල, කිසි ව්‍යසනයක් ඔවුනට සිදු නො වනු ඇතැ” යි පැවසූ සේක. මෝසෙස් ද ආරොන් ද මුළු මහත් ඉශ්‍රායෙල් සමාජය ද ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිද්දෙන්, ලෙවීවරුන් සම්බන්ධ ව කටයුතු කළහ. ලෙවීවරු තුමූම පවිත්‍ර වී, තම ඇඳුම් සෝදා ගත්හ. ඉන්පසු ආරොන්, ස්වාමින්වහන්සේ අබියස තේව කිරීමේ පූජාවක් ට ඔවුන් පිළිගන්වා, ඔවුන් පවිත්‍ර කරන පිණිස, ඔවුන් උදෙසා පාප වන්දි නිවාරණය සැලසී ය. ඉන් අනතුරුව ආරොන්ගේ ද ඔහුගේ පුතුන්ගේ ද අධීක්ෂණය යටතේ ලෙවීවරු හමුවීමේ කූඩාරමේ තම සේවා-කටයුතු සඳහා පැමිණියහ. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔවුහු ලෙවීවරුන් සම්බන්ධ ව කටයුතු කළහ. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ලෙවීවරුනට මෙය අදාළ ය: වයස අවුරුදු විසිපහක් හා ඊට වැඩි වූ පිරිමි, හමුවීමේ කූඩාරම් සේවයට පැමිණෙත්වා. එහෙත් වයස අවුරුදු පනහේදී ඔවුන් තම නිත්‍ය සේවයෙන් විශ්‍රාම ගත යුතු ය. එතැන් පටන් වැඩ නො කළ යුතු ය. කෙසේ වුව ද හමුවීමේ කූඩාරම් සේවයේ නියුතු තම සහෝදර ලෙවීවරුනට සහාය වීමට ඔවුනට පුළුවන. එහෙත් ඔවුන් සේවා කටයුතුවල තමන් විසින් ම නො යෙදිය යුතු ය. ලෙවීවරුනට වගකීම් පැවරීමේදී ඔබ ක්‍රියා කළ යුත්තේ මෙලෙසිනි” යි පැවසූ සේක.
ගණන් කථාව 8:1-26 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: නුඹ පහන් දල්වන කල පහන් සතේ එළිය පහන් රුක ඉස්සරහට වැටෙන්ට ඕනෑය කියා ආරොන්ට කියන්නැයි කීසේක. ආරොන්ද එසේ කරමින් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස පහන් රුක ඉස්සරහට එළිය වැටෙන ලෙස පහන් දැල්වූයේය. පහන් රුකේ කර්මාන්තය වනාහි තළාපු රනින් විය; ඒකේ අඩිය හා ඒකේ මල් දක්වා එය තළාපු කර්මාන්තය විය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට පෙන්වූ ආදර්ශය ලෙස ඔහු පහන්රුක සෑදුවේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් කැඳවාගන ඔවුන් පවිත්‍රකරන්න. ඔවුන් පවිත්‍රකරන පිණිස මෙසේ කරන්න–දෝෂ පහකිරීමේ වතුර ඔවුන් පිට ඉසින්න, ඔව්හු දැළිපිහියකින් තමුන්ගේ මුළු ශරීරය බූගා, තමුන්ගේ වස්ත්‍ර සෝදාගෙන තමුන්ම පවිත්‍රකරගනිත්වා. එවිට ඔව්හු තරුණ ගොනෙක්ද ඊට අයිති ආහාර පූජාවට තෙල් මිශ්‍ර සිහින් පිටිද ගනිත්වා, නුඹ පාප පූජාවක් පිණිස තවත් තරුණ ගොනෙක් ගෙන, සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිටට ලෙවීවරුන් කැඳවාගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවත් රැස්කරවන්න. නුඹ ලෙවීවරුන් ස්වාමීන්වහන්සේ ඉදිරිපිටට කැඳවාගත යුතුය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද තමුන්ගේ අත් ලෙවීවරුන් පිට තබත්වා. ආරොන්ද ලෙවීවරුන් ස්වාමීන්වහන්සේගේ මෙහෙය කිරීමට සිටින පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා තේව පූජාවක් වශයෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඔප්පුකරන්නේය. ලෙවීවරු තමුන්ගේ අත් ගොනුන්ගේ හිස් පිට තබත්වා. එවිට නුඹ ලෙවීවරුන් උදෙසා සමඟිකමක් කරන පිණිස එකෙක් පාප පූජාවක් කොටද එකෙක් දවන පූජාවක් කොටද ස්වාමීන්වහන්සේට පූජාකරන්න. නුඹ ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද ඉදිරිපිට ලෙවීවරුන් සිටුවා ඔවුන් තේව පූජාවක් කොට ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් වෙන්කරන්න. ලෙවීවරු මාගේ වන්නෝය. ඉන්පසු ලෙවීවරු සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකරන පිණිස ඇතුල්වෙත්වා. එසේ ඔවුන් පවිත්‍රකර තේව පූජාවක් කොට ඔවුන් ඔප්පුකරන්න. මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් මුළුමනින්ම මට දෙනලද්දෝය; ඉශ්‍රායෙල් ප්‍රත්‍රයන් අතරෙහි ගර්භයේ ප්‍රථම ඵලවූ සියල්ලන් එනම් සියලු කුලුඳුලන් වෙනුවට ඔවුන් මට ගත්තෙමි. මක්නිසාද මනුෂ්‍යයන්ගෙනුත් මෘගයන්ගෙනුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලෝ මාගේය. මා විසින් මිසර දේශයෙහි සියලු කුලුඳුලන්ට පහරදුන් දවසේදී ඔවුන් මට ශුද්ධය කියා නියමකෙළෙමි. එසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු කුලුඳුලන් වෙනුවට මම ලෙවීවරුන් ගෙන, ඉශ්‍රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයට ළංවෙන කල ඔවුන් අතරට වසංගතයක් නොපැමිණෙන පිණිස, සම්මුඛවීමේ කූඩාරමෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මෙහෙය කිරීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කිරීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් ත්‍යාගයක් කොට ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දුනිමියි කීසේක. මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද ලෙවීවරුන්ට එසේ කළෝය. ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ ලෙවීවරුන්ට කළෝය. ලෙවීවරුද තමුන්ගෙන් දෝෂ පහකරගෙන තමුන්ගේ වස්ත්‍ර සෝදාගත්තෝය; එවිට ආරොන් ඔවුන් තේව පූජාවක් කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකර ඔවුන් පවිත්‍රකරන පිණිස ඔවුන් උදෙසා සමඟිකමක් කෙළේය. ඉන්පසු ලෙවීවරු ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමෙහි තමුන්ගේ වැඩකරන පිණිස සේවයට ඇතුල්වූවෝය. ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ලෙවීවරුන්ට කළෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ලෙවීවරුන් සම්බන්ධ කාරණය මෙසේය–විසිපස් අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තෝ සම්මුඛවීමේ කූඩාරමේ වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙත්වා. පනස් අවුරුදු වයස්වූ පසු ඔව්හු මෙහෙකිරිමෙන් අහක්ව, තවත් සේවය නොකර සිටිත්වා; කටයුතු බලාගැනීමට සම්මුඛවීමේ කූඩාරම තුළ ඔවුන්ගේ සහෝදරයන් සමඟ මෙහෙකරනවා මිස ඔව්හු වැඩ නොකරන්නෝය. ලෙවීවරුන්ගේ භාර සම්බන්ධව ඔවුන්ට එසේ කරන්නැයි කීසේක.
ගණන් කථාව 8:1-26 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ආරොන් අමතා ඔහුට මෙසේ කියන්න: ‘නුඹ පහන් දල්වන විට පහන් හතේ එළිය පහන් රුක ඉස්සරහට වැටිය යුතු ය’ ”යි වදාළ සේක. ආරොන් ද එසේ කරමින්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පහන්වල එළිය, පහන් රුක ඉස්සරහට වැටෙන සේ ඒවා දැල්විය. තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට පෙන්නූ සැලැස්ම අනුව, ඔහු විසින් එය සාදා තිබිණි. එය තැළූ රනින් නිම කළ එකක් විය. එය මුදුන සිට අඩිය දක්වා තැළූ රනින් සාදා තිබිණි. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් රැගෙන ඔවුන් පවිත්‍ර කරන්න. ඔවුන් පවිත්‍ර කිරීමේ වත්පිළිවෙත් මෙලෙස කළ යුතු ය. ඔවුන් මත පවිත්‍ර කිරීමේ වතුර ඉසින්න. ඉන්පසු ඔවුන් තම මුළු ශරීරය බූගාගෙන, තමන්ගේ වස්ත්‍ර සෝදා ගත යුතු ය. එවිට ඔවුන් පවිත්‍ර වනු ඇත. ඉන්පසු ඔවුන් ගොන් වස්සෙකු ද, ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි ද ගත යුතු ය. නුඹ පාප පූජාවක් සඳහා තවත් ගොන් වස්සෙකු ගත යුතු ය. මෙසේ ඔවුන් ගත් පසු, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිටට නුඹ ඔවුන් කැඳවිය යුතු ය. තවද, නුඹ මුළු ඉශ්රායෙල් ජනතාව ම එක්වන සේ කැඳවිය යුතු ය. මෙසේ නුඹ ලෙවීවරුන් සමිඳාණන් වහන්සේ ඉදිරියට ගෙනා පසු ඉශ්රායෙල් ජනතාව ඔවුන් මත තම අත් තැබිය යුතු වේ. ඉන්පසු ආරොන් ඉශ්රායෙල් ජනයාගේ විශේෂ පඬුරක් මෙන් සමිඳාණන් වහන්සේගේ සේවය ඉටු කරන පිණිස, ලෙවීවරුන් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. එවිට ලෙවීවරුන් ගොන් වස්සන්ගේ හිස් පිට තමන්ගේ අත් තැබිය යුතු ය. ලෙවීවරුන්ගේ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන පිණිස, නුඹ එක ගොන් වස්සෙකු පාප පූජාවක් සඳහා ද, අනිකා දවන යාග පූජාවක් සඳහා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.” “නුඹ ලෙවීවරුන් විශේෂ පඬුරක් මෙන් සමිඳාණන් වහන්සේට කැප කළ පසු ඔවුන් පිළිබඳ වගකීම ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට පැවරිය යුතු ය. මෙසේ නුඹ ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් වෙන් කළ යුතු ය. ඔවුන් මගේ ම වනු ඇත. නුඹ ඔවුන් පවිත්‍ර කොට විශේෂ පඬුරක් මෙන් කැප කළ පසු, සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා ඔවුන්ට එහි ඇතුළු විය හැකි ය. මුළු ඉශ්රායෙල් ජනයා අතර උපදින කුලුඳුලන් වෙනුවට මම මට ම ඔවුන් තෝරාගතිමි. ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔව්හු මට මුළුමනින් ම කැප කරන ලද්දෝ ය. මිසර දේශයෙහි සියලු කුලුඳුලන් මරණයට පත් කළ දිනයෙහි ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් මිනිසෙක් හෝ සතෙක් හෝ වේ වා, මම මට ම කැප කොටගතිමි. මෙලෙස ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුලන් සියලු දෙනා වෙනුවට මම ලෙවීවරුන් තෝරාගතිමි. ඉශ්රායෙල් ජනයා අතරෙන් තෝරාගත් ලෙවීවරුන් විශේෂ දීමනාවක් මෙන් මම ආරොන්ට සහ ඔහුගේ පුතුන් හට දුනිමි. ඔවුන් ඉශ්රායෙල් ජනයා උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කරමින්, සම්මුඛ මණ්ඩපය තුළ ඔවුන් උදෙසා සේවාව ඉටු කළ යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයට සමීප වන විට ඔවුන්ට විපත්තියක් නොවනු ඇත.” මෙලෙස ලෙවීවරුන් සම්බන්ධ ව සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල ම, ඔහු ද, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ද ඔවුන් වෙත ඉටු කළහ. ලෙවීවරු ද පවිත්‍ර වී, තම වස්ත්‍ර සෝදාගත්හ. ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් විශේෂ දීමනාවක් මෙන් පිළිගැන්විය; ලෙවීවරුන් සම්බන්ධ පවිත්‍රවීමේ වත්පිළිවෙත් ද ඉටු කෙළේ ය. ඉන්පසු ලෙවීවරු, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් යටතේ සම්මුඛ මණ්ඩපය තුළ සේවාවන් ඉටු කිරීමට සුදුස්සෝ වූ හ. මෙසේ සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණ කළ ලෙස ඔව්හු ලෙවීවරුන්ට කළෝ ය. සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “පහත දක්වන දේ ද ලෙවීවරුන් සම්බන්ධ ය. අවුරුදු විසි පහේ සිට ඊට වඩා වයසැති අය සම්මුඛ මණ්ඩපය තුළ සේවාව ඉටු කළ යුතු ය. වයස අවුරුදු පණහක් වූ විට ඔවුන් එම සේවයෙන් අහක් වී, ඉන් විශ්‍රාම ගත යුතු ය. එහෙත්, ඔවුන්ට සම්මුඛ මණ්ඩපයේ සේවාවෙහි නියුක්ත අනිකුත් ලෙවීවරුන්ට සහාය විය හැකි ය. එහෙත්, ඔවුන් කිසි සේවාවක් නම් නොකළ යුතු ය. ලෙවීවරුන්ගේ වගකීම්වලට අදාළ ව නුඹ ක්‍රියා කළ යුත්තේ ඉහත දැක්වූ අන්දමට ය”යි වදාළ සේක.
ගණන් කථාව 8:1-26 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 8:1-26 New International Version (NIV)
The LORD said to Moses, “Speak to Aaron and say to him, ‘When you set up the lamps, see that all seven light up the area in front of the lampstand.’ ” Aaron did so; he set up the lamps so that they faced forward on the lampstand, just as the LORD commanded Moses. This is how the lampstand was made: It was made of hammered gold—from its base to its blossoms. The lampstand was made exactly like the pattern the LORD had shown Moses. The LORD said to Moses: “Take the Levites from among all the Israelites and make them ceremonially clean. To purify them, do this: Sprinkle the water of cleansing on them; then have them shave their whole bodies and wash their clothes. And so they will purify themselves. Have them take a young bull with its grain offering of the finest flour mixed with olive oil; then you are to take a second young bull for a sin offering. Bring the Levites to the front of the tent of meeting and assemble the whole Israelite community. You are to bring the Levites before the LORD, and the Israelites are to lay their hands on them. Aaron is to present the Levites before the LORD as a wave offering from the Israelites, so that they may be ready to do the work of the LORD. “Then the Levites are to lay their hands on the heads of the bulls, using one for a sin offering to the LORD and the other for a burnt offering, to make atonement for the Levites. Have the Levites stand in front of Aaron and his sons and then present them as a wave offering to the LORD. In this way you are to set the Levites apart from the other Israelites, and the Levites will be mine. “After you have purified the Levites and presented them as a wave offering, they are to come to do their work at the tent of meeting. They are the Israelites who are to be given wholly to me. I have taken them as my own in place of the firstborn, the first male offspring from every Israelite woman. Every firstborn male in Israel, whether human or animal, is mine. When I struck down all the firstborn in Egypt, I set them apart for myself. And I have taken the Levites in place of all the firstborn sons in Israel. From among all the Israelites, I have given the Levites as gifts to Aaron and his sons to do the work at the tent of meeting on behalf of the Israelites and to make atonement for them so that no plague will strike the Israelites when they go near the sanctuary.” Moses, Aaron and the whole Israelite community did with the Levites just as the LORD commanded Moses. The Levites purified themselves and washed their clothes. Then Aaron presented them as a wave offering before the LORD and made atonement for them to purify them. After that, the Levites came to do their work at the tent of meeting under the supervision of Aaron and his sons. They did with the Levites just as the LORD commanded Moses. The LORD said to Moses, “This applies to the Levites: Men twenty-five years old or more shall come to take part in the work at the tent of meeting, but at the age of fifty, they must retire from their regular service and work no longer. They may assist their brothers in performing their duties at the tent of meeting, but they themselves must not do the work. This, then, is how you are to assign the responsibilities of the Levites.”