ගණන් කථාව 6:22-27
ගණන් කථාව 6:22-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ආරොන්ටත් ඔහුගේ පුතුන්ටත් මෙසේ කියන්න: ‘ඉශ්රායෙල් ජනතාවට ඔබ ආශිර්වාද කළ යුත්තේ මේ අයුරිනි; මෙසේ කියමිනි; “ ‘ “ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා! ඔබ රැක-බලාගන්න සේක්වා! ස්වාමින්වහන්සේ තම මුහුණ ඔබ මත බබළවන්නට සලසා, ඔබට කරුණාභරිත වන සේක්වා! ස්වාමින්වහන්සේ ඔබ වෙත සිය මුහුණ හරවා, ඔබට ශාන්ති දානය කරන සේක්වා!” ’ “මෙසේ ඔවුන්, ඉශ්රායෙල් ජනතාව මත මගේ නාමය තබනු ඇත. මම ඔවුනට ආශිර්වාද කරන්නෙමි” යි පැවසූ සේක.
ගණන් කථාව 6:22-27 Sinhala Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ආරොන්ට සහ ඔහුගේ පුත්රයන්ට කථාකරමින්–නුඹලා මේ ආකාරයෙන් කියා ඉශ්රායෙල් පුත්රයන්ට ආශීර්වාදකරන්නැයි ඔවුන්ට කියන්න: ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙනසේක්වා. මෙසේ ඔව්හු මාගේ නාමය ඉශ්රායෙල් පුත්රයන් පිට තබත්වා; මමද ඔවුන්ට ආශීර්වාදකරන්නෙමියි කීසේක.
ගණන් කථාව 6:22-27 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ආරොන් සහ ඔහුගේ පුත්රයන් අමතා, ‘නුඹලා ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරන විට මෙලෙස කිව යුතු වේ: ‘සමිඳාණෝ ඔබට ආශීර්වාද කොට ඔබ ආරක්ෂා කරන සේක් වා! ‘සමිඳාණෝ ඔබ දෙස දයාවෙන් බලා ඔබට කරුණා කරන සේක් වා! ‘සමිඳාණෝ සිය නෙත් ඔබ කෙරෙහි යොමා ඔබට සාමදානය දෙන සේක් වා!’ ‘ඔවුන් ඉශ්රායෙල් ජනයා වෙනුවෙන් මාගේ නාමය කියා අයැදිනවා ඇත. එවිට මම ද ඔවුනට ආසිරි වස්වමි.’ “
ගණන් කථාව 6:22-27 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ආරොන් සහ ඔහුගේ පුත්රයන් අමතා, ‘නුඹලා ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරන විට මෙලෙස කිව යුතු වේ: ‘සමිඳාණෝ ඔබට ආශීර්වාද කොට ඔබ ආරක්ෂා කරන සේක් වා! ‘සමිඳාණෝ ඔබ දෙස දයාවෙන් බලා ඔබට කරුණා කරන සේක් වා! ‘සමිඳාණෝ සිය නෙත් ඔබ කෙරෙහි යොමා ඔබට සාමදානය දෙන සේක් වා!’ ‘ඔවුන් ඉශ්රායෙල් ජනයා වෙනුවෙන් මාගේ නාමය කියා අයැදිනවා ඇත. එවිට මම ද ඔවුනට ආසිරි වස්වමි.’ ”
ගණන් කථාව 6:22-27 New International Version (NIV)
The LORD said to Moses, “Tell Aaron and his sons, ‘This is how you are to bless the Israelites. Say to them: “ ‘ “The LORD bless you and keep you; the LORD make his face shine on you and be gracious to you; the LORD turn his face toward you and give you peace.” ’ “So they will put my name on the Israelites, and I will bless them.”