ගණන් කථාව 32:10-14
ගණන් කථාව 32:10-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ දවසේ ස්වාමින්වහන්සේගේ කෝපය ඇවිළී, උන්වහන්සේ මෙසේ ශපථ කරමින්, දිවුළ සේක: ‘මොවුන් මුළු හදින් ම මා අනුගමන නො කළ නිසා, ඊජිප්තුවෙන් පිටත් ව ආ විසි වියැති වූත් ඊට වැඩි වූත් කිසිදු පිරිමියකු ආබ්‍රහම්ටත්, ඊසාක්ටත්, යාකොබ්ටත් මා දිවුරා පොරොන්දු වූ දේශය දකින්නේ නැත. කෙනිස්සීය යෙෆුන්නෙගේ පුත් කාලෙබ් සහ නූන්ගේ පුත් යෝෂුවා මුළු හදින් ස්වාමින්වහන්සේ අනුගමන කළ බැවින්, ඔවුන් හැර, අන් කිසිවකුත් ඒ දේශය දකින්නේ නැත.’ ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල්වරුනට එරෙහිව ඇවුළුණේ ය. එබැවින් දුෂ්ටකම් කළ ඒ මුළු පරම්පරාව ම වැනසී යන තෙක්, හතළිස් වසරක් ම ඉශ්‍රායෙල්වරුනට පාළුකරයේ මංමුළා ව යෑමට උන්වහන්සේ සැලසූ සේක. “මෙන්න! දැන් නුඹලා පව්කාර පැටවුන් රංචුවක් ව, නුඹලාගේ පියවරුන්ගේ තැන ගෙන මෙතැන සිටගෙන, ඉශ්‍රායෙල් ජනයාට එරෙහිව වඩ වඩාත් ස්වාමින්වහන්සේ උරණ කරවමින්
ගණන් කථාව 32:10-14 Sinhala Revised Old Version (SROV)
ඒ දවසේදී ස්වාමීන්වහන්සේගේ උදහස ඇවුළුණේය. උන්වහන්සේ කථාකොට: සම්පූර්ණ ලෙස ස්වාමීන්වහන්සේ අනුව ගියාවූ කෙනෙස්සියවූ යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ් සහ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර, මිසරයෙන් ආවාවූ විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ මනුෂ්‍යයන්ගෙන් කිසිවෙක් මා විසින් ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන්ට දිවුළ දේශය සැබවින්ම නොදක්නෝය; මක්නිසාද ඔවුන් සම්පූර්ණ ලෙස මා පස්සේ ආවේ නැතැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුකම් කළ මුළු පරම්පරාව විනාශවන තෙක් උන්වහන්සේ ඔවුන්ට සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි ඔබමොබ යන්ට සැලැස්වූසේක. දැන් නුඹලාත් පව්කාර වර්ගයක්ව ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්‍රායෙල්වරුන්ට තවත් වැඩිකරන පිණිස නුඹලාගේ පියවරුන් වෙනුවට නැගුටුණහුය.
ගණන් කථාව 32:10-14 Sinhala New Revised Version (NRSV)
එවිට උන් වහන්සේගේ උදහස ඇවිළී, ‘මිසර දේශයෙන් නික්ම පැමිණි අවුරුදු විස්සකට හා ඊට වැඩි වයසැති අය මට සම්පූර්ණයෙන් ම අවනත නො වූ බැවින් ඔවුන්ගෙන් කිසිවෙකු මා ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට පොරොන්දු වූ දේශය නොදකිනු ඇත. එහෙත්, කෙනෙස්සි ජාතික ජෙපුන්නේගේ පුත් කාලෙබ් සහ නූන්ගේ පුත් ජෝෂුවා මට සම්පූර්ණයෙන් අවනත වූ බැවින් ඔවුන් පමණක් ඒ දේශය දකිනු ඇත’ කියා දිවුළ සේක. මෙසේ උන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව ඇවිළී ගියෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ මුළු පෙළපත ම නැසී වැනසී යන තෙක්, අවුරුදු හතළිහක් පුරා ම ඔවුන්ට පාළුකරයේ මංමුළා වී යන්නට සැලැසූ සේක. බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත තවත් වැඩි කරවනු පිණිස පාපිෂ්ඨ නව පරපුරක් වන ඔබ හැම ඔබේ පියවරුන්ගේ හිලව්වට දැන් නැඟිට ඇත.
ගණන් කථාව 32:10-14 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 32:10-14 New International Version (NIV)
The LORD’s anger was aroused that day and he swore this oath: ‘Because they have not followed me wholeheartedly, not one of those who were twenty years old or more when they came up out of Egypt will see the land I promised on oath to Abraham, Isaac and Jacob— not one except Caleb son of Jephunneh the Kenizzite and Joshua son of Nun, for they followed the LORD wholeheartedly.’ The LORD’s anger burned against Israel and he made them wander in the wilderness forty years, until the whole generation of those who had done evil in his sight was gone. “And here you are, a brood of sinners, standing in the place of your fathers and making the LORD even more angry with Israel.