ගණන් කථාව 32:1-42
ගණන් කථාව 32:1-42 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගව රංචු හා එළු බැටළු රංචු අති විශාල වශයෙන් හිමි ව සිටි රූබෙන් ජනයා හා ගාද් ජනයා, යාසේර් හා ගිලියාද් යන පෙදෙස්, තම පශු සම්පතට කොතරම් උචිත දැයි දුටුවහ. එබැවින් ඔවුහු මෝසෙස් ද පූජක එලෙයාසර් ද ජන ප්‍රධානීන් ද වෙත අවුත්, ඔවුන්ට කතා කොට, “අටාරොත්, දීබොන්, යාසේර්, නිම්රා, හෙෂ්බෝන්, එලෙයාලේ, සෙබාම්, නෙබෝ හා බෙයොන් යන ප්‍රදේශ, එනම් ඉශ්‍රායෙල් ජනයා ඉදිරියේ ස්වාමින්වහන්සේ යටත් කර දුන් දේශය, පශු සම්පතට උචිතයි. ඔබේ සේවක අපට පශු සම්පත් ඇති බැවින්, ඔබේ ප්‍රසාදය අපට හිමි වේ නම්, ඔබේ සේවකයින් වන අපට, අපේ උරුමය වශයෙන්, මේ බිම දෙනු ලැබේවා. යොර්දානෙන් එතෙරට අප ගෙන නො යේවා” යි ඉල්ලූහ. එහෙත් මෝසෙස්, ගාද් ජනයාට හා රූබෙන් ජනයාට පිළිතුරු දෙමින්, “ඔබේ සහෝදර ජනයා යුද්ධයට යද්දී, නුඹලා මෙහි හිඳගෙන සිටින්න ද? ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දී ඇති දේශයට යෑමෙන් ඔබ ඔවුන් අධෛර්යට පත් කරන්නේ මොකද? දේශය සෝදිසි කරන්නට කාදෙෂ්-බර්නේය සිට මා ඔබේ පියවරුන් පිටත් කර යැවූ කල, ඔවුන් කළේ ද මෙයමයි. ඔවුන් එෂ්කොල් මිටියාවත තෙක් ගොස්, දේශය නරඹා, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දී තිබූ දේශයට ඔවුන් ඇතුළු වීම වළකමින්, ඔවුන් අධෛර්යට පත් කළා. ඒ දවසේ ස්වාමින්වහන්සේගේ කෝපය ඇවිළී, උන්වහන්සේ මෙසේ ශපථ කරමින්, දිවුළ සේක: ‘මොවුන් මුළු හදින් ම මා අනුගමන නො කළ නිසා, ඊජිප්තුවෙන් පිටත් ව ආ විසි වියැති වූත් ඊට වැඩි වූත් කිසිදු පිරිමියකු ආබ්‍රහම්ටත්, ඊසාක්ටත්, යාකොබ්ටත් මා දිවුරා පොරොන්දු වූ දේශය දකින්නේ නැත. කෙනිස්සීය යෙෆුන්නෙගේ පුත් කාලෙබ් සහ නූන්ගේ පුත් යෝෂුවා මුළු හදින් ස්වාමින්වහන්සේ අනුගමන කළ බැවින්, ඔවුන් හැර, අන් කිසිවකුත් ඒ දේශය දකින්නේ නැත.’ ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල්වරුනට එරෙහිව ඇවුළුණේ ය. එබැවින් දුෂ්ටකම් කළ ඒ මුළු පරම්පරාව ම වැනසී යන තෙක්, හතළිස් වසරක් ම ඉශ්‍රායෙල්වරුනට පාළුකරයේ මංමුළා ව යෑමට උන්වහන්සේ සැලසූ සේක. “මෙන්න! දැන් නුඹලා පව්කාර පැටවුන් රංචුවක් ව, නුඹලාගේ පියවරුන්ගේ තැන ගෙන මෙතැන සිටගෙන, ඉශ්‍රායෙල් ජනයාට එරෙහිව වඩ වඩාත් ස්වාමින්වහන්සේ උරණ කරවමින්; උන්වහන්සේ අනුව යෑමෙන් නුඹලා ඉවත හැරුණොත්, උන්වහන්සේ යළිත් මේ මුළු ජනතාව ම පාළුකරයේ අත්හැර දමනු ඇත. ඔවුන්ගේ විනාශයට හේතුව නුඹලා වනු ඇතැ” යි දොස් පැවරී ය. එවිට ඔහු සමීපයට ආ ඔවුහු ඔහු අමතමින්, “අපගේ පශු සම්පත් සඳහා සත්ව කොටුත්, අපගේ දරු පවුල් සඳහා නගරත් මෙහි ඉදිකිරීමට අප කැමතියි. එහෙත් ඉශ්‍රායෙල්වරුන්ගේ උරුම බිම් වෙත අප ඔවුන් ගෙන යන තෙක්, ඔවුනට පෙරටුව අවි දරමින්, යන්නටත් අප සූදානම්. ඒ අතර අපගේ දරු පවුල්වල අය මේ දේශ-වාසීන්ගේ උවදුරුවලින් වැළකී රැකවරණ ලබන්නට ආරක්ෂිත නගරවල වෙසෙනු ඇත. සෑම ඉශ්‍රායෙල් ජාතිකයකු ම ඔහුගේ උරුමය ලබන තුරු, අප අපේ නිවෙස්වලට හැරී එන්නේ නැත. යොර්දානට නැගෙනහිරින් අපේ උරුමය අපට ලැබී තිබෙන බැවින්, යොර්දානෙන් එතෙර ඔවුන් අතරේ කිසි උරුමයක් අප ලබා ගන්නේ නැතැ” යි කරුණු පැහැදිලි කළහ. එබැවින් මෝසෙස් ඔවුන්ට කතා කොට, “ඔබ එහෙම කරනවා නම්, ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ යුද්ධයට අවි දරනවා නම්, උන්වහන්සේ තම සතුරන් තමන් අබියසින් පන්නා දමන තුරු, ඔබ හැම සන්නද්ධ ව ස්වාමින්වහන්සේ ඉදිරිපිට යොර්දානෙන් එතෙරට යනවා නම්, ස්වාමින්වහන්සේ ඉදිරියේ දේශය යටත් කර ගත් පසු, ඔබට ආපසු එන්නට හැකි ය. ස්වාමින්වහන්සේ හා ඉශ්‍රායෙල් ජනයා ඉදිරියේ ඔබ නිදොස් වනු ඇත. මේ බිම් පෙදෙස ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ඔබේ උරුමය බවට පත් වනු ඇත. “එහෙත් එසේ කරන්නට ඔබ අපොහොසත් වුවහොත්, ස්වාමින්වහන්සේට එරෙහිව ඔබ පව් කරයි. ඔබේ පව් ඔබ පිට පැමිණෙන බැව් ද සැක හැර දැනගන්න. ඔබේ දරු පවුල් සඳහා නගරත්, ඔබේ එළු බැටළු රංචු සඳහා සත්ව කූඩුත් ගොඩ නගන්න. එහෙත් ඔබ පොරොන්දු වූ දේත් ඉටු කරන්නැ” යි කීවේ ය. ගාද් ජනයා හා රූබෙන් ජනයා මෝසෙස්ට පිළිතුරු දෙමින්, “ඔබේ සේවකයින් වන අපි, අපේ ස්වාමියා අණ කළ ලෙස කරන්නෙමු. අපේ දරුවන් ද අපේ භාර්යාවන් ද අපේ එළු බැටළු හා ගව රංචු ද මෙහි, ගිලියාද් නගරවල නවතින නමුදු, ඔබේ සේවකයින් වන අප, යුද්ධයට අවි දරන හැම කෙනෙක් ම, අපේ ස්වාමියා කියන පරිදි, ස්වාමින්වහන්සේ ඉදිරියේ යුද්ධයට එතෙර යන්නෙමු” යි පැවසූහ. ඉන්පසු මෝසෙස් ඔවුන් ගැන, පූජක එලෙයාසර්ට ද නූන්ගේ පුත් යෝෂුවාට ද ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශවල පෙළපත් ප්‍රධානීන්ට ද නියෝග කළේ ය. ඔවුන් ඇමතූ මෝසෙස්, “ගාද් ජනයා හා රූබෙන් ජනයා, යුද්ධයට අවි දරන හැම කෙනකු ම, ඔබ සමඟ ස්වාමින්වහන්සේ ඉදිරියෙහි යොර්දානෙන් එතෙර යා යුතුයි. එසේ වූ කල, ඔබ ඉදිරියේ දේශය යටත් කරනු ලැබූ පසු, ගිලියාද් දේශය ඔවුන්ගේ උරුමය කොට ඔවුන්ට දෙන්න. එහෙත් ඔවුන් සන්නද්ධ ව ඔබ හා සමඟ එතෙරට නො ගියහොත්, ඔවුන් ද ඔබ සමඟ කානාන් දේශය තුළ ඔවුන්ගේ උරුමය පිළිගත යුතු යැ” යි පැවසී ය. ගාද් ජනයා හා රූබෙන් ජනයා පිළිතුරු දෙමින්, “ඔබේ සේවක අපි ස්වාමින්වහන්සේ කී පරිදි කරන්නෙමු. අපි සන්නද්ධ ව ස්වාමින්වහන්සේ ඉදිරියෙහි කානාන් දේශයට එගොඩට යන්නෙමු. එහෙත් අපට උරුම ඉඩ කඩම් ඇත්තේ යොර්දානෙන් මෙහා පැත්තේ” යි කීහ. එබැවින් මෝසෙස්, ගාද් ජනයාට ද රූබෙන් ජනයාට ද යෝසෙප්ගේ පුත් මනස්සේගේ ගෝත්‍රයෙන් අඩකට ද අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ රාජ්‍යය හා බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජ්‍යය වන මුළු දේශය සහිත ඊට අයත් නගර හා ඒ වටා වූ පෙදෙස් ද සමඟින් පවරා දුන්නේ ය. ගාද් ජනයා, දීබොන් ද අටාරොත් ද අරෝයෙර් ද අට්රොත්-ෂෝෆාන් ද යාසේර් ද යොග්බොහා ද බෙත්-නිම්රා ද බෙත්-හාරාන් ද පවුරු සහිත ආරක්ෂිත නගර වශයෙන් ගොඩ නැගූහ. ඔවුහු තම එළු බැටළු රංචු සඳහා සත්ව කොටු ද ඉදි කළහ. රූබෙන් ජනයා හෙෂ්බෝන්, එලෙයාලේ, කිරියාතායිම් ද නෙබෝ හා බාල්-මෙයෝන් ද (මෙම නම් වෙනස් විණි) සිබ්මා ද යන නගර ගොඩ නැගූහ. ඔවුහු තමන් ගොඩ නැගූ නගරවලට නම් තැබූහ. මනස්සේගේ පුත් මාකීර්ගෙන් පැවත එන්නෝ, ගිලියාද් වෙත ගොස්, එය අල්ලාගෙන, එහි පදිංචි ව සිටි අමෝරිවරුන් පන්නා දැමූහ. එබැවින් මෝසෙස්, මනස්සේගෙන් පැවතෙන මාකීර් ජනයාට ගිලියාද් පෙදෙස පවරා දුන්නේ ය. ඔවුහු එහි පදිංචි වූහ. මනස්සේගෙන් පැවතෙන්නකු වූ යායීර් ඔවුන්ගේ ගම් දනවු අල්ලාගෙන, ඒවාට හව්වොත්-යායීර් යයි නම් තැබී ය. කෙනාත් සහ ඒ වටා වූ ගම් දනවු අල්ලා ගත් නොබා, ඊට නොබා යයි තම නම තැබී ය.
ගණන් කථාව 32:1-42 Sinhala Revised Old Version (SROV)
රූබෙන් පුත්‍රයන්ටද ගාද් පුත්‍රයන්ටද ගවයෝ ඉතා මහත් සමූහයක් වූහ. ඔව්හු යාසේර් දේශයද ගිලියද් දේශයද සිව්පාවුන්ට සුදුසු ස්ථානයක් බව දුටුවෝය. එවිට ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද ඇවිත් මෝසෙස්ටත් පූජකවූ එලෙයාසර්ටත් සභාවේ අධිපතීන්ටත් කථාකොට: ඉශ්‍රායෙල් සභාව ඉදිරිපිට ස්වාමීන්වහන්සේ පහර දුන් දේශය වන, අතාරොත්ද දීබොන්ද යාසේර්ද නිම්රාද හෙෂ්බොන්ද එලෙයාලේද සෙබාම්ද නෙබෝද බෙයොන්ද සිව්පාවුන්ට සෑහෙන දේශයක්ය, නුඹේ මෙහෙකරුවන්ට සිව්පාවෝ සිටිති. එබැවින් අපි නුඹ ඉදිරියෙහි කරුණාව ලදිමුනම් මේ දේශය නුඹේ මෙහෙකරුවන්ට උරුමයක් පිණිස දෙනු ලබාවා; යොර්දානෙන් එතරට අප නොපැමිණෙවුව මැනවයි කීවෝය. එවිට මෝසෙස් ගාද් පුත්‍රයන් හා රූබෙන් පුත්‍රයන්ට කියනුයේ: නුඹලාගේ සහෝදරයන් යුද්ධයට යන අතර නුඹලා මෙහි නවතින්ට හදනවාද? ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දේශයට නොයන ලෙස ඔවුන්ගේ සිත් කුමට කලකිරවවුද? දේශය බලන පිණිස මා විසින් නුඹලාගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔව්හුද එසේ කළෝය. ඔව්හු එෂ්කොල් මිටියාවතට ගොස් දේශය දැක ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දුන් දේශයට ඔවුන් නොපැමිණෙන ලෙස ඔවුන්ගේ සිත් කලකිරෙවුවෝය. ඒ දවසේදී ස්වාමීන්වහන්සේගේ උදහස ඇවුළුණේය. උන්වහන්සේ කථාකොට: සම්පූර්ණ ලෙස ස්වාමීන්වහන්සේ අනුව ගියාවූ කෙනෙස්සියවූ යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ් සහ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර, මිසරයෙන් ආවාවූ විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ මනුෂ්‍යයන්ගෙන් කිසිවෙක් මා විසින් ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන්ට දිවුළ දේශය සැබවින්ම නොදක්නෝය; මක්නිසාද ඔවුන් සම්පූර්ණ ලෙස මා පස්සේ ආවේ නැතැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුකම් කළ මුළු පරම්පරාව විනාශවන තෙක් උන්වහන්සේ ඔවුන්ට සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි ඔබමොබ යන්ට සැලැස්වූසේක. දැන් නුඹලාත් පව්කාර වර්ගයක්ව ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්‍රායෙල්වරුන්ට තවත් වැඩිකරන පිණිස නුඹලාගේ පියවරුන් වෙනුවට නැගුටුණහුය. නුඹලා උන්වහන්සේ අනුව නොගොස් හැරීගියොත් නැවතත් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි තවත් නවත්වනවා ඇත; එසේ නුඹලා මේ මුළු සෙනඟ නාස්තිකරන්නහුයයි කීවේය. එවිට ඔව්හු ළංවී කථාකොට: අපි මෙහි අපේ සිව්පාවුන්ට ගාල්ද අපේ බාලයන්ට නුවරවල්ද ගොඩනගන්නෙමුය. නුමුත් අපි වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ ස්ථානයට පමුණුවනතුරු ඔවුන්ට පෙරටුව යන්ට සන්නද්ධව සිටින්නෙමුව. අපේ බාලයෝ දේශවාසීන් නිසා බලකොටු සහිත නුවරවල වසන්නෝය. ඉශ්‍රායෙල් පුත්‍රයන් එකිනෙකා තම තමාගේ උරුමය හිමිකරගන්න තුරු අපි අපේ ගෙවලට හැරී නොඑන්නෙමුව. මක්නිසාද යොර්දානෙන් මෙගොඩ නැගෙනහිර පැත්තෙහි අපේ උරුමය අපට ලැබී තිබෙද්දී අපි ඔවුන් සමඟ යොර්දානෙන් එගොඩත් එයින් එහාත් උරුමය නොගන්නෙමුයයි කීවෝය. එවිට මෝසෙස් ඔවුන්ට කථාකොට: නුඹලා මේ දේ කරමින්, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යුද්ධයට යාමට සැරසී, උන්වහන්සේ තමන්ගේ සතුරන් තමන් ඉදිරියෙන් පන්නාදමන තෙක්ද දේශය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටත්කරන තෙක්ද නුඹලා අතරෙන් යුද්ධයට සැරසුණු සියල්ලන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යොර්දානෙන් එතරට ගියොත්, පසුව නුඹලාට ආපසු එන්ට පුළුවන, එසේ නුඹලා ස්වාමීන්වහන්සේ ද ඉශ්‍රායෙල්ද ඉදිරියෙහි නිදොස්ව සිටින්නහුය; මේ දේශයද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලාට උරුමයක් පිණිස වන්නේය. එහෙත්, නුඹලා එසේ නොකළොත්, බලව, නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළා වේ. නුඹලාගේ පාපයද නුඹලා පිටට පැමිණෙන බව සහතිකලෙස දැන ගන්න. නුඹලාගේ බාලයන්ට නුවරවල්ද නුඹලාගේ බැටළුවන්ට ගාල්ද ගොඩනගා නුඹලාගේ මුඛයෙන් නික්මුණු දේ කරන්නැයි කීවේය. ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද මෝසෙස්ට කථාකොට: අපේ ස්වාමිතුමා අණකරන ලෙස නුඹවහන්සේගේ දාසයෝවන අපි කරන්නෙමුව. අපේ බාලයෝද අපේ භාර්යාවෝද අපේ සිව්පාවෝද අපේ සියලු ගවයෝද මෙහි ගිලියද් නුවරවල සිටින්නෝය. එහෙත් අපේ ස්වාමිතුමා කියන ලෙස නුඹවහන්සේගේ දාසයෝ සියල්ලෝම යුද්ධයට සැරසී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සටනට එතර යන්නෝයයි කීවෝය. මෝසෙස්ද ඔවුන් ගැන පූජකවූ එලෙයාසර්ටද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාටද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ටද අණකරමින්, ගාද් පුත්‍රයන් සහ රූබෙන් පුත්‍රයන් සියල්ලන්ම යුද්ධයට සැරසී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා සමඟ යොර්දානෙන් එතරට ගියොත්, දේශය නුඹලා ඉදිරියෙහි යටත්කරනු ලැබූ කල්හි, ගිලියද් දේශය උරුමයක් කොට ඔවුන්ට දෙන්න. එහෙත් ඔවුන් යුද්ධයට සැරසී නුඹලා සමඟ එතරට යන්නේ නැත්නම් ඔව්හු කානාන් දේශයෙහි නුඹලා අතරෙහි උරුම ලබත්වයි කීවේය. ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද උත්තරදෙමින්: ඔබේ දාසයන්ට ස්වාමීන්වහන්සේ කී ලෙසම අපි කරන්නෙමුව. අපි සන්නද්ධව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කානාන් දේශයට එතරව යන්නෙමුව, අපේ උරුම කොටස යොර්දානෙන් මෙගොඩ අපට වේවයි කීවෝය. මෝසෙස් ඔවුන්ට එනම් ගාද් පුත්‍රයන්ටත් රූබෙන් පුත්‍රයන්ටත් යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ රාජ්‍යයද බාෂාන්හි රජවූ ඕග්ගේ රාජ්‍යයද යන දේශය සහ එහි සීමාවල නුවරවල් වන දේශයෙහි වටකර තිබුණු නුවරවල්ද දුන්නේය. ගාද් පුත්‍රයෝ දීබොන් සහ අතාරොත්ද අරෝයේර්ද; අත්රොත්ෂොඵාන්ද යාසේර්ද යොග්බෙහාද; බෙත්-නිම්රා සහ බෙත්-හාරන්ද යන බලකොටු සහිත නුවරවල් සහ බැටළුවන්ට ගාල්ද ගොඩනැගුවෝය. රූබෙන් පුත්‍රයෝ හෙෂ්බොන් හා එලෙයාලේද කිරියතායිම්ද; නම් වෙනස්වුණාවූ නෙබෝ හා බාල්මෙයොන්ද සිබ්මාද ගොඩනැගුවෝය. ඔව්හු තමුන් විසින් ගොඩනැගූ නුවරවලට වෙන නම් තැබුවෝය. මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍රයෝ ගිලියද් දේශයට ගොස් ඒක අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමුවෝය. මෝසෙස් මනස්සේගේ පුත්‍රවූ මාකීර්ට ගිලියද් දේශය දුන්නේය; ඔහු එහි විසුවේය. මනස්සේගේ පුත්‍රවූ යායිර් ගොස් එහි නුවරවල් අල්වා ගෙන ඒවාට හවොත්-යායිර්යයි නම් තැබීය. නොබාද ගොස් කෙනත් සහ එහි ගම් අල්ලාගෙන තමාගේ නාමය හැටියට ඊට නොබායයි නම් තැබුවේය.
ගණන් කථාව 32:1-42 Sinhala New Revised Version (NRSV)
රූබන්ගේ පෙළපතේ අයට සහ ගාද්ගේ පෙළපතේ අයට ගවයෝ ඉතා විශාල ගණනක් සිටියහ. ජාශර් දේශය සහ ගිලියද් දේශය ගවයන්ට කෙතරම් සුදුසු ද කියා දුටු විට ඔව්හු මෝසෙස් ද පූජක එලෙයාසර් සහ ජනතාවගේ නායකයන් ද වෙත අවුත්: “අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති, ඉශ්රායෙල් ජනතාවට පදිංචි වීම සඳහා සමිඳාණන් වහන්සේ පහර දුන් දේශය ගවයන්ට සුදුසු ය. තවද, ඔබේ දාසයන් වන අපට ගවයෝ සිටිති. එබැවින් ඔබ අපට අනුග්‍රහය දක්වන්නහු නම්, මේ දේශය ඔබේ දාසයන් වන අපට උරුම කොට දෙනු මැනවි. අප ජොර්දාන් නදියෙන් එතෙරට ගෙන නොයන්නැ”යි කී හ. එවිට මෝසෙස් ගාද්ගේ පරපුරේ අයට සහ රූබන්ගේ පරපුරේ අයට මෙසේ කී ය: “ඔබ හැමගේ අනෙක් සෙනඟ යුද්ධයට යන අතර ඔබ හැම මෙහි නවතින්නට අරඅඳින්නහු ද? සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට දෙන්නට යන දේශයට ඔවුන් නොයන ලෙස ඔවුන්ගේ සිත් අධෛර්ය කරන්නේ මන් ද? රට බැලීමට මා ඔබ හැමගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔවුන් කෙළේත් එයම යි. ඔවුන් එෂ්කොල් මිටියාවතට ගොස්, රට දුටු විට, ඉශ්රායෙල් ජනයාට සමිඳාණන් වහන්සේ දුන් දේශයට ඔවුන් නොයන ලෙස ඔව්හු ඔවුන්ගේ සිත් අධෛර්ය කළහ. එවිට උන් වහන්සේගේ උදහස ඇවිළී, ‘මිසර දේශයෙන් නික්ම පැමිණි අවුරුදු විස්සකට හා ඊට වැඩි වයසැති අය මට සම්පූර්ණයෙන් ම අවනත නො වූ බැවින් ඔවුන්ගෙන් කිසිවෙකු මා ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට පොරොන්දු වූ දේශය නොදකිනු ඇත. එහෙත්, කෙනෙස්සි ජාතික ජෙපුන්නේගේ පුත් කාලෙබ් සහ නූන්ගේ පුත් ජෝෂුවා මට සම්පූර්ණයෙන් අවනත වූ බැවින් ඔවුන් පමණක් ඒ දේශය දකිනු ඇත’ කියා දිවුළ සේක. මෙසේ උන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව ඇවිළී ගියෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ මුළු පෙළපත ම නැසී වැනසී යන තෙක්, අවුරුදු හතළිහක් පුරා ම ඔවුන්ට පාළුකරයේ මංමුළා වී යන්නට සැලැසූ සේක. බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත තවත් වැඩි කරවනු පිණිස පාපිෂ්ඨ නව පරපුරක් වන ඔබ හැම ඔබේ පියවරුන්ගේ හිලව්වට දැන් නැඟිට ඇත. ඔබ හැම උන් වහන්සේට අවනත නූණොත්, උන් වහන්සේ යළි මේ සෙනඟ සියල්ලන් පාළුකරයේ අත්හැරදමන සේක. ඔබ මොවුන් වනසාලන්නහු ය.” එවිට ඔව්හු මෝසෙස්ට ළං වී, ඔහුට කතා කොට, “අපි මෙහි අපේ බැටළුවන්ට ගාල් ද අපේ කුඩා අයට නගර ද ඉදි කරන්නෙමු. එහෙත්, අපි ඉශ්රායෙල් ජනයා ඔවුන්ට හිමි රටට පමුණුවන තෙක්, ඔවුන්ට පෙරටුව සන්නාහ සන්නද්ධ ව ගොස් සටන් කරන්නෙමු. අපගේ කුඩා අය පමණක් දේශවාසීන්ගෙන් ඔවුන්ට උවදුරු නොපැමිණෙන ලෙස පවුරු බැඳි නගරවල වසන්නෝ ය. ඉශ්රායෙල් ජනයාගෙන් හැම කෙනෙකු ම තමාට හිමි උරුමය ලබාගන්න තෙක් අපි අපේ ගෙවලට හැරී නොඑන්නෙමු. ජොර්දාන් ගඟින් මෙගොඩ පෙරදිග අපට උරුම වන බැවින්, ගඟින් එගොඩ සහ ඉන් එහා ද කිසිවක් අපි ඔවුන් සමඟ උරුම කොට නොගන්නෙමු”යි කී හ. එවිට මෝසෙස් ඔවුන්ට කතා කොට, “ඔබ හැම මෙය කරමින්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සටනට සන්නාහ සන්නද්ධ ව, උන් වහන්සේ සතුරන් පලවා හරින තෙක්, උන් වහන්සේගේ අණ පරිදි, ජොර්දානෙන් එගොඩ වී සටන් කොට, රට අල්ලා ගන්නහු නම්, ඉන්පසු ඔබ සියල්ලන්ට ආපසු හැරී එන්නට අවසර ඇත. උන් වහන්සේ ඉදිරියෙහි ද, ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි ද ඔබ නිදොස් වනු ඇත. උන් වහන්සේගේ අණ පරිදි මේ රට ද ඔබට උරුම වනු ඇත. එහෙත්, ඔබ එලෙස නොකරන්නහු නම්, සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ හැම පව් කරන්නහු ය. ඔබේ පාපය ද ඔබ පිට පැවරෙන බව දැනගන්න. ඔබේ කුඩා අය සඳහා නගර ද බැටළුවන් සඳහා ගාල් ද ඉදි කරන්න. ඔබ පොරොන්දු වූ පරිදි සියල්ල ඉටු කරන්නැ”යි කී ය. ගාද්ගේ පරපුරේ අය සහ රූබන්ගේ පරපුරේ අය මෝසෙස්ට කතා කොට, “අපේ හිමිතුමා අණ කරන ලෙස ඔබේ සේවක අපි ඉටු කරන්නෙමු. අපේ කුඩා අය ද භාර්යාවන් ද එළු බැටළු පට්ටි ද ගවමහිෂ සියල්ලන් ද ගිලියද්හි නගරවල නවතිනු ඇත. එහෙත්, ඔබ කියන පරිදි ඔබ සේවක අපි හැම කෙනෙක් ම සන්නාහ සන්නද්ධ ව, සමිඳාණන් වහන්සේගේ අණ ලෙස සටනට සූදානම් වන්නෙමු”යි කීවෝ ය. මෙලෙස මෝසෙස් ඔවුන් පිළිබඳ ව පූජක එලෙයාසර්ට ද නූන්ගේ පුත් ජෝෂුවාට හා ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල නායකයන්ට ද විධාන කෙළේ ය. ඔහු ඔවුන් අමතමින්, “ගාද්ගේ පරපුරේ අය හා රූබන්ගේ පරපුරේ අය සමිඳාණන් වහන්සේගේ අණ පරිදි සටනට සන්නාහ සන්නද්ධ ව ඔබ සමඟ ජොර්දාන් නදියෙන් එතෙර ව, රට අල්ලාගන්නෝ නම්, ඔබ හැම ඔවුන්ට ගිලියද් දේශය උරුම කොට දිය යුතු ය. එහෙත්, ඔව්හු ඔබ සමඟ සන්නාහ සන්නද්ධ ව ගඟින් එගොඩ නොවන්නෝ නම්, කානාන් දේශයේ දී ඔබ සමඟ ඔව්හු උරුමය ලබන්නෝ ය”යි කී ය. එවිට ගාද්ගේ පරපුරේ අය සමඟ රූබන්ගේ පරපුරේ අය පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ ඔබේ සේවකයන් වන අපට දැන්වූ ලෙස අපි ඉටු කරන්නෙමු. ජොර්දාන් ගඟින් මෙගොඩ උරුමය අපට අයිති වන පිණිස සමිඳාණන් වහන්සේගේ අණ පරිදි අපි සන්නාහ සන්නද්ධ ව කානාන් දේශයට යන්නෙමු”යි කී හ. මෙලෙස මෝසෙස් ගාද්ගේ පරපුරටත්, රූබන්ගේ පරපුරටත්; ජෝසෙප්ගේ පුත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත්, අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ රාජ්‍යය ද බාෂාන්හි රජ වූ ඕග්ගේ රාජ්‍යය ද යන රටවල් සහ එහි දේශ සීමාවලින් ඇතුළු නගර සහ ඒවායින් පිට නගර ද දුන්නේ ය. ගාද්ගේ පරපුරේ අය දීබොන්, අටාරොත් සහ අරෝයෙර්, අත්රොත්-ෂොපාන්, ජාසෙර් සහ ජොග්බෙහා, බෙත්-නිම්රා සහ බෙත්-හාරන් යන පවුරු සහිත නගර ද, බැටළුවන්ට ගාල් ද ඉදි කළහ. රූබන්ගේ පරපුරේ අය හෙෂ්බොන්, එලෙයාලේ සහ කිරියතායිම් ද, නම් වෙනස් කරන ලද නෙබෝ සහ බාල්-මෙයොන් ද, සිබ්මා ද යන නගර ඉදි කළහ. ඔව්හු තමන් ගොඩනැඟුවා වූ නගරවලට අලුත් නාම ද තැබූ හ. මනස්සේගේ පුත් මාකීර්ගේ පරපුරේ අය ගිලියද් දේශයට ගොස් එය අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමූ හ. මෝසෙස් එම දේශය මනස්සේගේ පුත් මාකීර්ට දුන් පසු, ඔහු එහි විසී ය. මනස්සේගේ පුත් ජායීර් ගොස්, එහි තිබූ සමහර නගර අල්ලාගෙන ඒවාට හෙවාත්-ජායිර් කියා නම් තැබී ය. නොබා ගොස් කෙනත් සහ එහි ගම් අල්ලාගෙන, තමාගේ නමින් ඊට නොබා යයි නම් කෙළේ ය.
ගණන් කථාව 32:1-42 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 32:1-42 New International Version (NIV)
The Reubenites and Gadites, who had very large herds and flocks, saw that the lands of Jazer and Gilead were suitable for livestock. So they came to Moses and Eleazar the priest and to the leaders of the community, and said, “Ataroth, Dibon, Jazer, Nimrah, Heshbon, Elealeh, Sebam, Nebo and Beon— the land the LORD subdued before the people of Israel—are suitable for livestock, and your servants have livestock. If we have found favor in your eyes,” they said, “let this land be given to your servants as our possession. Do not make us cross the Jordan.” Moses said to the Gadites and Reubenites, “Should your fellow Israelites go to war while you sit here? Why do you discourage the Israelites from crossing over into the land the LORD has given them? This is what your fathers did when I sent them from Kadesh Barnea to look over the land. After they went up to the Valley of Eshkol and viewed the land, they discouraged the Israelites from entering the land the LORD had given them. The LORD’s anger was aroused that day and he swore this oath: ‘Because they have not followed me wholeheartedly, not one of those who were twenty years old or more when they came up out of Egypt will see the land I promised on oath to Abraham, Isaac and Jacob— not one except Caleb son of Jephunneh the Kenizzite and Joshua son of Nun, for they followed the LORD wholeheartedly.’ The LORD’s anger burned against Israel and he made them wander in the wilderness forty years, until the whole generation of those who had done evil in his sight was gone. “And here you are, a brood of sinners, standing in the place of your fathers and making the LORD even more angry with Israel. If you turn away from following him, he will again leave all this people in the wilderness, and you will be the cause of their destruction.” Then they came up to him and said, “We would like to build pens here for our livestock and cities for our women and children. But we will arm ourselves for battle and go ahead of the Israelites until we have brought them to their place. Meanwhile our women and children will live in fortified cities, for protection from the inhabitants of the land. We will not return to our homes until each of the Israelites has received their inheritance. We will not receive any inheritance with them on the other side of the Jordan, because our inheritance has come to us on the east side of the Jordan.” Then Moses said to them, “If you will do this—if you will arm yourselves before the LORD for battle and if all of you who are armed cross over the Jordan before the LORD until he has driven his enemies out before him— then when the land is subdued before the LORD, you may return and be free from your obligation to the LORD and to Israel. And this land will be your possession before the LORD. “But if you fail to do this, you will be sinning against the LORD; and you may be sure that your sin will find you out. Build cities for your women and children, and pens for your flocks, but do what you have promised.” The Gadites and Reubenites said to Moses, “We your servants will do as our lord commands. Our children and wives, our flocks and herds will remain here in the cities of Gilead. But your servants, every man who is armed for battle, will cross over to fight before the LORD, just as our lord says.” Then Moses gave orders about them to Eleazar the priest and Joshua son of Nun and to the family heads of the Israelite tribes. He said to them, “If the Gadites and Reubenites, every man armed for battle, cross over the Jordan with you before the LORD, then when the land is subdued before you, you must give them the land of Gilead as their possession. But if they do not cross over with you armed, they must accept their possession with you in Canaan.” The Gadites and Reubenites answered, “Your servants will do what the LORD has said. We will cross over before the LORD into Canaan armed, but the property we inherit will be on this side of the Jordan.” Then Moses gave to the Gadites, the Reubenites and the half-tribe of Manasseh son of Joseph the kingdom of Sihon king of the Amorites and the kingdom of Og king of Bashan—the whole land with its cities and the territory around them. The Gadites built up Dibon, Ataroth, Aroer, Atroth Shophan, Jazer, Jogbehah, Beth Nimrah and Beth Haran as fortified cities, and built pens for their flocks. And the Reubenites rebuilt Heshbon, Elealeh and Kiriathaim, as well as Nebo and Baal Meon (these names were changed) and Sibmah. They gave names to the cities they rebuilt. The descendants of Makir son of Manasseh went to Gilead, captured it and drove out the Amorites who were there. So Moses gave Gilead to the Makirites, the descendants of Manasseh, and they settled there. Jair, a descendant of Manasseh, captured their settlements and called them Havvoth Jair. And Nobah captured Kenath and its surrounding settlements and called it Nobah after himself.