ගණන් කථාව 32:1-15

ගණන් කථාව 32:1-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ගව රංචු හා එළු බැටළු රංචු අති විශාල වශයෙන් හිමි ව සිටි රූබෙන් ජනයා හා ගාද් ජනයා, යාසේර් හා ගිලියාද් යන පෙදෙස්, තම පශු සම්පතට කොතරම් උචිත දැයි දුටුවහ. එබැවින් ඔවුහු මෝසෙස් ද පූජක එලෙයාසර් ද ජන ප්‍රධානීන් ද වෙත අවුත්, ඔවුන්ට කතා කොට, “අටාරොත්, දීබොන්, යාසේර්, නිම්රා, හෙෂ්බෝන්, එලෙයාලේ, සෙබාම්, නෙබෝ හා බෙයොන් යන ප්‍රදේශ, එනම් ඉශ්‍රායෙල් ජනයා ඉදිරියේ ස්වාමින්වහන්සේ යටත් කර දුන් දේශය, පශු සම්පතට උචිතයි. ඔබේ සේවක අපට පශු සම්පත් ඇති බැවින්, ඔබේ ප්‍රසාදය අපට හිමි වේ නම්, ඔබේ සේවකයින් වන අපට, අපේ උරුමය වශයෙන්, මේ බිම දෙනු ලැබේවා. යොර්දානෙන් එතෙරට අප ගෙන නො යේවා” යි ඉල්ලූහ. එහෙත් මෝසෙස්, ගාද් ජනයාට හා රූබෙන් ජනයාට පිළිතුරු දෙමින්, “ඔබේ සහෝදර ජනයා යුද්ධයට යද්දී, නුඹලා මෙහි හිඳගෙන සිටින්න ද? ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දී ඇති දේශයට යෑමෙන් ඔබ ඔවුන් අධෛර්යට පත් කරන්නේ මොකද? දේශය සෝදිසි කරන්නට කාදෙෂ්-බර්නේය සිට මා ඔබේ පියවරුන් පිටත් කර යැවූ කල, ඔවුන් කළේ ද මෙයමයි. ඔවුන් එෂ්කොල් මිටියාවත තෙක් ගොස්, දේශය නරඹා, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දී තිබූ දේශයට ඔවුන් ඇතුළු වීම වළකමින්, ඔවුන් අධෛර්යට පත් කළා. ඒ දවසේ ස්වාමින්වහන්සේගේ කෝපය ඇවිළී, උන්වහන්සේ මෙසේ ශපථ කරමින්, දිවුළ සේක: ‘මොවුන් මුළු හදින් ම මා අනුගමන නො කළ නිසා, ඊජිප්තුවෙන් පිටත් ව ආ විසි වියැති වූත් ඊට වැඩි වූත් කිසිදු පිරිමියකු ආබ්‍රහම්ටත්, ඊසාක්ටත්, යාකොබ්ටත් මා දිවුරා පොරොන්දු වූ දේශය දකින්නේ නැත. කෙනිස්සීය යෙෆුන්නෙගේ පුත් කාලෙබ් සහ නූන්ගේ පුත් යෝෂුවා මුළු හදින් ස්වාමින්වහන්සේ අනුගමන කළ බැවින්, ඔවුන් හැර, අන් කිසිවකුත් ඒ දේශය දකින්නේ නැත.’ ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල්වරුනට එරෙහිව ඇවුළුණේ ය. එබැවින් දුෂ්ටකම් කළ ඒ මුළු පරම්පරාව ම වැනසී යන තෙක්, හතළිස් වසරක් ම ඉශ්‍රායෙල්වරුනට පාළුකරයේ මංමුළා ව යෑමට උන්වහන්සේ සැලසූ සේක. “මෙන්න! දැන් නුඹලා පව්කාර පැටවුන් රංචුවක් ව, නුඹලාගේ පියවරුන්ගේ තැන ගෙන මෙතැන සිටගෙන, ඉශ්‍රායෙල් ජනයාට එරෙහිව වඩ වඩාත් ස්වාමින්වහන්සේ උරණ කරවමින්; උන්වහන්සේ අනුව යෑමෙන් නුඹලා ඉවත හැරුණොත්, උන්වහන්සේ යළිත් මේ මුළු ජනතාව ම පාළුකරයේ අත්හැර දමනු ඇත. ඔවුන්ගේ විනාශයට හේතුව නුඹලා වනු ඇතැ” යි දොස් පැවරී ය.

ගණන් කථාව 32:1-15 Sinhala Revised Old Version (SROV)

රූබෙන් පුත්‍රයන්ටද ගාද් පුත්‍රයන්ටද ගවයෝ ඉතා මහත් සමූහයක් වූහ. ඔව්හු යාසේර් දේශයද ගිලියද් දේශයද සිව්පාවුන්ට සුදුසු ස්ථානයක් බව දුටුවෝය. එවිට ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද ඇවිත් මෝසෙස්ටත් පූජකවූ එලෙයාසර්ටත් සභාවේ අධිපතීන්ටත් කථාකොට: ඉශ්‍රායෙල් සභාව ඉදිරිපිට ස්වාමීන්වහන්සේ පහර දුන් දේශය වන, අතාරොත්ද දීබොන්ද යාසේර්ද නිම්රාද හෙෂ්බොන්ද එලෙයාලේද සෙබාම්ද නෙබෝද බෙයොන්ද සිව්පාවුන්ට සෑහෙන දේශයක්ය, නුඹේ මෙහෙකරුවන්ට සිව්පාවෝ සිටිති. එබැවින් අපි නුඹ ඉදිරියෙහි කරුණාව ලදිමුනම් මේ දේශය නුඹේ මෙහෙකරුවන්ට උරුමයක් පිණිස දෙනු ලබාවා; යොර්දානෙන් එතරට අප නොපැමිණෙවුව මැනවයි කීවෝය. එවිට මෝසෙස් ගාද් පුත්‍රයන් හා රූබෙන් පුත්‍රයන්ට කියනුයේ: නුඹලාගේ සහෝදරයන් යුද්ධයට යන අතර නුඹලා මෙහි නවතින්ට හදනවාද? ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දේශයට නොයන ලෙස ඔවුන්ගේ සිත් කුමට කලකිරවවුද? දේශය බලන පිණිස මා විසින් නුඹලාගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔව්හුද එසේ කළෝය. ඔව්හු එෂ්කොල් මිටියාවතට ගොස් දේශය දැක ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දුන් දේශයට ඔවුන් නොපැමිණෙන ලෙස ඔවුන්ගේ සිත් කලකිරෙවුවෝය. ඒ දවසේදී ස්වාමීන්වහන්සේගේ උදහස ඇවුළුණේය. උන්වහන්සේ කථාකොට: සම්පූර්ණ ලෙස ස්වාමීන්වහන්සේ අනුව ගියාවූ කෙනෙස්සියවූ යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ් සහ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර, මිසරයෙන් ආවාවූ විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ මනුෂ්‍යයන්ගෙන් කිසිවෙක් මා විසින් ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන්ට දිවුළ දේශය සැබවින්ම නොදක්නෝය; මක්නිසාද ඔවුන් සම්පූර්ණ ලෙස මා පස්සේ ආවේ නැතැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුකම් කළ මුළු පරම්පරාව විනාශවන තෙක් උන්වහන්සේ ඔවුන්ට සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි ඔබමොබ යන්ට සැලැස්වූසේක. දැන් නුඹලාත් පව්කාර වර්ගයක්ව ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්‍රායෙල්වරුන්ට තවත් වැඩිකරන පිණිස නුඹලාගේ පියවරුන් වෙනුවට නැගුටුණහුය. නුඹලා උන්වහන්සේ අනුව නොගොස් හැරීගියොත් නැවතත් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි තවත් නවත්වනවා ඇත; එසේ නුඹලා මේ මුළු සෙනඟ නාස්තිකරන්නහුයයි කීවේය.

ගණන් කථාව 32:1-15 Sinhala New Revised Version (NRSV)

රූබන්ගේ පෙළපතේ අයට සහ ගාද්ගේ පෙළපතේ අයට ගවයෝ ඉතා විශාල ගණනක් සිටියහ. ජාශර් දේශය සහ ගිලියද් දේශය ගවයන්ට කෙතරම් සුදුසු ද කියා දුටු විට ඔව්හු මෝසෙස් ද පූජක එලෙයාසර් සහ ජනතාවගේ නායකයන් ද වෙත අවුත්: “අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති, ඉශ්රායෙල් ජනතාවට පදිංචි වීම සඳහා සමිඳාණන් වහන්සේ පහර දුන් දේශය ගවයන්ට සුදුසු ය. තවද, ඔබේ දාසයන් වන අපට ගවයෝ සිටිති. එබැවින් ඔබ අපට අනුග්‍රහය දක්වන්නහු නම්, මේ දේශය ඔබේ දාසයන් වන අපට උරුම කොට දෙනු මැනවි. අප ජොර්දාන් නදියෙන් එතෙරට ගෙන නොයන්නැ”යි කී හ. එවිට මෝසෙස් ගාද්ගේ පරපුරේ අයට සහ රූබන්ගේ පරපුරේ අයට මෙසේ කී ය: “ඔබ හැමගේ අනෙක් සෙනඟ යුද්ධයට යන අතර ඔබ හැම මෙහි නවතින්නට අරඅඳින්නහු ද? සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට දෙන්නට යන දේශයට ඔවුන් නොයන ලෙස ඔවුන්ගේ සිත් අධෛර්ය කරන්නේ මන් ද? රට බැලීමට මා ඔබ හැමගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔවුන් කෙළේත් එයම යි. ඔවුන් එෂ්කොල් මිටියාවතට ගොස්, රට දුටු විට, ඉශ්රායෙල් ජනයාට සමිඳාණන් වහන්සේ දුන් දේශයට ඔවුන් නොයන ලෙස ඔව්හු ඔවුන්ගේ සිත් අධෛර්ය කළහ. එවිට උන් වහන්සේගේ උදහස ඇවිළී, ‘මිසර දේශයෙන් නික්ම පැමිණි අවුරුදු විස්සකට හා ඊට වැඩි වයසැති අය මට සම්පූර්ණයෙන් ම අවනත නො වූ බැවින් ඔවුන්ගෙන් කිසිවෙකු මා ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට පොරොන්දු වූ දේශය නොදකිනු ඇත. එහෙත්, කෙනෙස්සි ජාතික ජෙපුන්නේගේ පුත් කාලෙබ් සහ නූන්ගේ පුත් ජෝෂුවා මට සම්පූර්ණයෙන් අවනත වූ බැවින් ඔවුන් පමණක් ඒ දේශය දකිනු ඇත’ කියා දිවුළ සේක. මෙසේ උන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව ඇවිළී ගියෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ මුළු පෙළපත ම නැසී වැනසී යන තෙක්, අවුරුදු හතළිහක් පුරා ම ඔවුන්ට පාළුකරයේ මංමුළා වී යන්නට සැලැසූ සේක. බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත තවත් වැඩි කරවනු පිණිස පාපිෂ්ඨ නව පරපුරක් වන ඔබ හැම ඔබේ පියවරුන්ගේ හිලව්වට දැන් නැඟිට ඇත. ඔබ හැම උන් වහන්සේට අවනත නූණොත්, උන් වහන්සේ යළි මේ සෙනඟ සියල්ලන් පාළුකරයේ අත්හැරදමන සේක. ඔබ මොවුන් වනසාලන්නහු ය.”

ගණන් කථාව 32:1-15 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 32:1-15 New International Version (NIV)

The Reubenites and Gadites, who had very large herds and flocks, saw that the lands of Jazer and Gilead were suitable for livestock. So they came to Moses and Eleazar the priest and to the leaders of the community, and said, “Ataroth, Dibon, Jazer, Nimrah, Heshbon, Elealeh, Sebam, Nebo and Beon— the land the LORD subdued before the people of Israel—are suitable for livestock, and your servants have livestock. If we have found favor in your eyes,” they said, “let this land be given to your servants as our possession. Do not make us cross the Jordan.” Moses said to the Gadites and Reubenites, “Should your fellow Israelites go to war while you sit here? Why do you discourage the Israelites from crossing over into the land the LORD has given them? This is what your fathers did when I sent them from Kadesh Barnea to look over the land. After they went up to the Valley of Eshkol and viewed the land, they discouraged the Israelites from entering the land the LORD had given them. The LORD’s anger was aroused that day and he swore this oath: ‘Because they have not followed me wholeheartedly, not one of those who were twenty years old or more when they came up out of Egypt will see the land I promised on oath to Abraham, Isaac and Jacob— not one except Caleb son of Jephunneh the Kenizzite and Joshua son of Nun, for they followed the LORD wholeheartedly.’ The LORD’s anger burned against Israel and he made them wander in the wilderness forty years, until the whole generation of those who had done evil in his sight was gone. “And here you are, a brood of sinners, standing in the place of your fathers and making the LORD even more angry with Israel. If you turn away from following him, he will again leave all this people in the wilderness, and you will be the cause of their destruction.”