ගණන් කථාව 31:25-54
ගණන් කථාව 31:25-54 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “අල්ලා ගනු ලැබූ ජනයා හා සතුන් යන සැවොම ගණන් ගත යුත්තේ, ඔබත්, පූජක එලෙයාසර් හා ජනතාවගේ පිය පෙළපත්වල නායකයින් විසිනි. කොල්ලයෙන් ගත් දෑ සටනට සහභාගි වූ යුද්ධ භටයින් ද සෙසු ජනයා ද අතරේ බෙදන්න. යුද්ධයේදී සටන් කළ යුද්ධ භටයින් වෙතින් ස්වාමින්වහන්සේට තුටු පඬුරක් වශයෙන් වෙන් කළ යුත්තේ, සටනේදී පැහැර ගනු ලැබූ ජනයාගෙන් හා ගව, බූරු, එළු, බැටළු යන සතුන්ගෙන් පන්සියයකට එක බැගිනි. ඔවුන්ගේ කොටසින්, එම තුටු-පඬුරු ස්වාමින්වහන්සේගේ කොටස වශයෙන් පූජක එලෙයාසර්ට දෙන්න. ඉශ්‍රායෙල් ප්‍රජාවගේ අඩ කොටසින්, මිනිස් හෝ ගව, බූරු, එළු, බැටළු යන සතුන්ගෙන් හෝ පනහට එක බැගින් ගෙන, ස්වාමින්වහන්සේගේ මණ්ඩපයේ කටයුතු බාර ලෙවීවරුනට දෙන්නැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් හා පූජක එලෙයාසර්, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි කළහ. යුද්ධ භටයින් ගත් දෑට අමතරව, ඉතිරි ව තිබූ කොල්ලය, බැටළුවන් හයලක්ෂ හැත්තෑපන් දහසකින් ද ගවයින් හැත්තෑදෙදහසකින් ද බූරුවන් හැටඑක්දහසකින් ද පිරිමියකුගේ පහස නො ලද කන්‍යාවන් තිස්දෙදහසකින් ද යුතු විණි. යුද්ධයේදී සටන් වැදුනවුන්ගේ අඩ-කොටස: බැටළුවන් තුන්ලක්ෂ තිස්හත්දහස් පන්සියයකි. එයින් ස්වාමින්වහන්සේට වූ පඬුර හයසිය හැත්තෑපස් දෙනෙකි. ගවයින් තිස්හයදහසකි. එයින් ස්වාමින්වහන්සේට වූ තුටු පඬුර හැත්තෑ දෙදෙනෙකි. බූරුවන් තිස්දහස් පන්සියයකි. එයින් ස්වාමින්වහන්සේට වූ පඬුර හැටඑක් දෙනෙකි. ජනයා දාසය දහසකි. එයින් ස්වාමින්වහන්සේට වූ පඬුර තිස් දෙදෙනෙකි. ස්වාමින්වහන්සේගේ කොටස වශයෙන් එම පඬුර මෝසෙස් එලෙයාසර්ට දුන්නේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිද්දෙනි. සටනට ගියවුන්ගේ කොටසෙන් මෝසෙස් වෙන් කළ ඉශ්‍රායෙල් ජනයාට අයත් අඩ-කොටස, එනම් ප්‍රජාවගේ අඩ-කොටස: බැටළුවන් තුන්ලක්ෂ තිස්හත්දහස් පන්සිය දෙනෙකි. ගවයින් තිස්හයදහසකි. බූරුවන් තිස්දහස් පන්සියයකි. ජනයා දාසය දහසකි. මෝසෙස්, ස්වාමින්වහන්සේ තමාට අණ කළ පරිදි ඉශ්‍රායෙල් ජනයාගේ අඩ කොටසින් පුද්ගලයින් හැම පනස් දෙනකුගෙන් හා සතුන් පනසකගෙන් එකකු බැගින් ගෙන, ස්වාමින්වහන්සේගේ මණ්ඩපයේ වගකීම් දරන ලෙවීවරුනට දුන්නේ ය. එවිට හමුදා ඒකක බාර නිලධාරීන් වූ සියයේ සේනාංක හා දහසේ සේනාංක සෙන්පතීහු මෝසෙස් වෙත ගොස්, ඔහු අමතමින්, “ඔබේ සේවකයින් වන අපි, අප යටතේ සිටින හේවායින් ගණන් කළෙමු. එක් කෙනකුවත් අඩු වී නැත. එබැවින් ස්වාමින්වහන්සේ අබියස පාප වන්දි නිවාරණයක් ඉටු කරනු පිණිස, අප එකිනෙකා අත්කර ගත් අත්පටි, වළලු, පේරැස් මුදු, අරුංගල් හා මාල යන රන් අබරණ ස්වාමින්වහන්සේට තුටු පඬුරක් කොට ගෙනාවෙමු” යි කීහ. මෝසෙස් ද පූජක එලෙයාසර් ද රනින් කළ එම නිමි බඩු සියල්ල පිළිගත්හ. සියයේ සේනාංක හා දහසේ සේනාංක සෙන්පතීන් වෙතින් ස්වාමින්වහන්සේට පඬුරක් කොට, මෝසෙස් හා පූජක එලෙයාසර් පිළිගැන් වූ රත්රන් සියල්ලෙහි බර, ෂෙකෙල් දාසයදහස් හත්සිය පනහකි. හැම හේවායෙක් ම තමාට කොල්ලයක් ගෙන තිබිණි. මෝසෙස් ද පූජක එලෙයාසර් ද සියයේ සේනාංක හා දහසේ සේනාංක සෙන්පතීන්ගෙන් රත්රන් පිළිගෙන, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල් ජනයා උදෙසා සිහි කිරීමක් වශයෙන්, ඒවා හමුවීමේ කූඩාරම තුළට ගෙන ආහ.
ගණන් කථාව 31:25-54 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: නුඹද පූජකවූ එලෙයාසර්ද සභාවේ පිය පෙළපත්වල ප්‍රධානීහුද අල්ලාගනු ලැබූ මනුෂ්‍යයන් හා මෘගයන් යන කොල්ලය ගණන්කරන්න. ඒ කොල්ලය සටනට ගිය යුද්ධ දක්ෂයන් සහ මුළු සභාව අතරේ දෙකොටසකට බෙදන්න. සටනට ගිය යුද්ධකාරයන්ගෙන් ස්වාමීන්වහන්සේට ආදායමක් කොට මිනිසුන්ගෙන්ද ගවයන්ගෙන්ද කොටළුවන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද පන්සියයකින් එකෙකු බැගින් අයකරන්න. ඔවුන්ගේ කොටසෙන් එය ගෙන ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් පිණිස පූජකවූ එලෙයාසර්ට දෙන්න. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොටසෙන් මිනිසුන්ගෙන්ද ගවයන්ගෙන්ද කොටළුවන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද සියලු ආකාර මෘගයන්ගෙන්ද පනසකින් එකෙකු බැගින් වෙන්කොට රැගෙන ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය භාරකාරවූ ලෙවීවරුන්ට දෙන්නැයි කීසේක. එවිට මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස කළෝය. යුද්ධකාරයන් විසින් අල්වාගත් දේ හැර අනික් කොල්ලය බැටළුවන් සලක්ෂ හැත්තෑපන්දාහක්ද, ගවයන් සැත්තෑ දෙදාහක්ද, කොටළුවන් හැට එක්දාහක්ද, පුරුෂයෙකු සමඟ සයනයකිරීම දැනනොගත් ස්ත්‍රීන් තිස් දෙදාහක්ද විය. යුද්ධයට නික්ම ගිය තැනැත්තන්ගේ කොටස නම් ගණනින් තුන්ලක්ෂ තිස් හත්දාස් පන්සියයක් බැටළුවෝය. බැටළුවන්ගෙන් ස්වාමීන්වහන්සේට අයවූ කොටස හසිය හැත්තෑපස් දෙනෙක්ය. ගවයෝ තිස්හය දහසක්ය; උන්ගෙන් ස්වාමීන්වහන්සේට අයවූ කොටස සැත්තෑ දෙන්නෙක්ය. කොටළුවෝ තිස්දහස්පන්සියයක්ය; උන්ගෙන් ස්වාමීන්වහන්සේට අයවූ කොටස හැට එක දෙනෙක්ය. මනුෂ්‍ය ප්‍රාණීන්ගෙන් සොළොස් දහසක්ය; ඔවුන්ගෙන් ස්වාමීන්වහන්සේට අයවූ කොටස දෙතිස් දෙනෙක්ය. මෝසෙස් ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ ලෙස ස්වාමීන්වහන්සේගේ එසවීමේ පූජාව පූජකවූ එලෙයාසර්ට දුන්නේය. යුද්ධකාරයන්ගෙන් මෝසෙස් විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අරගන දුන්නාවූ, සභාවේ කොටසටත් බැටළුවන් තුන් ලක්ෂ තිස්හත්දාස් පන්සියයක්ද, ගවයන් තිස්හය දහසක්ද, කොටළුවන් තිස්දාස් පන්සියයක්ද, මනුෂ්‍ය ප්‍රාණීන්ගෙන් දහසය දහසක්ද විය. මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොටසෙන් මනුෂ්‍යයන්ගෙන් හා මෘගයන්ගෙනුත් පනසකින් එකෙකු බැගින් වෙන්කර රැගෙන උන් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ස්වාමීන්වහන්සේගේ මණ්ඩප භාරය රක්ෂා කරන ලෙවීවරුන්ට දුන්නෝය. එවිට සේනාවේ දහස් ගණන්වල මුලාදෑනිවන සහස්‍රාධිපතිහුද ශතාධිපතිහුද මෝසෙස් ළඟට අවුත්: නුඹේ මෙහෙකරුවෝ වන අපි අප යටතේ සිටින යුද්ධකාරයන්ගේ ගණන් බලා අපෙන් එක මනුෂ්‍යයෙක්වත් අඩු නැති බව දැනගතිමුව. එබැවින් ස්වාමීන්වහන්සේට පඬුරක් කොට එකිනෙකාට සම්බවී තිබෙන හැටියට ස්වර්ණාභරණ වන පාද මාලාද අත් වළලුද පේරැස් මුදුද කුණ්ඩලාභරණද මාලද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අපේ ප්‍රාණ උදෙසා සමඟිකමක් කරන පිණිස ගෙනාවෙමුයයි මෝසෙස්ට කීවෝය. මෝසෙස් සහ පූජකවූ එලෙයාසර් ඒ රන් එනම් සාදාපු සියලු ආභරණ ඔවුන්ගෙන් පිළිගත්තෝය. එසේ සහස්‍රාධිපතීන්ගෙන්ද ශතාධිපතීන්ගෙන්ද ලැබී ස්වාමීන්වහන්සේට ඔප්පුකළ එසවීමේ පූජාවේ රන් සියල්ල ෂෙකෙල් සොළොස් දහස් සත්සිය පනසක්ය. මක්නිසාද යුද්ධකාරයෝ තම තමුන්ට කොල්ලය ලබාගන සිටියෝය. මෝසෙස් සහ පූජකවූ එලෙයාසර් සහස්‍රාධිපතීන්ගේද ශතාධිපතීන්ගේද රන් පිළිගෙන ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සිහිකරවීමක් පිණිස සම්මුඛවීමේ කූඩාරමට ගෙනාවෝය.
ගණන් කථාව 31:25-54 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ ද පූජක එලෙයාසර් ද ජනතාවගේ ප්‍රධානීන් ද අල්ලාගත් සිරකරුවන් සහ පැහැරගත් සතුන් ද ගණන් කළ යුතු ය. ඒ සියල්ල යුද වැදී සටන් කළ අය සහ ඉතිරි අනිත් ජනයා අතර දෙකොටසකට බෙදන්න. තවද, සටන් කළ භටයන්ට අයිති කොටසින්, මිනිසුන් පන්සියයකට එක්කෙනා බැගිනුත් ගවයන්ගෙන් ද කොටළුවන්ගෙන් ද එළු බැටළුවන්ගෙන් ද පන්සියයකට එකෙකු බැගිනුත් සමිඳාණන් වහන්සේට දෙන බද්දක් මෙන් වෙන් කරන්න. ඔවුන්ගෙන් ගත් මේ කොටස සමිඳාණන් වහන්සේට පුදන විශේෂ පඬුරක් මෙන් පූජක එලෙයාසර්ට දෙන්න. සෙසු ඉශ්රායෙල් ජනයාට දුන් කොටසින් සිරකරුවන්ගෙන් පණහකට එක්කෙනා බැගිනුත් ගව, කොටළු, එළු, බැටළු ආදී නන්වැදෑරුම් සතුන්ගෙන් පණහකට එකෙකු බැගිනුත් ගෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටින ලෙවීවරුන්ට දෙන්නැ”යි වදාළ සේක. උන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් සහ එලෙයාසර් ඉටු කළහ. යුද්ධ භටයන් තමන්ට ම තබාගත් සතුන් හැරුණු විට කොල්ලකෑ සතුන්ගේ ගණන බැටළුවන් හයලක්ෂ හැත්තෑපන්දහසක් ද ගවයන් හැත්තෑදෙදහසක් ද කොටළුවන් හැටඑක්දහසක් ද විය. තවද, පුරුෂයින් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු ගැහැණු දරුවෝ තිස්දෙදහසක් වූ හ. සටන් කළ භටයන්ගේ දෙකෙන් කොටස බැටළුවන් තුන් ලක්ෂ තිස්හත්දහස් පන්සියයක් වූ අතර සමිඳාණන් වහන්සේට දුන් බද්ද බැටළුවෝ හයසිය හැත්තෑපහක් වූ හ. යුද්ධ භටයන්ගේ කොටස ගවයන් තිස්හයදාහක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද බැටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ. යුද්ධ භටයන්ගේ කොටස කොටළුවන් තිස්දහස් පන්සියයක් වූ අතර, සමිඳාණන් වහන්සේගේ බද්ද කොටළුවෝ හැටඑකක් වූ හ. යුද්ධ භටයන්ගේ කොටස කන්‍යාවන් දහසයදහසක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද කාන්තාවෝ තිස්දෙදෙනෙක් වූ හ. තවද මෝසෙස්, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේගේ පූජා පඬුර පූජක එලෙයාසර්ට දුන්නේ ය. සටන් කළ යුද්ධ භටයන්ගෙන් ඉශ්රායෙල් ජනයා සඳහා මෝසෙස් වෙන් කළ දෙකෙන් කොටස බැටළුවෝ තුන්ලක්ෂ තිස්හත්දාස් පන්සියයක් ද, ගවයන් තිස්හයදහසක් ද කොටළුවන් තිස්දාස් පන්සියයක් ද කන්‍යාවෝ දහසයදහසක් ද වූ හ. ඉශ්රායෙල් ජනයාට වූ මේ කොටසින් ද මෝසෙස් සිරකරුවන් පණස්දෙනෙකුට එක්කෙනා බැගින් ද, සතුන් පණස්දෙනෙකුට එකා බැගින් ද ගෙන, සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි උන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටි ලෙවීවරුන්ට දුන්නේ ය. හමුදාවේ නිලධාරීහු ද සහශ්‍රාධිපතීහු සහ ශතාධිපතීහු ද මෝසෙස් වෙත පැමිණ ඔහුට කතා කොට, “ඔබේ සේවකයන් වන අපි අපේ බල ඇණිවල යුද්ධ භටයන් ගණන් කෙළෙමු. එක් කෙනෙක් වත් අඩු නැත. එබැවින් සමිඳාණන් වහන්සේ අපේ පණ බේරා දුන් බැවින්, අපි සෑම කෙනෙකු ම ගත් ස්වර්ණාභරණ වන පාද මාලා ද වළලු ද මුදු ද කුණ්ඩලාභරණ ද මාල ද උන් වහන්සේට පූජා කරන පිණිස ගෙනාවෙමු”යි කී හ. එවිට මෝසෙස් සහ පූජක එලෙයාසර් රනින් කළ, ඒ සියලු ආභරණ ගත්හ. සහශ්‍රාධිපතීන් හා ශතාධිපතීන් සමිඳාණන් වහන්සේට පිදූ මුළු රත්රන් තොගයේ බර කිලෝග්‍රෑම් දෙසියයක් විය. එහෙත්, යුද්ධ භටයන් කොල්ලකෑ දේ ඔව්හු තමන්ට ම තබාගත්හ. මෙලෙස මෝසෙස් සහ එලෙයාසර් සහශ්‍රාධිපතීන්ගෙන් සහ ශතාධිපතීන්ගෙන් ගත් රන් රැගෙන ඒවා සම්මුඛ මණ්ඩපය තුළ තැබූ හ. ඒවා ඉශ්රායෙල් ජනයා හට සමිඳාණන් වහන්සේගේ රැකවරණය සිහි ගන්වන සංකේතයක් විය.
ගණන් කථාව 31:25-54 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ ද පූජක එලෙයාසර් ද ජනතාවගේ ප්‍රධානීන් ද අල්ලාගත් සිරකරුවන් සහ පැහැරගත් සතුන් ද ගණන් කළ යුතු ය. ඒ සියල්ල යුද වැදී සටන් කළ අය සහ ඉතිරි අනිත් ජනයා අතර දෙකොටසකට බෙදන්න. තවද, සටන් කළ භටයන්ට අයිති කොටසින්, මිනිසුන් පන්සියයකට එක්කෙනා බැගිනුත් ගවයන්ගෙන් ද කොටළුවන්ගෙන් ද එළු බැටළුවන්ගෙන් ද පන්සියයකට එකෙකු බැගිනුත් සමිඳාණන් වහන්සේට දෙන බද්දක් මෙන් වෙන් කරන්න. ඔවුන්ගෙන් ගත් මේ කොටස සමිඳාණන් වහන්සේට පුදන විශේෂ පඬුරක් මෙන් පූජක එලෙයාසර්ට දෙන්න. සෙසු ඉශ්රායෙල් ජනයාට දුන් කොටසින් සිරකරුවන්ගෙන් පණහකට එක්කෙනා බැගිනුත් ගව, කොටළු, එළු, බැටළු ආදී නන්වැදෑරුම් සතුන්ගෙන් පණහකට එකෙකු බැගිනුත් ගෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටින ලෙවීවරුන්ට දෙන්නැ”යි වදාළ සේක. උන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් සහ එලෙයාසර් ඉටු කළහ. යුද්ධ භටයන් තමන්ට ම තබාගත් සතුන් හැරුණු විට කොල්ලකෑ සතුන්ගේ ගණන බැටළුවන් හයලක්ෂ හැත්තෑපන්දහසක් ද ගවයන් හැත්තෑදෙදහසක් ද කොටළුවන් හැටඑක්දහසක් ද විය. තවද, පුරුෂයින් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු ගැහැණු දරුවෝ තිස්දෙදහසක් වූ හ. සටන් කළ භටයන්ගේ දෙකෙන් කොටස බැටළුවන් තුන් ලක්ෂ තිස්හත්දහස් පන්සියයක් වූ අතර සමිඳාණන් වහන්සේට දුන් බද්ද බැටළුවෝ හයසිය හැත්තෑපහක් වූ හ. යුද්ධ භටයන්ගේ කොටස ගවයන් තිස්හයදාහක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද බැටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ. යුද්ධ භටයන්ගේ කොටස කොටළුවන් තිස්දහස් පන්සියයක් වූ අතර, සමිඳාණන් වහන්සේගේ බද්ද කොටළුවෝ හැටඑකක් වූ හ. යුද්ධ භටයන්ගේ කොටස කන්‍යාවන් දහසයදහසක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද කාන්තාවෝ තිස්දෙදෙනෙක් වූ හ. තවද මෝසෙස්, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේගේ පූජා පඬුර පූජක එලෙයාසර්ට දුන්නේ ය. සටන් කළ යුද්ධ භටයන්ගෙන් ඉශ්රායෙල් ජනයා සඳහා මෝසෙස් වෙන් කළ දෙකෙන් කොටස බැටළුවෝ තුන්ලක්ෂ තිස්හත්දාස් පන්සියයක් ද, ගවයන් තිස්හයදහසක් ද කොටළුවන් තිස්දාස් පන්සියයක් ද කන්‍යාවෝ දහසයදහසක් ද වූ හ. ඉශ්රායෙල් ජනයාට වූ මේ කොටසින් ද මෝසෙස් සිරකරුවන් පනස්දෙනෙකුට එක්කෙනා බැගින් ද, සතුන් පනස්දෙනෙකුට එකා බැගින් ද ගෙන, සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි උන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටි ලෙවීවරුන්ට දුන්නේ ය. හමුදාවේ නිලධාරීහු ද සහශ්‍රාධිපතීහු සහ ශතාධිපතීහු ද මෝසෙස් වෙත පැමිණ ඔහුට කතා කොට, “ඔබේ සේවකයන් වන අපි අපේ බල ඇණිවල යුද්ධ භටයන් ගණන් කෙළෙමු. එක් කෙනෙක් වත් අඩු නැත. එබැවින් සමිඳාණන් වහන්සේ අපේ පණ බේරා දුන් බැවින්, අපි සෑම කෙනෙකු ම ගත් ස්වර්ණාභරණ වන පාද මාලා ද වළලු ද මුදු ද කුණ්ඩලාභරණ ද මාල ද උන් වහන්සේට පූජා කරන පිණිස ගෙනාවෙමු”යි කී හ. එවිට මෝසෙස් සහ පූජක එලෙයාසර් රනින් කළ, ඒ සියලු ආභරණ ගත්හ. සහශ්‍රාධිපතීන් හා ශතාධිපතීන් සමිඳාණන් වහන්සේට පිදූ මුළු රත්රන් තොගයේ බර කිලෝග්‍රෑම් දෙසියයක් විය. එහෙත්, යුද්ධ භටයන් කොල්ලකෑ දේ ඔව්හු තමන්ට ම තබාගත්හ. මෙලෙස මෝසෙස් සහ එලෙයාසර් සහශ්‍රාධිපතීන්ගෙන් සහ ශතාධිපතීන්ගෙන් ගත් රන් රැගෙන ඒවා සම්මුඛ මණ්ඩපය තුළ තැබූ හ. ඒවා ඉශ්රායෙල් ජනයා හට සමිඳාණන් වහන්සේගේ රැකවරණය සිහි ගන්වන සංකේතයක් විය.
ගණන් කථාව 31:25-54 New International Version (NIV)
The LORD said to Moses, “You and Eleazar the priest and the family heads of the community are to count all the people and animals that were captured. Divide the spoils equally between the soldiers who took part in the battle and the rest of the community. From the soldiers who fought in the battle, set apart as tribute for the LORD one out of every five hundred, whether people, cattle, donkeys or sheep. Take this tribute from their half share and give it to Eleazar the priest as the LORD’s part. From the Israelites’ half, select one out of every fifty, whether people, cattle, donkeys, sheep or other animals. Give them to the Levites, who are responsible for the care of the LORD’s tabernacle.” So Moses and Eleazar the priest did as the LORD commanded Moses. The plunder remaining from the spoils that the soldiers took was 675,000 sheep, 72,000 cattle, 61,000 donkeys and 32,000 women who had never slept with a man. The half share of those who fought in the battle was: 337,500 sheep, of which the tribute for the LORD was 675; 36,000 cattle, of which the tribute for the LORD was 72; 30,500 donkeys, of which the tribute for the LORD was 61; 16,000 people, of whom the tribute for the LORD was 32. Moses gave the tribute to Eleazar the priest as the LORD’s part, as the LORD commanded Moses. The half belonging to the Israelites, which Moses set apart from that of the fighting men— the community’s half—was 337,500 sheep, 36,000 cattle, 30,500 donkeys and 16,000 people. From the Israelites’ half, Moses selected one out of every fifty people and animals, as the LORD commanded him, and gave them to the Levites, who were responsible for the care of the LORD’s tabernacle. Then the officers who were over the units of the army—the commanders of thousands and commanders of hundreds—went to Moses and said to him, “Your servants have counted the soldiers under our command, and not one is missing. So we have brought as an offering to the LORD the gold articles each of us acquired—armlets, bracelets, signet rings, earrings and necklaces—to make atonement for ourselves before the LORD.” Moses and Eleazar the priest accepted from them the gold—all the crafted articles. All the gold from the commanders of thousands and commanders of hundreds that Moses and Eleazar presented as a gift to the LORD weighed 16,750 shekels. Each soldier had taken plunder for himself. Moses and Eleazar the priest accepted the gold from the commanders of thousands and commanders of hundreds and brought it into the tent of meeting as a memorial for the Israelites before the LORD.