ගණන් කථාව 29:1-40

ගණන් කථාව 29:1-40 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“ ‘හත් වන මස පළමු දින ශුද්ධ එකමුතුවක් පවත්වන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. එය ඔබට හොරණෑ හැඬවීමේ දවසකි. ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් වන දවන පූජාවක් කොට ගව වස්සකු ද බැටළුවකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් හත්දෙනකු ද යන නො කැළැල් සතුන් පිළියෙල කරන්න. ඒ සමඟ පිළියෙල කළ යුතු ධාන්‍ය පූජාව, තෙල් මිශ්‍ර සිහින් පිටියෙනි. එයින්, ගොන් වස්සා සමඟ ඒෆාවකින් දහයෙන් තුන් කොටසකි. බැටළුවා සමඟ දහයෙන් දෙකොටසකි. එක් එක් බැටළු පැටවා සමඟ දහයෙන් එක් කොටසකි. ඔබ උදෙසා පාප වන්දි නිවාරණය සඳහා පාප පූජාවක් වශයෙන් එළුවකු ද ඇතුළත් කරන්න. මෙම පූජා, මාස් පතා හා දවස්පතා නියමිත දවන යාග පූජා හා ඒවාට අදාළ ධාන්‍ය පූජා හා පාන පූජාවලට අමතරව ය. මේවා ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් කොට ගින්නෙන් යාග කරන පූජා වෙයි. “ ‘මෙම හත් වන මස දහ වන දින ශුද්ධ එකමුතුවක් පවත්වන්න. එදින ඔබ නිරාහාරශීල රැකිය යුතු ය. සුපුරුදු වැඩවල නො යෙදිය යුතු ය. ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් වන දවන යාග පූජාවක් කොට, ගව වස්සකු ද බැටළුවකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් හත්දෙනකු ද යන කැළැල් රහිත සතුන් පිළියෙල කරන්න. ඒ සමඟ පිළියෙල කළ යුතු ධාන්‍ය පූජාව, තෙල් මිශ්‍ර සිහින් පිටි ය. එයින් ගව වස්සා සමඟ ඒෆාවකින් දහයෙන් තුන් කොටසකි. බැටළුවා සමඟ දහයෙන් දෙකොටසකි. එක් එක් බැටළු පැටවා සමඟ දහයෙන් එක් කොටසකි. පාප වන්දි නිවාරණ පාප පූජාවට, නිරන්තර දවන යාග පූජාවට හා එහි ධාන්‍ය පූජාවට ද ඒවායේ පාන පූජාවලට ද අමතරව, පාප පූජාවක් සඳහා එළුවකු ද ඊට ඇතුළත් කරන්න. “ ‘හත් වන මස පහළොස් වන දින ශුද්ධ එකමුතුවක් පවත්වන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. දවස් හතක් ස්වාමින්වහන්සේට උත්සව පවත්වන්න. ගව වස්සන් දහතුන් දෙනකුගෙන් ද බැටළුවන් දෙදෙනකුගෙන් හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දාහතර දෙනකුගෙන් ද යුතු කැළැල් රහිත සතුන්ගෙන් දවන යාග පූජාවක් කොට ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් වන ගින්නෙන් යාග කරන පූජාවක් පිළිගන්වන්න. ඒ සමඟ පිළියෙල කළ යුතු තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් යුත් ධාන්‍ය පූජාව, ගොන් වස්සන් දහතුන්දෙනාට, එකකුට ඒෆාවකින් දහයෙන් තුන් කොටසක් බැගිනි. බැටළුවන් දෙදෙනාට, එකකුට දහයෙන් දෙකොටසක් බැගිනි. බැටළු පැටවුන් දාහතර දෙනාට, එකකුට දහයෙන් එක් කොටස බැගිනි. නිරන්තර දවන යාග පූජාවටත්, එහි ධාන්‍ය පූජාවටත්, පාන පූජාවටත් අමතරව, පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘දෙවන දවසේ, ගව වස්සන් දොළොස් දෙනකු ද බැටළුවන් දෙදෙනකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දාහතර දෙනකු ද යන කැළැල් රහිත සතුන් පිළියෙල කරන්න. එම ගවයින්, බැටළුවන් හා බැටළු පැටවුන් සමඟ ඒවාට අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා නියමිත ප්‍රමාණයට අනුකූලව පිළියෙල කරන්න. නිරන්තර දවන යාග පූජාව හා එහි ධාන්‍ය පූජාවට ද පාන පූජාවනට ද අමතරව, පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘තුන් වන දවසේ ගවයින් එකොළොස්දෙනකු ද බැටළුවන් දෙදෙනකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දාහතර දෙනකු ද යන කැළැල් රහිත සතුන් පිළියෙල කරන්න. එම ගවයින්, බැටළුවන් හා බැටළු පැටවුන් සමඟ ඒවාට අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා නියමිත ප්‍රමාණයට අනුකූලව පිළියෙල කරන්න. නිරන්තර දවන යාග පූජාවට හා එහි ධාන්‍ය පූජාවට ද පාන පූජාවට ද අමතරව, පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘සිවු වන දවසේ ගවයින් දහ දෙනකු ද බැටළුවන් දෙදෙනකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දාහතර දෙනකු ද යන කැළැල් රහිත සතුන් පිළියෙල කරන්න. එම ගවයින්, බැටළුවන් හා බැටළු පැටවුන් සමඟ ඒවාට අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා නියමිත ප්‍රමාණයට අනුකූලව පිළියෙල කරන්න. නිරන්තර දවන යාග පූජාවටත්, එහි ධාන්‍ය පූජාවටත් පාන පූජාවටත් අමතරව, පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘පස් වන දවසේ ගවයින් නවදෙනකු ද බැටළුවන් දෙදෙනකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දාහතර දෙනකු ද යන කැළැල් රහිත සතුන් පිළියෙල කරන්න. එම ගවයින්, බැටළුවන් හා බැටළු පැටවුන් සමඟ අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා නියමිත ප්‍රමාණයට අනුකූලව පිළියෙල කරන්න. නිරන්තර දවන යාග පූජාවට හා එහි ධාන්‍ය පූජාවට ද පාන පූජාවට ද අමතරව පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘හය වැනි දවසේ ගවයින් අටදෙනකු ද බැටළුවන් දෙදෙනකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දාහතර දෙනකු ද යන කැළැල් රහිත සතුන් පිළියෙල කරන්න. එම ගවයින්, බැටළුවන් හා බැටළු පැටවුන් සමඟ අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා නියමිත ප්‍රමාණයට අනුකූලව පිළියෙල කරන්න. නිරන්තර දවන යාග පූජාවට හා එහි ධාන්‍ය පූජාවට ද පාන පූජාවනට ද අමතරව පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘හත් වන දවසේ ගවයින් හත්දෙනකු ද බැටළුවන් දෙදෙනකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දාහතර දෙනකු ද යන කැළැල් රහිත සතුන් පිළියෙල කරන්න. එම ගවයින්, බැටළුවන් හා බැටළු පැටවුන් සමඟ අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා නියමිත ප්‍රමාණයට අනුකූලව පිළියෙල කරන්න. නිරන්තර දවන යාග පූජාවට හා එහි ධාන්‍ය පූජාවට ද පාන පූජාවට ද අමතරව පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘අ‍ට වන දවසේ ශුද්ධ එකමුතුවක් පවත්වන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. ගවයකුගෙන් ද බැටළුවකුගෙන් ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් හත් දෙනකුගෙන් ද යුතු කැළැල් රහිත සතුන් දවන යාග පූජාවක් කොට, ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් වන ගින්නෙන් යාග කරන පූජාවක් පිළිගන්වන්න. එම ගවයා ද බැටළුවා ද බැටළු පැටවුන් ද සමඟ උන්ට අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා නියමිත ප්‍රමාණයට අනුකූලව පිළියෙල කරන්න. නිරන්තර දවන යාග පූජාවට හා එහි ධාන්‍ය පූජාවට ද පාන පූජාවට ද අමතරව පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘ඔබගේ බාර-හාර හා ස්වේච්ඡා පූජාවනට අමතරව, ඔබේ නියමිත මංගල්‍යයන්හි ඔබේ දවන යාග පූජා ද ධාන්‍ය පූජා ද පාන පූජා ද ශාන්ති පූජා ද යන මේවා ස්වාමින්වහන්සේට පිළිගන්වන්නැ’ යි” පැවසූ සේක. ස්වාමින්වහන්සේ තමාට අණ කළ සියල්ල, මෝසෙස් ඉශ්‍රායෙල් ජනතාවට පැවසී ය.

ගණන් කථාව 29:1-40 Sinhala Revised Old Version (SROV)

සත්වෙනි මාසයේ පළමුවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න. ඒක නුඹලාට හොරණෑ පිඹීමේ දවසක්ය. ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් කොට මිහිරි සුවඳක් පිණිස ඔවුන්ගේ නියෝගය ලෙස අමාවක දවසේ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද, නිරන්තර දවන පූජාව සහ ආහාර පූජාවද ඒවායේ පාන පූජාද ඇර ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස දවන පූජාවක්කොට කැලල් නැති තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද, උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද, බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද, නුඹලා උදෙසා සමඟිකමක් කරන පිණිස පාප පූජාවක් කොට එක එළුවෙක්ද ඔප්පුකරන්න. මේ සත්වෙනි මස දසවෙනි දවසේ ශුද්ධ රැස්වීමක් පවත්වා කිසි ආකාර වැඩක් නොකර දුක් විලාසයෙන් සිටින්න. එහෙත් සමඟිකමක් කිරීමේ පාප පූජාව සහ නිරන්තර දවන පූජාවත් ඒකේ ආහාර පූජාවත් ඒවායේ පාන පූජාවලුත් ඇර, ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති දවන පූජාවක් කොට කැලල් නැති එක තරුණ ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළු පැටවුන් සත් දෙනෙක්ද රැගෙන, උන් සහ උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද, බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න. සත්වෙනි මස පසළොස්වෙනි දවසේ ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න, සත් දවසක් ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් පවත්වන්න. නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් පිණිස, කැලල් නැති තරුණ ගොන් දහතුන් දෙනෙක්ද බැටළුවන් දෙදෙනෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, උන්ගේ ආහාර පූජාව වන තෙල් මිශ්‍ර සිහින් පිටියෙන් ගොන් දහතුන් දෙනාගෙන් එක එක ගොනාට දසයෙන් තුන් කොටසක්ද බැටළුවන් දෙන්නාගෙන් එක එක බැටළුවාට දසයෙන් දෙකොටසක්ද, බැටළුපැටවුන් දසසතර දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න. දෙවෙනි දවසේ නිරන්තරවූ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාද ඇර, කැලල් නැති තරුණ ගොන් දොළොස් දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න. තුන්වෙනි දවසේ නිරන්තරවූ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, කැලල් නැති ගොන් එකොළොස් දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එළුවෙක්ද ඔප්පුකරන්න. සතරවෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, කැලල් නැති ගොන් දස දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාවද පාප පූජාවක් පිණිස එළුවෙක්ද ඔප්පුකරන්න. පස්වෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, කැලල් නැති ගොන් නවදෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එළුවෙක්ද ඔප්පුකරන්න. සවෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, කැලල් නැති ගොන් අට දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න. සත්වෙනි දවසේ නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර, කැලල් නැති ගොන් සත්දෙනෙක්ද බැටළුවන් දෙන්නෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් දසසතර දෙනෙක්ද, ගොනුන්ටත් බැටළුවන්ටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට ආහාර පූජාව සහ පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න. අටවෙනි දවසේ ගරුමය රැස්වීමක් පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න. එහෙත් නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද පාන පූජාවද ඇර, ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට දවන පූජාවක් පිණිස කැලල් නැති එක ගොනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද, ගොනාටත් බැටළුවාටත් බැටළුපැටවුන්ටත් නියෝගයේ ප්‍රකාරයට උන්ගේ ගණනේ හැටියට උන්ගේ ආහාර පූජාවද පාන පූජාද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න. නුඹලාගේ බාරවලටත් නුඹලාගේ ස්වෙච්ඡා පූජාවලටත් අඩංගුවන්නාවූ නුඹලාගේ දවන පූජාද ආහාර පූජාද පාන පූජාද ශාන්ති පූජාද ඇර මේවා නුඹලාගේ නියම මංගල්‍යවලදී ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න කියා ඔවුන්ට කියන්නැයි කීසේක. මෝසෙස්ද ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය.

ගණන් කථාව 29:1-40 Sinhala New Revised Version (NRSV)

“හත් වන මාසයේ පළමු වන දින නුඹලා නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින බර වැඩ නොකළ යුතු ය. එදින, හොරණෑ පිඹීමේ දවසකි. නුඹලා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් හා අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් හත්දෙනෙක් ද වෙති. ඒවා සමඟ පුදන ධාන්‍ය පූජා නම් තෙල් ඇනූ සිහින් පිටි ය. එක ගොන් වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් තුනක් ද එක බැටළු වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද ඔප්පු කළ යුතු ය. තවද, ඔබට පව් කමාව ලබාගැනීම සඳහා පාප පූජාවක් වශයෙන් එක එළුවෙකු පිදිය යුතු ය. මේවා මේ පිළිවෙළට පිදිය යුත්තේ මාසික දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට ද දෛනික දවන යාග පූජාවට ද පානීය පූජාවට ද අමතර ව ය. මේවා ගින්නෙන් දවා පිදූ විට සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි. “හත් වන මාසයේ දහ වන දින නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින උපවාස කර, කිසි වැඩක් නොකළ යුතු ය. එහෙත් එදින නුඹලා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, කැළැල් නැති එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති. ඒවා සමඟ පුදන ධාන්‍ය පූජාව නම් තෙල් ඇනූ සිහින් පිටි ය. ගොන් වස්සා සමඟ පිටි කිලෝග්‍රෑම් තුනක් ද, බැටළු වස්සා සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද, එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද ඔප්පු කළ යුතු ය. පාප පූජාවට එක එළුවෙකු පිදිය යුතු ය. මෙය පව් කමාවේ පාප පූජාවට ද නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට ද පානීය පූජාවට ද අමතර ව ය.” “හත් වන මාසයේ පසළොස් වන දින නුඹලා නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින බර වැඩ නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේගේ ගෞරවයට දින හතක් ම මංගල්‍යය පැවැත්විය යුතු ය. තවද, සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් ගින්නෙන් දවා උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, කැළැල් නැති ගොන් වස්සන් දහතුන්දෙනෙක් ද, බැටළු වස්සන් දෙන්නෙක් හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දහහතරදෙනක් ද වෙති. ධාන්‍ය පූජාව වශයෙන් තෙල් ඇනූ සිහින් පිටි පිදිය යුතු ය. එක එක ගොන් වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් තුනක් ද, එක එක බැටළු වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද ඔප්පු කළ යුතු ය. නිරන්තර දවන යාග පූජාවට ද පානීය පූජාවට ද ධාන්‍ය පූජාවට ද අමතර ව, පාප පූජාව සඳහා එළුවෙකු ද පිදිය යුතු ය. “දෙ වන දවසේ දී ගොන් වස්සන් දොළොස්දෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය. ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය. නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. තුන් වන දවසේ දී ගොන් වස්සන් එකළොස්දෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් රහිත බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය. ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා නියෝග ප්‍රකාර ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය. නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. “සතර වන දවසේ දී ගොන් වස්සන් දහදෙනක් ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය. ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය. නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. “පස් වන දවසේ දී ගොන් වස්සන් නවදෙනකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය. ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය. නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට සහ පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. “හය වන දවසේ දී ගොන් වස්සන් අටදෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය. ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය. නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. “හත් වන දවසේ දී ගොන් වස්සන් හත්දෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය. ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යා අනුව ගණන් ගත යුතු ය. නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට සහ පානීය පූජාවට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. “අට වන දවසේ දී නමස්කාරය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය. සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින, ගින්නෙන් දවා පිදූ දවන යාග පූජාවක් උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව සඳහා එක ගොන් වස්සෙකු ද එක බැටළු වස්සෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් හත්දෙනෙකු ද ගත යුතු ය. ගොන් වස්සා, බැටළු වස්සා සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය. නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ද ඔප්පු කළ යුතු ය. “නුඹලාගේ දවන යාග පූජාවලට ද ධාන්‍ය පූජා සහ පානීය පූජාවලට ද සහභාගිකමේ පූජාවලට ද අමතර ව මේවා නියමිත මංගල්‍ය දිනවල දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. තවද, මේවා පිදිය යුත්තේ බාරවලට පුදන පඬුරු හා ස්වේච්ඡා පඬුරුවලටත් අමතර ව ය.” සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල අනුව ඔහු ඉශ්රායෙල් ජනයාට දැන්වී ය.

ගණන් කථාව 29:1-40 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 29:1-40 New International Version (NIV)

“ ‘On the first day of the seventh month hold a sacred assembly and do no regular work. It is a day for you to sound the trumpets. As an aroma pleasing to the LORD, offer a burnt offering of one young bull, one ram and seven male lambs a year old, all without defect. With the bull offer a grain offering of three-tenths of an ephah of the finest flour mixed with olive oil; with the ram, two-tenths; and with each of the seven lambs, one-tenth. Include one male goat as a sin offering to make atonement for you. These are in addition to the monthly and daily burnt offerings with their grain offerings and drink offerings as specified. They are food offerings presented to the LORD, a pleasing aroma. “ ‘On the tenth day of this seventh month hold a sacred assembly. You must deny yourselves and do no work. Present as an aroma pleasing to the LORD a burnt offering of one young bull, one ram and seven male lambs a year old, all without defect. With the bull offer a grain offering of three-tenths of an ephah of the finest flour mixed with oil; with the ram, two-tenths; and with each of the seven lambs, one-tenth. Include one male goat as a sin offering, in addition to the sin offering for atonement and the regular burnt offering with its grain offering, and their drink offerings. “ ‘On the fifteenth day of the seventh month, hold a sacred assembly and do no regular work. Celebrate a festival to the LORD for seven days. Present as an aroma pleasing to the LORD a food offering consisting of a burnt offering of thirteen young bulls, two rams and fourteen male lambs a year old, all without defect. With each of the thirteen bulls offer a grain offering of three-tenths of an ephah of the finest flour mixed with oil; with each of the two rams, two-tenths; and with each of the fourteen lambs, one-tenth. Include one male goat as a sin offering, in addition to the regular burnt offering with its grain offering and drink offering. “ ‘On the second day offer twelve young bulls, two rams and fourteen male lambs a year old, all without defect. With the bulls, rams and lambs, offer their grain offerings and drink offerings according to the number specified. Include one male goat as a sin offering, in addition to the regular burnt offering with its grain offering, and their drink offerings. “ ‘On the third day offer eleven bulls, two rams and fourteen male lambs a year old, all without defect. With the bulls, rams and lambs, offer their grain offerings and drink offerings according to the number specified. Include one male goat as a sin offering, in addition to the regular burnt offering with its grain offering and drink offering. “ ‘On the fourth day offer ten bulls, two rams and fourteen male lambs a year old, all without defect. With the bulls, rams and lambs, offer their grain offerings and drink offerings according to the number specified. Include one male goat as a sin offering, in addition to the regular burnt offering with its grain offering and drink offering. “ ‘On the fifth day offer nine bulls, two rams and fourteen male lambs a year old, all without defect. With the bulls, rams and lambs, offer their grain offerings and drink offerings according to the number specified. Include one male goat as a sin offering, in addition to the regular burnt offering with its grain offering and drink offering. “ ‘On the sixth day offer eight bulls, two rams and fourteen male lambs a year old, all without defect. With the bulls, rams and lambs, offer their grain offerings and drink offerings according to the number specified. Include one male goat as a sin offering, in addition to the regular burnt offering with its grain offering and drink offering. “ ‘On the seventh day offer seven bulls, two rams and fourteen male lambs a year old, all without defect. With the bulls, rams and lambs, offer their grain offerings and drink offerings according to the number specified. Include one male goat as a sin offering, in addition to the regular burnt offering with its grain offering and drink offering. “ ‘On the eighth day hold a closing special assembly and do no regular work. Present as an aroma pleasing to the LORD a food offering consisting of a burnt offering of one bull, one ram and seven male lambs a year old, all without defect. With the bull, the ram and the lambs, offer their grain offerings and drink offerings according to the number specified. Include one male goat as a sin offering, in addition to the regular burnt offering with its grain offering and drink offering. “ ‘In addition to what you vow and your freewill offerings, offer these to the LORD at your appointed festivals: your burnt offerings, grain offerings, drink offerings and fellowship offerings.’ ” Moses told the Israelites all that the LORD commanded him.