ගණන් කථාව 27:1-8
ගණන් කථාව 27:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මනස්සේගේ පුත් මාකීර්ගේ පුත්‍ර ගිලියාද්ගේ පුත්‍රයා වන හේෆෙර්ගේ පුත් වූ සෙලොෆෙහාද්ගේ දූවරු අයත් වූයේ, යෝසෙප්ගේ පුත් මනස්සේගේ පෙළපත්වලට ය. නාම වශයෙන් ඔවුහු මාලා, නොවා, හොග්ලා, මිල්කා හා තිර්සා ය. ඔවුහු ඉදිරියට පැමිණ, හමුවීමේ කූඩාරම් දොරකඩ මෝසෙස් ද පූජක එලෙයාසර් ද ජන ප්‍රධානීන් හා මුළු ප්‍රජා හමුව ද අබියස සිට කතා කොට, “අපේ පියා පාළුකරයේදී මිය ගියා. ස්වාමින්වහන්සේට එරෙහිව කල්ලි ගැසුණු කෝරාගේ පිරිස අතර ඔහු සිටියේ නැහැ. තමාගේ ම පාපය නිසා මිය ගිය ඔහුට පුතුන් සිටියේ නැහැ. ඔහුට පුතුන් නො සිටි හේතුවෙන්, අප පියාගේ නම ඔහුගේ පෙළපතින් මැකී යා යුත්තේ ඇයි? අප පියාගේ සහෝදරයින් අතරේ අපට උරුමයක් දෙන්නැ” යි කීහ. එබැවින් මෝසෙස් ඔවුන්ගේ ඉල්ලීම ස්වාමින්වහන්සේ ඉදිරියට ගෙනාවේ ය. ස්වාමින්වහන්සේ ඔහු ඇමතූ සේක්, “සෙලොෆෙහාද්ගේ දූවරුන් කියන දේ හරි. ඔවුන්ගේ පියාගේ සහෝදරයින් අතරේ උරුමයක් කොට, දේපළක් නියතයෙන් ම ඔබ ඔවුනට දී, ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන් වෙත පැවරිය යුතු ය. “ඉශ්‍රායෙල්වරුනට මෙසේ කියන්න: ‘යම් මිනිසකු පුතකු නො ලැබ මළොත්, ඔහුගේ උරුමය ඔහුගේ දියණියට දිය යුතු ය.
ගණන් කථාව 27:1-8 Sinhala Revised Old Version (SROV)
එකල යෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ වංශවලින් මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍රවූ හේඵෙර්ගේ පුත්‍රයා වන ශෙලෝඵෙහාද්ගේ දූවරු ළංවුණෝය. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා, සහ තිර්ශාය. ඔව්හු මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද අධිපතීන්ද මුළු සභාවද ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිට කථාකොට: අපේ පියා කාන්තාරයෙහි මළේය, ඔහු කෝරාගේ සමාගම වන ස්වාමීන්වහන්සේට විරුද්ධව රැස්වුණ සභාව අතරේ නොසිටියේය. ඔහු තමාගේ පාපය නිසාම මළේය; ඔහුට පුත්‍රයෝ නොසිටියෝය. අපේ පියාණන්ට පුත්‍රයෙකු නැති බැවින් ඔහුගේ නාමය ඔහුගේ වංශය අතරෙන් පහවෙන්ට ඕනෑ මක්නිසාද? අපේ පියාගේ සහෝදරයන් අතරේ අපට උරුමයක් දුනමැනවියි කීවෝය. මෝසෙස් ඔවුන්ගේ කාරණය ස්වාමීන්වහන්සේ ඉදිරිපිටට ගෙනායේය. එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ශෙලෝඵෙහාද්ගේ දූවරුන් කියන දේ හරිය. නුඹ සැබවින් ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දිය යුතුය; ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට හිමිවෙන්ට සලසන්න. නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර: මනුෂ්‍යයෙක් පුත්‍රයෙකු නොලැබ නැසුණොත් ඔහුගේ උරුමය ඔහුගේ දුවට හිමිවෙන්ට සලසන්න.
ගණන් කථාව 27:1-8 Sinhala New Revised Version (NRSV)
ඒ සමයෙහි ජෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ පරපුරෙන් පැවති මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍ර වූ හේපෙර්ගේ පුත්‍රයා වන ශෙලෝපෙහාද්ගේ දූවරු නම් මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය. ඔව්හු මෝසෙස් ද පූජක එලෙයාසර් ද ප්‍රජා මූලිකයන් හා මුළු ජනතාව ද ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ළඟ සිටගෙන, “අපේ පියා පාළුකරයේ දී මළේ ය. සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට ඔහු අයත් නො වී ය. ඔහු මළේ තමාගේ පාපය නිසා ම ය. ඔහුට පුත්තු නොසිටිය හ. ඔහුට පුතෙකු නැති බැවින් අප පියාගේ නම ඔහුගේ පරපුරෙන් මැකී යා යුත්තේ මන් ද? එබැවින් අප පියාගේ සොහොයුරන් අතරෙන් කොටසක් උරුම වශයෙන් අපට දෙන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ද ඔවුන්ගේ මේ කරුණ සමිඳාණන් වහන්සේට ඉදිරිපත් කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ශෙලෝපෙහාද්ගේ දූවරුන්ගේ ඉල්ලීම සාධාරණ ය. නුඹ ඔවුන්ගේ පියාගේ සොහොයුරන්ට හිමි කොටස ඔවුන්ට උරුම කොට දිය යුතු ය. මෙලෙස නුඹ ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට අයිති වීමට සැලසිය යුතු ය. නුඹ ද ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: ‘යම් මිනිසෙකු පුතෙකු නොලැබ මියගියොත්, ඔහුගේ උරුමය ඔහුගේ දුවට අයිති වීමට සැලසිය යුතු ය.
ගණන් කථාව 27:1-8 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 27:1-8 New International Version (NIV)
The daughters of Zelophehad son of Hepher, the son of Gilead, the son of Makir, the son of Manasseh, belonged to the clans of Manasseh son of Joseph. The names of the daughters were Mahlah, Noah, Hoglah, Milkah and Tirzah. They came forward and stood before Moses, Eleazar the priest, the leaders and the whole assembly at the entrance to the tent of meeting and said, “Our father died in the wilderness. He was not among Korah’s followers, who banded together against the LORD, but he died for his own sin and left no sons. Why should our father’s name disappear from his clan because he had no son? Give us property among our father’s relatives.” So Moses brought their case before the LORD, and the LORD said to him, “What Zelophehad’s daughters are saying is right. You must certainly give them property as an inheritance among their father’s relatives and give their father’s inheritance to them. “Say to the Israelites, ‘If a man dies and leaves no son, give his inheritance to his daughter.