ගණන් කථාව 26:1-2
ගණන් කථාව 26:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වසංගතයෙන් පසු, ස්වාමින්වහන්සේ මෝසෙස්ට හා ආරොන්ගේ පුත්ර පූජක එලෙයාසර්ට කතා කොට, “මුළු ඉශ්රායෙල් ජන සමාජයේ, එනම් ඉශ්රායෙල් හමුදා සේවයේ යෙදිය හැකි, විසි වියැති හා ඊට වැඩි වයස් වූ සියල්ලන් ඔවුන්ගේ පියවංශ අනුව, සංගණනයක් ගන්නැ” යි පැවසූ සේක.
ගණන් කථාව 26:1-2 Sinhala Revised Old Version (SROV)
තවද වංසගතයට පසු ස්වාමීන්වහන්සේ මෝසෙස්ටද පූජක ආරොන්ගේ පුත්රවූ එලෙයාසර්ටද කථාකොට: ඉශ්රායෙල් පුත්රයන් වන මුළු සභාවෙන් විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, ඉශ්රායෙල්වරුන් අතරෙන් යුද්ධයට යත හැකි සියල්ලන්ගේ ගණන ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගන්නැයි කීසේක.
ගණන් කථාව 26:1-2 Sinhala New Revised Version (NRSV)
වසංගතයෙන් පසු සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ට කතා කොට, “මුළු ඉශ්රායෙල් ජනතා අතර, ඔවුන්ගේ පෙළපත් අනුව, හමුදාවට බැඳෙන්නට පුළුවන්, අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් සංගණනය කළ යුතු ය”යි වදාළ සේක.
ගණන් කථාව 26:1-2 Sinhala New Revised Version 2018 (SNRV)