ගණන් කථාව 24:16-17
ගණන් කථාව 24:16-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේගේ වචන අසන, මහෝත්තමයාණන් වෙතින් වූ දැනගැන්ම ඇති, සර්ව පරාක්‍රමයාණන් වෙතින් දසුනක් දකින මුහුණින් වැටෙන, ඇස් විවර ව ඇති මිනිසාගේ කියමන: “මම එතුමන් දකිමි, එහෙත් දැන් ම නො වේ; මම එතුමන් නිරීක්ෂණ කරමි, එහෙත් ළඟ පාත නො වේ: යාකොබ් වෙතින් තරුවක් පායනු ඇත. ඉශ්රායෙල් වෙතින් රාජ සෙංකෝලයක් නැගී සිටිනු ඇත. එතුමන් මෝවබ්ගේ නළලත සියලු ෂේත් පුත්‍රයන්ගේ හිස් කබල් බිඳිනු ඇත.
ගණන් කථාව 24:16-17 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේගේ වචන අසන්නාවූ, මහෝත්තමයාණන් ගැන දැනගැන්ම ඇත්තාවූ, වැටී ඉඳ පැහැදුණු ඇස් ඇතුව සර්වපරාක්‍රමයාණන්ගේ දර්ශනය දකින්නාවූ තැනැත්තාගේ කීම මෙසේය: මම උන්වහන්සේ දකිමි, එහෙත් දැන් නොවේ. මම උන්වහන්සේ බලමි, එහෙත් ළඟදීම නොවේ. යාකොබ්ගෙන් තාරකාවක් නික්මෙන්නේය, ඉශ්‍රායෙල්ගෙන් ජයකොන්තයක් නැගී එන්නේය, එය මෝවබ් දෙකෙළවර නටබුන්කර සියලු කලහකාර පුත්‍රයන් බිඳ හෙළන්නේය.
ගණන් කථාව 24:16-17 Sinhala New Revised Version (NRSV)
දෙවි වදනට සවන් දුන්, මෙහෙසුරු පිළිබඳ දැනගැන්ම ඇති, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දිටි, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය. මම එතුමන් දකිමි, එහෙත් දැන් නොවේ; මට එතුමන් පෙනේ, එහෙත් ළඟපාත නොවේ; ජාකොබ්ගේ පෙළපතින් තරුවක් පායනු ඇත; ඉශ්රායෙල් වංශයෙන් ජයකොන්තයක් මතු වනු ඇත. එතුමන් මෝවබ් නායකයන්ට පහර දී, ඔද වැඩි, සැහැසියන් වනසනු ඇත.
ගණන් කථාව 24:16-17 Sinhala New Revised Version 2018 (SNRV)
දෙවි වදනට සවන් දුන්, මෙහෙසුරු පිළිබඳ දැනගැන්ම ඇති, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දිටි, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය. මම එතුමන් දකිමි, එහෙත් දැන් නොවේ; මට එතුමන් පෙනේ, එහෙත් ළඟපාත නොවේ; ජාකොබ්ගේ පෙළපතින් තරුවක් පායනු ඇත; ඉශ්රායෙල් වංශයෙන් ජයකොන්තයක් මතු වනු ඇත. එතුමන් මෝවබ් නායකයන්ට පහර දී, ඔද වැඩි, සැහැසියන් වනසනු ඇත.
ගණන් කථාව 24:16-17 New International Version (NIV)
the prophecy of one who hears the words of God, who has knowledge from the Most High, who sees a vision from the Almighty, who falls prostrate, and whose eyes are opened: “I see him, but not now; I behold him, but not near. A star will come out of Jacob; a scepter will rise out of Israel. He will crush the foreheads of Moab, the skulls of all the people of Sheth.