ගණන් කථාව 24:1-14

ගණන් කථාව 24:1-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉශ්‍රායෙල් ජනතාවට ආශිර්වාද කිරීම ස්වාමින්වහන්සේට ප්‍රසන්න වග දුටු බාලාම්, අන් වතාවන්හි දී මෙන් නිමිති බැලීමේ උපා නො යොදා, පාළුකරය දෙසට තම මුහුණ හැරවී ය. එසේ බැලූ බාලාම්, ඉශ්‍රායෙල් ජනයා ගෝත්‍රයෙන්, ගෝත්‍රය කඳවුරු බැඳ සිටින අයුරු දුටු කල, දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ ඔහු වෙත පහළ වූ සේක. එවිට ඔහු තම කියමන ප්‍රකාශ කරන්නට වන්නේ ය. “බෙයෝර්ගේ පුත් බාලාම්ගේ කියමන; හොඳින් පෙනෙන ඇස් ඇත්තාගේ කියමන; දෙවියන්වහන්සේගේ වචන අසන, සර්ව පරාක්‍රමයාණන් වෙතින් දසුනක් දකින, මුහුණින් වැටෙන, ඇස් විවර ව ඇති මිනිසාගේ කියමන: “එම්බා යාකොබ්, ඔබේ කූඩාරම් කොතරම් අලංකාර ද! එම්බා ඉශ්‍රායෙල්, ඔබේ නවාතැන් කොතරම් අලංකාර ද! “ඒවා ඈතට විහිදෙන මිටියාවත් වැන්න; ගඟ අසබඩ උයන් වතු වැන්න; ස්වාමින්වහන්සේ සිට වූ අගිල් ගස් වැන්න; දිය අසල වූ දේවදාර ගස් වැන්න. ඔහුගේ බඳුන්වලින් ජලය, උතුරා යන්නේ ය; ඔහුගේ බීජය බහුල ජල පිට වන්නේ ය. “ඔහුගේ රජු අගග්ට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ය. ඔහුගේ රාජ්‍යය උසස් කරනු ලබන්නේ ය. “ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආවේ දෙවියන්වහන්සේ ය. ඔහුට ඇත්තේ කුළු මීමකුගේ ශක්තිය ය. ඔහු තම සතුරු ජාතීන් වනසා දමයි; තම ඊතලවලින් සතුරනට අනිමින්, සතුරනගේ ඇටකටු කැබලි කර දමයි. සිංහයකු මෙන් ද සිංහ දෙනක මෙන් ද වැතිර, ඔහු ලැග සිටී. ඔහු නැගිටුවන්නට සමතා කවුරු ද? “ඔබට සෙත් පානා අයට සෙත් වේවා! ඔබට ශාප කරන අයට ශාප වේවා!” එවිට බාලාම්ට එරෙහිව බාලාක්ගේ කෝපය ඇවිළිණි. තම දෑත එකකට එකක් ගැසූ බාලාක්, බාලාම් අමතමින්, “මා නුඹ කැඳවූයේ මගේ සතුරනට ශාප කරන්නටයි. එහෙත් මේ තුන් වතාවේ ම, නුඹ කළේ ඔවුන්ට ආශිර්වාද කිරීමයි. දැන් වහාම පිට වී, ගෙදර යනු! මා ඔබට අනගි ත්‍යාගයක් දෙන වග කීව ද, ඒ ත්‍යාගය ලැබීමෙන් ස්වාමින්වහන්සේ නුඹ වැළකූ සේකැ” යි කීවේ ය. බාලාම්, බාලාක්ට පිළිතුරු දෙමින්, “මා වෙත ඔබ එවූ නියෝජිතයින් අමතා, ‘බාලාක් තම මාලිගය පිරෙන්නට රන් රිදී මට දුන්නත්, ස්වාමින්වහන්සේගේ අණට ඉහළින්, මගේ ම කැමැත්තට හොඳක් වුව, නරකක් වුව කරන්නට මට නුපුළුවන. මා කිය යුතු ව ඇත්තේ, ස්වාමින්වහන්සේ මට කියන දේ පමණි’ යි මා කීවේ නැති ද? දැන් මම, මගේ ජනයා වෙත ආපසු යන්නෙමි. එහෙත් එන්න. මෙම ජනයා මතු දවස්හි දී ඔබේ ජනයාට කුමක් කරනු ඇද්දැයි ඔබට අනතුරු හඟවන්නට මට ඉඩ දෙන්නැ” යි කීවේ ය.

ගණන් කථාව 24:1-14 Sinhala Revised Old Version (SROV)

එවිට ඉශ්‍රායෙල්ට ආශීර්වාදකිරීමට ස්වාමීන්වහන්සේ ප්‍රසන්න බව බාලාම් දුටු කල වෙන වතාවල මෙන් මායම් කරන්ට නොගොස් තමාගේ මුහුණ කාන්තාරය දෙසට හරවා ගත්තේය. බාලාම් තමාගේ ඇස් ඔසවා ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට වාසයකරන බව දුටුවේය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි පැමිණියේය. ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බෙයොර්ගේ පුත් බාලාම්ගේ කීම, ඇස් පියවුණු මනුෂ්‍යයාගේ කීම, දෙවියන්වහන්සේගේ වචන අසන්නාවූ, වැටී ඉඳ පැහැදුණු ඇස් ඇතුව සර්වපරාක්‍රමයාණන්ගේ දර්ශනය දකින්නාවූ තැනැත්තාගේ කීම මෙසේය: එම්බා යාකොබ්, නුඹේ කූඩාරම්, එම්බා ඉශ්‍රායෙල්, නුඹේ මණ්ඩප කොපමණ ශෝභනද! ඒවා මිටියාවත් මෙන්ද ගඟබඩ උයන් මෙන්ද ස්වාමීන්වහන්සේ සිටෙවු අගරු ගස් මෙන්ද දිය අසල කිහිරි ගස් මෙන්ද විහිදී තිබේ. ඔහුගේ භාජනවලින් වතුර ගලායන්නේය, ඔහුගේ බීජද බොහෝ ජල මතුයෙහි වන්නේය, ඔහුගේ රජ ආගග්ට වඩා උසස්වන්නේය, ඔහුගේ රාජ්‍යය උතුම් වන්නේය. දෙවියන්වහන්සේ මිසරයෙන් ඔහු ගෙනෙන සේක; ඔහුට කුළුහරකාට මෙන් ශක්තිය ඇත්තේය. ඔහු තමාගේ සතුරන්වූ ජාතීන් කා දමා, ඔවුන්ගේ ඇට පොඩිකරන්නේය, තමාගේ ඊගස්වලින් ඔවුන් විද දමන්නේය. ඔහු නැමී හුන්නේය, සිංහයෙකු මෙන්ද සිංහධේනුවකු මෙන්ද වැතුරුණේය; ඔහු නැඟුටුවන්නේ කවුද? නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාදකරනු ලබත්වා, නුඹට ශාපකරන සියල්ලෝ ශාපකරනු ලබත්වයි කීවේය. එවිට බාලාක්ගේ කෝපය බාලාම්ට විරුද්ධව ඇවුළුණේය, ඔහු තමාගේ අත් එකට ගසා: මාගේ සතුරන්ට ශාපකරන පිණිස නුඹ කැඳවාගතිමි, එහෙත් නුඹ දැන් තුන් වරක් ඔවුන්ට ආශීර්වාද කෙළෙහිය. එබැවින් නුඹේ ස්ථානයට දුවන්න. මම නුඹ මහත් ගෞරවයට පමුණුවන්ට සිතීමි; එහෙත් ස්වාමීන්වහන්සේ ගෞරවයට පැමිණීමෙන් නුඹ වැලැක්වූසේකැයි බාලාම්ට කීවේය. බාලාම්ද: බාලාක් තමුන් ගෙය පුරවා රන් රිදී මට දෙතත් මාගේම සිතින් යහපතවත් අයහපතවත් කිරීම පිණිස ස්වාමීන්වහන්සේගේ වචනය ඉක්මවායන්ට නොහැක්කෙමියි කියාද, ස්වාමීන්වහන්සේ කියන දේම කියන්නෙමියි කියාද, නුඹ මා වෙත එවූ නුඹේ දූතයන්ට නොකීයෙම්ද? බලව, දැන් මාගේ සෙනඟ ළඟට යමි. එන්න, මතු දවස්වලදී මේ සෙනඟ නුඹේ සෙනඟට කරන දේ නුඹට දන්වන්නෙමියි බාලාක්ට කීවේය.

ගණන් කථාව 24:1-14 Sinhala New Revised Version (NRSV)

ඉශ්රායෙල්වරුන්ට ආශීර්වාද කිරීමට සමිඳාණන් වහන්සේ කැමැති බව බාලාම් දැනගත් විට, ඔහු කලින් කළාක් මෙන්, සුබ ලකුණු බැලීමට නොගොස් පාළුකරය දෙසට හැරුණේ ය. ඔහු හිස ඔසවා බැලූ විට, ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර අනුව කඳවුරු බැඳ සිටිනු දිටී ය. දේවාත්මානුභාවය ඔහු මත විය. එවිට ඔහු මේ අනාවැකිය කී ය: “බෙයෝර්ගේ පුත්, බාලාම්ගේ පණිවුඩය මේ ය. ඇස් පැහැදුණු මිනිසාගේ කියමන මේ ය. දෙවි වදනට සවන් දුන්, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දුටු, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය. එම්බා ජාකොබ්! ඔබේ කූඩාරම් කෙතරම් මනහර ද? එම්බා ඉශ්රායෙල්! ඔබේ කඳවුරු කෙතරම් ශෝභන ද? ඒවා දුරට පැතිර විහිදෙන මිටියාවත් මෙනි, ගඟබඩ උයන් මෙනි; සමිඳුන් රෝපණය කළ අගරු ගස් මෙනි; ගං තෙර කිහිරි ගස් මෙනි. ඔවුන්ගේ බඳුන්හි ජලය උතුරා යයි; ඔවුන්ගේ පෙළපත මහ සමුදුර මෙනි, ඔවුන්ගේ රජ, ආගග් රජුට වඩා උසස් වනු ඇත. ඔවුන්ගේ අණසක දසත පැතිර යනු ඇත. දෙවිඳාණෝ ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ගෙනා සේක. කුළු හරකාට උගේ අං යම් සේ ද, දෙවිඳුන් ඔවුන්ට එසේ ම වනු ඇත. ඔවුන් තම හතුරු ජාතීන් කාදමනු ඇත, ඇටකටු සිඳ බිඳ, ඊතල සුන්බුන් කරනු ඇත. සිහ රදෙකු මෙන්, සිහ දෙනක මෙන්, ඉශ්රායෙල් ජනයා, හිස ඔසවා බිම වැතිරෙති. උන් අවදි කරන්නට සමතා කවරෙක් ද? ඔබට ආසිරි දෙන්නා ආසිරි ලද්දෙකි; ඔබට සාප දෙන්නා සාප ලද්දෙකි.” එවිට බාලාක් බාලාම්ට විරුද්ධ ව තදින් රොස් වී, අත් මිටමොළවා, ඔහු අමතමින්, “මා ඔබ කැඳවූයේ මාගේ සතුරන්ට සාප කරන්නට ය. එහෙත්, ඔබ කර ඇත්තේ තෙවරක් ම ඔවුන්ට ආසිරි පැතීම යි. එබැවින් දැන් ඉතින් ඔබේ ගෙදරට වහා පලා යන්න. මා සිතාගෙන සිටියේ ඔබට බොහෝ ගරු සම්මාන දීමට ය. එහෙත් සමිඳාණන් වහන්සේ එසේ කිරීමෙන් මා වැළැක්වූ සේකැ”යි කී ය. එවිට බාලාම් පිළිතුරු දෙමින්, “මා වෙත ඔබ එවූ දූතයන්ට කතා කොට, “බාලාක් තම රාජ මාලිගය පුරවා රන් රිදී මට දෙතත්, මා සිතන පරිදි හොඳ හෝ නරක හෝ කිරීමට සමිඳාණන් වහන්සේගේ අණ ඉක්මවා යන්නට බැරි බවත්, උන් වහන්සේ කියන දේ පමණක් මා කතා කරන බවත් මම නොකීවෙම් ද? බලන්න, මම දැන් මගේ සෙනඟ වෙත යමි. එහෙත්, මින් ඉදිරියට මේ සෙනඟ ඔබේ සෙනඟට කරන දේ කල්තියා දන්වන්නට යමි”යි කීවේ ය.

ගණන් කථාව 24:1-14 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 24:1-14 New International Version (NIV)

Now when Balaam saw that it pleased the LORD to bless Israel, he did not resort to divination as at other times, but turned his face toward the wilderness. When Balaam looked out and saw Israel encamped tribe by tribe, the Spirit of God came on him and he spoke his message: “The prophecy of Balaam son of Beor, the prophecy of one whose eye sees clearly, the prophecy of one who hears the words of God, who sees a vision from the Almighty, who falls prostrate, and whose eyes are opened: “How beautiful are your tents, Jacob, your dwelling places, Israel! “Like valleys they spread out, like gardens beside a river, like aloes planted by the LORD, like cedars beside the waters. Water will flow from their buckets; their seed will have abundant water. “Their king will be greater than Agag; their kingdom will be exalted. “God brought them out of Egypt; they have the strength of a wild ox. They devour hostile nations and break their bones in pieces; with their arrows they pierce them. Like a lion they crouch and lie down, like a lioness—who dares to rouse them? “May those who bless you be blessed and those who curse you be cursed!” Then Balak’s anger burned against Balaam. He struck his hands together and said to him, “I summoned you to curse my enemies, but you have blessed them these three times. Now leave at once and go home! I said I would reward you handsomely, but the LORD has kept you from being rewarded.” Balaam answered Balak, “Did I not tell the messengers you sent me, ‘Even if Balak gave me all the silver and gold in his palace, I could not do anything of my own accord, good or bad, to go beyond the command of the LORD—and I must say only what the LORD says’? Now I am going back to my people, but come, let me warn you of what this people will do to your people in days to come.”