ගණන් කථාව 23:1-26

ගණන් කථාව 23:1-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු බාලාම්, බාලාක්ට කතා කොට, “මට මෙහි පුදසුන් හතක් තනන්න. ගවයින් හත් දෙනෙක් හා බැටළුවන් හත් දෙනෙක් මට සූදානම් කර දෙන්නැ” යි කීවේ ය. බාලාම් කී ලෙස බාලාක් කළ පසු, ඔවුන් දෙදෙන එක් එක් පුදසුන මත ගවයකු හා බැටළුවකු බැගින් ඔප්පු කළෝ ය. ඉන්පසු බාලාක් ඇමතූ බාලාම්, “මා ඔබ්බට යන අතරේ ඔබ, ඔබේ යාගය පසෙකින් සිටින්න. ඇතැම් විට ස්වාමින්වහන්සේ මා හමුවට ඒවි. උන්වහන්සේ මට හෙළි කරන කවරක් වුව, මම ඔබට කියන්නෙමි” යි කීවේ ය. ඉන්පසු ඔහු, පාළු උස් තැනකට ගියේ ය. එහිදී දෙවියන්වහන්සේ බාලාම්ට හමු විණි. “මම පුදසුන් හතක් සූදානම් කර, ඒ එක් එක් පුදසුන මත ගවයකු හා බැටළුවකු බැගින් ඔප්පු කළෙමි” යි බාලාම් කීවේ ය. එවිට බාලාම්ගේ මුවෙහි වචනය තැබූ ස්වාමින්වහන්සේ, “බාලාක් වෙත ගොස්, ඔහුට ඔබ කිව යුත්තේ මෙය යැ” යි පැවසූ සේක. එබැවින් ඔහු බාලාක් වෙත ආපසු ගියේ ය. මෝවබ් ප්‍රභූන් සියල්ලන් සමඟ මෙන්න! බාලාක් තම පූජාව පසෙක සිටගෙන සිටියේ ය. එවිට බාලාම් තම කියමන ප්‍රකාශ කරන්නට වන්නේ ය: “මෝවබ්හි රජු බාලාක්, අරාම්හි සිට මා ගෙන්වී ය; පෙරදිග කඳුකරයෙන් මා ගෙන්වී ය. ‘එන්න; මා වෙනුවෙන් යාකොබ්ට ශාප කරන්න; එන්න, ඉශ්‍රායෙල් ජනතාව හෙළා දකින්නැ’ යි ඔහු කීවේ ය. දෙවියන්වහන්සේ ශාප නො කළ අයට ශාප කරන්නට මට හැකිදෝ? ස්වාමින්වහන්සේ හෙළා දුටුවේ නැති අය හෙළා දකින්නට මට හැකිදෝ? ගිරි මුඳුන්හි සිට ඔවුන් මට පෙනේ. උස් තැන්හි සිට මම ඔවුන් දෙස බලමි. ජාතීන් අතරට තුමූම නො ගැනෙන, වෙන් වී වෙසෙන ජනතාවක් මට පෙනේ. යාකොබ්ගේ දූලි ගැණිය හැක්කේ කවරකුට ද? නැතහොත්, ඉශ්‍රායෙල් ජනයාගෙන් හතරෙන් කොටසක් ගැණිය හැක්කේ කවරකුට ද? මගේ මරණය, ධර්මිෂ්ඨයින්ගේ මරණය මෙන් වේවා. මගේ අවසානය, ඔවුන්ගේ මෙන් වේවා!” එවිට බාලාක්, බාලාම් අමතමින්, “මොකක් ද නුඹ මට මේ කළේ? මා නුඹ ගෙන්වූයේ, මගේ සතුරනට ශාප කරන්නටයි. එහෙත් නුඹ කළේ ඔවුන්ට ආශිර්වාද කිරීම යැ” යි කීවේ ය. “ස්වාමින්වහන්සේ මගේ මුවෙහි තබන දේ මා පැවසිය යුතු නො වේ දැ?” යි බාලාම් පිළිතුරු දුන්නේ ය. ඉන්පසු බාලාක් ඔහු අමතමින්, “වෙනත් තැනකට මා සමඟ එන්න; එහිදී ඔබට ඔවුන් දැකිය හැකියි. ඔවුන් සැවොම නො ව, ඔවුන්ගෙන් කොටසක් දැකිය හැකියි. එහි සිට මා වෙනුවෙන් ඔවුනට ශාප කරන්නැ” යි කීවේ ය. මෙසේ ඔහු පිස්ගා කඳු මුඳුනේ වූ සොෆීම් පිට්ටනියට බාලාම් කැඳවාගෙන ගොස්, පුදසුන් හතක් එහි තනා, ඒ එක් එක් පුදසුන මත ගවයකු හා බැටළුවකු බැගින් ඔප්පු කළේ ය. ඉන්පසු බාලාක් ඇමතූ බාලාම්, “මා ඔබ්බට ගොස්, ස්වාමින්වහන්සේ හමුවන අතරේ ඔබ මෙහි ඔබේ පූජාව පසෙකින් සිටින්නැ” යි කීවේ ය. එවිට බාලාම් හමු වූ ස්වාමින්වහන්සේ, ඔහුගේ මුවෙහි වචනයක් තැබූ සේක්, “බාලාක් වෙත ආපසු ගොස්, ඔබ ඔහුට කිව යුත්තේ මෙය යැ” යි කී සේක. එබැවින් ඔහු බාලාක් වෙත ආපසු ගියේ ය. මෙන්න! බාලාක් තම පූජාව පසෙක සිටගෙන සිටියේ ය. මෝවබ් ප්‍රභූහු, ඔහු සමඟ වූහ. “ස්වාමින්වහන්සේ කුමක් කී සේක් දැ?” යි බාලාක් ඇසී ය. එවිට බාලාම් තම කියමන ප්‍රකාශ කරන්නට වන්නේ ය: “නැගිටිනු, බාලාක් මේ අසනු. සිප්පෝර්ගේ පුත්‍රය, මට සවන් දෙනු. බොරු කියන්නට දෙවියන්වහන්සේ මිනිසකු නො වේ. අදහස වෙනස් කර ගන්නට උන්වහන්සේ මිනිස්-පුතකු ද නො වේ. උන්වහන්සේ කියන දේ නො කරන සේක් ද? පොරොන්දු වන දේ, ඉටු නො කරන සේක් ද? ඔන්න! ආශිර්වාද කරන්නට මට අණක් ලැබී ඇත: උන්වහන්සේ ආශිර්වාද කර ඇත. මට එය වෙනස් කරන්නට බැරි ය. “කිසි දුර්-භාග්‍යයක්, යාකොබ් තුළ දකින්නට නැත. කිසි දුඃඛිතකමක්, ඉශ්‍රායෙල් වෙත පෙනෙන්නට නැත. ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ වෙති. රාජකීය ඔල්වර හඬ ඔවුන් අතරේ ඇත. ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආවේ දෙවියන්වහන්සේ ය. කුළු හරකකුගේ ශක්තිය ඔවුනට ඇත්තේ ය. යාකොබ් පෙළපතට එරෙහිව කිසි අනවිනයක් නැත. ඉශ්‍රායෙල් ජනයාට එරෙහිව කිසි පේන කීමක් නැත. යාකොබ් පෙළපත් ගැන, ඉශ්‍රායෙල් ජනයා ගැන, දැන් කියනු ලබන්නේ, ‘බලන්න! දෙවියන්වහන්සේ කර ඇති දේ!’ යනුවෙනි. මෙන්න! සිංහ දෙනක සේ නැගී සිටින ජනතාවක්; තම දඩයම කා දමන තුරු, තම ගොදුරෙහි ලේ ටික බොන තුරු, වැතිර නො ගන්න සිංහයකු සේ මොවුහු තමන් ම පුබුදුවා ගනිති.” එවිට බාලාක්, “ඔවුන්ට කොහෙත් ම ශාපවත්, කොහෙත් ම ආශිර්වාදවත් නො කරනු” යි බාලාම්ට කීවේ ය. බාලාම් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ පවසන කවරක් වුව ද, මා කළ යුතු වග මම ඔබට නො කීවෙම් දැ?” යි කීවේ ය.

ගණන් කථාව 23:1-26 Sinhala Revised Old Version (SROV)

බාලාම් තෙමේ බාලාක්ට කථාකොට: මෙහි මට පූජාසන සතක් ගොඩනගා ගොන් සත්දෙනෙක්ද බැටළුවන් සත්දෙනෙක්ද පිළියෙළ කරන්නැයි කීවේය. බාලාක් තෙමේ බාලාම් කී ලෙස කෙළේය; බාලාක් සහ බාලාම් එක එක පූජාසනය පිට ගොනෙකු සහ බැටළුවෙකු බැගින් ඔප්පු කළෝය. බාලාම් බාලාක්ට කථාකොට: නුඹ නුඹේ දවන පූජාව ළඟ සිටින්න, මම යන්නෙමි; සමහරවිට ස්වාමීන්වහන්සේ මා සම්මුඛවෙන්ට එනසේක. උන්වහන්සේ මට පෙන්වන කොයි දෙයක් නුමුත් නුඹට දන්වන්නෙමියි කියා මුඩු හෙලකට ගියේය. දෙවියන්වහන්සේ බාලාම්ට සම්මුඛවූසේක. ඔහුද: මම පූජාසන සත පිළියෙළකොට එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් ඔප්පු කෙළෙමියි උන්වහන්සේට කීවේය. ස්වාමීන්වහන්සේ බාලාම්ගේ මුඛයෙහි වචනයක් තබා: බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක. බාලාම් ඔහු වෙතට හැරී ගියේය, බලව, ඔහුද මෝවබ්හි සියලු අධිපතීහුද ඔහුගේ දවන පූජාව ළඟ සිටියෝය. ඔහු උපමා කථා පවසමින් කියනුයේ: ඇවිත් මා වෙනුවෙන් යාකොබ්ට ශාපකරන්න, ඇවිත් ඉශ්‍රායෙල්ට දෙස් කියන්නැයි කියා මෝවබ්හි රජවූ බාලාක් අරාමෙන්ද පෙරදිග්හි කඳුවලින්ද මා ගෙන්වුවේය. දෙවියන්වහන්සේ ශාපනොකළ අයට මම කෙලෙස ශාපකරම්ද? ස්වාමීන්වහන්සේ දෙස් නොකිවු අයට කෙලෙස දෙස් කියම්ද? මක්නිසාද පර්වත මුදුනේ සිට ඔහු දකිමි, හෙල්වල සිට ඔහු බලමි. බලව, ඔව්හු හුදකලාව වසන සෙනඟකි, ඔව්හු ජාතීන් අතරේ තමුන්ම ගණන්කර නොගන්නෝය. යාකොබ්ගේ ධූලි ගණන් කරන්ටවත් ඉශ්‍රායෙල්ගෙන් සතරෙන් කොටසක් ගණන්කරන්ටවත් කාට හැකිද? මාගේ මරණය ධර්මිෂ්ඨයන්ගේ මරණය මෙන් වේවා. මාගේ අන්තිමය ඔවුන්ගේ අන්තිමය මෙන් වේවායි කීවේය. බාලාක්: නුඹ මට කළේ මොකද? මාගේ සතුරන්ට ශාපකරන්ට නුඹ ගෙන්වා ගත්තෙමි, එහෙත්, නුඹ ඔවුන්ට ආශීර්වාදම කෙළෙහියයි බාලාම්ට කීවේය. ඔහු උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ මාගේ මුඛයෙහි තබන දේම කියන්ට මා විසින් බලාගත යුතු නොවේදැයි කීවේය. බාලාක් ඔහුට කථාකොට: ඔවුන් දකින්ට පුළුවන් අන් තැනකට මා සමඟ එන්න; නුඹ ඔවුන් සියල්ලන් නොදැක ඔවුන්ගේ ඉතා ඈත කොටස පමණක් දක්නෙහිය. එහි සිට මා උදෙසා ඔවුන්ට ශාප කරන්නැයි කියා, ශොල්ඵිම් කෙතෙහි පිස්ගා මුදුනට ඔහු ගෙනගොස් පූජාසන සතක් ගොඩනගා එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය. ඔහු බාලාක්ට කථාකොට: මෙහි නුඹේ දවන පූජාව ළඟ සිටින්න, මම අරෙහේ ස්වාමීන්වහන්සේ සම්මුඛවන්නෙමියි කීවේය. ස්වාමීන්වහන්සේ බාලාම්ට සම්මුඛවී ඔහුගේ මුඛයෙහි වචනයක් තබා: නුඹ බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක. හෙතෙම ඔහු ළඟට ආවේය, බලව, ඔහුද ඔහු සමඟ මෝවබ්හි අධිපතීහුද ඔහුගේ දවන පූජාව ළඟ සිටියෝය. බාලාක්: ස්වාමීන්වහන්සේ කුමක් කීසේක්දැයි ඔහුගෙන් ඇසුවේය. ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බාලාක්, නැගිට අසන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, කන් යොමුකරන්න. බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද? බලව, ආශීර්වාදකරන්ට අණ ලැබීමි. උන්වහන්සේ ආශීර්වාදකළසේක, මට එය වෙනස්කරන්ට නොහැක්කේය. උන්වහන්සේ යාකොබ් කෙරෙහි අයුතුකමවත් ඉශ්‍රායෙල් කෙරෙහි දූෂ්‍යකමවත් නුදුටුසේක. ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින සේක, ඔවුන් අතරේ රජෙකුගේ ජය ඝෝෂාව ඇත්තේය. දෙවියන්වහන්සේ ඔවුන් මිසරයෙන් ගෙන එනසේක; ඔහුට කුළුහරකා මෙන් ශක්තිය ඇත්තේය. සැබවින් යාකොබ්ට විරුද්ධව ශාස්ත්‍රකීමක්වත් ඉශ්‍රායෙල්ට විරුද්ධව පේනකීමක්වත් නැත. දැනුදු යාකොබ් සහ ඉශ්‍රායෙල් ගැන: දෙවියන්වහන්සේ කොපමණ දේ ඉෂ්ටකර තිබේද! කියා කියනු ලැබේ. බලව, ඒ සෙනඟ සිංහධේනුවක් මෙන් නැගිටියි, සිංහයෙකු මෙන් තමාම උසස්වෙයි. ඔහු ගොදුරු කන තෙක්ද මැරුම්කන්නන්ගේ ලේ බොන තෙක්ද නොලගින්නේයයි කීවේය. බාලාක් බාලාම්ට කථාකොට: ඔවුන්ට කොහෙත්ම ශාපවත් ආශීර්වාදවත් නොකරන්නැයි කීවේය. එහෙත් බාලාම් බාලාක්ට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ මට කියන සියල්ල මා විසින් කළ යුතුයයි නුඹට නොකීයෙම්දැයි කීවේය.

ගණන් කථාව 23:1-26 Sinhala New Revised Version (NRSV)

බාලාම් බාලාක්ට කතා කොට, “මෙහි මට පූජාසන හතක් තනා, ගොනුන් හත්දෙනෙකු හා බැටළු වස්සන් හත්දෙනෙකු සපයා දෙන්නැ”යි කී ය. බාලාම් කී පරිදි බාලාක් කළ පසු, දෙදෙනා ම එක එක පූජාසනය මත එක ගොනෙකු හා එක බැටළු වස්සෙකු බැගින් පූජා කළහ. ඉන්පසු බාලාම්, බාලාක් අමතමින්, “ඔබ ඔබේ දවන යාග පූජාව ළඟ සිටින්න. මම යන්නෙමි. ඇතැම් විට සමිඳාණන් වහන්සේ මා හමුවීමට එනු ඇත. උන් වහන්සේ මට යමක් වදාරන සේක් ද, මම එය ඔබට දන්වන්නෙමි”යි පැවසී ය. මෙසේ පවසා, ඔහු ගිරිකුළකට නැංගේ ය. එහි දී දෙවියන් වහන්සේ ඔහුට හමු වූ විට ඔහු උන් වහන්සේ අමතා, “මම පූජාසන හතක් තනා ඒ එක එක මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළෙමි”යි කී ය. උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත ගොස්, ඔහුට මෙසේ සැළ කළ යුතු ය”යි දැන්වූ සේක. ඔහු ද බාලාක් වෙත ගිය විට, බාලාක් සහ මෝවබ්හි නායකයන් ඔහුගේ දවන යාග පූජාව ළඟ සිටිනු දිටී ය. එවිට බාලාම් මේ අනාවැකිය කී ය: “මෝවබ්හි භූපති බාලාක් මා කැඳවූයේ, ආරාම් රටිනි, පෙරදිග කඳුකරයෙනි, ඔහු මා ඇමතූයේ, ‘ එන්න, මා වෙනුවෙන් ඉශ්රායෙල් ජනයාට සාප කරන්න. එන්න, ඉශ්රායෙල් ජනයා හට දෙස් කියන්න’ කියා ය. දෙවිඳුන් සාප නොකළ අයට මම කෙසේ සාප කරම් ද? සමිඳුන් දෙස් නොකී අයට මම කෙසේ දෙස් කියම් ද? ගිරිකුළුවලින් එපිට මට ඔවුන් පෙනේ, කඳු හෙල්වලින් ඈත මට ඔවුන් දිස් වේ. ඔව්හු වෙන් ව වසන සෙනඟක් වෙති. ජාතීන් අතර නොගැණෙන සෙනඟක් වෙති. ධූලි වැනි ජාකොබ්ගේ පෙළපත ගිණිය හැක්කේ කාට ද? ඉශ්රායෙල් පරපුර ගිණීමට සමතා කවරෙක් ද? දැහැමියෙකු මෙන් මම මරණයට පත් වෙම් වා! මා අවසානය ඔවුන්ගේ මෙන් ම වේ වා!” එවිට බාලාක් බාලාම් අමතමින්, “ඔබ මට කළ මේ හදිය කුමක් ද? මා ඔබ කැඳවූයේ මාගේ සතුරන්ට සාප කිරීමට ය; එහෙත්, පුදුමයකි, ඔබ කර ඇත්තේ ඔවුන්ට ආසිරි පැතීමකි”යි කී ය. බාලාම් ඔහුට පිළිතුරු දෙමින්, සමිඳාණන් වහන්සේ මට කියන දේ පමණක් කීමට මම වග බලාගත යුතු නොවෙම් දැ”යි ඇසී ය. බාලාක් බාලාම්ට කතා කොට, “ඔබ කරුණාකර, මා සමඟ වෙන තැනකට එන්න. එහි දී ඔබට ඔවුන් දකින්නට පුළුවන. එතැන සිට ඔවුන් සියල්ලන් නොව, ඔවුන්ගෙන් කොටසක් ඔබට පෙනෙනු ඇත. එතැන සිටගෙන මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්නැ”යි ඉල්ලී ය. මෙසේ කියා පිස්ගා නම් කඳු මුදුනෙහි ශොපිම් නම් කෙතට ඔහු ගෙනැවිත්, එහි පූජාසන හතක් තනා එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය. ඉන්පසු බාලාම් බාලාක්ට කතා කොට, “ඔබේ දවන යාග පූජාව ළඟ ඔබ සිටින්න. මම අතනට ගොස් සමිඳාණන් වහන්සේ හමුවෙමි”යි කී ය. සමිඳාණන් වහන්සේ බාලාම්ට මුණ ගැසී, ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත නැවත ගොස් මෙසේ කියන්නැ”යි වදාළ සේක. බාලාම් ඔහු වෙත ගිය විට බාලාක් හා මෝවබ්හි නායකයන් ඔහුගේ දවන යාග පූජාව ළඟ සිටිනු දිටී ය. බාලාක් ද, “සමිඳාණන් වහන්සේ කුමක් කීවේ දැ”යි විචාළේ ය. එවිට බාලාම් මේ දිවැස් වැකිය පැවසී ය: “බාලාක්, අවදි ව ඇහුම්කන් දෙන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, මට සවන් දෙන්න; දෙවිඳාණෝ බොරු කියන මිනිසෙක් නොවෙති; පසුබට වන මිනිස් පුතෙක් ද නොවෙති; එතුමාණෝ, තමන් කී දේ ඉටු නොකරන සේක් ද? පොරොන්දු වූ දේ, නොදෙන සේක් ද? බලන්න, මට පැවරුයේ ආසිරි පැතුමකි. උන් වහන්සේ පැතූ ආසිරි මට ආපසු නොගත හැකි ය. ජාකොබ් පෙළපතෙහි නපුරක් එතුමන්ට නොපෙනේ. ඉශ්රායෙල් පරපුරෙහි දූෂ්‍යකමක් එතුමාණෝ නුදුටු සේක. දෙවි සමිඳාණෝ ඔවුන් සමඟ ය. එතුමාණන් සිය රජු බව ඔව්හු පවසති. දෙවිඳාණෝ ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ගෙනා සේක. කුළු හරකාට උගේ අං යම් සේ ද දෙවිඳුන් ඔවුන්ට එසේ ම වනු ඇත. ජාකොබ්ට එරෙහි ව අනවින නැත. ඉශ්රායෙල්ට එරෙහි ව පේන කීමක් ද නැත. ජාකොබ් පෙළපත, ඉශ්රායෙල් පරපුර අමතා, ‘දෙවිඳුන් කෙළේ කුමක් ද’ කියා අසනු ඇත. පුදුමයෙන් පුදුමයකි! සිහ දෙනක මෙන් සෙනඟ නැඟිටිනු ඇත. සිහ රදෙකු මෙන් ගොදුර බලා පනිනු ඇත, ගොදුර කන තුරු, මැරූවන්ගේ ලේ බොන තුරු, ඌ ලගින්නේ නැත.” එවිට බාලාක් බාලාම් අමතමින්, “ඔවුන්ට සාප කිරීමට අකමැති නම්, යටත් පිරිසෙයින් ඔවුන්ට ආසිරි නොපතන්නැ”යි කී විට, ඔහු උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ කියන දේ මා කළ යුතු බව මම ඔබට කලින් නොකීවෙම් දැ”යි ඇසී ය.

ගණන් කථාව 23:1-26 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 23:1-26 New International Version (NIV)

Balaam said, “Build me seven altars here, and prepare seven bulls and seven rams for me.” Balak did as Balaam said, and the two of them offered a bull and a ram on each altar. Then Balaam said to Balak, “Stay here beside your offering while I go aside. Perhaps the LORD will come to meet with me. Whatever he reveals to me I will tell you.” Then he went off to a barren height. God met with him, and Balaam said, “I have prepared seven altars, and on each altar I have offered a bull and a ram.” The LORD put a word in Balaam’s mouth and said, “Go back to Balak and give him this word.” So he went back to him and found him standing beside his offering, with all the Moabite officials. Then Balaam spoke his message: “Balak brought me from Aram, the king of Moab from the eastern mountains. ‘Come,’ he said, ‘curse Jacob for me; come, denounce Israel.’ How can I curse those whom God has not cursed? How can I denounce those whom the LORD has not denounced? From the rocky peaks I see them, from the heights I view them. I see a people who live apart and do not consider themselves one of the nations. Who can count the dust of Jacob or number even a fourth of Israel? Let me die the death of the righteous, and may my final end be like theirs!” Balak said to Balaam, “What have you done to me? I brought you to curse my enemies, but you have done nothing but bless them!” He answered, “Must I not speak what the LORD puts in my mouth?” Then Balak said to him, “Come with me to another place where you can see them; you will not see them all but only the outskirts of their camp. And from there, curse them for me.” So he took him to the field of Zophim on the top of Pisgah, and there he built seven altars and offered a bull and a ram on each altar. Balaam said to Balak, “Stay here beside your offering while I meet with him over there.” The LORD met with Balaam and put a word in his mouth and said, “Go back to Balak and give him this word.” So he went to him and found him standing beside his offering, with the Moabite officials. Balak asked him, “What did the LORD say?” Then he spoke his message: “Arise, Balak, and listen; hear me, son of Zippor. God is not human, that he should lie, not a human being, that he should change his mind. Does he speak and then not act? Does he promise and not fulfill? I have received a command to bless; he has blessed, and I cannot change it. “No misfortune is seen in Jacob, no misery observed in Israel. The LORD their God is with them; the shout of the King is among them. God brought them out of Egypt; they have the strength of a wild ox. There is no divination against Jacob, no evil omens against Israel. It will now be said of Jacob and of Israel, ‘See what God has done!’ The people rise like a lioness; they rouse themselves like a lion that does not rest till it devours its prey and drinks the blood of its victims.” Then Balak said to Balaam, “Neither curse them at all nor bless them at all!” Balaam answered, “Did I not tell you I must do whatever the LORD says?”