ගණන් කථාව 22:22-31

ගණන් කථාව 22:22-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔහුගේ යෑම ගැන, දෙවියන්වහන්සේ බොහෝ සේ උරණ වූ සේක. ස්වාමින්වහන්සේගේ දූතයා, ඔහුට එරෙහිව සිටිමින්, පාරේ සිට ගත්තේ ය. බාලාම් ගියේ තම බූරු දෙන පිටේ ය. ඔහුගේ සේවකයින් දෙදෙනෙක් ද ඔහු සමඟ වූහ. ස්වාමින්වහන්සේගේ දූතයා ඇදගත් කඩුවක් අතැතිව, පාරේ සිටගෙන සිටිනු දුටු බූරු දෙන, පාරෙන් ඉවතට කෙතට හැරිණි. යළි ඌ පාරට ගන්නට බාලාම් ඌට තැළී ය. එවිට ස්වාමින්වහන්සේගේ දූතයා, මිදි වතු දෙකක් අතරේ දෙපසින් ම තාප්ප සහිත පටු මාවතක සිට ගත්තේ ය. ස්වාමින්වහන්සේගේ දූතයා දුටු බූරු දෙන, තාප්පයට ළං වී ඊට තද වූයෙන්, බාලාම්ගේ කකුල තැළුණේ ය. එබැවින් ඔහු යළි ඌට තැළී ය. ඉන්පසු ස්වාමින්වහන්සේගේ දූතයා ඉන් මදක් ඔබ්බට ගොස්, වමට හෝ දකුණට හෝ හැරෙන්නට ඉඩක් නැති පටු තැනක සිට ගත්තේ ය. මෙවර ස්වාමින්වහන්සේගේ දූතයා දුටු බූරු දෙන, බාලාම් ඌ පිට සිටියදී ම, බිම වැතිරුණා ය. ඉන් කෝපයට පත් ඔහු, තම කෙවිටෙන් ඌට පහර දුන්නේ ය. එවිට ස්වාමින්වහන්සේ බූරුදෙනට කතා කරන්නට සැලැස් වූයෙන්, බාලාම් ඇමතූ ඌ, “මේ තුන් වතාවේ ම මට තලන්නට මා ඔබට කුමක් ද කළේ?” යි ඇසී ය. “නුඹ මා විහිළුවකට බාර ගත් නිසයි! මා අත කඩුවක් තිබුණා නම් මෙලහකටත් මා නුඹ මරා දමලා” යි බාලාම් බූරුදෙනට පැවසී ය. බූරු දෙන, බාලාම් අමතමින්, “අද දවස දක්වා මුළු ජීවිත කාලයේ ම ඔබ නැගී ගිය බූරු දෙන මා නො වේ ද? කිසි දිනෙකත් ඔබට මෙසේ කරන්නට මා පුරුදු ව සිටියා දැ?” යි ඇසී ය. “නැතැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට ස්වාමින්වහන්සේ බාලාම්ගේ ඇස් විවර කළෙන්, ස්වාමින්වහන්සේගේ දූතයා ඇදගත් කඩුව ද අතැතිව, මාර්ගයේ සිටිනු ඔහු දැක්කේ ය. එවිට බාලාම් පහතට හිස නවා, මුණින් තලා වැටුණේ ය.

ගණන් කථාව 22:22-31 Sinhala Revised Old Version (SROV)

ඔහු ගිය නිසා දෙවියන්වහන්සේගේ උදහස ඇවුළුණේය. ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට විරුද්ධකාරයෙක්ව මාර්ගයෙහි සිටගත්තේය. ඔහු තමාගේ කොටළුදෙන පිට නැගී උන්නේය, ඔහුගේ මෙහෙකරුවෝ දෙදෙනා ඔහු සමඟ සිටියෝය. කොටළුදෙන ස්වාමීන්වහන්සේගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටින බව දැක මගින් ඉවත්ව කෙතට ගියාය. බාලාම් කොටළුදෙන මගට හරවන පිණිස ඈට ගැසීය. එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා දෙපැත්තේ තාප්ප ඇති මිදිවතු අතරේ පටු පාරක සිටගත්තේය. කොටළුදෙන ස්වාමීන්වහන්සේගේ දූතයා දැක තාප්පයට හැපී බාලාම්ගේ පය තාප්පයට වැද්දෙවුවාය. ඔහු නැවතත් ඈට ගැසුවේය. ස්වාමීන්වහන්සේගේ දූතයා තව දුරටත් ගොස්, දකුණටවත් වමටවත් හැරෙන්ට ඉඩ නැති නුපුළුල් ස්ථානයක සිටගත්තේය. කොටළුදෙන ස්වාමීන්වහන්සේගේ දූතයා දැක බාලාම් ඈ පිට ඉන්දදීම බිම වැතුරුණාය. බාලාම්ගේ කෝපය ඇවුළුණේය, ඔහු තමාගේ කෙවිටෙන් කොටළුදෙනට ගැසීය. එවිට ස්වාමීන්වහන්සේ කොටළුදෙනගේ මුඛය ඇරෙවුසේක, ඈද: මේ තුන් වරක්ම මට ගැසීමට මම ඔබට කුමක් කෙළෙම්දැයි බාලාම්ට කීවාය. බාලාම්ද: තී මට සරදම්කළ නිසාය. මාගේ අතේ කඩුවක් තිබුණේවී නම් මා විසින් මෙලහට තී මැරුවා නොවේදැයි කොටළුදෙනට කීවේය. කොටළුදෙන: මම ඔබගේ මුළු ජීවිතයේ අද දක්වා ඔබ නැගීගිය ඔබගේ කොටළුදෙන නොවෙම්ද? ඔබට මෙසේ කරන්ට කවදාවත් පුරුදුව සිටියෙම්දැයි බාලාම්ට කීවාය. ඔහු: නැතැයි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ බාලාම්ගේ ඇස් ඇරෙවුසේක, ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටිනවා දැක හිස නමා මුහුණින් වැටුණේය.

ගණන් කථාව 22:22-31 Sinhala New Revised Version (NRSV)

බාලාම් මෙසේ ගිය බැවින් දෙවියන් වහන්සේගේ උදහස ඇවිළිණි. ඔහු තම කොටළුවා පිට නැඟී ගියේ ය. ඔහු සමඟ මෙහෙකරුවෝ දෙදෙනෙක් ද වූ හ. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අවහිර කරමින් පාර හරහා සිටගත්තේ ය. අතේ කඩුවක් ඇති, සමිඳාණන් වහන්සේගේ දූතයා පාර හරහා සිටිනු දුටු විට, කොටළුවා පාරෙන් ඉවත් ව කෙතට ගියේ ය. එහෙත් බාලාම් කොටළුවා ආපසු පාරට හරවන පිණිස, ඌට පහර දුන්නේ ය. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා, දෙපැත්තේ තාප්ප ඇති, මිදි වතු මැදින් වූ පටු පාරක් හරහා සිටගත්තේ ය. කොටළුවා, සමිඳාණන් වහන්සේගේ දූතයා දුටු විට, ඌ තාප්පය දෙසට වැරෙන් තල්ලු වී ගිය නිසා බාලාම්ගේ පය තාප්පයේ හැපී තුවාළ විය. එවිට ඔහු තවත් වරක් ඌට තැළී ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ දූතයා ඉදිරියට ගොස් වමතට හෝ දකුණතට හෝ හැරෙන්නට ඉඩ නැති ඉතා පටු පාරක සිටගත්තේ ය. මෙවර කොටළුවා සමිඳාණන් වහන්සේගේ දූතයා දුටු විට, බාලාම් ඌ පිට සිටිය දී ම බිම වැදහොත්තේ ය. ඔහු තදින් රොස් වී, කෙවිටෙන් ඌට පහර දෙන්නට විය. එවිට සමිඳාණන් වහන්සේ කොටළුවාට කතා කිරීමේ බලය දුන් සේක. ඌ බාලාම්ට කතා කොට, “ඔබ මට තුන් වතාවක් ම පහර දුන්නේ මා ඔබට කුමන වරදක් කළ නිසා දැ”යි ඇසී ය. බාලාම් ඌට කතා කොට, “මා නුඹට එසේ කෙළේ නුඹ මට සරදම් කරන බැවිනි. මා අත කඩුවක් තිබුණා නම් නුඹ මරාදමන එක සිකුරු ය”යි කීවේ ය. එවිට කොටළුවා බාලාම්ට කතා කොට, “මා ඔබට අයිති වූ දින සිට අද දක්වා ඔබ නැඟී ගිය ඔබේ කොටළුවා මම නොවෙම් ද? මින් ඉහත කවදා වත් මේ විදියට මම ඔබට සංග්‍රහ කෙළෙම් දැ”යි ඇසූ විට, ඔහු “නැතැ”යි පිළිතුරු දුනි. එවිට සමිඳාණන් වහන්සේ ඔහුගේ ඇස් පැහැදූ සේක. උන් වහන්සේගේ දූතයා අතේ කඩුවක් ඇති ව පාර හරහා සිටිනු ඔහු දිටී ය. ඔහු ද හිස නමා ආචාර කොට, මුණින්තලා වැටිණි.

ගණන් කථාව 22:22-31 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 22:22-31 New International Version (NIV)

But God was very angry when he went, and the angel of the LORD stood in the road to oppose him. Balaam was riding on his donkey, and his two servants were with him. When the donkey saw the angel of the LORD standing in the road with a drawn sword in his hand, it turned off the road into a field. Balaam beat it to get it back on the road. Then the angel of the LORD stood in a narrow path through the vineyards, with walls on both sides. When the donkey saw the angel of the LORD, it pressed close to the wall, crushing Balaam’s foot against it. So he beat the donkey again. Then the angel of the LORD moved on ahead and stood in a narrow place where there was no room to turn, either to the right or to the left. When the donkey saw the angel of the LORD, it lay down under Balaam, and he was angry and beat it with his staff. Then the LORD opened the donkey’s mouth, and it said to Balaam, “What have I done to you to make you beat me these three times?” Balaam answered the donkey, “You have made a fool of me! If only I had a sword in my hand, I would kill you right now.” The donkey said to Balaam, “Am I not your own donkey, which you have always ridden, to this day? Have I been in the habit of doing this to you?” “No,” he said. Then the LORD opened Balaam’s eyes, and he saw the angel of the LORD standing in the road with his sword drawn. So he bowed low and fell facedown.