ගණන් කථාව 21:6-9

ගණන් කථාව 21:6-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට ස්වාමින්වහන්සේ ඔවුන් අතරට ගිනි වැනි සර්පයින් එවූ සේක. ජනයාට උන් දෂ්ට කළෙන්, ඉශ්‍රායෙල්වරුන් බොහෝ දෙනෙක් එයින් මළහ. එබැවින් මෝසෙස් වෙත පැමිණි ජනයා, “ස්වාමින්වහන්සේටත්, ඔබටත් එරෙහිව කතා කිරීමෙන්, අපි පව් කළා. අප වෙතින් මේ සර්පයින් පහ කර දමන ලෙස ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නැ” යි ඉල්ලූහ. එවිට මෝසෙස් ජනතාව උදෙසා යාච්ඤා කළේ ය. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ගිනි වැනි සර්පයකු සාදා, රිටක් මත තබන්න. දෂ්ට කරනු ලැබූ කවරෙක් වුව, ඒ දෙස බලන්නේ නම්, ඔහු ජීවත් වෙතැ” යි පැවසූ සේක. එවිට මෝසෙස් ලෝකඩ සර්පයකු සාදා, රිටක් මත එය තැබී ය. එවිට, සර්පයකු විසින් දෂ්ට කරනු ලැබූ කවරකු වුව, ලෝකඩ සර්පයා දෙස බැලුවේ ද, ඔහු ජීවත් විය.

ගණන් කථාව 21:6-9 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේ සෙනඟ අතරට ගිනි සර්පයන් යැවූසේක, උන් සෙනඟට දෂ්ටකළෝය; එසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මළෝය. එබැවින් සෙනඟ මෝසෙස් ළඟට අවුත්: අපි ස්වාමීන්වහන්සේට ත් නුඹටත් විරුද්ධව කථාකිරීමෙන් පව්කෙළෙමුව; ස්වාමීන්වහන්සේ අප වෙතින් සර්පයන් පහකරනලෙස උන්වහන්සේට යාච්ඤාකළමැනවියි කීවෝය. මෝසෙස් සෙනඟ උදෙසා යාච්ඤාකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ: නුඹ ගිනි සර්පයෙකු සාදා ඒක කුඹයක් පිට තබන්න. දෂ්ටකරනු ලැබූ කවරෙක් නුමුත් ඒ දෙස බැලීමෙන් ජීවත්වන්නේයයි මෝසෙස්ට කීසේක. මෝසෙස් පිත්තල සර්පයෙකු සාදා ඒක කුඹයක් පිට තැබීය. තවද යමෙක් සර්පයෙකු විසින් දෂ්ටකරනු ලද්දේනම් ඔහු පිත්තල සර්පයා දෙස බැලූ කල්හි ජීවත්වුණේය.

ගණන් කථාව 21:6-9 Sinhala New Revised Version (NRSV)

එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ. එබැවින් සෙනඟ මෝසෙස් වෙත පැමිණ, “අපි සමිඳාණන් වහන්සේටත්, ඔබටත් විරුද්ධ ව කතා කිරීමෙන් පව් කෙළෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ද සෙනඟ උදෙසා යාච්ඤා කෙළේ ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න. දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද, ඔහු එය දෙස බැලුවහොත්, සුව වනු ඇතැ”යි වදාළ සේක. එවිට මෝසෙස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබී ය. සර්පයෙක් යමෙකු දෂ්ට කෙළේ ද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය.

ගණන් කථාව 21:6-9 Sinhala New Revised Version 2018 (SNRV)