ගණන් කථාව 21:4-7
ගණන් කථාව 21:4-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්‍රායෙල්වරු ඒදොම් රට අයින දිගේ යන පිණිස, හෝර් කන්දෙන් පිටත් ව, රතු මුහුදු මාර්ගය ඔස්සේ ගමන් ගත්හ. එහෙත් අතර මගදී වඩ වඩා නො ඉවසිලිමත් වූ ජනයා, දෙවියන්වහන්සේට එරෙහිව හා මෝසෙස්ට එරෙහිව කතා කරමින්, “මේ පාළුකරයේ මැරී යන්නට ඊජිප්තුවෙන් පිටතට නුඹ අප ගෙන ආවේ මොකට ද? මෙහි රොටි නැහැ; වතුර නැහැ; වැදගැම්මකට නැති මේ කෑම අපට දැන් අප්පිරියා වෙලා” යි කීහ. එවිට ස්වාමින්වහන්සේ ඔවුන් අතරට ගිනි වැනි සර්පයින් එවූ සේක. ජනයාට උන් දෂ්ට කළෙන්, ඉශ්‍රායෙල්වරුන් බොහෝ දෙනෙක් එයින් මළහ. එබැවින් මෝසෙස් වෙත පැමිණි ජනයා, “ස්වාමින්වහන්සේටත්, ඔබටත් එරෙහිව කතා කිරීමෙන්, අපි පව් කළා. අප වෙතින් මේ සර්පයින් පහ කර දමන ලෙස ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නැ” යි ඉල්ලූහ. එවිට මෝසෙස් ජනතාව උදෙසා යාච්ඤා කළේ ය.
ගණන් කථාව 21:4-7 Sinhala Revised Old Version (SROV)
ඔව්හු ඒදොම් දේශය වටකර යන පිණිස රතු මුහුදට යන පාරෙන් හෝර් කන්දේ සිට ගමන් කළෝය. එවිට ගමන් මාර්ගයේදී සෙනඟගේ සිත බොහෝසේ අධෛර්යය විය. සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට නුඹලා මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය. ස්වාමීන්වහන්සේ සෙනඟ අතරට ගිනි සර්පයන් යැවූසේක, උන් සෙනඟට දෂ්ටකළෝය; එසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මළෝය. එබැවින් සෙනඟ මෝසෙස් ළඟට අවුත්: අපි ස්වාමීන්වහන්සේට ත් නුඹටත් විරුද්ධව කථාකිරීමෙන් පව්කෙළෙමුව; ස්වාමීන්වහන්සේ අප වෙතින් සර්පයන් පහකරනලෙස උන්වහන්සේට යාච්ඤාකළමැනවියි කීවෝය. මෝසෙස් සෙනඟ උදෙසා යාච්ඤාකෙළේය.
ගණන් කථාව 21:4-7 Sinhala New Revised Version (NRSV)
ඔව්හු හෝර් නම් කඳුකරයෙන් නික්ම රතු මුහුදට යන මාර්ගය ඔස්සේ ඒදොම් නම් දේශය වටකර ගියහ. මෙසේ යන විට සෙනඟ බොහෝ සේ අධෛර්යයට පත් වූ හ. සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, “මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ. එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ. එබැවින් සෙනඟ මෝසෙස් වෙත පැමිණ, “අපි සමිඳාණන් වහන්සේටත්, ඔබටත් විරුද්ධ ව කතා කිරීමෙන් පව් කෙළෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ද සෙනඟ උදෙසා යාච්ඤා කෙළේ ය.
ගණන් කථාව 21:4-7 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 21:4-7 New International Version (NIV)
They traveled from Mount Hor along the route to the Red Sea, to go around Edom. But the people grew impatient on the way; they spoke against God and against Moses, and said, “Why have you brought us up out of Egypt to die in the wilderness? There is no bread! There is no water! And we detest this miserable food!” Then the LORD sent venomous snakes among them; they bit the people and many Israelites died. The people came to Moses and said, “We sinned when we spoke against the LORD and against you. Pray that the LORD will take the snakes away from us.” So Moses prayed for the people.