ගණන් කථාව 14:6-8
ගණන් කථාව 14:6-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දේශයේ ඔත්තු බැලීමට ගියවුන් අතරේ වූ නූන්ගේ පුත් යෝෂුවා හා යෙෆුන්නෙගේ පුත් කාලෙබ් යන දෙදෙන තම ඇඳුම් ඉරාගෙන, ඉශ්රායෙල් මුළු ජන සමූහයා අමතමින්, “ඔත්තු බලමින්, පරීක්ෂා කරන්නට අප ගිය රට ඉතාම කදිමයි. ස්වාමින්වහන්සේ අප හා ප්රසන්න නම්, කිරි හා පැණි ගලා යන දේශයක් වන ඒ දේශයට උන්වහන්සේ අපට මගපෙන්වා, එය අපට දෙන සේක.
ගණන් කථාව 14:6-8 Sinhala Revised Old Version (SROV)
දේශය සෝදිසිකළවුන්ගෙන් නූන්ගේ පුත්රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්රවූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්ර ඉරාගෙන, ඉශ්රායෙල් පුත්රයන්ගේ මුළු සභාවට කථාකොට: අප සෝදිසි කරන්ට ගිය දේශය ඉතාම හොඳ දේශයක්ය. ස්වාමීන්වහන්සේ අප කෙරෙහි ප්රසන්නවනසේක්නම් කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත.
ගණන් කථාව 14:6-8 Sinhala New Revised Version (NRSV)
රටේ ඔත්තු සොයා ගියවුන් අතර නූන්ගේ පුත් ජෝෂුවා ද ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද දුකින් තම වස්ත්ර ඉරාගත්හ. ඉන්පසු ඔව්හු මුළු ඉශ්රායෙල් ජනතාව ම අමතා, “අප ඔත්තු සොයමින් ගිය රට ඉතා ම සාරවත් රටකි. සමිඳාණන් වහන්සේ අප ගැන ප්රසන්න වන සේක් නම්, උන් වහන්සේ අප මේ රටට පමුණුවා, එය අපට ලබා දෙන සේක. ඒ රට කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි.
ගණන් කථාව 14:6-8 Sinhala New Revised Version 2018 (SNRV)
රටේ ඔත්තු සොයා ගියවුන් අතර නූන්ගේ පුත් ජෝෂුවා ද ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද දුකින් තම වස්ත්ර ඉරාගත්හ. ඉන්පසු ඔව්හු මුළු ඉශ්රායෙල් ජනතාව ම අමතා, “අප ඔත්තු සොයමින් ගිය රට ඉතා ම සාරවත් රටකි. සමිඳාණන් වහන්සේ අප ගැන ප්රසන්න වන සේක් නම්, උන් වහන්සේ අප මේ රටට පමුණුවා, එය අපට ලබා දෙන සේක. ඒ රට කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි.
ගණන් කථාව 14:6-8 New International Version (NIV)
Joshua son of Nun and Caleb son of Jephunneh, who were among those who had explored the land, tore their clothes and said to the entire Israelite assembly, “The land we passed through and explored is exceedingly good. If the LORD is pleased with us, he will lead us into that land, a land flowing with milk and honey, and will give it to us.