ගණන් කථාව 14:20-23
ගණන් කථාව 14:20-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉල්ලූ පරිදි, මම ඔවුනට කමා වුණෙමි. එසේ ද වුව, මා ජීවත් වන වග සැබෑ සේ ම, ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් මුළු මිහිතලය පිරෙන වග සැබෑ සේ ම, ඊජිප්තුවේ හා පාළුකරයේ මගේ තේජෝ මහිමයත් මා පෑ හාස්කම් ලකුණුත් දුටු නමුදු දහ වරක් ම මා පරීක්ෂා කරමින්, මට අකීකරු වූ එක් කෙනකුවත් ඔවුන්ගේ පියවරුන්ට මා දිවුරා පොරොන්දු වූ දේශය කිසි දින දකින්නේ නැත. මා සුළු කොට තැකූ කිසි කෙනකුට, කිසි දිනෙක එය දක්නට ලැබෙන්නේ නැත.
ගණන් කථාව 14:20-23 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ද: නුඹේ වචනය ප්‍රකාරයට කමාවුණෙමි. එහෙත් මා ජීවත්ව සිටිනවාත් මුළු පොළොව ස්වාමීන්වහන්සේගේ තේජසෙන් පූර්ණකරනු ලබනවාත් සැබෑවාසේම, මාගේ තේජසත් මිසරයෙහිදී හා කාන්තාරයෙහිදී මා විසින් දැක්වූ ලකුණුත් දුටුවාවූ මේ සියලු මනුෂ්‍යයන් මාගේ හඬට කීකරුනොවී දැන් දසවරක් මා පරීක්ෂාකළ බැවින්, සැබවින් මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දෙනලෙස දිවුළ දේශය ඔව්හු නොදක්නෝය, මා හෙළාදැක්වූ කිසිවෙක්වත් ඒක නොදක්නේය.
ගණන් කථාව 14:20-23 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹේ ඉල්ලීම පරිදි මම ඔවුන්ට කමා කෙළෙමි. එහෙත්, මාගේ නාමයෙන් ද, මුළු ලෝකය මාගේ මහිමාලංකාරයෙන් පිරී පවතින තෙක් ද මා දිවුරා කියන්නේ මේ ය: ‘ඒ මුළු සෙනඟ මාගේ මහිමාලංකාරය හා මිසරයේ සහ පාළුකරයේ මා කළ හාස්කම් දැක දැකත්, දස වාරයකට වඩා මා පරීක්ෂා කොට, මා හඬට සවන් නුදුන් බැවින් මා ඔවුන්ගේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ දේශය ඔව්හු සත්තකට ම නොදකින්නෝ ය. ඔවුන් අතර සිටින, මා හෙළා දුටු කිසිවෙකු ද එය නොදකිනු ඇත.
ගණන් කථාව 14:20-23 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹේ ඉල්ලීම පරිදි මම ඔවුන්ට කමා කෙළෙමි. එහෙත්, මාගේ නාමයෙන් ද, මුළු ලෝකය මාගේ මහිමාලංකාරයෙන් පිරී පවතින තෙක් ද මා දිවුරා කියන්නේ මේ ය: ‘ඒ මුළු සෙනඟ මාගේ මහිමාලංකාරය හා මිසරයේ සහ පාළුකරයේ මා කළ හාස්කම් දැක දැකත්, දස වාරයකට වඩා මා පරීක්ෂා කොට, මා හඬට සවන් නුදුන් බැවින් මා ඔවුන්ගේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ දේශය ඔව්හු සත්තකට ම නොදකින්නෝ ය. ඔවුන් අතර සිටින, මා හෙළා දුටු කිසිවෙකු ද එය නොදකිනු ඇත.
ගණන් කථාව 14:20-23 New International Version (NIV)
The LORD replied, “I have forgiven them, as you asked. Nevertheless, as surely as I live and as surely as the glory of the LORD fills the whole earth, not one of those who saw my glory and the signs I performed in Egypt and in the wilderness but who disobeyed me and tested me ten times— not one of them will ever see the land I promised on oath to their ancestors. No one who has treated me with contempt will ever see it.