ගණන් කථාව 14:1-9

ගණන් කථාව 14:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඒ රැයේ මුළු ප්‍රජාව මහ හඬ නගා, හඬා වැලපෙන්නට වන්හ. සියලු ඉශ්‍රායෙල්වරු මෝසෙස්ටත්, ආරොන්ටත් එරෙහිව මැසිවිලි නැගූහ; මුළු ප්‍රජාව ම ඔවුන් අමතමින්, “අනේ අපට ඊජිප්තුවේදී මැරෙන්නට ලැබුණා නම්! නැත්නම් මේ පාළුකරයේ මැරෙන්නට ලැබුණා නම්! කඩු පහරින් අප වැටී යන්නට ස්වාමින්වහන්සේ මේ දේශයට අප ගෙන ආවේ මන්ද? අපේ අඹු-දරුවන් කොල්ලයට හසු වේවි. ඊජිප්තුවට ආපසු හැරී යෑම අපට වඩා හොඳ නො වේ දැ?” යි කීහ. ඉන්පසු එකිනෙකා ඇමතූ ඔවුහු, “නායකයකු තෝරා ගෙන ඊජිප්තුවට ආපසු හැරී යමු” යි කීහ. එවිට මෝසෙස් හා ආරොන් එහි එක් රැස් වූ මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියේ මුහුණ බිම නමා, වැටුණහ. දේශයේ ඔත්තු බැලීමට ගියවුන් අතරේ වූ නූන්ගේ පුත් යෝෂුවා හා යෙෆුන්නෙගේ පුත් කාලෙබ් යන දෙදෙන තම ඇඳුම් ඉරාගෙන, ඉශ්‍රායෙල් මුළු ජන සමූහයා අමතමින්, “ඔත්තු බලමින්, පරීක්ෂා කරන්නට අප ගිය රට ඉතාම කදිමයි. ස්වාමින්වහන්සේ අප හා ප්‍රසන්න නම්, කිරි හා පැණි ගලා යන දේශයක් වන ඒ දේශයට උන්වහන්සේ අපට මගපෙන්වා, එය අපට දෙන සේක. ස්වාමින්වහන්සේට එරෙහිව කැරලි ගසන්න එපා. ඒ දේශයේ ජනයාට බිය වෙන්නත් එපා. මන්ද ඔවුන් අපට ගොදුරක් වේවි. ඔවුන්ගේ ආරක්ෂාව පහව ගොස්. මන්ද ස්වාමින්වහන්සේ අප සමඟයි; ඔවුන්ට බය වන්න එපා” යි කීහ.

ගණන් කථාව 14:1-9 Sinhala Revised Old Version (SROV)

එවිට මුළු සභාව ශබ්දනගා හැඬුවාය; සෙනඟ ඒ රාත්‍රියේ වැලපුණෝය. සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කොඳුළෝය. මුළු සභාව ඔවුන්ට කථාකර: අහෝ අපි මිසර දේශයෙහි මළෙමු නම් යහපත; නොහොත් මේ කාන්තාරයෙහි මළෙමුනම් යහපත. අප කඩුවෙන් වැටෙන පිණිස ස්වාමීන්වහන්සේ මේ දේශයට අප ගෙනෙන්නේ මක්නිසාද? අපේ භාර්යාවන්ද බාලයන්ද කොල්ලයක් වෙනවා ඇත. මිසරයට හැරීයාම අපට හොඳ නොවේ දැයි කීවෝය. තවද ඔව්හු එකිනෙකාට කථාකොට: අපි ප්‍රධානියෙකු පත්කරගෙන මිසරයට හැරීයමුයයි කීවෝය. එවිට මෝසෙස් හා ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවේ මුළු සමූහයා ඉදිරියෙහි මුහුණින් වැටුණෝය. දේශය සෝදිසිකළවුන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකොට: අප සෝදිසි කරන්ට ගිය දේශය ඉතාම හොඳ දේශයක්ය. ස්වාමීන්වහන්සේ අප කෙරෙහි ප්‍රසන්නවනසේක්නම් කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත. ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය.

ගණන් කථාව 14:1-9 Sinhala New Revised Version (NRSV)

එදින රාත්‍රියේ මුළු සෙනඟ ම ශබ්ද නඟා කෑගසමින් හඬන්නට වූ හ. ඉශ්රායෙල් ජනයා, මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි කී හ. මුළු ජනතාව ම ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ අපි මැරී ගියෙමු නම් කොතරම් හොඳ ද! එසේ නැත් නම් පාළුකරයේ මිය ගියෙමු නම් කොතරම් හොඳ ද! යුද්ධයෙන් අප නසාලන්නටත්, අපේ අඹුදරුවන් බිලි කරන්නටත්, සමිඳාණන් වහන්සේ මේ දේශයට අපව ගෙනාවේ ඇයි දැ”යි කී හ. ඉන්පසු ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි නායකයෙකු තෝරාගෙන මිසර දේශයට යමු”යි කතා කරගත් හ. එවිට මෝසෙස් සහ ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව ම ඉදිරියෙහි මුණින්තලා වැටුණාහ. රටේ ඔත්තු සොයා ගියවුන් අතර නූන්ගේ පුත් ජෝෂුවා ද ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද දුකින් තම වස්ත්‍ර ඉරාගත්හ. ඉන්පසු ඔව්හු මුළු ඉශ්රායෙල් ජනතාව ම අමතා, “අප ඔත්තු සොයමින් ගිය රට ඉතා ම සාරවත් රටකි. සමිඳාණන් වහන්සේ අප ගැන ප්‍රසන්න වන සේක් නම්, උන් වහන්සේ අප මේ රටට පමුණුවා, එය අපට ලබා දෙන සේක. ඒ රට කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි. සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පමණක් කැරලි නොගසන්න. ඒ රට වාසීන්ට ද බිය නොවන්න. මන්ද, අපි ඔවුන් ගොදුරු කොට ගන්නෙමු. සමිඳාණන් වහන්සේ අප සමඟ වන බැවින් ඔවුන්ට අරක්ගත් දෙවිවරුන් ඔවුන්ගෙන් ඉවත ගොස් ඇත. ඔවුන්ට බිය නොවැන්නැ”යි කීවෝ ය.

ගණන් කථාව 14:1-9 Sinhala New Revised Version 2018 (SNRV)