ගණන් කථාව 14:1-38
ගණන් කථාව 14:1-38 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ රැයේ මුළු ප්‍රජාව මහ හඬ නගා, හඬා වැලපෙන්නට වන්හ. සියලු ඉශ්‍රායෙල්වරු මෝසෙස්ටත්, ආරොන්ටත් එරෙහිව මැසිවිලි නැගූහ; මුළු ප්‍රජාව ම ඔවුන් අමතමින්, “අනේ අපට ඊජිප්තුවේදී මැරෙන්නට ලැබුණා නම්! නැත්නම් මේ පාළුකරයේ මැරෙන්නට ලැබුණා නම්! කඩු පහරින් අප වැටී යන්නට ස්වාමින්වහන්සේ මේ දේශයට අප ගෙන ආවේ මන්ද? අපේ අඹු-දරුවන් කොල්ලයට හසු වේවි. ඊජිප්තුවට ආපසු හැරී යෑම අපට වඩා හොඳ නො වේ දැ?” යි කීහ. ඉන්පසු එකිනෙකා ඇමතූ ඔවුහු, “නායකයකු තෝරා ගෙන ඊජිප්තුවට ආපසු හැරී යමු” යි කීහ. එවිට මෝසෙස් හා ආරොන් එහි එක් රැස් වූ මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියේ මුහුණ බිම නමා, වැටුණහ. දේශයේ ඔත්තු බැලීමට ගියවුන් අතරේ වූ නූන්ගේ පුත් යෝෂුවා හා යෙෆුන්නෙගේ පුත් කාලෙබ් යන දෙදෙන තම ඇඳුම් ඉරාගෙන, ඉශ්‍රායෙල් මුළු ජන සමූහයා අමතමින්, “ඔත්තු බලමින්, පරීක්ෂා කරන්නට අප ගිය රට ඉතාම කදිමයි. ස්වාමින්වහන්සේ අප හා ප්‍රසන්න නම්, කිරි හා පැණි ගලා යන දේශයක් වන ඒ දේශයට උන්වහන්සේ අපට මගපෙන්වා, එය අපට දෙන සේක. ස්වාමින්වහන්සේට එරෙහිව කැරලි ගසන්න එපා. ඒ දේශයේ ජනයාට බිය වෙන්නත් එපා. මන්ද ඔවුන් අපට ගොදුරක් වේවි. ඔවුන්ගේ ආරක්ෂාව පහව ගොස්. මන්ද ස්වාමින්වහන්සේ අප සමඟයි; ඔවුන්ට බය වන්න එපා” යි කීහ. එහෙත්, මුළු ජන සමූහයා ඔවුනට ගල් ගසන්නට කතා වූහ. එවිට ස්වාමින්වහන්සේගේ තේජස, හමුවීමේ කූඩාරමේ සියලු ඉශ්‍රායෙල්වරුනට පෙනිණි. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “තව කොතෙක් කල් මේ ජනතාව මා හෙළා දකිත් ද? මේ සා හාස්කම් ලකුණු ඔවුන් මධ්‍යයේ මා සිදුකර තිබියදීත්, තව කොතෙක් කල් ඔවුහු මා කෙරේ විශ්වාසය තැබීම ප්‍රතික්ෂේප කරත් ද? මම ව්‍යසනයකින් පහර දී, ඔවුන් විනාශ කර දමන්නෙමි. ඔවුනට වඩා ශ්‍රේෂ්ඨ වූත්, බලසම්පන්න වූත් ජාතියක් බවට මම ඔබ පත් කරන්නෙමි” යි පැවසූ සේක. එහෙත් මෝසෙස්, ස්වාමින්වහන්සේ අමතමින්, “එවිට ඊජිප්තුවරුන්ට ඒ ගැන අසන්නට ලැබේවි! ඔබවහන්සේ ඔවුන් වෙතින් මේ ජනයා ගෙනාවේ ඔබේ ම බලයෙන්. මේ දේශයේ වෙසෙන්නවුනටත් ඔවුන් ඒ බව කියාවි. අහෝ ස්වාමින්වහන්ස, මේ ජනයා සමඟ ඔබවහන්සේ සිටින වග ඔවුන් දැනටමත් අසා තිබෙනවා නො වේ ද? ඔබවහන්සේ මුහුණට මුහුණ දක්නට ලැබෙන වගත්, ඔබවහන්සේගේ වලාකුළ ඔවුන්ට ඉහළින් පවතින වගත්, දහවලේ වලා ටැඹකින් ද රැයේ ගිනි ටැඹකින් ද ඔබවහන්සේ ඔවුන්ට පෙරටුව යන වගත් ඔවුන් අසා තිබෙනවා නො වේ ද? අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මේ මුළු ජනතාව එක් පහරින් මරණයට පත් කළහොත්, ඔබවහන්සේ ගැන මේ පුවත අසා ඇති ජාතීන් කියනු ඇත්තේ, ‘මේ ජනතාවට ස්වාමින්වහන්සේ දිවුරා පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙන ඒමට අපොහොසත් වූ නිසා, උන්වහන්සේ පාළුකරයේදී ඔවුන් මරා දැමූ සේක’ කියායි. “ඔබවහන්සේ ප්‍රකාශ කර ඇති පරිදි දැන් ස්වාමින්වහන්සේගේ බලපරාක්‍රමය විදහා දැක්වුව මැනවි. එනම්, ‘ස්වාමින්වහන්සේ වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය; දුෂ්ටකමට හා අපරාධයට කමාව දෙන සේක. එහෙත් වරදකරුවන්ට දඬුවම් නො කර නාරින සේක්, පියවරුන්ගේ පාපයට දරුවන්ට තුන් වන හා හතර වන පරම්පරාව දක්වා දඬුවම් කරන සේක’ යනුයි. එබැවින් ඔවුන් ඊජිප්තුවෙන් පිටත් වූ දා සිට අද දක්වා වරින් වර ඔබ ඔවුනට කමාව දුන් අයුරින්, ඔබගේ නොමියෙන ප්‍රේමයෙහි ශ්‍රේෂ්ඨත්වයට අනුකූලව මේ ජනතාවගේ පාපය කමා කළ මැනව” යි අයැදී ය. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉල්ලූ පරිදි, මම ඔවුනට කමා වුණෙමි. එසේ ද වුව, මා ජීවත් වන වග සැබෑ සේ ම, ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් මුළු මිහිතලය පිරෙන වග සැබෑ සේ ම, ඊජිප්තුවේ හා පාළුකරයේ මගේ තේජෝ මහිමයත් මා පෑ හාස්කම් ලකුණුත් දුටු නමුදු දහ වරක් ම මා පරීක්ෂා කරමින්, මට අකීකරු වූ එක් කෙනකුවත් ඔවුන්ගේ පියවරුන්ට මා දිවුරා පොරොන්දු වූ දේශය කිසි දින දකින්නේ නැත. මා සුළු කොට තැකූ කිසි කෙනකුට, කිසි දිනෙක එය දක්නට ලැබෙන්නේ නැත. එහෙත් මගේ සේවක කාලෙබ් වෙනස් ආකල්පයක් දරමින්, මුළු හදින් ම මා අනුගමන කළ නිසා, ඔහු පා තැබූ දේශයට මම ඔහු ගෙන එන්නෙමි. ඔහුගෙන් පැවතෙන්නන් එය උරුම කර ගනු ඇත. අමලෙක්වරුන් හා කානානිවරුන් මිටියාවත් පෙදෙස්හි වෙසෙන බැවින් හෙට ආපසු හැරී රතු මුහුදට යන මාවත ඔස්සේ කාන්තාරය දෙසට පිටත් ව යන්නැ” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් අමතමින්, “මේ දුෂ්ට සමාජය තව කොතෙක් කලක් මට එරෙහිව මැසිවිලි නගත් ද? මේ මැසිවිලිකාර ඉශ්‍රායෙල්වරුන්ගේ චෝදනා මට ඇසී තිබේ. එබැවින් ඔවුනට මෙසේ කියන්න: ‘මා ජීවත් වන වග සැබෑ සේ ම, ඔබ පවසනු මට ඇසුණු දේ ම මම ඔබට කරන්නෙමි. සංගණනයේදී ගණන් ගන්නා ලද විසි හැවිරිදි හා ඊට වැඩි වයස් වූ, මට එරෙහිව මැසිවිලි නැගූ ඔබ හැම කෙනකුගේ ම මළ-සිරුරු මේ පාළුකරයේ වැටී යනු ඇත. ඔබ වාසය කරවීමට, අත ඔසවා මා දිවුළ දේශයට යෙෆුන්නෙගේ පුත් කාලෙබ් ද නූන්ගේ පුත් යෝෂුවා ද හැර ඔබෙන් අන් කිසි කෙනකු ඇතුළු වන්නේ නැත. කොල්ලයක් කොට ගෙන යනු ඇතැයි ඔබ කී ඔබේ දරුවන් මම එහි ගෙන යන්නෙමි. ඔබ ප්‍රතික්ෂේප කළ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත. එහෙත් ඔබ ගැන මා කියන්නේ ඔබගේ මළ-සිරුරු මේ පාළුකරයේ වැටී යන වගයි. ඔබේ අන්තිමයාගේ මළ සිරුරත් පාළුකරයට යටවී යන තෙක්, ඔබේ දරුවෝ ඔබේ අවිශ්වාසවන්තකම උදෙසා දුක් පීඩා විඳිමින්, හතළිස් වසරක් ම මේ පාළුකරයේ එඬේරුන් ලෙස ඔබ මොබ ගෙන යනු ලබන්නෝ ය. ඔබේ දේශය පිරික්සීමට ගිය හතළිස් දවසේ එක් දවසකට එක් අවුරුද්ද බැගින් හතළිස් අවුරුද්දක් ම ඔබේ පාප උදෙසා ඔබ දුක් පීඩා විඳිනු ඇත. මා විරුද්ධ කර ගැනීම කෙබඳු වේ දැයි මෙසේ ඔබ දැනගනු ඇත.’ ස්වාමින්වහන්සේ වන මම මේ දෑ පැවසුවෙමි. මට එරෙහිව එකට බැඳුණු මේ දුෂ්ට සමාජයට මම එසේ කරන්නෙමි. මේ පාළුකරයේ ඔවුන්ට තම අවසානය මුණ ගැසෙනු ඇත. මෙහිදී ඔවුන් මියෙනු ඇතැ” යි පැවසූ සේක. එබැවින් දේශය පිරික්සීමට මෝසෙස් විසින් යවන ලදුව, ආපසු අවුත්, මුළු සමාජය ම මෝසෙස්ට එරෙහිව මැසිවිලි නගන්නට සලස්වමින්, ඒ පිළිබඳ නරක ආරංචි පැතුරූ මිනිස්සු, හෙවත්, ඒ දේශය පිළිබඳ නරක ආරංචි පතළ කිරීම ගැන වගකිව යුතු මිනිස්සු, ස්වාමින්වහන්සේ අබියස ව්‍යසනයකින් පහර වැද, මළෝ ය. දේශය පිරික්සීමට ගියවුන් අතරින් ජීවත් ව ඉතිරි වූයේ නූන්ගේ පුත් යෝෂුවා හා යෙෆුන්නෙගේ පුත් කාලෙබ් පමණි.
ගණන් කථාව 14:1-38 Sinhala Revised Old Version (SROV)
එවිට මුළු සභාව ශබ්දනගා හැඬුවාය; සෙනඟ ඒ රාත්‍රියේ වැලපුණෝය. සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කොඳුළෝය. මුළු සභාව ඔවුන්ට කථාකර: අහෝ අපි මිසර දේශයෙහි මළෙමු නම් යහපත; නොහොත් මේ කාන්තාරයෙහි මළෙමුනම් යහපත. අප කඩුවෙන් වැටෙන පිණිස ස්වාමීන්වහන්සේ මේ දේශයට අප ගෙනෙන්නේ මක්නිසාද? අපේ භාර්යාවන්ද බාලයන්ද කොල්ලයක් වෙනවා ඇත. මිසරයට හැරීයාම අපට හොඳ නොවේ දැයි කීවෝය. තවද ඔව්හු එකිනෙකාට කථාකොට: අපි ප්‍රධානියෙකු පත්කරගෙන මිසරයට හැරීයමුයයි කීවෝය. එවිට මෝසෙස් හා ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවේ මුළු සමූහයා ඉදිරියෙහි මුහුණින් වැටුණෝය. දේශය සෝදිසිකළවුන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකොට: අප සෝදිසි කරන්ට ගිය දේශය ඉතාම හොඳ දේශයක්ය. ස්වාමීන්වහන්සේ අප කෙරෙහි ප්‍රසන්නවනසේක්නම් කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත. ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය. එහෙත් මුළු සභාව ගල්ගසා ඔවුන් මරන්ට කීහ. ස්වාමීන්වහන්සේගේ මහිමයද සම්මුඛවීමේ කූඩාරමේදී සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙනුණේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ සෙනඟ කොපමණ කල් මා හෙළාදකින්නෝද? ඔවුන් අතරෙහි මා විසින් කළ සියලු ලකුණු දැකලාවත් කොපමණ කල් ඔව්හු මා අදහා නොගෙන සිටින්නෝද? මම වසංගතයෙන් ඔවුන්ට පහරදී, ඔවුන් අහිමිකොට, ඔවුන්ට වඩා මහත්වූ බලවත්වූ සෙනඟක් නුඹෙන් හටගන්වන්නෙමියි කීසේක. මෝසෙස් ස්වාමීන්වහන්සේට කථාකොට: එවිට මිසරවරුන්ට එය සැලවෙනවා ඇත; මක්නිසාද ඔබ ඔවුන් අතරෙන් මේ සෙනඟ ඔබගේ පරාක්‍රමයෙන් ගෙනාසේක; ඔව්හු මේ දේශයෙහි වැසියන්ටද ඒක කියන්නාහුය. ස්වාමීන්වහන්ස, ඔබ මේ සෙනඟ මැද සිටිනසේකැයි ඔවුන් විසින් අසනලද්දේය; මක්නිසාද ස්වාමීන්වහන්ස, ඔබ මුහුණට මුහුණ ලා දක්නාලබනසේක, ඔබගේ වලාකුළ මොවුන් මතුයෙහි තිබේ. ඔබ දවාලෙහි වලා ටැඹකින්ද රාත්‍රියෙහි ගිනි ටැඹකින්ද මොවුන්ට පෙරටුව යනසේක. ඉදින් ඔබ දැන් මේ සෙනඟ එක්කෙනෙකු මෙන් මරනසේක් නම් ඔබගේ කීර්තිය ඇසූ ජාතීන් කථාකරමින්: ස්වාමීන්වහන්සේ මේ සෙනඟට දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට නොහැකිවූ බැවින් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි මරා දැමූසේකැයි කියනවා ඇත. එබැවින් ඔබ කථාකොට: ස්වාමීන්වහන්සේ උදහස් වීමට ප්‍රමාදවනසේක. බොහෝ දයාවෙන් යුක්තය, උන්වහන්සේ අයුතුකම හා වරද ක්ෂමාකරනසේක, එහෙත් අපරාධීන් කොයි ආකාරයකින්වත් නිර්දෝෂ නොකරනසේක; තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා පියවරුන්ගේ අයුතුකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙනසේකැයි කීලෙසම ස්වාමීන්වහන්සේගේ බලය මහත් වේවා. ඔබවහන්සේගේ දයාවේ මහත්කම ලෙසද මේ සෙනඟ මිසරයෙහි සිටින කාලයේ පටන් මේ දක්වා ඔබ මේ සෙනඟට කමාවුණාක් මෙන්ද මේ සෙනඟගේ අයුතුකමට කමාවුණමැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ ද: නුඹේ වචනය ප්‍රකාරයට කමාවුණෙමි. එහෙත් මා ජීවත්ව සිටිනවාත් මුළු පොළොව ස්වාමීන්වහන්සේගේ තේජසෙන් පූර්ණකරනු ලබනවාත් සැබෑවාසේම, මාගේ තේජසත් මිසරයෙහිදී හා කාන්තාරයෙහිදී මා විසින් දැක්වූ ලකුණුත් දුටුවාවූ මේ සියලු මනුෂ්‍යයන් මාගේ හඬට කීකරුනොවී දැන් දසවරක් මා පරීක්ෂාකළ බැවින්, සැබවින් මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දෙනලෙස දිවුළ දේශය ඔව්හු නොදක්නෝය, මා හෙළාදැක්වූ කිසිවෙක්වත් ඒක නොදක්නේය. එහෙත් මාගේ මෙහෙකරුවූ කාලෙබ්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද ඔහු සම්පූර්ණ ලෙස මා අනුව ආ බැවින්ද ඔහු ගිය දේශයට මම ඔහු පමුණුවන්නෙමි; ඔහුගේ වංශයද එය හිමිකරගන්නේය. දැන් අමලෙක්වරුන්ද කානානිවරුන්ද මිටියාවතෙහි වාසයකරන බැවින් හෙට නුඹලා හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට පිටත්ව යන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ටද කථාකොට: මට විරුද්ධව කොඳුරන මේ දුෂ්ට සභාව ගැන කොපමණ කල් ඉවසම්ද? ඉශ්‍රායෙල් පුත්‍රයන් මට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් ඇසීමි. ඔවුන්ට මෙසේ කියන්න–මා ජීවත්ව සිටිනවා සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමීන්වහන්සේ කියනසේක: නුඹලා මා ඉදිරියෙහි කීලෙසම නුඹලාට කරන්නෙමි. විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, නුඹලාගේ මුළු ගණන වන නුඹලා අතරෙන් ගණන්කරන ලද්දාවූ, මට විරුද්ධව කොඳුළාවූ නුඹලා සියල්ලන්ගේ මළකඳන් මේ කාන්තාරයෙහි වැටෙනවා ඇත. නුඹලා යම් දේශයක වාසයකරවමියි කියා මාගේ අත එසවීම්ද, එහි යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද මිස නුඹලා නම් කිසිසේත් ඇතුල්නොවන්නහුය. එහෙත් කොල්ලයක් වේයයි නුඹලා කීවාවූ නුඹලාගේ බාලයන් එහි පමුණුවන්නෙමි, ඔව්හු නුඹලා ප්‍රතික්ෂේපකළාවූ දේශය දැනගන්නෝය. එහෙත් නුඹලාගේ මළකඳන් මේ කාන්තාරයෙහි වැටෙනවා ඇත. නුඹලාගේ පුත්‍රයෝද සතළිස් අවුරුද්දක් කාන්තාරයෙහි එඬේරුන් මෙන් තැනින් තැන යමින්, නුඹලාගේ මළකඳන් කාන්තාරයෙහි ක්ෂයවී යන තෙක් නුඹලාගේ අනාචාරකම් දරන්නෝය. නුඹලා දේශය සෝදිසිකළ දවස් ගණනවූ සතළිස් දවසේ හැටියට දවසකට අවුරුද්දක් බැගින් සතළිස් අවුරුද්දක් නුඹලාගේ අයුතුකම් දරමින්, මාගේ විරෝධවීම නුඹලා දැනගන්නහුය. ස්වාමිවූ මම කථාකොට: සැබවින්ම මට විරුද්ධව රැස්ව සිටින මේ මුළු දුෂ්ට සභාවට මම මේක කරන්නෙමි. මේ කාන්තාරයෙහි ඔව්හු නාස්තිවන්නෝය, මෙහි ඔව්හු නසින්නෝයයි කීමියි කීසේක. දේශය සෝදිසිකරන පිණිස මෝසෙස් විසින් යවන ලදුව හැරී ඇවිත් දේශය ගැන විරුද්ධවූ නරක ප්‍රවෘත්තියක් පළකිරීමෙන් මුළු සභාව ඔහුට විරුද්ධව කොඳුරන්ට සැලැස්සුවාවූ මනුෂ්‍යයෝ, එනම් දේශය ගැන නරක ප්‍රවෘත්තියක් ගෙනාවාවූ මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වසංගතයෙන් මාරුණැහ. එහෙත් දේශය සෝදිසිකරන්ට ගිය ඒ මනුෂ්‍යයන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද ජීවත්ව ඉතිරිව සිටියෝය.
ගණන් කථාව 14:1-38 Sinhala New Revised Version (NRSV)
එදින රාත්‍රියේ මුළු සෙනඟ ම ශබ්ද නඟා කෑගසමින් හඬන්නට වූ හ. ඉශ්රායෙල් ජනයා, මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි කී හ. මුළු ජනතාව ම ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ අපි මැරී ගියෙමු නම් කොතරම් හොඳ ද! එසේ නැත් නම් පාළුකරයේ මිය ගියෙමු නම් කොතරම් හොඳ ද! යුද්ධයෙන් අප නසාලන්නටත්, අපේ අඹුදරුවන් බිලි කරන්නටත්, සමිඳාණන් වහන්සේ මේ දේශයට අපව ගෙනාවේ ඇයි දැ”යි කී හ. ඉන්පසු ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි නායකයෙකු තෝරාගෙන මිසර දේශයට යමු”යි කතා කරගත් හ. එවිට මෝසෙස් සහ ආරොන් මුළු ඉශ්රායෙල් ජනතාව ම ඉදිරියෙහි මුණින්තලා වැටුණාහ. රටේ ඔත්තු සොයා ගියවුන් අතර නූන්ගේ පුත් ජෝෂුවා ද ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද දුකින් තම වස්ත්‍ර ඉරාගත්හ. ඉන්පසු ඔව්හු මුළු ඉශ්රායෙල් ජනතාව ම අමතා, “අප ඔත්තු සොයමින් ගිය රට ඉතා ම සාරවත් රටකි. සමිඳාණන් වහන්සේ අප ගැන ප්‍රසන්න වන සේක් නම්, උන් වහන්සේ අප මේ රටට පමුණුවා, එය අපට ලබා දෙන සේක. ඒ රට කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි. සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පමණක් කැරලි නොගසන්න. ඒ රට වාසීන්ට ද බිය නොවන්න. මන්ද, අපි ඔවුන් ගොදුරු කොට ගන්නෙමු. සමිඳාණන් වහන්සේ අප සමඟ වන බැවින් ඔවුන්ට අරක්ගත් දෙවිවරුන් ඔවුන්ගෙන් ඉවත ගොස් ඇත. ඔවුන්ට බිය නොවැන්නැ”යි කීවෝ ය. එහෙත්, මුළු ජනතාව ගල් ගසා ඔවුන් මැරීමට ලකලෑස්ති වූ හ. එවිට මුළු ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපය මත සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මේ සෙනඟ කොපමණ කල් මා හෙළා දකින්නෝ ද? ඔවුන් මැද මා කළ හාස්කම් දැක දැකත් ඔවුන්ට මා කෙරෙහි විශ්වාසය තැබීමට තව කොපමණ කල් ගතවේ ද? මම වසංගතයකින් ඔවුන්ට පහර දී, ඔවුන්ගේ උරුමය අහෝසි කරදමමි. ඔවුන්ට වඩා බලසම්පන්න, විශාල ජාතියක් නුඹ මඟින් ඇති කරන්නෙමි”යි වදාළ සේක. එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට පිළිතුරු දෙමින්, “මහ බලපරාක්‍රමය පාමින් මේ සෙනඟ මුදාගෙන පැමිණියේ ඔබ වහන්සේ බව මිසර වැසියෝ දනිති. ඔවුන් මෙය අසන විට, එරට වැසියන්ට ද එය කියනු ඇත. තවද, සමිඳාණන් වහන්සේ වන ඔබ මේ සෙනඟ මැද වැඩ වසන බවත්, ඔබ ඔවුන්ට මුහුණට මුහුණ ලා පෙනෙන බවත්, ඔබගේ ලකුණ වන වලාකුළ ඔවුන්ට ඉහළින් රඳා සිටින බවත්, ඔබ ඔවුන්ට පෙරටුව, දවල් කාලයේ දී වලා ටැඹක් මඟින් ද, රාත්‍රි කාලයේ දී ගිනි ටැඹක් මඟින් ද වැඩම කරන බවත් ඔවුන් අසා ඇත. දැන් ඉතින්, ඔබ වහන්සේ ඔවුන් සමූලඝාතනය කරන සේක් නම්, ඔබ වහන්සේගේ කීර්තිය ගැන ඇසූ ජාතීහු කතා කොට, ‘සමිඳාණන් වහන්සේ ඔවුන්ට දිවුරා පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙනෙන්නට නොහැකි වූ බැවින්, උන් වහන්සේ ඔවුන් පාළුකරයේ දී මරාදැමූ සේකැ’යි කියන්නාහ. ඔබ වදාරා ඇති පරිදි, සමිඳාණන් වහන්සේ වන ඔබ පහසුවෙන් නොකිපෙන සුලු ය, ඉමහත් සේ දයා පාන සේක, අදමිටුකම් හා නපුරුකම් කමා කරන සේක, වැරදිකරුට දඬුවම් නොකර නොහරින සේක, පියවරුන්ගේ දමිටුකම් නිසා ඔවුන්ගේ දරු මුණුබුරන්ට තුන් වන හතර වන පරම්පරාව දක්වා දඬුවම් කරන සේක. එසේ පොරොන්දු වූ ලෙස දැන් කරුණාකර ඔබ වහන්සේගේ බලපරාක්‍රමය විදහා පෑව මැනව. එබැවින්, කරුණාකර, ඔබ වහන්සේගේ ඉමහත් දයාව පෑම අනුව, මොවුන් මිසරයෙන් පැමිණි දින සිට අද දක්වා කමා කළ ලෙස, මේ සෙනඟට කමා කරනු මැනවැ”යි අයැදී ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹේ ඉල්ලීම පරිදි මම ඔවුන්ට කමා කෙළෙමි. එහෙත්, මාගේ නාමයෙන් ද, මුළු ලෝකය මාගේ මහිමාලංකාරයෙන් පිරී පවතින තෙක් ද මා දිවුරා කියන්නේ මේ ය: ‘ඒ මුළු සෙනඟ මාගේ මහිමාලංකාරය හා මිසරයේ සහ පාළුකරයේ මා කළ හාස්කම් දැක දැකත්, දස වාරයකට වඩා මා පරීක්ෂා කොට, මා හඬට සවන් නුදුන් බැවින් මා ඔවුන්ගේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ දේශය ඔව්හු සත්තකට ම නොදකින්නෝ ය. ඔවුන් අතර සිටින, මා හෙළා දුටු කිසිවෙකු ද එය නොදකිනු ඇත. එහෙත් මාගේ සේවක කාලෙබ්ට සෙස්සන්ට වඩා වෙනස් ආකල්පයක් තිබුණු හෙයිනුත්, ඔහු මට සම්පූර්ණයෙන් ම පක්ෂපාත ව සිටි හෙයිනුත්, ඔහු ඇතුළු වූ රටට මම ඔහු පමුණුවන්නෙමි. ඔහුගේ පෙළපත ද එය හිමි කරගනු ඇත.’ දැනට එහි මිටියාවතේ අමලෙක්වරු සහ කානානිවරු පදිංචි ව සිටිති. එබැවින් හෙට, ආපසු හැරී රතු මුහුදට යන මාර්ගයෙන් පාළුකරයට යන්නැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේ යළි මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට, “මට විරුද්ධ ව මැසිවිලි කියන මේ නපුරු ජනතාව ගැන මම කොපමණ කල් ඉවසම් ද? ඉශ්රායෙල් ජනයා මට විරුද්ධ ව කී මැසිවිලි මා අසා ඇත. එබැවින් ඔබ ඔවුන් අමතා මෙසේ කියන්න: ‘නුඹලා මාගේ කනට ඇසෙන සේ කී ලෙස මා නුඹලාට කරන බවට, මම දිවුරමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. ජන සංගණනයේ දී ලියාපදිංචි කළ, වයස අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, මට විරුද්ධ ව මැසිවිලි කී සියල්ලෝ ම මේ පාළුකරයේ ම නසිනු ඇත. ජෙපුන්නේගේ පුත් කාලෙබ් හා නූන්ගේ පුත් ජෝෂුවා හැර, අන් කිසිවෙකු මා ඔබ හැම පදිංචි කරවීමට පොරොන්දු දුන් රටට කිසි සේත් ඇතුළු නොවනු ඇත. ‘මම ඔවුන් බිලි දෙන්නට යන්නෙමි’යි කියා නුඹ පැවසූ නුඹේ කුඩා දරුවන් නම් මම එහි ඇතුළු කරන්නෙමි. නුඹලා හෙළා දුටු ඒ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත. එහෙත්, නුඹලා මේ පාළුකරයේ ම නසින්නහු ය. නුඹලාගේ දරුපරපුර අවුරුදු හතළිහක් තුළ මේ පාළුකරයේ ඒ මේ අත යමින්, නුඹලාගේ මළකඳන් පසට හැරෙන තෙක්, නුඹලාගේ අවිශ්වාසවන්තකම නිසා දුක් විඳින්නහු ය. නුඹලා ඒ රටේ ඔත්තු සෙවූ කාලය දවස් හතළිහක් නොවේ ද? හැබැයි, එක එක දවසකට, එක එක අවුරුද්ද බැගින් සලකා, අවුරුදු හතළිහක් තුළ නුඹලාගේ දුෂ්ටකම්වලට වග කියමින්, මාගේ පොරොන්දු කඩ කිරීමේ විපාකයේ බරපතලකම කෙතරම් ද කියා දැනගන්නහු ය. මෙය වදාළේ සමිඳාණන් වහන්සේ වන මම ය. මට විරුද්ධ ව පෙරමුණු බැඳගත් මේ මුළු නපුරු ජනතාවට ම මම සත්තකට ම දඬුවම් කරමි. මේ පාළුකරයේ ම ඔවුන් නැති නාස්ති වී වැනසී යනු ඇතැ”යි වදාළ සේක. මෙලෙස මෝසෙස් විසින් රටේ ඔත්තු බැලීමට යවනු ලැබ, ආපසු පැමිණි චරපුරුෂයන් රට ගැන බොරු ආරංචි සැළ කළ බැවින් මුළු ජනතාව ම මෝසෙස්ට විරුද්ධ ව මැසිවිලි කී හ. තවද, මෙසේ රට ගැන බොරු ආරංචි සැළ කළ ඒ අය, සමිඳාණන් වහන්සේ විසින් එවන ලද වසංගතයකින් වැනසී ගියෝ ය. එහෙත්, රට ගැන ඔත්තු බැලූ චරපුරුෂයන් අතර නූන්ගේ පුත් ජෝෂුවා සහ ජෙපුන්නේගේ පුත් කාලෙබ් පමණක් නොමැරී ඉතිරි වූ හ.
ගණන් කථාව 14:1-38 Sinhala New Revised Version 2018 (SNRV)

ගණන් කථාව 14:1-38 New International Version (NIV)
That night all the members of the community raised their voices and wept aloud. All the Israelites grumbled against Moses and Aaron, and the whole assembly said to them, “If only we had died in Egypt! Or in this wilderness! Why is the LORD bringing us to this land only to let us fall by the sword? Our wives and children will be taken as plunder. Wouldn’t it be better for us to go back to Egypt?” And they said to each other, “We should choose a leader and go back to Egypt.” Then Moses and Aaron fell facedown in front of the whole Israelite assembly gathered there. Joshua son of Nun and Caleb son of Jephunneh, who were among those who had explored the land, tore their clothes and said to the entire Israelite assembly, “The land we passed through and explored is exceedingly good. If the LORD is pleased with us, he will lead us into that land, a land flowing with milk and honey, and will give it to us. Only do not rebel against the LORD. And do not be afraid of the people of the land, because we will devour them. Their protection is gone, but the LORD is with us. Do not be afraid of them.” But the whole assembly talked about stoning them. Then the glory of the LORD appeared at the tent of meeting to all the Israelites. The LORD said to Moses, “How long will these people treat me with contempt? How long will they refuse to believe in me, in spite of all the signs I have performed among them? I will strike them down with a plague and destroy them, but I will make you into a nation greater and stronger than they.” Moses said to the LORD, “Then the Egyptians will hear about it! By your power you brought these people up from among them. And they will tell the inhabitants of this land about it. They have already heard that you, LORD, are with these people and that you, LORD, have been seen face to face, that your cloud stays over them, and that you go before them in a pillar of cloud by day and a pillar of fire by night. If you put all these people to death, leaving none alive, the nations who have heard this report about you will say, ‘The LORD was not able to bring these people into the land he promised them on oath, so he slaughtered them in the wilderness.’ “Now may the Lord’s strength be displayed, just as you have declared: ‘The LORD is slow to anger, abounding in love and forgiving sin and rebellion. Yet he does not leave the guilty unpunished; he punishes the children for the sin of the parents to the third and fourth generation.’ In accordance with your great love, forgive the sin of these people, just as you have pardoned them from the time they left Egypt until now.” The LORD replied, “I have forgiven them, as you asked. Nevertheless, as surely as I live and as surely as the glory of the LORD fills the whole earth, not one of those who saw my glory and the signs I performed in Egypt and in the wilderness but who disobeyed me and tested me ten times— not one of them will ever see the land I promised on oath to their ancestors. No one who has treated me with contempt will ever see it. But because my servant Caleb has a different spirit and follows me wholeheartedly, I will bring him into the land he went to, and his descendants will inherit it. Since the Amalekites and the Canaanites are living in the valleys, turn back tomorrow and set out toward the desert along the route to the Red Sea.” The LORD said to Moses and Aaron: “How long will this wicked community grumble against me? I have heard the complaints of these grumbling Israelites. So tell them, ‘As surely as I live, declares the LORD, I will do to you the very thing I heard you say: In this wilderness your bodies will fall—every one of you twenty years old or more who was counted in the census and who has grumbled against me. Not one of you will enter the land I swore with uplifted hand to make your home, except Caleb son of Jephunneh and Joshua son of Nun. As for your children that you said would be taken as plunder, I will bring them in to enjoy the land you have rejected. But as for you, your bodies will fall in this wilderness. Your children will be shepherds here for forty years, suffering for your unfaithfulness, until the last of your bodies lies in the wilderness. For forty years—one year for each of the forty days you explored the land—you will suffer for your sins and know what it is like to have me against you.’ I, the LORD, have spoken, and I will surely do these things to this whole wicked community, which has banded together against me. They will meet their end in this wilderness; here they will die.” So the men Moses had sent to explore the land, who returned and made the whole community grumble against him by spreading a bad report about it— these men who were responsible for spreading the bad report about the land were struck down and died of a plague before the LORD. Of the men who went to explore the land, only Joshua son of Nun and Caleb son of Jephunneh survived.