ගණන් කථාව 12:13-14
ගණන් කථාව 12:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මෝසෙස්, “අහෝ දෙවියන්වහන්ස, අනේ මැය සුව කළ මැනව” යි ස්වාමින්වහන්සේට මොර ගැසී ය. ස්වාමින්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙන සේක්, “ඇගේ පියා ඇගේ මුහුණට කෙළ ගසා තිබුණා නම්, හත් දවසක් ඇය එහි නින්දාව දරා ගන්නේ නැති ද? හත් දවසක් කඳවුරෙන් පිටත ඇය කොටු කර තබන්න. ඉන්පසු ඇය ආපසු කැඳවාගත හැකි යැ” යි පැවසූ සේක.
ගණන් කථාව 12:13-14 Sinhala Revised Old Version (SROV)
මෝසෙස්ද: අනේ දෙවියන්වහන්ස, ඈ සුවකළමැනවයි ස්වාමීන්වහන්සේට හඬගැසීය. ස්වාමීන්වහන්සේ ද: ඇගේ පියා ඇගේ මුහුණට කෙළගැසුවේනම් ඒකට පවා ඈ සත් දවසක් ලජ්ජාවෙන් නොසිටින්නීද? ඈ සත් දවසක් කඳවුරෙන් පිටත වසා තබනු ලැබ පසුව ඇතුළට ගනු ලබාවයි ඔහුට කීසේක.
ගණන් කථාව 12:13-14 Sinhala New Revised Version (NRSV)
මෝසෙස් සමිඳාණන් වහන්සේට මොරගසමින්, “මාගේ දෙවිඳුනි, ඈ වහා ම සුව කරන ලෙස, මම ඔබගෙන් අයැදිමි”යි කියා කෑගැසී ය. ඉන්පසු සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඇගේ පියා ඇගේ මූණට කෙළ ගැසී නම්, ඈ දින හතක් තුළ ලජ්ජා නොවිය යුතු ද? එබැවින් දින හතකට ඈ කඳවුරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඉන්පසු ඇය කඳවුර තුළට බාර ගත හැකි ය”යි වදාළ සේක.
ගණන් කථාව 12:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
මෝසෙස් සමිඳාණන් වහන්සේට මොරගසමින්, “මාගේ දෙවිඳුනි, ඈ වහා ම සුව කරන ලෙස, මම ඔබගෙන් අයැදිමි”යි කියා කෑගැසී ය. ඉන්පසු සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඇගේ පියා ඇගේ මූණට කෙළ ගැසී නම්, ඈ දින හතක් තුළ ලජ්ජා නොවිය යුතු ද? එබැවින් දින හතකට ඈ කඳවුරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඉන්පසු ඇය කඳවුර තුළට බාර ගත හැකි ය”යි වදාළ සේක.
ගණන් කථාව 12:13-14 New International Version (NIV)
So Moses cried out to the LORD, “Please, God, heal her!” The LORD replied to Moses, “If her father had spit in her face, would she not have been in disgrace for seven days? Confine her outside the camp for seven days; after that she can be brought back.”