ගණන් කථාව 1:44-46
ගණන් කථාව 1:44-46 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෝසෙස් හා ආරොන් ද ජනතාවගේ එක් එක් පියවංශය නියෝජන කළ ඉශ්රායෙල් ප්‍රධානීන් දොළොස් දෙනා ද විසින් ගණන් කරන ලද පිරිමි ඔවුහු ය. ඉශ්රායෙල් හමුදා සේවයේ යෙදිය හැකි වූ විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු ඉශ්රායෙල් ජාතිකයෝ ඔවුන්ගේ පියවංශවලට අනුව මෙසේ ගණන් ගන්නා ලදහ. ඔවුන්ගේ මුළු ගණන, හයලක්ෂ තුන්දහස් පන්සිය පනස් දෙනෙකි.
ගණන් කථාව 1:44-46 Sinhala Revised Old Version (SROV)
මෝසෙස් සහ ආරොන් විසින්ද තම තමාගේ පිය පෙළපත වෙනුවට සිටිය මනුෂ්‍යයන් දොළොස්දෙනා වන ඉශ්රායෙල් අධිපතීන් විසින්ද ගණන්කරනු ලැබුවෝ මොව්හුය. මෙසේ ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබූ සියල්ලෝ වන අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ, ගණන්කරනු ලැබූ සියලුම ඉශ්රායෙල්වරු සලක්ෂ තුන්දාස් පන්සිය පනස්දෙනෙක්ය.
ගණන් කථාව 1:44-46 Sinhala New Revised Version (NRSV)
මෝසෙස් හා ආරොන් විසින් ද එක එක පෙළපතට එක් එක්කෙනා බැගින් නියෝජනය කළ ඉශ්රායලේ සෙනඟගේ නායකයන් දොළොස් දෙනා විසින් ද මේ සියලු දෙන ලියාපදිංචි කරන ලදහ. මෙසේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, මුළු ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පෙළපත් අනුව ලේඛනගත කරන ලදුව, ඔවුන්ගේ මුළු සංඛ්‍යාව හයලක්ෂ තුන්දාස් පන්සිය පණස් දෙනෙක් විය.
ගණන් කථාව 1:44-46 Sinhala New Revised Version 2018 (SNRV)
මෝසෙස් හා ආරොන් විසින් ද එක එක පෙළපතට එක් එක්කෙනා බැගින් නියෝජනය කළ ඉශ්රායෙල් සෙනඟගේ නායකයන් දොළොස් දෙනා විසින් ද මේ සියලු දෙන ලියාපදිංචි කරන ලදහ. මෙසේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, මුළු ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පෙළපත් අනුව ලේඛනගත කරන ලදුව, ඔවුන්ගේ මුළු සංඛ්‍යාව හයලක්ෂ තුන්දාස් පන්සිය පනස් දෙනෙක් විය.
ගණන් කථාව 1:44-46 New International Version (NIV)
These were the men counted by Moses and Aaron and the twelve leaders of Israel, each one representing his family. All the Israelites twenty years old or more who were able to serve in Israel’s army were counted according to their families. The total number was 603,550.