නෙහෙමියා 6:2-3
නෙහෙමියා 6:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සන්බල්ලට් හා ගෙෂෙම් මට පණිවුඩ එවමින්, “එන්න; ඕනෝ තැන්නේ ගම්මානයකදී අපි එකට මුණගැසෙමු” යි කියා එවූහ. එහෙත් ඔවුන් අදහස් කළේ මට අනතුරු කරන්නට ය. එබැවින් මම මෙසේ කියමින්, පණිවුඩකරුවන් ඔවුන් වෙත යැවුවෙමි: “මා මහත් කාරියකට අත ගසා සිටින බැවින් එන්නට නො හැකියි. මේ වැඩය හැර ඔබ වෙත එන්නට මේ වැඩේ නැවැත්විය යුත්තේ කුමට ද?”
නෙහෙමියා 6:2-3 Sinhala Revised Old Version (SROV)
එවිට සන්බලාට්ද ගෙෂෙම්ද: එන්න, අපි ඕනෝහි සමභූමියේ ගම්වලින් එකක සම්මුඛවෙමුයයි මට කියා එවුවෝය. නුමුත් ඔව්හු මට අනතුරු කරන්ට සිතුවෝය. මම ඔවුන් ළඟට පණිවිඩකාරයන් යවමින්: මම මහත් වැඩක යෙදී සිටිමි, ඒ නිසා එන්ට බැරිය. මා විසින් වැඩ අත්හැරදමා නුඹලා වෙතට එන පිණිස වැඩය නවතින්නේ කුමටදැයි කියෙවුවෙමි.
නෙහෙමියා 6:2-3 Sinhala New Revised Version (NRSV)
එවිට සන්බලට් ද ගෙෂෙම් ද, “එන්න, ඕනෝහි සමභූමියේ ගම්වලින් එකක අපි සම්මුඛ වෙමු”යි මට ආරාධනා කර එවුවෝ ය. එහෙත්, මෙය ඔවුන් මට අනතුරු කරන්නට යෙදූ උපායකි. මම ඔවුන් ළඟට පණිවුඩකාරයන් යවමින්, “මම වැදගත් වැඩක යෙදී සිටිමි. ඒ නිසා එන්නට නොහැකි ය. ඔබ වෙත පැමිණෙන පිණිස මා මේ වැඩ අත්හැරියොත් වැඩය නවතිනු ඇතැ”යි කියා යැව්වෙමි.
නෙහෙමියා 6:2-3 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට සන්බලට් ද ගෙෂෙම් ද, “එන්න, ඕනෝහි සමභූමියේ ගම්වලින් එකක අපි සම්මුඛ වෙමු”යි මට ආරාධනා කර එවුවෝ ය. එහෙත්, මෙය ඔවුන් මට අනතුරු කරන්නට යෙදූ උපායකි. මම ඔවුන් ළඟට පණිවුඩකාරයන් යවමින්, “මම වැදගත් වැඩක යෙදී සිටිමි. ඒ නිසා එන්නට නොහැකි ය. ඔබ වෙත පැමිණෙන පිණිස මා මේ වැඩ අත්හැරියොත් වැඩය නවතිනු ඇතැ”යි කියා යැව්වෙමි.
නෙහෙමියා 6:2-3 New International Version (NIV)
Sanballat and Geshem sent me this message: “Come, let us meet together in one of the villages on the plain of Ono.” But they were scheming to harm me; so I sent messengers to them with this reply: “I am carrying on a great project and cannot go down. Why should the work stop while I leave it and go down to you?”