නෙහෙමියා 6:14-16
නෙහෙමියා 6:14-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ මගේ දෙවියන්වහන්ස, ටෝබීයා හා සන්බල්ලට් කළ මේ දෑට අනුව ඔවුන් සිහි කළ මැනව; නෝවදියා දිවැසිවරිය ද මා භය ගන්වන්නට උත්සාහ දැරූ සෙසු දිවැසිවරුන් ද සිහි කළ මැනව. මෙසේ එලූල් මස විසිපස්වනදා, දින පනස් දෙකකදී පවුර සම්පූර්ණ කෙරිණි. අපගේ සියලු සතුරන් මේ ගැන ඇසූ කල, අවට වූ සියලු ජාතීහු භය වූහ. ඔවුන්ගේ ආත්ම විශ්වාසය නැති විය. මන්ද මේ වැඩය සම්පූර්ණ කරන ලද්දේ අපගේ දෙවියන්වහන්සේගේ උපකාරය ඇතුව වග ඔවුහු වටහා ගත්හ.
නෙහෙමියා 6:14-16 Sinhala Revised Old Version (SROV)
මාගේ දෙවියන්වහන්ස, ටෝබියාද සන්බලාට්ද කළ මේ ක්රියාවල හැටියට, ඔවුන් සහ ප්රොපේතවරිය වූ නෝවදියාද මා භයගන්වන්ට උත්සාහකළ අනික් ප්රොපේතවරුන්ද සිහිකළ මැනව. පවුර වනාහි පනස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස්වෙනිදා තීන්දු විය. අපේ සියලු සතුරන් ඒ බව ඇසූකල අප අවට සිටි සියලු ජාතීහු භයවූහ, ඔවුන්ගේ ධෛර්යයද බොහෝ අඩුවුණේය. මක්නිසාද මේ වැඩ ඉෂ්ටවුණේ අපේ දෙවියන්වහන්සේ කරණකොටගෙන බව ඔවුන්ට පෙනුණේය.
නෙහෙමියා 6:14-16 Sinhala New Revised Version (NRSV)
“මාගේ දෙවියන් වහන්ස, ටෝබියා ද සන්බලට් ද කළ මේ ක්රියා නිසා, ඔවුන් සහ දිවැසිවරිය වන නෝවදියා ද මා බිය ගන්වන්නට උත්සාහ කළ අනෙක් දිවැසිවරුන් ද අමතක නොකරන්න.” පණස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස් වන දා පවුරේ වැඩ නිම කරන ලදී. අපේ සියලු සතුරන් ඒ බව ඇසූ විට ද අප අවට සිටි සියලු ජාතීන් එය දුටු විට ද එය විස්මයජනක යැයි සිතා, මේ වැඩය ඉටු වුණේ අපේ දෙවියන් වහන්සේගේ උපකාරයෙන් බව ඔව්හු තේරුම්ගත්හ.
නෙහෙමියා 6:14-16 Sinhala New Revised Version 2018 (SNRV)
“මාගේ දෙවියන් වහන්ස, ටෝබියා ද සන්බලට් ද කළ මේ ක්රියා නිසා, ඔවුන් සහ දිවැසිවරිය වන නෝවදියා ද මා බිය ගන්වන්නට උත්සාහ කළ අනෙක් දිවැසිවරුන් ද අමතක නොකරන්න.” පනස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස් වන දා පවුරේ වැඩ නිම කරන ලදී. අපේ සියලු සතුරන් ඒ බව ඇසූ විට ද අප අවට සිටි සියලු ජාතීන් එය දුටු විට ද එය විස්මයජනක යැයි සිතා, මේ වැඩය ඉටු වුණේ අපේ දෙවියන් වහන්සේගේ උපකාරයෙන් බව ඔව්හු තේරුම්ගත්හ.
නෙහෙමියා 6:14-16 New International Version (NIV)
Remember Tobiah and Sanballat, my God, because of what they have done; remember also the prophet Noadiah and how she and the rest of the prophets have been trying to intimidate me. So the wall was completed on the twenty-fifth of Elul, in fifty-two days. When all our enemies heard about this, all the surrounding nations were afraid and lost their self-confidence, because they realized that this work had been done with the help of our God.