නෙහෙමියා 5:9-19
නෙහෙමියා 5:9-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එනිසා මම දිගට ම කතා කරමින්, “ඔබ කරන දේ හොඳ නැත. අපගේ විජාතික සතුරන්ගේ අපහාස වළකනු පිණිස අප අපගේ දෙවියන්වහන්සේට භය පක්ෂපාතී ව හැසිරිය යුතු නො වේ ද? මා ද මගේ සහෝදරයින් හා මගේ සේවකයින් ඔවුන්ට මුදල් හා ධාන්‍ය ණයට දෙනවා. එහෙත් මේ පොලී ගැනීම අත්හැර දමමු. ඔවුන්ගේ කෙත් වතු, මිදි වතු, ඔලීව වතු හා ඔවුන්ගේ නිවෙස් ද ඒ වගේ ම මුදලින්, ධාන්‍යවලින්, අලුත් මිදි යුෂවලින් හා තෙල්වලින් ඔබ ඔවුන්ගෙන් අය කරන ලද පොලිය වන සියයයේ පංගුව ද අද ම ඔවුන්ට ආපසු දෙන්නැ” යි පැවසීමි. “අපි ඒක ආපහු දෙන්නම්” යි පැවසූ ඔවුහු, “කිසිවක් අප ඔවුන්ගෙන් ඉල්ලන්නේ නැහැ. ඔබ අපට කී ලෙස අපි කරන්නෙමු” යි පැවසූහ. එවිට මම පූජකයින් කැඳවා, ඔවුන් පොරොන්දු වූ දේ ඉටු කරන හැටියට දිවුරුමක් කරන්නට සැලැස්වීමි. මම මගේ ඔඩොක්කුව ගසා දමා, “මේ පොරොන්දුව ඉටු නො කරන හැම මිනිසකු ම ඔහුගේ නිවසින් ද ඔහුගේ දේපොළවලින් ද දෙවියන්වහන්සේ මේ අයුරින් පිටතට ගසා දමන සේක්වා! මෙසේ ඒ මිනිසා සොලවනු ලැබ, හිස් වේවා!” යි කීමි. එවිට මුළු සභාව, “ආමෙන්!” කියා ස්වාමින්වහන්සේට ප්‍රශංසා කළහ. එසේ ජනයා පොරොන්දු වූ පරිදි ක්‍රියා කළහ. තවද අර්තාෂස්තා රජුගේ විසිවන අවුරුද්දේ පටන්, යූදා දේශයේ ඔවුන්ගේ ආණ්ඩුකරු ලෙස මා පත් කරනු ලැබූ කාලයේ පටන්, ඔහුගේ තිස්දෙවන අවුරුද්ද දක්වා දොළොස් වසරක් මා හෝ මගේ සහෝදරයින් හෝ ආණ්ඩුකරුට නියමිත ආහාර ගත්තේ නැත. එහෙත් මට කලින් සිටි ආණ්ඩුකාරවරු කෑමවලටත්, මිදි යුෂවලටත් අමතරව රිදී ෂෙකෙල් හතළිහක් අය කිරීමෙන් මහ බරක් ජනතාව පිට පැටවූහ. ඔවුන්ගේ සහායකයින් ද එසේ ම ජනතාව කෙරෙහි ආධිපත්‍යය දැරූහ. එහෙත් දෙවියන්වහන්සේට වූ භය නිසා මා එසේ කළේ නැත. ඒ වෙනුවට මේ පවුර ගොඩ නැගීමට මම කැප වීමි. මගේ සියලු මිනිසුන් ද එහි වැඩට එකතු වූහ; අප කිසි ඉඩමක් අත්පත් කර ගත්තේ නැත. තවද යුදෙව්වරුන් හා නිලධාරීන් ද අප අවට ජාතීන් වෙතින් අප වෙත ආ අය ද ඇතුළු එකසිය පනස්දෙනකු කෑම ගත්තේ මගේ මේසයෙනි. හැම දිනක ම වස්සකු ද තර බැටළුවන් හය දෙනකු ද කුකුළන් කීප දෙනකු ද මා සඳහා පිළියෙල කෙරිණි. හැම දින දහයකට ම වරක් හැම වර්ගයේ ම මිදි යුෂ තොගයක් සැපයිණි. එහෙත් මේ ජනයාට දරන්නට නො හැකි බැවින් ආණ්ඩුකරුට නියමිත කෑම කිසි කලෙකත් මා ඉල්ලුවේ නැත. මේ ජනයා උදෙසා මා කළ සියල්ල නිසා ප්‍රසාදයෙන් යුතු ව මා සිහි කළ මැනව, අහෝ මගේ දෙවියන්වහන්ස.
නෙහෙමියා 5:9-19 Sinhala Revised Old Version (SROV)
තවත් මම කථාකොට: නුඹලා කරන දේ හොඳ නැත. අපේ සතුරන්වූ ජාතීන්ගේ නින්දා නිසා නුඹලා අපේ දෙවියන්වහන්සේට භය ඇතුව හැසිරිය යුතුනොවේද? මමත් මාගේ සහෝදරයොත් සේවකයොත් ඔවුන්ට මුදල්ද ධාන්‍යද පොළියට දෙමින් සිටිමුව. මෙයාකාර පොළීගැනීම අත්හරිමු. ඔවුන්ගේ කෙත්ද මිදි වතුද ඔලීව වතුද ගෙවල්ද, මුදල්වලටත් ධාන්‍යවලටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් නුඹලා ඔවුන්ගෙන් අයකරන සියයෙන් කොටසද, අදම ඔවුන්ට නැවත දෙන්නැයි කීමි. එවිට ඔව්හු: අපි ඒවා නැවත දී, ඔවුන්ගෙන් කිසිත් අය නොකර, ඔබ කියන ලෙසම කරන්නෙමුයයි කීවෝය. එවිට මම පූජකයන්ට අඬගසා, මේ කීම ලෙස කරන්ට ඔවුන් දිවුරවා, මාගේ ඔඩොක්කුව ගසාදමා කථාකොට: මේ කීම ඉෂ්ට නොකරන කවුරු නුමුත් තම තමාගේ ගෙයිනුත් වැඩපළවලිනුත් දෙවියන්වහන්සේ මෙසේ ගසාදමනසේක්වා; ඔහු මෙසේ ගසාදමනු ලැබ හිස්වේවායි කීවේය. එවිට මුළු සභාව: ආමෙන් කියා ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළාහ. සෙනඟ මේ කීමේ හැටියට කළෝය. තවද යූදා දේශයේ ඔවුන්ගේ දිශාධිපතියා කොට මා පත්කරනු ලැබූ දවසේ සිට, එනම් අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්දේ පටන් තිස්දෙවෙනි අවුරුද්ද දක්වා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ, මමවත් මාගේ සහෝදරයෝවත් දිශාධිපතියාට නිසි කෑම නොකෑවෙමු. නුමුත් මට ඉස්සරින් සිටි පළමු දිශාධිපතීහු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී ෂෙකෙල් හතළිහකුත් ගත්තෝය; එසේය, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟ කෙරෙහි ආණ්ඩුකළෝය. එහෙත් මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි නිසා එසේ නොකෙළෙමි. එසේය, මම පවුරේ වැඩේම යෙදී සිටියෙමි, අපි කිසි බිමක් මිලේට නොගතිමු. මාගේ සියලු සේවකයෝද ඒ වැඩේට එහි රැස්වී සිටියෝය. ඇරත් යුදෙව්වරුන් සහ මුලාදෑනීන් එකසිය පනස් දෙනෙක්ද අප අවට සිටිය ජාතීන් වෙතින් අප ළඟට ආ තැනැත්තෝද මාගේ මේසයේ හිඳගත්තෝය. මට දවස්පතා පිළියෙළ කරනලද්දේ ගොනෙකුත් තර බැටළුවන් හදෙනෙකුත්ය; මේ හැර පක්ෂීන්ද දස දවසකට වරක් සියලු වර්ගවල මුද්‍රිකපාන බොහොමයක්ද පිළියෙළ කරනලද්දේය. එසේ වී නුමුත් මෙහෙවරය මේ සෙනඟට බරක්ව තිබුණු නිසා දිශාධිපතියාට නිසි කෑම නොඉල්ලීමි. මාගේ දෙවියන්වහන්ස, මේ සෙනඟ උදෙසා මා කළ සියල්ල මට යහපත පිණිස සිහිකළ මැනව.
නෙහෙමියා 5:9-19 Sinhala New Revised Version (NRSV)
මම තවදුරටත් කතා කරමින්, “ඔබ කරන දේ හොඳ නැත. අපේ සතුරන් වන අන්‍ය ජාතීන්ගේ අපහාසයට අප ලක් නොවන පිණිස, අපේ දෙවියන් වහන්සේට ගරුබිය ඇති ව හැසිරිය යුතු නොවේ ද? මමත්, මාගේ ඥාතියෝත්, සේවකයෝත් ඔවුන්ට මුදල් ද ධාන්‍ය ද පොළියට දෙමින් සිටිමු. මෙයාකාර පොළී ගැනීම අපි අත්හැරදමමු. ඔවුන්ගේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු ද ගෙවල් ද මුදල්වලටත් ධාන්‍යවලටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් ඔබ ඔවුන්ගෙන් අය කරන සියයෙන් කොටස ද අද ම ඔවුන්ට ආපසු දෙන්නැ”යි කීමි. එවිට ඔව්හු උත්තර දෙමින්, “අපි ඒවා ආපසු දී, ඔවුන්ගෙන් කිසිත් අය නොකර ඔබ කියන ලෙස ම කරන්නෙමු”යි කීවෝ ය. එවිට මම පූජකයන්ට අඬගසා, පොරොන්දුවේ හැටියට ක්‍රියා කරන ලෙස ඔවුන්ගෙන් දිවුරුම් ගතිමි. මම මාගේ බඳ පටිය ගසා දමා, හිස් බව පෙන්වා, කතා කොට, “මේ පොරොන්දුව ඉෂ්ට නොකරන කවුරුන් නමුත්, තම තමාගේ ගෙයිනුත්, වැඩපළවලිනුත් දෙවියන් වහන්සේ මෙසේ ගසා දමන සේක් වා! ඔහු මෙසේ ගසා දමනු ලැබ හිස් වේවා”යි කීවෙමි. එවිට මුළු සභාව, “ආමෙන්” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළහ. සෙනඟ මේ පොරොන්දුවේ ප්‍රකාරයට කළෝ ය. තවද, ජුදා දේශයේ ඔවුන්ගේ දිශාධිපතියා වශයෙන් මා පත් කරනු ලැබූ දවසේ සිට එනම්, අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ පටන් තිස් දෙ වන අවුරුද්ද දක්වා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ මාගේ ඥාතීහු වත්, මම වත් දිශාධිපතියාට හිමි කෑම නොකෑවෙමු. එහෙත්, මට පෙර සිටි පුරෝගාමි දිශාධිපතිවරු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී කාසි හතළිහකුත් අය කරගත්තෝ ය. ඒ පමණක් නොව, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟට හිරිහැර කළෝ ය. එහෙත්, මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි නිසා එසේ නොකෙළෙමි. එපමණක් නොව, මම පවුර සෑදීමේ වැඩට මාගේ මුළු ශ්‍රමය යෙදුවෙමි. මම කිසිදු ඉඩමක් මිලේට නොගතිමි. මාගේ සියලු සේවකයෝ ද ඒ වැඩය කිරීම සඳහා එහි රැස් ව සිටියෝ ය. අප අවට විසූ ජාතීන්ගෙන් අප වෙත පැමිණි අය හැර ජුදෙව්වරු සහ නිලධාරීහු එකසිය පණස්දෙනෙක් මාගේ කෑම මේසයෙන් සංග්‍රහ ලැබූ හ. මා සඳහා දවසකට ගොනෙකුත්, තර බැටළුවෝ හයදෙනෙකුත් පිළියෙළ කරන ලදහ. කුකුළෝ ද මා සඳහා පිළියෙළ කරන ලදහ. දස දවසකට වරක් මුද්‍රික පාන සම් බඳුන් තොග වශයෙන් ගෙනෙන ලදී. එසේ වුව ද, සෙනඟට බොහෝ බර උසුලන්නට තිබුණු නිසා දිශාධිපතියාට හිමි කෑම මම නොඉල්ලුවෙමි. “මාගේ දෙවියන් වහන්ස, මේ සෙනඟ උදෙසා මා කළ සියල්ල මාගේ යහපත පිණිස සිහි කළ මැනව.”
නෙහෙමියා 5:9-19 Sinhala New Revised Version 2018 (SNRV)
මම තවදුරටත් කතා කරමින්, “ඔබ කරන දේ හොඳ නැත. අපේ සතුරන් වන අන්‍ය ජාතීන්ගේ අපහාසයට අප ලක් නොවන පිණිස, අපේ දෙවියන් වහන්සේට ගරුබිය ඇති ව හැසිරිය යුතු නොවේ ද? මමත්, මාගේ ඥාතියෝත්, සේවකයෝත් ඔවුන්ට මුදල් ද ධාන්‍ය ද පොළියට දෙමින් සිටිමු. මෙයාකාර පොළී ගැනීම අපි අත්හැරදමමු. ඔවුන්ගේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු ද ගෙවල් ද මුදල්වලටත් ධාන්‍යවලටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් ඔබ ඔවුන්ගෙන් අය කරන සියයෙන් කොටස ද අද ම ඔවුන්ට ආපසු දෙන්නැ”යි කීමි. එවිට ඔව්හු උත්තර දෙමින්, “අපි ඒවා ආපසු දී, ඔවුන්ගෙන් කිසිත් අය නොකර ඔබ කියන ලෙස ම කරන්නෙමු”යි කීවෝ ය. එවිට මම පූජකයන්ට අඬගසා, පොරොන්දුවේ හැටියට ක්‍රියා කරන ලෙස ඔවුන්ගෙන් දිවුරුම් ගතිමි. මම මාගේ බඳ පටිය ගසා දමා, හිස් බව පෙන්වා, කතා කොට, “මේ පොරොන්දුව ඉෂ්ට නොකරන කවුරුන් නමුත්, තම තමාගේ ගෙයිනුත්, වැඩපළවලිනුත් දෙවියන් වහන්සේ මෙසේ ගසා දමන සේක් වා! ඔහු මෙසේ ගසා දමනු ලැබ හිස් වේවා”යි කීවෙමි. එවිට මුළු සභාව, “ආමෙන්” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළහ. සෙනඟ මේ පොරොන්දුවේ ප්‍රකාරයට කළෝ ය. තවද, ජුදා දේශයේ ඔවුන්ගේ දිශාධිපතියා වශයෙන් මා පත් කරනු ලැබූ දවසේ සිට එනම්, අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ පටන් තිස් දෙ වන අවුරුද්ද දක්වා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ මාගේ ඥාතීහු වත්, මම වත් දිශාධිපතියාට හිමි කෑම නොකෑවෙමු. එහෙත්, මට පෙර සිටි පුරෝගාමි දිශාධිපතිවරු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී කාසි හතළිහකුත් අය කරගත්තෝ ය. ඒ පමණක් නොව, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟට හිරිහැර කළෝ ය. එහෙත්, මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි නිසා එසේ නොකෙළෙමි. එපමණක් නොව, මම පවුර සෑදීමේ වැඩට මාගේ මුළු ශ්‍රමය යෙදුවෙමි. මම කිසිදු ඉඩමක් මිලේට නොගතිමි. මාගේ සියලු සේවකයෝ ද ඒ වැඩය කිරීම සඳහා එහි රැස් ව සිටියෝ ය. අප අවට විසූ ජාතීන්ගෙන් අප වෙත පැමිණි අය හැර ජුදෙව්වරු සහ නිලධාරීහු එකසිය පනස්දෙනෙක් මාගේ කෑම මේසයෙන් සංග්‍රහ ලැබූ හ. මා සඳහා දවසකට ගොනෙකුත්, තර බැටළුවෝ හයදෙනෙකුත් පිළියෙළ කරන ලදහ. කුකුළෝ ද මා සඳහා පිළියෙළ කරන ලදහ. දස දවසකට වරක් මුද්‍රික පාන සම් බඳුන් තොග වශයෙන් ගෙනෙන ලදී. එසේ වුව ද, සෙනඟට බොහෝ බර උසුලන්නට තිබුණු නිසා දිශාධිපතියාට හිමි කෑම මම නොඉල්ලුවෙමි. “මාගේ දෙවියන් වහන්ස, මේ සෙනඟ උදෙසා මා කළ සියල්ල මාගේ යහපත පිණිස සිහි කළ මැනව.”
නෙහෙමියා 5:9-19 New International Version (NIV)
So I continued, “What you are doing is not right. Shouldn’t you walk in the fear of our God to avoid the reproach of our Gentile enemies? I and my brothers and my men are also lending the people money and grain. But let us stop charging interest! Give back to them immediately their fields, vineyards, olive groves and houses, and also the interest you are charging them—one percent of the money, grain, new wine and olive oil.” “We will give it back,” they said. “And we will not demand anything more from them. We will do as you say.” Then I summoned the priests and made the nobles and officials take an oath to do what they had promised. I also shook out the folds of my robe and said, “In this way may God shake out of their house and possessions anyone who does not keep this promise. So may such a person be shaken out and emptied!” At this the whole assembly said, “Amen,” and praised the LORD. And the people did as they had promised. Moreover, from the twentieth year of King Artaxerxes, when I was appointed to be their governor in the land of Judah, until his thirty-second year—twelve years—neither I nor my brothers ate the food allotted to the governor. But the earlier governors—those preceding me—placed a heavy burden on the people and took forty shekels of silver from them in addition to food and wine. Their assistants also lorded it over the people. But out of reverence for God I did not act like that. Instead, I devoted myself to the work on this wall. All my men were assembled there for the work; we did not acquire any land. Furthermore, a hundred and fifty Jews and officials ate at my table, as well as those who came to us from the surrounding nations. Each day one ox, six choice sheep and some poultry were prepared for me, and every ten days an abundant supply of wine of all kinds. In spite of all this, I never demanded the food allotted to the governor, because the demands were heavy on these people. Remember me with favor, my God, for all I have done for these people.