නෙහෙමියා 4:7-23

නෙහෙමියා 4:7-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එහෙත් යෙරුසලම් පවුරේ ඉදිකිරීම් ඉදිරියට කර ගෙන යන වගත්, එහි කැඩුම්-බිඳුම් වැසීම ඇරඹී ඇති වගත් ඇසූ සන්බල්ලට්, ටෝබීයා, අරාබිවරු, අම්මොන්වරු හා අෂ්දෝද් මිනිස්සු මහත් කෝපයට පත් වූහ. ඔවුහු සියල්ලෝ එක් ව යෙරුසලමට එරෙහිව සටන් කරන්නට ඒමටත්, ඊට එරෙහිව වියවුලක් හටගන්වන්නටත් කුමන්ත්‍රණ කළහ. එහෙත් අපි අපේ දෙවියන්වහන්සේට යාච්ඤා කර, ඔවුන්ට එරෙහිව දිවා-රාත්‍රී මුරකාවක් තැබුවෙමු. මේ අතර යූදාහි මෙසේ කියැවිණ: “බර අදින්නන්ගේ ශක්තිය හීන වී යයි. සුන්බුන් ගොඩ බොහෝ ය. පවුර ගොඩනැගීම අපට කළ නො හැකි ය” යනුයි. තවද අපේ සතුරෝ කතා කොට, “ඔවුන් දැනගන්නට කලින්, අප දකින්නටත් කලියෙන් අපි ඔවුන් මැදට පැන, ඔවුන් මරා දමා, වැඩේ නවතා දමමු” යි කීහ. එකල ඔවුන් අසල විසූ යුදෙව්වරු හැම දෙසින් ම අප වෙත අවුත්, “ඔබ අප වෙත ආපසු ආ යුතු යැ” යි දහ වතාවක් කීහ. එබැවින් පවුරේ පහත් කොටස්වලට පිටුපසින් වූ එළිමහන් තැන්වල ජනයාගෙන් ඇතැම් දෙනකු ඔවුන්ගේ පෙළපත් අනුව මා ස්ථානගත කළේ ඔවුන්ගේ කඩු, හෙල්ල හා දුනු සමඟිනි. තත්වය විමසා බලා, මම නැගිට, වංශවතුන්, නිලධාරීන් හා සෙසු ජනයා අමතමින්, “ඔවුන්ට භයවන්නට එපා; ස්වාමින් උත්තම වූ භයංකර තැනැන්වහන්සේ වග සිහි තබාගෙන, ඔබේ සහෝදරයින්, ඔබේ පුතුන් හා ඔබේ දූවරුන්, ඔබේ භාර්යාවන් හා ඔබේ නිවෙස් උදෙසා සටන් කරන්නැ” යි කීවෙමි. හැම දේ අප දන්නා වග ද දෙවියන්වහන්සේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ වග ද අපේ සතුරන්ට අසන්නට ලැබුණු පසු, අප හැම අප එකිනෙකාට නියමිත වැඩට පවුර වෙත ආපසු ගියෙමු. ඒ දවසේ පටන් මගේ මිනිසුන්ගෙන් අඩක් ගොඩ නැගීමෙහි යෙදුන අතර අනෙක් කොටස හෙල්ල, පලිහ හා දුනු දරමින් යුද්ධ සැට්ට හැඳ සිටියහ. අධිපතීන් මුළු යූදා ජනයාට පිටුපසින් ආවරණය දෙද්දී ඔවුහු පවුර ගොඩ නැගීමේ යෙදුණහ. බර ඇද්ද අය එක් අතකින් වැඩ කළ අතර අනෙක් අතේ ආයුධයක් දැරූහ. ගොඩ නගන්නන් හැම කෙනෙක් ම වැඩ කරද්දී, තම කඩුව තම ඉඟටියේ බැඳ සිටියහ. එහෙත් බැටළු අං හොරණෑව හැඬ වූ මිනිසා සිටියේ මා ළඟිනි. ඉන්පසු මම වංශවතුන් ද නිලධාරීන් ද සෙසු ජනයා ද අමතමින්, “මෙය ඉතා මහත් කාරියක්; පුළුල් ව පැතිරුණු කාරියක්. පවුර දිගට අප සිටින්නේ එකිනෙකාගෙන් දුරස් වෙලයි. හොරණෑ නාදය ඇසෙන්නේ කොතැනින් ද එතැනට අප වෙත රැස් වන්න; අපේ දෙවියන්වහන්සේ අප උදෙසා සටන් කරන සේකැ!” යි පැවසීමි. එසේ අලුයම හිරු උදාවේ පටන් රෑ තරු පායන තෙක් එක දිගට අප වැඩ කළේ මිනිසුන්ගෙන් හරි අඩක් හෙල්ල දරමින් සිටියදී ය. එකල ජනයා ඇමතූ මම, “හැම කෙනකු ම තම සේවකයා සමඟ යෙරුසලමේ රැය ගත කරත්වා; එවිට රැයේ මුරට ද දහවලට වැඩට ද අප උදෙසා ඔවුන්ට උර දිය හැකි යැ” යි කීවෙමි. මෙසේ මා හෝ මගේ සහෝදරයින් හෝ මගේ සේවකයින් හෝ මා සමඟ මුරට සිටි මිනිසුන් හෝ අපේ ඇඳුම් ගැලවූයේ නැත. හැම කෙනකු ම සිටියේ තම ආයුධය සුරතේ ඇති ව ය.

නෙහෙමියා 4:7-23 Sinhala Revised Old Version (SROV)

තවද යෙරුසලමේ පවුරු හරිගැස්සීම ඉෂ්ටවෙන බවත් එහි බිඳුම් අහුරාගනයන බවත් සන්බලාට්ද ටෝබියාද අරාබිවරුද අම්මොන්වරුද අෂ්දොද්වරුද අසා, ඉතා කෝපවූහ; ඔවුන් සියල්ලෝම යෙරුසලමට විරුද්ධව යුද්ධකර එහි වියවුලක් හටගන්වන්ට එක්ව කුමන්ත්‍රණයකළෝය. නුමුත් අපි, අපේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට ඔවුන් නිසා රෑ දාවල් ඔවුන්ට විරුද්ධව මුරතැබීමුව. යූදාවරු කථාකොට: බර ගෙනයන්නන්ගේ ශක්තිය හීනවී තිබේ, පස් ගොඩගැසී තිබේ; එබැවින් අපට පවුර ගොඩනගන්ට බැරියයි කීවෝය. අපේ එදිරිකාරයෝ කථාකොට: අප ඔවුන් මැදට පැමිණ ඔවුන් මරා දමා, වැඩේ නවත්වන තුරු, ඔවුන්ට දැනෙන්නේවත් පෙනෙන්නේවත් නැතැයි කීවෝය. තවද ඔවුන් ළඟ විසූ යුදෙව්වරු සියලු ස්ථානවලින් ඇවිත් දස වරක් අපට කථාකොට: නුඹලා අප ළඟට හැරී එන්ට ඕනෑයයි කීවෝය. ඒ නිසා මම පවුරට පිටිපස්සෙන් පහත්වූ එළිමහන් ඉඩම්වල සෙනඟ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත් හෙල්ලත් දුනුත් ඇතුව සිටෙවුවෙමි. මම බලා, නැගිට, උත්තමයන්ටත් මුලාදෑනීන්ටත් ඉතිරි මිනිසුන්ටත් කථාකොට: ඔවුන් ගැන භය නොවෙන්න. මහත්ව භයංකරව සිටින ස්වාමීන්වහන්සේ සිහිකරමින් නුඹලාගේ සහෝදරයන්ද පුත්‍රයන්ද දූවරුන්ද භාර්යාවන්ද ගෙවල්ද උදෙසා සටන්කරන්නැයි කීවෙමි. තවද අප ඒක දැනගත් බවද දෙවියන්වහන්සේ ඔවුන්ගේ මන්ත්‍රණය නිෂ්ඵල කළ බවද අපේ සතුරන්ට ආරංචිවූ කල, අපි සියල්ලෝම එකිනෙකා තම තමාගේ වැඩකිරීමට පවුරට හැරීගියෙමු. එතැන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩේ යෙදී සිටියෝය, කොටසක් හෙල්ලද පලිස්ද දුනුද යුද්ධ සැට්ටද රැගෙන සිටියෝය; අධිපතියෝද මුළු යූදා වංශයට පස්සෙන් සිටියෝය. පවුර ගොඩනගන්නෝද බර ගෙනයන්නෝද තුමූම බර පටවාගෙන, එක අතකින් වැඩකරමින්, අනික් අතින් ආයුධයක් රැගෙන සිටියාහ. ගොඩනගන්නෝද එකිනෙකා තම තමාගේ කඩුව ඉඟටියේ බැඳගන ගොඩ නැගුවෝය. හොරණෑ පිඹින්නා මා ළඟ සිටියේය. මම උත්තමයන්ටත් මුලාදෑනීන්ටත් ඉතිරි මිනිසුන්ටත් කථාකොට: මේ වැඩේ මහත්ය, විශාලය, අපි පවුර පිට විසිරී එකිනෙකාගෙන් දුරව සිටිමුව. යම් තැනකින් නුඹලාට හොරණෑ ශබ්දය ඇසේද, එහි අප ළඟට රැස්වෙන්න; අපේ දෙවියන්වහන්සේ අප උදෙසා සටන්කරනසේකැයි කීමි. මෙසේ වැඩේ යෙදී සිටියෙමු. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් අලුයම් වේලේ පටන් තරු පෙනෙන තුරු හෙල්ල රැගෙන සිටියෝය. එම කාලයේ මම සෙනඟට තවත් කථාකොට: රාත්‍රියේ අපට රැකවලක් වන පිණිසත් දහවල් වැඩකරන පිණිසත් එකිනෙකා තම තමාගේ මෙහෙකරුවා සමඟ රාත්‍රියේ යෙරුසලමෙහි සිටීවයි කීවෙමි. මමවත් මාගේ සහෝදරයෝවත් මාගේ සේවකයෝවත් මා කැටුව ආවාවූ රැකවල්ලුවත් ඇඳුම් නොගැළෙවුවෙමු, එකිනෙකා තම තමාගේ ආයුධ ඇතුවම වතුර ළඟට ගියේය.

නෙහෙමියා 4:7-23 Sinhala New Revised Version (NRSV)

ජෙරුසලමේ පවුර අලුත්වැඩියා කිරීමේ වැඩ ඉෂ්ට වන බවත්, එහි කැඩුම්බිඳුම් හරිගස්සාගෙන යන බවත් අසා, සන්බලට් ද ටෝබියා ද අරාබිවරු ද අම්මොන්වරු ද අෂ්දොද්වරු ද ඉතා කෝපාවිෂ්ට වූ හ. ඔව්හු සියල්ලෝ ම ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කර එහි වියවුලක් හටගන්වන්නට එක් ව කුමන්ත්‍රණය කළෝ ය. එහෙත්, අපි අපේ දෙවියන් වහන්සේට යාච්ඤා කර, ඔවුන්ගෙන් ආරක්ෂා වන පිණිස රෑ දාවල් දෙක්හි මුර තැබීමු. ජුදාවරු කතා කොට, “බර ගෙන යන අයගේ ශක්තිය හීන වී තිබේ; කුණුකන්දල් ගොඩගැසී තිබේ. එබැවින් අපට පවුර ගොඩනඟන්නට නොහැකි ය”යි කී හ. අපේ එදිරිකාරයෝ කතා කොට, “ඔවුන් දැනගන්නට වත්, කිසිවක් දකින්නට වත් පෙර, අපි ඔවුන් පිට කඩා පැන, ඔවුන් මරාදමා ඔවුන්ගේ වැඩ නවත්වන්නෙමු”යි කී හ. තවද, ඔවුන් අතර විසූ ජුදෙව්වරු පැමිණ, “ඔවුන්, ජීවත් ව සිටින සියලු තැන්වලින් අවුත්, අප පිට කඩා පනිනු ඇතැ”යි කීප වරක් ම අපට කී හ. ඒ නිසා මම පවුරට පිටුපසින් තිබූ පහත් එළිමහන් ඉඩම්වල තමන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත්, හෙල්ලත්, දුනුත් ඇති ව සෙනඟ සිටෙවුවෙමි. මම කරුණු විමසා බලා නැඟිට, නායකයන්ටත්, නිලධාරීන්ටත්, ඉතිරි සෙනඟටත් කතා කොට, “ඔවුන් ගැන බිය නොවන්න. බියජනක ශ්‍රේෂ්ඨ සමිඳාණන් වහන්සේ සිහි කරමින්, ඔබේ ඥාතීන් ද පුත්‍රයන් ද දූවරුන් ද භාර්යාවන් ද ගෙවල් ද උදෙසා සටන් කරන්නැ”යි කීවෙමි. තවද, අප ඒ දේ දැනගත් බව ද දෙවියන් වහන්සේ ඔවුන්ගේ මන්ත්‍රණය ව්‍යර්ථ කළ බව ද අපේ සතුරන්ට ආරංචි වූ කල, අපි සියල්ලෝ ම එකිනෙකා තම තමාගේ වැඩ කිරීමට පවුරට ආපසු ගියෙමු. එතැන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩවල යෙදී සිටියෝ ය. කොටසක් හෙල්ල ද පලිස් ද දුනු ද යුද්ධ සැට්ට ද රැගෙන සිටියෝ ය. අධිපතියෝ ද පවුර ගොඩනැඟීම කළ මුළු ජුදා සෙනඟගේ වැඩ පරිපාලනය කළෝ ය. බර උසුලාගෙන යන අය එක අතකින් වැඩ කරමින්, අනික් අතින් ආයුධයක් රැගෙන සිටියෝ ය. ගොඩනඟන අය ද එකිනෙකා තම තමාගේ කඩුව ඉඟටියේ බැඳගෙන ගොඩනැඟුවෝ ය. හොරණෑ පිඹින්නා මා ළඟ සිටියේ ය. මම නායකයන්ටත්, නිලධාරීන්ටත්, ඉතිරි සෙනඟටත් කතා කොට, “මෙය ඉතා වැදගත් විශාල වැඩකි. අපි පවුර පිට විසිරී එකිනෙකාගෙන් දුරස්තර ව සිටිමු. යම් තැනකින් ඔබට හොරණෑ ශබ්දය ඇසේ ද, එතැන සිට අප ළඟට රැස් වන්න. අපේ දෙවියන් වහන්සේ අප උදෙසා සටන් කරන සේකැ”යි කීමි. මෙසේ අපි වැඩෙහි නියුක්ත ව සිටියෙමු. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් අලුයම් වේලේ පටන් තාරකා පෙනෙන තුරු හෙල්ල රැගෙන සිටියෝ ය. එකල මම සෙනඟට තවදුරටත් කතා කොට, “රාත්‍රියේ අපට රැකවලක් වන පිණිසත්, දවල් වැඩ කරන පිණිසත් එක එකා තම තමාගේ මෙහෙකරුවා සමඟ ජෙරුසලමෙහි රාත්‍රිය ගත කෙරේවා”යි කීවෙමි. මාගේ ඥාතීහු වත්, මාගේ සේවකයෝ වත්, මා කැටුව පැමිණි රැකවල්ලු වත්, මම වත් ඇඳුම් නොගැලෙව්වෙමු. එකිනෙකා තම තමාගේ ආයුධ අතේ ඇති ව සිටියෝ ය.

නෙහෙමියා 4:7-23 Sinhala New Revised Version 2018 (SNRV)

නෙහෙමියා 4:7-23 New International Version (NIV)

But when Sanballat, Tobiah, the Arabs, the Ammonites and the people of Ashdod heard that the repairs to Jerusalem’s walls had gone ahead and that the gaps were being closed, they were very angry. They all plotted together to come and fight against Jerusalem and stir up trouble against it. But we prayed to our God and posted a guard day and night to meet this threat. Meanwhile, the people in Judah said, “The strength of the laborers is giving out, and there is so much rubble that we cannot rebuild the wall.” Also our enemies said, “Before they know it or see us, we will be right there among them and will kill them and put an end to the work.” Then the Jews who lived near them came and told us ten times over, “Wherever you turn, they will attack us.” Therefore I stationed some of the people behind the lowest points of the wall at the exposed places, posting them by families, with their swords, spears and bows. After I looked things over, I stood up and said to the nobles, the officials and the rest of the people, “Don’t be afraid of them. Remember the Lord, who is great and awesome, and fight for your families, your sons and your daughters, your wives and your homes.” When our enemies heard that we were aware of their plot and that God had frustrated it, we all returned to the wall, each to our own work. From that day on, half of my men did the work, while the other half were equipped with spears, shields, bows and armor. The officers posted themselves behind all the people of Judah who were building the wall. Those who carried materials did their work with one hand and held a weapon in the other, and each of the builders wore his sword at his side as he worked. But the man who sounded the trumpet stayed with me. Then I said to the nobles, the officials and the rest of the people, “The work is extensive and spread out, and we are widely separated from each other along the wall. Wherever you hear the sound of the trumpet, join us there. Our God will fight for us!” So we continued the work with half the men holding spears, from the first light of dawn till the stars came out. At that time I also said to the people, “Have every man and his helper stay inside Jerusalem at night, so they can serve us as guards by night and as workers by day.” Neither I nor my brothers nor my men nor the guards with me took off our clothes; each had his weapon, even when he went for water.