නෙහෙමියා 4:21-22
නෙහෙමියා 4:21-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසේ අලුයම හිරු උදාවේ පටන් රෑ තරු පායන තෙක් එක දිගට අප වැඩ කළේ මිනිසුන්ගෙන් හරි අඩක් හෙල්ල දරමින් සිටියදී ය. එකල ජනයා ඇමතූ මම, “හැම කෙනකු ම තම සේවකයා සමඟ යෙරුසලමේ රැය ගත කරත්වා; එවිට රැයේ මුරට ද දහවලට වැඩට ද අප උදෙසා ඔවුන්ට උර දිය හැකි යැ” යි කීවෙමි.
නෙහෙමියා 4:21-22 Sinhala Revised Old Version (SROV)
මෙසේ වැඩේ යෙදී සිටියෙමු. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් අලුයම් වේලේ පටන් තරු පෙනෙන තුරු හෙල්ල රැගෙන සිටියෝය. එම කාලයේ මම සෙනඟට තවත් කථාකොට: රාත්රියේ අපට රැකවලක් වන පිණිසත් දහවල් වැඩකරන පිණිසත් එකිනෙකා තම තමාගේ මෙහෙකරුවා සමඟ රාත්රියේ යෙරුසලමෙහි සිටීවයි කීවෙමි.
නෙහෙමියා 4:21-22 Sinhala New Revised Version (NRSV)
මෙසේ අපි වැඩෙහි නියුක්ත ව සිටියෙමු. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් අලුයම් වේලේ පටන් තාරකා පෙනෙන තුරු හෙල්ල රැගෙන සිටියෝ ය. එකල මම සෙනඟට තවදුරටත් කතා කොට, “රාත්රියේ අපට රැකවලක් වන පිණිසත්, දවල් වැඩ කරන පිණිසත් එක එකා තම තමාගේ මෙහෙකරුවා සමඟ ජෙරුසලමෙහි රාත්රිය ගත කෙරේවා”යි කීවෙමි.
නෙහෙමියා 4:21-22 Sinhala New Revised Version 2018 (SNRV)
මෙසේ අපි වැඩෙහි නියුක්ත ව සිටියෙමු. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් අලුයම් වේලේ පටන් තාරකා පෙනෙන තුරු හෙල්ල රැගෙන සිටියෝ ය. එකල මම සෙනඟට තවදුරටත් කතා කොට, “රාත්රියේ අපට රැකවලක් වන පිණිසත්, දවල් වැඩ කරන පිණිසත් එක එකා තම තමාගේ මෙහෙකරුවා සමඟ ජෙරුසලමෙහි රාත්රිය ගත කෙරේවා”යි කීවෙමි.
නෙහෙමියා 4:21-22 New International Version (NIV)
So we continued the work with half the men holding spears, from the first light of dawn till the stars came out. At that time I also said to the people, “Have every man and his helper stay inside Jerusalem at night, so they can serve us as guards by night and as workers by day.”