නෙහෙමියා 4:16-17
නෙහෙමියා 4:16-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ දවසේ පටන් මගේ මිනිසුන්ගෙන් අඩක් ගොඩ නැගීමෙහි යෙදුන අතර අනෙක් කොටස හෙල්ල, පලිහ හා දුනු දරමින් යුද්ධ සැට්ට හැඳ සිටියහ. අධිපතීන් මුළු යූදා ජනයාට පිටුපසින් ආවරණය දෙද්දී ඔවුහු පවුර ගොඩ නැගීමේ යෙදුණහ. බර ඇද්ද අය එක් අතකින් වැඩ කළ අතර අනෙක් අතේ ආයුධයක් දැරූහ.
නෙහෙමියා 4:16-17 Sinhala Revised Old Version (SROV)
එතැන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩේ යෙදී සිටියෝය, කොටසක් හෙල්ලද පලිස්ද දුනුද යුද්ධ සැට්ටද රැගෙන සිටියෝය; අධිපතියෝද මුළු යූදා වංශයට පස්සෙන් සිටියෝය. පවුර ගොඩනගන්නෝද බර ගෙනයන්නෝද තුමූම බර පටවාගෙන, එක අතකින් වැඩකරමින්, අනික් අතින් ආයුධයක් රැගෙන සිටියාහ.
නෙහෙමියා 4:16-17 Sinhala New Revised Version (NRSV)
එතැන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩවල යෙදී සිටියෝ ය. කොටසක් හෙල්ල ද පලිස් ද දුනු ද යුද්ධ සැට්ට ද රැගෙන සිටියෝ ය. අධිපතියෝ ද පවුර ගොඩනැඟීම කළ මුළු ජුදා සෙනඟගේ වැඩ පරිපාලනය කළෝ ය. බර උසුලාගෙන යන අය එක අතකින් වැඩ කරමින්, අනික් අතින් ආයුධයක් රැගෙන සිටියෝ ය.
නෙහෙමියා 4:16-17 Sinhala New Revised Version 2018 (SNRV)
එතැන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩවල යෙදී සිටියෝ ය. කොටසක් හෙල්ල ද පලිස් ද දුනු ද යුද්ධ සැට්ට ද රැගෙන සිටියෝ ය. අධිපතියෝ ද පවුර ගොඩනැඟීම කළ මුළු ජුදා සෙනඟගේ වැඩ පරිපාලනය කළෝ ය. බර උසුලාගෙන යන අය එක අතකින් වැඩ කරමින්, අනික් අතින් ආයුධයක් රැගෙන සිටියෝ ය.
නෙහෙමියා 4:16-17 New International Version (NIV)
From that day on, half of my men did the work, while the other half were equipped with spears, shields, bows and armor. The officers posted themselves behind all the people of Judah who were building the wall. Those who carried materials did their work with one hand and held a weapon in the other