නෙහෙමියා 2:4-8
නෙහෙමියා 2:4-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට රජු මා අමතමින්, “මොනවද ඔබට ඕනෑ?” යි ඇසී ය. එවිට මම ස්වර්ගයේ දෙවියන්වහන්සේට යාච්ඤා කොට, රජුට මෙසේ පිළිතුරු දුනිමි. “රජු සතුටු නම්, ඔබගේ ඇස් හමුවේ ඔබේ සේවකයාට ප්‍රසාදය ලැබේ නම්, යළි එය ගොඩ නගන පිණිස, යූදාවේ මගේ පියවරුන්ගේ සොහොන් ඇති පුරවරය වෙත මා යවනු ලැබේවා” යි කීවෙමි. තම බිසව තමා පසෙක හිඳ සිටියදී, රජු මා අමතමින්, “ඔබේ ගමනට කොපමණ කල් ගත වේ ද? ඔබ ආපසු එන්නේ කවදා දැ?” යි ඇසී ය. එබැවින් මා නියමිත කාලය දැන් වූ කල රජු මා යවන්නට කැමති විය. රජු ඇමතූ මම, “රජු සතුටු වේ නම්, යූදා දක්වා යන්නට ඔවුන්ගෙන් අවසර ලැබෙන පිණිස ගඟ එතෙර පළාත් ආණ්ඩුකරුවන්ට දීමට මට ලිපි ලැබේවා. තවද රජුගේ කැලෑ බාරකරු ආසාෆ්ට ද ලිපියක් මට ලැබේවා. එවිට දේව මාලිග බළකොටුවේ දොරටු සඳහාත්, පුර පවුර සඳහාත්, මා පදිංචි වන නිවස සඳහාත් බාල්ක සෑදීමට දැව ඔහු මට සපයනු ඇතැ” යි කීවෙමි. මගේ දෙවියන්වහන්සේගේ දයාබර හස්තය මා පිට වූ බැවින් රජු මගේ ඉල්ලීම ඉටු කළේ ය.
නෙහෙමියා 2:4-8 Sinhala Revised Old Version (SROV)
එවිට රජ: නුඹ ඉල්ලා සිටින්නේ කුමක්දැයි මාගෙන් ඇසීය. එවිට මම ස්වර්ගයේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට රජුට කථාකරමින්: රජතුමා ප්‍රසන්න නම්, ඔබගේ දාසයා ඔබ ඉදිරියෙහි කරුණාව ලබාසිටී නම්, යූදාහි මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර ගොඩනගන පිණිස මා එහි හැරිය මැනවැයි කීමි. මෙසේ රජතෙම බිසවත් තමා ළඟ වාඩිවී ඉන්දදී, කථාකොට: නුඹේ ගමනට කොපමණ කල් අල්ලනවා ඇද්ද කියාත් නුඹ නැවත එන්නේ කවදාද කියාත් මාගෙන් ඇසුවේය. මෙසේ රජ මා හරින්ට ප්‍රසන්න විය. මමද රජුට කාලයක් නියමකර කීවෙමි. ඇරත් මම රජුට කථාකොට: රජතුමා ප්‍රසන්න නම් මා යුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්ට දෙන ලෙස එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම්ද, ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත් නුවර පවුරුවලටත් මා පදිංචිවෙන ගෙටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරවූ ආසාප්ට දීමට ලියුමක්ද මට ලැබේවයි රජුට කීමි. මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජතෙම එසේම මට දුන්නේය.
නෙහෙමියා 2:4-8 Sinhala New Revised Version (NRSV)
එවිට රජතුමා කතා කොට, “ඔබ ඉල්ලා සිටින්නේ කුමක් දැ”යි මාගෙන් ඇසී ය. එවිට, මම ස්වර්ගයේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට, “රජතුමා සතුටු නම්, ඔබේ දාසයා රජු ඉදිරියෙහි කරුණාව ලබා සිටී නම්, ජුදාහි මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය ගොඩනඟනු පිණිස මා එහි යැව්ව මැනවැ”යි කීමි. රජ තෙම, බිසවත් තමා ළඟ වාඩිවී සිටිය දී, කතා කොට, “ඔබේ ගමනට කොපමණ කල් ගත වේ ද” කියාත්, “ඔබ නැවත එන්නේ කවදා ද” කියාත්, මාගෙන් ඇසී ය. මම රජුට කාලයක් නියම කර කීවෙමි. රජතුමා මා යවන්නට සතුටු විය. ඇරත් මම රජුට කතා කොට, “රජතුමා සතුටු නම්, මා ජුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්නට දෙන ලෙස, එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම් ද ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත්, නුවර පවුරුවලටත්, මා පදිංචි වන්නට යන නිවාසයටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරයා වන ආසාප්ට දීමට ලියුමක් ද මට ලැබේ වා”යි කීමි. මාගේ දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජ තෙම එසේ ම මට දුන්නේ ය.
නෙහෙමියා 2:4-8 Sinhala New Revised Version 2018 (SNRV)

නෙහෙමියා 2:4-8 New International Version (NIV)
The king said to me, “What is it you want?” Then I prayed to the God of heaven, and I answered the king, “If it pleases the king and if your servant has found favor in his sight, let him send me to the city in Judah where my ancestors are buried so that I can rebuild it.” Then the king, with the queen sitting beside him, asked me, “How long will your journey take, and when will you get back?” It pleased the king to send me; so I set a time. I also said to him, “If it pleases the king, may I have letters to the governors of Trans-Euphrates, so that they will provide me safe-conduct until I arrive in Judah? And may I have a letter to Asaph, keeper of the royal park, so he will give me timber to make beams for the gates of the citadel by the temple and for the city wall and for the residence I will occupy?” And because the gracious hand of my God was on me, the king granted my requests.