නෙහෙමියා 2:20
නෙහෙමියා 2:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ඔවුන්ට පිළිතුරු දෙමින්, “ස්වර්ගයේ දෙවියන්වහන්සේ අප සඵල කරන සේක. උන්වහන්සේගේ සේවක අපි නැගිට, ගොඩ නගන්නෙමු. එහෙත් ඔබට යෙරුසලමෙහි කිසි කොටසක්වත්, අයිතිවාසිකමක් හෝ ඓතිහාසික උරුමයක්වත් නැතැ” යි පැවසීමි.
නෙහෙමියා 2:20 Sinhala Revised Old Version (SROV)
එවිට මම ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගයේ දෙවියන්වහන්සේම අපේ කාරණය සඵලකරනවා ඇත; එබැවින් උන්වහන්සේගේ සේවකයෝවූ අපි නැගිට ගොඩනගන්නෙමුව. නුමුත් නුඹලාට යෙරුසලමෙහි කිසි කොටසක් හෝ අයිතිවාසිකමක්වත් සිහිවීමේ ලකුණක්වත් නැතැයි කීවෙමි.
නෙහෙමියා 2:20 Sinhala New Revised Version (NRSV)
එවිට මම ඔවුන්ට පිළිතුරු දෙමින්, “ස්වර්ගයේ දෙවියන් වහන්සේ ම අපේ කාර්යය සාර්ථක කරනු ඇත. එබැවින් උන් වහන්සේගේ සේවකයන් වන අපි ගොඩනැඟීමේ වැඩ පටන්ගනිමු. එහෙත්, ඔබට ජෙරුසලමෙහි කිසි කොටසක් වත්, අයිතිවාසිකමක් වත්, සිහිවීමේ ලකුණක් වත් නැතැ”යි කීවෙමි.
නෙහෙමියා 2:20 Sinhala New Revised Version 2018 (SNRV)