නෙහෙමියා 2:1-17
නෙහෙමියා 2:1-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නීසාන් මාසයේ අර්තාෂස්තා රජුගේ විසිවන වසරේ, රජු ඉදිරිපිට මිදි යුෂ තිබියදී මම එම මිදි යුෂ ගෙන රජුට පිළිගැන්වූවෙමි. ඔහු ඉදිරියේ මා ශෝකී ස්වභාවයෙන් සිට නැත. එබැවින් රජු මා අමතමින්, “ඔබ අසනීපයක් නැතිව සිටියදී ඔබේ මුහුණ දුක්මුසු ව ඇත්තේ මන්ද? එය හදවතේ දුකක් මිස වෙනකක් නො වේ යැ” යි පැවසී ය. එවිට මම බොහෝ සේ භයවීමි. එහෙත් මම රජු අමතා, “රජු සදා ජීවත් වේවා! මගේ පියවරුන්ගේ සොහොන් ඇති නුවර ජරාවාස වී, එහි දොරටු ගින්නෙන් දවා දමා ඇති කල, මගේ මුහුණ දුක්මුසු නො වන්නේ කෙසේ දැ?” යි කීවෙමි. එවිට රජු මා අමතමින්, “මොනවද ඔබට ඕනෑ?” යි ඇසී ය. එවිට මම ස්වර්ගයේ දෙවියන්වහන්සේට යාච්ඤා කොට, රජුට මෙසේ පිළිතුරු දුනිමි. “රජු සතුටු නම්, ඔබගේ ඇස් හමුවේ ඔබේ සේවකයාට ප්‍රසාදය ලැබේ නම්, යළි එය ගොඩ නගන පිණිස, යූදාවේ මගේ පියවරුන්ගේ සොහොන් ඇති පුරවරය වෙත මා යවනු ලැබේවා” යි කීවෙමි. තම බිසව තමා පසෙක හිඳ සිටියදී, රජු මා අමතමින්, “ඔබේ ගමනට කොපමණ කල් ගත වේ ද? ඔබ ආපසු එන්නේ කවදා දැ?” යි ඇසී ය. එබැවින් මා නියමිත කාලය දැන් වූ කල රජු මා යවන්නට කැමති විය. රජු ඇමතූ මම, “රජු සතුටු වේ නම්, යූදා දක්වා යන්නට ඔවුන්ගෙන් අවසර ලැබෙන පිණිස ගඟ එතෙර පළාත් ආණ්ඩුකරුවන්ට දීමට මට ලිපි ලැබේවා. තවද රජුගේ කැලෑ බාරකරු ආසාෆ්ට ද ලිපියක් මට ලැබේවා. එවිට දේව මාලිග බළකොටුවේ දොරටු සඳහාත්, පුර පවුර සඳහාත්, මා පදිංචි වන නිවස සඳහාත් බාල්ක සෑදීමට දැව ඔහු මට සපයනු ඇතැ” යි කීවෙමි. මගේ දෙවියන්වහන්සේගේ දයාබර හස්තය මා පිට වූ බැවින් රජු මගේ ඉල්ලීම ඉටු කළේ ය. එබැවින් මම ගඟ එතෙර පළාතේ ආණ්ඩුකාරවරුන් වෙත ගොස්, රජුගේ ලියුම් ඔවුන්ට දුනිමි. රජු, හමුදා නිලධාරීන් හා අසරුවන් මා සමඟ එවා තිබිණි. ඉශ්‍රායෙල්වරුන්ගේ ශුභසාධනයට කෙනකු ඇවිත් වග ඇසූ කල, හොරොනීය සන්බල්ලට් ද අම්මොනීය ටෝබීයා නම් නිලධාරියා ද බොහෝ නො සතුටට පත් වූහ. මෙසේ මම යෙරුසලමට ගොස්, දවස් තුනක් එහි ගත කළෙමි. ඉන්පසු මිනිසුන් කිහිප දෙනකු සමඟ මම රැයේ නැගිට්ටෙමි. යෙරුසලම උදෙසා කරන්නට මගේ දෙවියන්වහන්සේ මගේ හදවතේ තැබූ දෑ ගැන කිසිවකුටත් මා කීවේ නැත. මා නැගී ගිය සතා හැරෙන්නට මා සමඟ වෙනත් සතුන් සිටියේ නැත. එම රැයේ මම මිටියාවත් දොරටුව මැදින් සර්ප උල්පත හා කසළ දොරටුව දෙසට ගොස්, බිඳ දමනු ලැබ තිබූ යෙරුසලම් පවුරු හා ගින්නෙන් විනාශ ව තිබූ එහි දොරටුත් පරීක්ෂා කළෙමි. එතැනින් මම උල්පත් දොරටුව ද රජුගේ පොකුණ ද දෙසට ගියෙමි. එහෙත් මා නැගුණ සතාට එතැනින් යන්නට ඉඩ මදි විය. එබැවින් මම රැයේ මිටියාවත හරහා ගොස්, පවුර පරීක්ෂා කළෙමි. පසුව හැරී අවුත්, මිටියාවත් දොරටුව මැදින් ආපසු ආවෙමි. මා කොහේ ගියේ ද කළේ කවරක් ද යන්න නිලධාරීන් දැනගත්තේ නැත. මන්ද ඒ වන තුරු යුදෙව්වරුන්, පූජකයින්, අධිපතීන්, නිලධාරීන් හෝ වැඩ කරන්නට සිටි කිසිවකුට හෝ මා ඒ වග දන්වා තිබුණේ නැත. ඉන්පසු ඔවුන් ඇමතූ මම, “අප පත් වී ඇති කරදරය ඔබට පෙනේ; යෙරුසලම එහි දොරටු ගින්නෙන් දැවී ගරා වැටී ඇති හැටි. තවත් අප නින්දාවට පත් නො වන පිණිස එන්න! අපි යෙරුසලම් පවුර යළි ගොඩ නගමු” යි කීමි.
නෙහෙමියා 2:1-17 Sinhala Revised Old Version (SROV)
තවද අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්දේ නීසාන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රිකපානය තිබෙද්දී මම මුද්‍රිකපානය රැගෙන රජුට දුනිමි. මීට ප්‍රථම මම ඔහු ඉදිරියේදී මලානිකව නොසිටියෙමි. එවිට රජු මට කථාකර: නුඹට අසනීපයක් නැති කොට නුඹේ මුහුණ මලානිකව තිබෙන්නේ මන්ද? මේක සිතේ කනගාටුවක් මිස වෙන කිසිවක් නොවේයයි කීවේය. එවිට මම ඉතාමත් භයව රජුට කථාකොට: රජතුමා සදාකල්ම ජීවත්වේවා. මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර පාළුවී, ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙද්දී, මාගේ මුහුණ මලානික නොවන්නේ කෙසේදැයි කීමි. එවිට රජ: නුඹ ඉල්ලා සිටින්නේ කුමක්දැයි මාගෙන් ඇසීය. එවිට මම ස්වර්ගයේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට රජුට කථාකරමින්: රජතුමා ප්‍රසන්න නම්, ඔබගේ දාසයා ඔබ ඉදිරියෙහි කරුණාව ලබාසිටී නම්, යූදාහි මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නුවර ගොඩනගන පිණිස මා එහි හැරිය මැනවැයි කීමි. මෙසේ රජතෙම බිසවත් තමා ළඟ වාඩිවී ඉන්දදී, කථාකොට: නුඹේ ගමනට කොපමණ කල් අල්ලනවා ඇද්ද කියාත් නුඹ නැවත එන්නේ කවදාද කියාත් මාගෙන් ඇසුවේය. මෙසේ රජ මා හරින්ට ප්‍රසන්න විය. මමද රජුට කාලයක් නියමකර කීවෙමි. ඇරත් මම රජුට කථාකොට: රජතුමා ප්‍රසන්න නම් මා යුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්ට දෙන ලෙස එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම්ද, ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත් නුවර පවුරුවලටත් මා පදිංචිවෙන ගෙටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරවූ ආසාප්ට දීමට ලියුමක්ද මට ලැබේවයි රජුට කීමි. මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජතෙම එසේම මට දුන්නේය. එකල මම ගඟ එගොඩ සිටි දිශාධිපතීන් ළඟට ගොස් රජුගේ හසුන්පත් ඔවුන්ට දුනිමි. රජ වනාහි සේනාධිපතීන්ද අසරුවන්ද මා සමඟ එවුවේය. හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද ඒ අසා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුභසිද්ධිය දියුණුකරන්ට මනුෂ්‍යයෙකු ආවාට ඉතාමත් අමනාපවූහ. මෙසේ මම යෙරුසලමට ඇවිත් තුන් දවසක් එහි සිටියෙමි. තවද මම මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ රාත්‍රියේ නැගිට, යෙරුසලම උදෙසා කරන්ට මාගේ දෙවියන්වහන්සේ මාගේ සිතෙහි තැබූ කල්පනාව කිසිම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැගී ගිය සතා මිස වෙන යම් සතෙකු නැතුව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත්වී, නාග උල්පත ළඟටත් කසළ දොරටුව ළඟටත් ගොස්, යෙරුසලමේ කඩාදමනලද පවුරත් ගින්නෙන් දාගොස් තිබුණු ඒකේ දොරටුත් බලා, පසුව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. නුමුත් මා නැගී උන් සතාට යන්ට ඉඩ නොතිබුණේය. මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී මිටියාවතේ දොරටුවෙන් ඇතුල්වී ආයෙමි. මා ගිය තැනවත් කළ දෙයවත් මුලාදෑනීහු දැනනොගත්තෝය; මම ඒ වන තුරු යුදෙව්වරුන්ට හෝ පූජකයන්ටවත් උත්තමයන්ට හෝ මුලාදෑනීන්ටවත් වැඩේ කළ අනික් අයටවත් එය නොදැන්වීමි. එකල මම ඔවුන්ට කථාකොට: අපට තිබෙන විපත්තිය එනම් යෙරුසලම පාළුව තිබෙන හැටිද ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙන හැටිද නුඹලාට පෙනෙයි. ඉතින් තවත් අපට නින්දා නොපැමිණෙන පිණිස යෙරුසලමේ පවුර ගොඩනගමුයයි කියා
නෙහෙමියා 2:1-17 Sinhala New Revised Version (NRSV)
දිනක් අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ නිසාන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රික පානය තිබෙද්දී මම මුද්‍රික පානය රැගෙන රජුට දිනිමි. මීට පෙර මම ඔහු ඉදිරියෙහි දී දුක්මුසු ව නොසිටියෙමි. එවිට රජු මට කතා කර, “ඔබට අසනීපයක් නැති නමුත්, ඔබේ මුහුණ දුක්මුසු ව තිබෙන්නේ මන් ද? මෙය සිතේ කණගාටුවක් මිස වෙන කිසිවක් නොවේ ය”යි කීවේ ය. එවිට මම ඉතා බියෙන් රජුට කතා කොට, “රජතුමා සදහට ම ජීවත් වේ වා! මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය පාළු වී, එහි දොරටු ගින්නෙන් දැවී ගොස් තිබිය දී මාගේ මුහුණ දුක්මුසු නොවන්නේ කෙසේ දැ”යි කීමි. එවිට රජතුමා කතා කොට, “ඔබ ඉල්ලා සිටින්නේ කුමක් දැ”යි මාගෙන් ඇසී ය. එවිට, මම ස්වර්ගයේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට, “රජතුමා සතුටු නම්, ඔබේ දාසයා රජු ඉදිරියෙහි කරුණාව ලබා සිටී නම්, ජුදාහි මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය ගොඩනඟනු පිණිස මා එහි යැව්ව මැනවැ”යි කීමි. රජ තෙම, බිසවත් තමා ළඟ වාඩිවී සිටිය දී, කතා කොට, “ඔබේ ගමනට කොපමණ කල් ගත වේ ද” කියාත්, “ඔබ නැවත එන්නේ කවදා ද” කියාත්, මාගෙන් ඇසී ය. මම රජුට කාලයක් නියම කර කීවෙමි. රජතුමා මා යවන්නට සතුටු විය. ඇරත් මම රජුට කතා කොට, “රජතුමා සතුටු නම්, මා ජුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්නට දෙන ලෙස, එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම් ද ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත්, නුවර පවුරුවලටත්, මා පදිංචි වන්නට යන නිවාසයටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරයා වන ආසාප්ට දීමට ලියුමක් ද මට ලැබේ වා”යි කීමි. මාගේ දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජ තෙම එසේ ම මට දුන්නේ ය. එකල මම ගඟ එගොඩ සිටි දිශාධිපතීන් ළඟට අවුත් රජුගේ හසුන් පත් ඔවුන්ට දිනිමි. රජ වනාහි සේනාධිපතීන් ද අසරුවන් ද මා සමඟ එවුවේ ය. හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද ඒ අසා, ඉශ්රායෙල් සෙනඟගේ ශුභසිද්ධිය දියුණු කරන්නට මනුෂ්‍යයෙකු ආ බව දැනගෙන ඉතාමත් අමනාප වූ හ. මෙසේ මම ජෙරුසලමට අවුත් තුන් දවසක් එහි සිටියෙමි. තවද, මම රාත්‍රියේ නැඟිට, මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ ජෙරුසලම උදෙසා කරන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතේ තැබූ කල්පනාව කිසි ම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැඟී ගිය සතා මිස වෙන යම් සතෙකු නැති ව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත් වී, නාග උල්පත ළඟටත්, කසළ දොරටුව ළඟටත් ගොස්, ජෙරුසලමේ කඩා දමන ලද පවුරත්, ගින්නෙන් දා ගොස් තිබුණු එහි දොරටුත් බලා, පසු ව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. එහෙත්, මා නැඟී උන් සතාට යන්නට ඉඩ නොතිබුණේ ය. මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී, මිටියාවතේ දොරටුවෙන් ඇතුළු වී පැමිණියෙමි. මා ගිය ගමන ගැන වත්, මා කළ දේ වත් නිලධාරීහු නොදත්හ. මම ඒ වන තුරු ජුදෙව්වරුන්ට වත්, පූජකයන්ට වත්, නායකයන්ට වත්, නිලධාරීන්ට වත්, පවුර ගොඩනැඟිය යුතු සෙසු අයට වත් ඒ බව නොදැන්වීමි. එකල මම ඔවුන්ට කතා කොට, “ජෙරුසලම පාළු වී තිබෙන හැටි ද එහි දොරටු කැඩී ගොස් තිබෙන හැටි ද අපට පැමිණ තිබෙන විපත්තිය ද ඔබට පෙනේ. ඉතින් එන්න, අපට තවත් නින්දා නොපැමිණෙන පිණිස ජෙරුසලමේ පවුර ගොඩනඟමු”යි කීවෙමි.
නෙහෙමියා 2:1-17 Sinhala New Revised Version 2018 (SNRV)

නෙහෙමියා 2:1-17 New International Version (NIV)
In the month of Nisan in the twentieth year of King Artaxerxes, when wine was brought for him, I took the wine and gave it to the king. I had not been sad in his presence before, so the king asked me, “Why does your face look so sad when you are not ill? This can be nothing but sadness of heart.” I was very much afraid, but I said to the king, “May the king live forever! Why should my face not look sad when the city where my ancestors are buried lies in ruins, and its gates have been destroyed by fire?” The king said to me, “What is it you want?” Then I prayed to the God of heaven, and I answered the king, “If it pleases the king and if your servant has found favor in his sight, let him send me to the city in Judah where my ancestors are buried so that I can rebuild it.” Then the king, with the queen sitting beside him, asked me, “How long will your journey take, and when will you get back?” It pleased the king to send me; so I set a time. I also said to him, “If it pleases the king, may I have letters to the governors of Trans-Euphrates, so that they will provide me safe-conduct until I arrive in Judah? And may I have a letter to Asaph, keeper of the royal park, so he will give me timber to make beams for the gates of the citadel by the temple and for the city wall and for the residence I will occupy?” And because the gracious hand of my God was on me, the king granted my requests. So I went to the governors of Trans-Euphrates and gave them the king’s letters. The king had also sent army officers and cavalry with me. When Sanballat the Horonite and Tobiah the Ammonite official heard about this, they were very much disturbed that someone had come to promote the welfare of the Israelites. I went to Jerusalem, and after staying there three days I set out during the night with a few others. I had not told anyone what my God had put in my heart to do for Jerusalem. There were no mounts with me except the one I was riding on. By night I went out through the Valley Gate toward the Jackal Well and the Dung Gate, examining the walls of Jerusalem, which had been broken down, and its gates, which had been destroyed by fire. Then I moved on toward the Fountain Gate and the King’s Pool, but there was not enough room for my mount to get through; so I went up the valley by night, examining the wall. Finally, I turned back and reentered through the Valley Gate. The officials did not know where I had gone or what I was doing, because as yet I had said nothing to the Jews or the priests or nobles or officials or any others who would be doing the work. Then I said to them, “You see the trouble we are in: Jerusalem lies in ruins, and its gates have been burned with fire. Come, let us rebuild the wall of Jerusalem, and we will no longer be in disgrace.”