නාහූම් 3:1-3
නාහූම් 3:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ලේ තැවරුණු පුරයට දුක්-විපත් වේ! සියල්ල බොරුවෙන් හා කොල්ලකෑමෙන් පිරුණු, කොල්ලකෑමෙන් නිමක් නැති පුරය! කස පුපුරන හඬ ය; රෝද කැරකෙන කර-කර හඬ ය; පිම්මේ දුවන අශ්වයින් ය; පැද්දී දිවෙන යුද්ධ රථ ය; කඩා පනින අශ්ව බළඇණි ය; ලෙළ දෙන අසිපත් ය; දිළිසෙන තෝමර ය; මරා දැමුණු, ගොඩ ගොඩවල් ය; මළමිනි කඳු ය; ගණන් නැති මළ කඳන් ය; ඔවුහු මළ කඳන් නිසා පැකිළී, පැකිළී වැටෙති.
නාහූම් 3:1-3 Sinhala Revised Old Version (SROV)
ලේ වගුරුවන නුවරට දුක්වේ! ඒක මුළුල්ලම වංචාවෙන්ද බලාත්කාරයෙන්ද පිරී තිබේ; කොල්ලකෑම නොනවතියි. කස ශබ්දයත් චක්ර කරකැවෙන ශබ්දයත් ඇත්තේය; අශ්වයෝ වේගයෙන් දුවති, රථද පැනයති; අසරුවෝ නගිති, කඩුව දිලිහෙන්නේය, හෙල්ලයද බැබළෙන්නේය; සමූහයක් මැරුම්කන්නේය, මළකඳන් ගොඩගැසී තිබේ. මළකඳන් නිමක් නැත; ඔවුන්ගේ මළකඳන්වල හැපී ඔව්හු පැකිලෙති.
නාහූම් 3:1-3 Sinhala New Revised Version (NRSV)
ලේ වගුරුවන නිනිවය, තිට වන විපතක මහත! මුළු නගරය වංචාවෙන් ද බලහත්කාරයෙන් ද පිරී ඇත. එහි කොල්ලකෑම නිමක් නැත. කසවල සට සට යන ශබ්දයටත්, රෝදවල කට කට යන ශබ්දයටත් සවන් දෙන්න. අශ්වයෝ පැන පැන යති; රථ ද හැලහැප්පෙමින් යයි. අසරුවෝ පහර දෙති. කඩු ලෙල දෙයි. හෙල්ල බැබළෙයි. සමූහයක් මැරුම් කා ඇත. මළකඳන් ගොඩගැසී ඇත. මළමිනීවල නිමක් නැත. මිනිස්සු මළකඳන්වල හැපී වැටෙති.
නාහූම් 3:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
ලේ වගුරුවන නිනිවය, තිට වන විපතක මහත! මුළු නගරය වංචාවෙන් ද බලහත්කාරයෙන් ද පිරී ඇත. එහි කොල්ලකෑම නිමක් නැත. කසවල සට සට යන ශබ්දයටත්, රෝදවල කට කට යන ශබ්දයටත් සවන් දෙන්න. අශ්වයෝ පැන පැන යති; රථ ද හැලහැප්පෙමින් යයි. අසරුවෝ පහර දෙති. කඩු ලෙල දෙයි. හෙල්ල බැබළෙයි. සමූහයක් මැරුම් කා ඇත. මළකඳන් ගොඩගැසී ඇත. මළමිනීවල නිමක් නැත. මිනිස්සු මළකඳන්වල හැපී වැටෙති.
නාහූම් 3:1-3 New International Version (NIV)
Woe to the city of blood, full of lies, full of plunder, never without victims! The crack of whips, the clatter of wheels, galloping horses and jolting chariots! Charging cavalry, flashing swords and glittering spears! Many casualties, piles of dead, bodies without number, people stumbling over the corpses