නාහූම් 1:7-8
නාහූම් 1:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ යහපත් ය. විපත්ති දවසේ බළකොටුවක් ය. තමන්වහන්සේ තුළ පිළිසරණ සොයන්නන් උන්වහන්සේ දන්නා සේක. එහෙත් යට කර ගලා යන ගං වතුරකින් උන්වහන්සේ තම සතුරන් තීන්දුවට අවසන් කර දමන්නාහ. උන්වහන්සේ තම එදිරිවාදීන් අන්ධකාරයට ලුහුබැඳ, එලවා දමන සේක.
නාහූම් 1:7-8 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ යහපත්ය, විපත්ති දවසේදී බලකොටුවක්ය; උන්වහන්සේ තමන් කෙරේ විශ්වාසය තබන්නන් දන්නාසේක. නුමුත් ගලායන ජලගැල්මකින් උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන් සහමුලින්ම විනාශකරනසේක, තමන්ගේ සතුරන්ද අන්ධකාරයට පන්නාදමනසේක.
නාහූම් 1:7-8 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ යහපත් ය. දුක් විපත් ඇති විට උන් වහන්සේ බලකොටුවක් වන සේක. උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන් උන් වහන්සේ දන්න සේක. එහෙත්, තමන්ගේ සතුරන් ගලා යන ජල ගැල්මකින් සහමුලින් ම විනාශ කරන සේක; එදිරිකාරයන් ලුහුබැඳ ගොස් අන්ධකාරයට නෙරපාදමන සේක.
නාහූම් 1:7-8 Sinhala New Revised Version 2018 (SNRV)