නාහූම් 1:2-3
නාහූම් 1:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ ඊර්ෂ්යා සහගත වූ පළි ගන්නා දෙවියන්වහන්සේ ය. පළි ගන්නා වූ ස්වාමින්වහන්සේ උදහසින් පූර්ණ ය. ස්වාමින්වහන්සේ ස්වකීය එදිරිවාදීන්ගෙන් පළි ගන්නා සේක්, තම සතුරන්ට එරෙහිව උදහස පානා සේක. ස්වාමින්වහන්සේ වහා නො කිපෙන සුළු ය. බලයෙන් විශිෂ්ට ය. ස්වාමින්වහන්සේ වරදකරුවන්ට දඬුවම් නො කර නාරින සේක. උන්වහන්සේගේ මාර්ගය සුළි සුළඟෙහි ද කුණාටුවෙහි ද වෙයි. වලාකුළු උන්වහන්සේගේ පා දූවිලි ය.
නාහූම් 1:2-3 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ පළිගන්න දෙවිකෙනෙක්ය; ස්වාමීන්වහන්සේ පළිගන්නාවූ, උදහසින් පූර්ණවූ කෙනෙක්ය; ස්වාමීන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්නාසේක, තමන්ගේ සතුරන්ට උදහස තබාගන සිටිනසේක. ස්වාමීන්වහන්සේ ඉවසිලිවන්තව බලයෙන් මහත්ව සිටිනසේක, වරදකාරයන් කොයි ප්රකාරයකින්වත් නිදොස් නොකරනසේක. ස්වාමීන්වහන්සේගේ මාර්ගය සුළිහුළඟෙහිද කුණාටුවෙහිද ඇත්තේය, වලාකුල් උන්වහන්සේගේ පාදවල ධූලිය.
නාහූම් 1:2-3 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ප්රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි; උන් වහන්සේට විරුද්ධ වන්නන්ට උන් වහන්සේ දඬුවම් කරන සේක; උදහසින් ඔවුන්ට දඬුවම් දෙන සේක. උන් වහන්සේ තම එදිරිකාරයන්ට දඬුවම් කරන සේක; උන් වහන්සේ තම සතුරන් කෙරෙහි උදහසින් සිටින සේක. සමිඳාණන් වහන්සේ වහා නොකිපෙන සුලු ය; ඉතා බලවන්ත ය; වරදකාරයන් කිසි කලක නිදොස් නොකරන සේක. සමිඳාණන් වහන්සේ ගමන් කරන මාර්ගයෙහි සුළි සුළං කුණාටු ඇති වන්නේ ය. වලාකුළු වනාහි උන් වහන්සේගේ පාදවලින් ඇවිස්සුණු ධූලි ය.
නාහූම් 1:2-3 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ ප්රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි; උන් වහන්සේට විරුද්ධ වන්නන්ට උන් වහන්සේ දඬුවම් කරන සේක; උදහසින් ඔවුන්ට දඬුවම් දෙන සේක. උන් වහන්සේ තම එදිරිකාරයන්ට දඬුවම් කරන සේක; උන් වහන්සේ තම සතුරන් කෙරෙහි උදහසින් සිටින සේක. සමිඳාණන් වහන්සේ වහා නොකිපෙන සුලු ය; ඉතා බලවන්ත ය; වරදකාරයන් කිසි කලක නිදොස් නොකරන සේක. සමිඳාණන් වහන්සේ ගමන් කරන මාර්ගයෙහි සුළි සුළං කුණාටු ඇති වන්නේ ය. වලාකුළු වනාහි උන් වහන්සේගේ පාදවලින් ඇවිස්සුණු ධූලි ය.
නාහූම් 1:2-3 New International Version (NIV)
The LORD is a jealous and avenging God; the LORD takes vengeance and is filled with wrath. The LORD takes vengeance on his foes and vents his wrath against his enemies. The LORD is slow to anger but great in power; the LORD will not leave the guilty unpunished. His way is in the whirlwind and the storm, and clouds are the dust of his feet.