නාහූම් 1:12-13
නාහූම් 1:12-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔවුන් ගණනින් පූර්ණ බළ සේනා සහිත වුවත්, ඔවුන් සිඳ දමනු ලැබ, පහ වී යනු ඇත. යූදා, මම නුඹට පීඩා පැමිණ වූ නමුදු, තවදුරටත් නුඹට පීඩා නො කරමි. දැන් නුඹේ ගෙලෙන් උන්ගේ වියගහ බිඳ, නුඹේ විලංගු මම ඉරා දමන්නෙමි.”
නාහූම් 1:12-13 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔවුන් සම්පූර්ණව එපමණ වැඩිව සිටින නුමුත් ඔවුන් එසේ කපාදමනු ලැබ, ඔහුද පහවීයන්නේය. [යූදා,] මම නුඹට පීඩාකළ නුමුත් තවත් නුඹට පීඩා නොකරන්නෙමි. දැන් මම ඔහුගේ වියගහ නුඹ කෙරෙන් බිඳදමා, නුඹේ බැඳුම් කඩාදමන්නෙමි.
නාහූම් 1:12-13 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: “අසිරියානුවරුන් බලවත් විශාල සංබ්‍යාවක් වන නමුත්, ඔව්හු විනාශ කරනු ලැබ නැත්තට ම නැති වී යන්නෝ ය. මාගේ සෙනඟෙනි, නුඹලාට, මා පීඩා කළ නමුත්, මම තවත් පීඩා නොකරන්නෙමි. අසිරියන්වරුන් නුඹලා කෙරෙහි පෑ බලය නැති කර, ඔවුන් නුඹලා බැඳ තැබූ දම්වැල් මම සිඳ දමන්නෙමි.”
නාහූම් 1:12-13 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: “අසිරියානුවරුන් බලවත් විශාල සංබ්‍යාවක් වන නමුත්, ඔව්හු විනාශ කරනු ලැබ නැත්තට ම නැති වී යන්නෝ ය. මාගේ සෙනඟෙනි, නුඹලාට, මා පීඩා කළ නමුත්, මම තවත් පීඩා නොකරන්නෙමි. අසිරියන්වරුන් නුඹලා කෙරෙහි පෑ බලය නැති කර, ඔවුන් නුඹලා බැඳ තැබූ දම්වැල් මම සිඳ දමන්නෙමි.”
නාහූම් 1:12-13 New International Version (NIV)
This is what the LORD says: “Although they have allies and are numerous, they will be destroyed and pass away. Although I have afflicted you, Judah, I will afflict you no more. Now I will break their yoke from your neck and tear your shackles away.”