ශු. මාර්ක් 6:6-29 - Compare All Versions
ශු. මාර්ක් 6:6-29 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන්ගේ ඇදහිල්ලේ හීනතාවය ගැන උන්වහන්සේ මවිත වූ සේක. ඉන්පසු යේසුස්වහන්සේ ගමින් ගම සැරි සරමින් ඉගැන් වූ සේක. උන්වහන්සේ දොළොස් දෙනා කැඳවා, දෙදෙනා බැගින් ඔවුන් යවමින්, අපවිත්‍ර ආත්ම කෙරෙහි ඔවුන්ට බලය දුන් සේක. උන්වහන්සේ ඔවුන් අමතමින්, “සැරයටියක් මිස රොටිවත්, ගමන් මල්ලක් හෝ ඉඟ පටියේ මුදල් හෝ නො ගෙන යෑමටත්, පාවහන් පැලඳ, එහෙත් අමතර ඇඳුමක්වත් නො ගෙන යෑමටත්” අණ කළේ ය; තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ නිවසකට ඇතුළු වන කල, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න. යම් තැනක ඔබ නො පිළිගැනේ නම් හෝ ඔබට සවන් නො දේ නම්, එතැනින් ඉවත් ව යද්දී, ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වශයෙන් ඔබේ පා දූලි ගසා දමන්නැ” යි පැවසූ සේක. එබැවින් ඔවුහු පිටත් ව ගොස්, ජනයා පසුතැවිලි විය යුතු යැයි ප්‍රකාශ කළහ. ඔවුහු යක්ෂාත්මයන් බොහෝ දෙනකු දුරු කර, රෝගීන් බොහෝ දෙනකු තෙලින් ආලේප කර සුව කළහ. යේසුස්වහන්සේගේ නාමය ප්‍රසිද්ධ වූයෙන්, හෙරෝද් රජුට ද එය සැල විණි. ඇතැම් දෙනෙක්, “යොහන් බව්තීස්ත මරණින් නැගිට ඇතැයි ද, හාස්කම් බලය ඔහු තුළ ක්‍රියා කරන්නේ එනිසා යැ” යි කීහ. එහෙත් ඇතැම්හු, “ඔහු දිවැසිවර එලියා” යැයි කීහ. අන් සමහරු, “ආදියේ විසූ දිවැසිවරුන් මෙන් මොහුත් දිවැසිවරයෙකැ” යි ද කීහ. එහෙත් මේ දෑ ඇසූ හෙරෝද්, “මා හිස ගසා දැමූ යොහන් යළි නැගිටුවනු ලැබ ඇතැ” යි පැවසී ය. මන්ද යොහන් අල්ලා, සිර ගෙයි බැඳ දැමීමට මිනිසුන් යැව්වේ හෙරෝද් ය. ඔහු එසේ කළේ, තම සහෝදර පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ය. මන්ද ඔහු ඇය ආවාහ කර ගෙන සිටියේ ය. එබැවින්, “ඔබගේ සහෝදරයාගේ භාර්යාව ගැනීම නිත්‍යානුකූල නැතැ” යි යොහන් හෙරෝද්ට පවසා තිබිණි. එහෙයින් හෙරෝදියස්, යොහන් ගැන කේන්තියෙන් ඔහු මරා දැමීමට ඉටාගත්තා ය. එහෙත් ඇයට එය කළ නො හැකි වූයේ, යොහන් දැහැමි, ශුද්ධ මනුෂ්‍යයකු බව දැන, හෙරෝද් ඔහුට බය ව, ඔහු ආරක්ෂා කළ නිසා ය. යොහන්ට සවන් දීමේදී හෙරෝද් මහත් සේ ව්‍යාකූල වූ නමුත්, ප්‍රීතියෙන් ඔහුට සවන් දුන්නේ ය. හෙරෝද් තම උපන් දින, තම අධිපතීන්ට ද හමුදාපතීන්ට හා ගලීලයේ ප්‍රභූවරුන්ට ද සාදයක් පැවැත් වූ කල අවස්ථාව එළැඹිණි. හෙරෝදියස්ගේ දියණිය පැමිණ, නටා, හෙරෝද් හා සාදයට ආ ඔහුගේ අමුත්තන් පිනවූවා ය. රජු දැරිය අමතමින්, “කැමති ඕනෑ ම දෙයක් මගෙන් ඉල්ලන්න. එය මා ඔබට දෙනවා” යි කීවේ ය. තවද ඔහු දිවුරමින්, “ඔබ ඉල්ලන ඕනෑ ම දෙයක්, මගේ රාජ්‍යයෙන් භාගයක් වුවත් මා ඔබට දෙනවා” යි කීවේ ය. පිටතට පැමිණි ඈ, “මා කුමක් ඉල්ලන්න දැ?” යි තම මවගෙන් ඇසුවා ය. “යොහන් බව්තීස්තගේ හිස” යයි ඈ කීවා ය. එකෙණෙහි විගස රජු ඉදිරියට පැමිණි ඈ, “මට ඕනෑ මේ දැන් යොහන් බව්තීස්තගේ හිස තැටියක තබා ඔබ මට දීම යැ” යි ඉල්ලා සිටියා ය. රජු ඉන් දැඩි සිත් තැවුලට පත් වුව ද අමුත්තන් නිසාත්, තම දිවුරුම් නිසාත් ඇයට දුන් වචනය ප්‍රතික්ෂේප කරන්නට අකමැති විය. ඔහු එකෙණෙහි ම යොහන්ගේ හිස ගෙනෙන ලෙස අණ දී, වධකයකු පිටත් කළේ ය. ඔහු ගොස්, සිරගෙයිදී යොහන්ගේ හිස ගසා, ඔහුගේ හිස තැටියක තබා ගෙනැවිත් දැරියට දුන්නේ ය. ඈ එය තම මවට දුන්නා ය. සිදු වූ දෑ ඇසූ යොහන්ගේ ගෝලයෝ පැමිණ, ඔහුගේ දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ.
ශු. මාර්ක් 6:6-29 SROV (Sinhala Revised Old Version)
ඔවුන්ගේ විශ්වාසය නැතිකම ගැන උන්වහන්සේ මවිතවූසේක. උන්වහන්සේ උගන්වමින් අවට ගම්වල ඇවිද්දසේක. එකල උන්වහන්සේ දොළොස්දෙනා තමන් ළඟට කැඳවා, ඔවුන් දෙදෙන දෙදෙනා බැගින් යවන්ට පටන්ගෙන, අශුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලයදී, ගමනට සැරයටියක් පමණක් මිස රොටිවත් මල්ලක්වත් පසුම්බිවල මුදල්වත් යන කිසි දෙයක් නොගෙන, වහන් පය ලා, ඇඳුම් දෙකක් නොහැඳ යන ලෙස ඔවුන්ට අණකළසේක. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා යම් තැනකදී ගෙදරකට ඇතුල්වූ කල, එයින් පිටත්ව යනතෙක් එහිම සිටින්න. යම් තැනකදී ඔවුන් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචන අසන්නේවත් නැත්නම්, එතැනින් පිටත්ව යන කල ඔවුන්ට සාක්ෂියක් පිණිස නුඹලාගේ පාද යට තිබෙන ධූලි ගසාදමන්නැයි කීසේක. ඔව්හු පිටත්ව ගොස්: පසුතැවිලිවෙන්නැයි දේශනාකළෝය. ඔව්හු බොහෝ යක්ෂයන්ද දුරුකොට, බොහෝ ලෙඩුන් තෙලින් ආලේපකොට, සුවකළෝය. එකල උන්වහන්සේගේ නාමය ප්‍රසිද්ධවූ බැවින්, හෙරොද් රජ ඒ අසා: යොහන් බව්තීස්ත මළවුන්ගෙන් නැගුටුණේය, එබැවින් මේ ආශ්චර්ය බලය ඔහු තුළ ක්‍රියාකරන්නේයයි කීවේය. නුමුත් සමහරෙක්: ඔහු එලියායයි කීවෝය. අන් සමහරෙක්: අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙකු මෙන් ඔහු අනාගතවක්තෘ කෙනෙක්යයි කීවෝය. නුමුත් හෙරොද් ඒ ඇසූකල: මේ වනාහි මා විසින් හිස කප්පවනලද යොහන්ය, ඔහු (මළවුන්ගෙන්) නැගිට සිටින්නේයයි කීයේය. මක්නිසාද හෙරොද් තමා සරණපාවාගත්, තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාවවූ හෙරෝදියස් නිසා මිනිසුන් යවා යොහන් අල්ලා හිරඅඩස්සි කෙළේය. මෙසේ කළේ: නුඹේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම නුඹට යුතු නැතැයි යොහන් හෙරොද්ට කී නිසාය. එබැවින් හෙරෝදියස් ඔහුට වෛරබැඳ, ඔහු මරන්ට කැමතිවූවාය; නුමුත් ඈට නොහැකිවිය; මක්නිසාදයත් යොහන් ධර්මිෂ්ඨවූ ශුද්ධවූ මනුෂ්‍යයෙකු බව හෙරොද් දැන, ඔහුට භයව, ඔහු ආරක්ෂාකෙළේය. තවද ඔහුගේ බස් අසා හෙරොද් බොහෝසේ වියවුල්විය; නුමුත් සන්තෝෂයෙන් ඔහුට ඇහුම්කන් දුන්නේය. තවද පහසු දිනක් පැමිණියෙන්, හෙරොද් තමා උපන් දවසේදී තමාගේ උත්තමයන්ටද ප්‍රධාන සේනාධිපතීන්ටද ගලීලයේ ප්‍රධානීන්ටද මංගල්‍යකෑමක් දුන්නේය. එවිට හෙරෝදියස්ගේ දුව එහි පැමිණ නටා, හෙරොද් සහ ඔහු සමඟ කෑමට වාඩිව හුන් අය ප්‍රසන්නකළාය; එකල රජතෙම තරුණියට කථාකොට: නුඹ කැමති මොන දෙයක් නුමුත් මාගෙන් ඉල්ලන්න, ඒක නුඹට දෙමියි කීය. ඔහුද: නුඹ මාගෙන් ඉල්ලන කොයිදෙයක් වුවත්, මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුවත්, නුඹට දෙමියි කියා ඈට දිවුරුම් දුන්නේය. ඈ පිටතට ගොස්: මා කුමක් ඉල්ලන්ටදැයි ඇගේ මවුගෙන් ඇසුවාය. යොහන් බව්තීස්තගේ හිසයයි ඈ කීවාය. එකෙණෙහිම ඈ ඉක්මනින් රජු වෙතට පැමිණ: ඔබ විසින් යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා දැන්ම මට දෙනවාට කැමැත්තෙමියි කියා ඉල්ලුවාය. රජතෙමේ අතිශයින් ශෝකවිය; නුමුත් ඔහුගේ දිවුරුම් නිසාත්, ඔහු සමඟ කෑමට වාඩිව සිටි අයවල් නිසාත්, බැරියයි ඈට කියන්ට නොකැමතිවිය. එකෙණෙහිම රජ මුරකාර හේවායෙකු යවා, යොහන්ගේ හිස ගෙනෙන්ට අණකෙළේය. ඔහු ගොස් හිරගෙයිදී ඔහුගේ හිස කපා, තැටියක ලා ගෙනවුත් යෞවනියට දුන්නේය; යෞවනීද ඒක ඇගේ මවුට දුන්නාය. ඔහුගේ ගෝලයෝ ඒ අසා ඇවිත්, ඔහුගේ මළකඳ ගෙනගොස් සොහොන් ගෙයක තැබුවෝය.
ශු. මාර්ක් 6:6-29 NRSV (Sinhala New Revised Version)
ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන් වහන්සේ මවිත වූ සේක. උන් වහන්සේ අනුශාසනා කරමින් අවට ගම්වල සැරිසැරූ සේක. එකල උන් වහන්සේ දොළොස් දෙනා තමන් වෙත කැඳවා ඔවුන් දෙදෙනා බැගින් පිටත් කර යැවූ සේක. අශුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලය ද දුන් සේක. ගමනට සැරයටියක් හැර, රොටි වත්, මල්ලක් වත්, පසුම්බිවල මුදල් වත් යන කිසිවක් නොගෙන, වහන් පය ලා, කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළ සේක. තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඔබ යම් කිසි නිවසකට පිවිසි කල, එතැනින් පිට වී යන තෙක් එහි ම නවතින්න. යම් තැනක දී, ඔවුන් ඔබ පිළිගන්නේ වත් ඔබේ වචන අසන්නේ වත් නැත්නම්, එතැනින් පිට වී යන කල ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස ඔබේ පාදවල තිබෙන ධූලි ගසා දමන්නැ”යි වදාළ සේක. එලෙස ඔව්හු පිටත් ව ගොස් සෙනඟ පසුතැවී සිත් හරවා ගත යුතු ය යි දේශනා කළහ. තවද, ඔව්හු බොහෝ දුෂ්ටාත්මයන් දුරු කොට, බොහෝ රෝගීන් ද තෙලින් ආලේප කොට සුවපත් කළහ. එකල ජේසුස් වහන්සේගේ කීර්තිරාවය පතළ වී ගිය බැවින් හෙරොද් රජුට එපවත් සැළ විය. සමහරු, “ස්නාවක ජොහන් මළවුන් කෙරෙන් උත්ථාන වී ඇත; මේ බලමහිම ඔහු තුළ ක්‍රියා කරන්නේ ඒ නිසා ය”යි කී හ. එහෙත් සමහරු, “මොහු එලියා ය”යි කී හ. අන් සමහරු, “මොහු පෙර සිටි දිවැසිවරයන් වැනි දිවැසිවරයෙකැ”යි කී හ. එහෙත්, හෙරොද් ඒ ඇසූ කල, “මේ මා විසින් හිස ගසාදම්මන ලද ජොහන් ය; මොහු මළවුන්ගෙන් නැඟිට සිටී” යයි කී ය. හෙරොද් සිය සොහොයුරා වන පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් සරණ පාවාගත් බැවින්, ඇය නිසා මිනිසුන් යවා ජොහන් අල්ලා බැඳ හිර අඩස්සි කෙළේ ය. “ඔබේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම ඔබට යුතු නැතැ”යි ජොහන් හෙරොද්ට කී බැවින්, හෙරෝදියස් ඔහු කෙරේ වෛර බැඳ, ඔහු මරවන්නට අදහස් කරගෙන සිටියා ය. එහෙත්, එය කළ නොහැකි විය. මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය. සුදුසු අවස්ථාවක් පැමිණියෙන්, හෙරොද් සිය ජන්මෝත්සව දින, තමාගේ උසස් නිලධාරීන්ට ද ප්‍රධාන සේනාධිපතීන්ට ද ගලීලයේ ප්‍රභූවරයන්ට ද මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. එවිට හෙරෝදියස්ගේ දුව එහි පිවිස රඟ පා, හෙරොද්ගේ සහ ඔහු සමඟ භෝජන සංග්‍රහයට පැමිණ සිටි අමුත්තන්ගේ නෙත් සිත් පිනවූවා ය. එකල රජතුමා තරුණියට කතා කොට, “ඔබ කැමැති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න, එය ඔබට දෙමි”යි කී ය. තවද, “ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් අඩක් වුවත්, ඔබට දෙමි”යි ඔහු ඇයට දිවුරුම් දුන්නේ ය. ඈ පිටතට ගොස්, “මම කුමක් ඉල්ලම් දැ”යි ඇගේ මවගෙන් ඇසුවා ය. “ස්නාවක ජොහන්ගේ හිස” යයි ඈ කීවා ය. එවිට තරුණිය වහා ම රජු වෙත පැමිණ, “ඔබ ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා දැන් මට දෙනු මැනව”යි කීවා ය. රජතුමා අතිශයින් ශෝක විය. එහෙත්, ඔහුගේ දිවුරුම නිසා ද, අමුත්තන් නිසා ද, ඈට දුන් පොරොන්දුව කඩ කරන්න අකමැති විය. එකෙණෙහි ම රජතුමා මුර සෙබළෙකු යවමින් ජොහන්ගේ හිස ගෙනෙන්න අණ කෙළේ ය. ඔහු ද ගොස් හිර ගෙයි දී ජොහන්ගේ හිස ගසාදමා එය තැටියක ලා ගෙනවුත්, තරුණියට දුන්නේ ය; තරුණිය ද එය මවට දුන්නා ය. ජොහන්ගේ ගෝලයෝ ඒ ගැන අසා අවුත්, ඔහුගේ මෘත දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ.
ශු. මාර්ක් 6:6-29 SNRV (Sinhala New Revised Version 2018)

ශු. මාර්ක් 6:6-29 NIV (New International Version)
He was amazed at their lack of faith. Then Jesus went around teaching from village to village. Calling the Twelve to him, he began to send them out two by two and gave them authority over impure spirits. These were his instructions: “Take nothing for the journey except a staff—no bread, no bag, no money in your belts. Wear sandals but not an extra shirt. Whenever you enter a house, stay there until you leave that town. And if any place will not welcome you or listen to you, leave that place and shake the dust off your feet as a testimony against them.” They went out and preached that people should repent. They drove out many demons and anointed many sick people with oil and healed them. King Herod heard about this, for Jesus’ name had become well known. Some were saying, “John the Baptist has been raised from the dead, and that is why miraculous powers are at work in him.” Others said, “He is Elijah.” And still others claimed, “He is a prophet, like one of the prophets of long ago.” But when Herod heard this, he said, “John, whom I beheaded, has been raised from the dead!” For Herod himself had given orders to have John arrested, and he had him bound and put in prison. He did this because of Herodias, his brother Philip’s wife, whom he had married. For John had been saying to Herod, “It is not lawful for you to have your brother’s wife.” So Herodias nursed a grudge against John and wanted to kill him. But she was not able to, because Herod feared John and protected him, knowing him to be a righteous and holy man. When Herod heard John, he was greatly puzzled; yet he liked to listen to him. Finally the opportune time came. On his birthday Herod gave a banquet for his high officials and military commanders and the leading men of Galilee. When the daughter of Herodias came in and danced, she pleased Herod and his dinner guests. The king said to the girl, “Ask me for anything you want, and I’ll give it to you.” And he promised her with an oath, “Whatever you ask I will give you, up to half my kingdom.” She went out and said to her mother, “What shall I ask for?” “The head of John the Baptist,” she answered. At once the girl hurried in to the king with the request: “I want you to give me right now the head of John the Baptist on a platter.” The king was greatly distressed, but because of his oaths and his dinner guests, he did not want to refuse her. So he immediately sent an executioner with orders to bring John’s head. The man went, beheaded John in the prison, and brought back his head on a platter. He presented it to the girl, and she gave it to her mother. On hearing of this, John’s disciples came and took his body and laid it in a tomb.