ශු. මාර්ක් 5:1-15
ශු. මාර්ක් 5:1-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු මුහුදින් එතෙර ව, ගෙරසේනයන්ගේ පෙදෙසට ගියහ. යේසුස්වහන්සේ ඔරුවෙන් ගොඩ බැස්ස කෙණෙහි, සොහොන් ගුහා අතරින් නික්ම ආ අපවිත්‍ර ආත්මයක් වැහුණු මිනිහෙක් උන්වහන්සේට මුණ ගැසිණි. ඔහු වාසය කළේ සොහොන් ගුහාවල ය. කිසිවකුටත් ඔහු බැඳ දැමීමට නො හැකි විය; යදමින් පවා බැඳිය නො හැකි විය. බොහෝ විට ඔහුගේ අත්-පා විලංගු ලා, යදමින් බැඳ තැබූ නමුදු ඔහු මේ යදම් බිඳ, විලංගු කැබලි කර දැම්මේ ය. ඔහු මෙල්ල කිරීමට තරම් ශක්තියක් කිසිවකුටත් නො වී ය. ඔහු දිවා රෑ දෙක්හි සොහොන් ගෙවල් අතරත්, කඳුවලත් මොර ගැසී ය; තියුණු ගල්වලින් තමා කපා ගත්තේ ය. යේසුස්වහන්සේ පැමිණෙනු ඈතදීම දුටු ඔහු දුව ගොස්, උන්වහන්සේ අබියස වැඳ වැටී, උස් හඬ නගා කෑ ගසමින්, “මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස්වහන්ස, ඔබට මගෙන් ඇති කාරිය කිම ද? මට වධ දෙන්නේ නැති වගට දෙවියන්වහන්සේට දිවුරන්නැ” යි කී ය. මන්ද, “අපවිත්‍ර ආත්මය, මේ මිනිහාගෙන් දුරුවෙනු!” යි යේසුස්වහන්සේ පැවසූ බැවිනි. “තමාගේ නම කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. හෙතෙම පිළිතුරු දෙමින්, “මගේ නම සේනාවයි. මන්ද අප බොහෝ දෙනෙකැ” යි පැවසී ය. තවද තමන් එරටින් පිටතට එලවා නො දමන ලෙස ඔහු උන්වහන්සේට කන්නලව් කළේ ය. මහ ඌරු රැළක් අසල කන්දේ ගොදුරු කමින් වුන්හ. “ඌරන් අතරට අප යවන්න; උන්ට වැහෙන්නට අපට අවසර දෙන්නැ” යි ඔවුහු උන්වහන්සේගෙන් අයැදියහ. උන්වහන්සේ ඊට අවසර දුන් කල, අශුද්ධාත්මයෝ පිටතට අවුත්, ඌරු රැළට වැහුණහ. ගණනින් දෙදහසක් පමණ වූ ඌරු රැළ බෑවුම පහළට වේගයෙන් දුව ගොස්, මුහුදේ ගිලී, මළෝ ය. ඌරු පල්ලෝ වහා දුව ගොස්, නගරයේත්, ගමේත් මේ ගැන පතළ කළහ. කුමක් සිදු වී දැයි බලන්නට ජනයා ඇදී ආහ. ඔවුහු යේසුස්වහන්සේ වෙත ආ කල, යක්ෂාත්ම වැහී සිටි මිනිහා ඇඳුම් ඇඳ, හොඳ සිහියෙන් යුතු ව, වාඩි වී සිටිනු දැක, බය වූහ.
ශු. මාර්ක් 5:1-15 Sinhala Revised Old Version (SROV)
ඔව්හු මුහුදෙන් එතර ගෙරසේනයන්ගේ රටට පැමිණියෝය. උන්වහන්සේ ඔරුවෙන් බැස්ස කෙණෙහිම අශුද්ධාත්මයක් ආවේශවූ මනුෂ්‍යයෙක් සොහොන් ගෙවලින් පිටත්ව එනවා උන්වහන්සේට සම්බවිය. ඔහු සොහොන් ගෙවල වාසයකෙළේය. දම්වැලකින් පවා ඔහු තවත් නවත්වන්ට කිසිවෙකුට නුපුළුවන්විය. මක්නිසාද විලංගුවලින්ද දම්වැල්වලින්ද බොහෝ වර බඳිනු ලැබූ නුමුත් ඔහු දම්වැල් කඩාදමා විලංගු බිඳදැම්මේය. ඔහු දමනයකරන්ට කිසිවෙකුට ශක්තිය නොවීය. ඔහු නිතරම රෑ දාවල් මොරගසමින්ද ගල්වලින් කපාගනිමින්ද සොහොන් ගෙවල්හිත් කඳුවලත් සිටියේය. ඔහු යේසුස්වහන්සේ දුරදීම දැක දුවගන ඇවිත් උන්වහන්සේට වැඳ: මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්ස, ඔබවහන්සේට මාගෙන් කම මොකද? මට වද නොදෙනමෙන් දෙවියන්වහන්සේගේ නාමයෙන් උදක්ම ඉල්ලමියි මහත් හඬින් මොරගසා කීවේය. එසේ කීවේ: අශුද්ධාත්මය, මොහුගෙන් දුරුවෙවයි උන්වහන්සේ ඔහුට කී නිසාය. නුඹේ නම මොකදැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. මගේ නම ලෙගියොන්ය; මක්නිසාද අපි බොහෝ දෙනෙක් වමුයයි ඔහු කීය. රටෙන් තමුන් දුරු නොකරන හැටියට ඔහු බොහෝසෙයින් උන්වහන්සේගෙන් ඉල්ලුවේය. එතැන කන්ද අයිනේ මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියේය. ඔව්හුද: ඌරන්ට වැහෙන පිණිස අප හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. උන්වහන්සේ ඔවුන්ට අවසරදුන්සේක. අශුද්ධාත්මයන් නික්ම ගොස් ඌරන්ට වැහුණු කල, දෙදහසක් පමණවූ ඒ ඌරු රැළ ප්‍රපාතය පහළට වේගයෙන් දුව ගොස් මුහුදේ වැටී ගිලී මළෝය. ඌරු රැකවල්ලු පලාගොස් නුවරත් ගම්වලත් එපවත් දැන්නුවෝය. එවිට සිදුවූ දේ කුමක්දැයි බලන පිණිස මනුෂ්‍යයෝ පිටත්ව ඇවිත්, යේසුස්වහන්සේ ළඟට පැමිණ, ලෙගියොන් නම් යක්ෂාවේශවූ මනුෂ්‍යයා වස්ත්‍ර හැඳ සිහි ඇතුව වාඩිවී ඉන්නවා දැක, භයවූවෝය.
ශු. මාර්ක් 5:1-15 Sinhala New Revised Version (NRSV)
ඔව්හු මුහුදින් එතෙර ගෙරසීනයන්ගේ රටට පැමිණියහ. උන් වහන්සේ ඔරුවෙන් බැස ආ කෙණෙහි ම අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් සොහොන් ගුහා අතරින් නික්ම එනු උන් වහන්සේට හමු විය. ඔහු වාසය කෙළේ සොහොන් ගුහාවල ය. කිසිවෙකුට ඔහු කිසි සේත් දමනය කළ නොහැකි විය; යදමකින් වත් එය කළ නොහැකි විය. බොහෝ වර විලංගුවලින් ද යදම්වලින් ද බඳිනු ලැබූ නමුත්, ඔහු යදම් කැබලි කොට කඩා, විලංගු සුණු විසුණු කොට දැමී ය. ඔහු මැඩලීමට තරම් ශක්තිය කිසිවෙකුට නො වී ය. ඔහු දිවා රෑ දෙක්හි ම, කෑකෝගසමින් ද ගල්වලින් කපාගනිමින් ද සොහොන් ගුහා අතරත්, කඳු බෑවුම්වලත් සිටියේ ය. ඔහු ජේසුස් වහන්සේ වඩිනු දුරතියා දැක, දිව අවුත්, පසඟ පිහිටුවා වැඳ, මහහඬින් මොරගා, “පරමෝත්තම දෙවියන්ගේ පුත්‍ර වූ, ජේසුස් වහන්ස, ඔබත් මාත් අතර මොන ගනුදෙනුවක් ද? මට වද නොදෙන මෙන් දෙවියන්ගේ නාමයෙන් අයැදිමි”යි කී ය. එසේ කීවේ “අශුද්ධාත්මය, මේ මිනිසාගෙන් දුරුවෙව”යි උන් වහන්සේ ඔහුට කී බැවිනි. “නුඹේ නම කුමක් දැ”යි උන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. “මගේ නම සේනා ය, අපි සේනාංකයක් වම්හ”යි ඔහු කී ය. තමන් රටෙන් පිට නොකරන ලෙස ඔහු උන් වහන්සේගෙන් උදක් ම අයැද සිටියේ ය. එතැන කන්ද අද්දර මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය. අශුද්ධාත්මයෝ ද, “ඌරන්ට වැහෙන පිණිස අප උන් මැදට යැවුව මැනවැ”යි අයැද සිටියහ. උන් වහන්සේ අවසර දුන් සේක. අශුද්ධාත්මයෝ නික්ම අවුත් ඌරන්ට වැහුණෝ ය. දෙ දහසක් පමණ වූ ඒ ඌරු රැළ ප්‍රපාතයෙන් පහත මුහුදට වේගයෙන් දිව ගොස් මුහුදේ ගිලී මළෝ ය. ඌරු ගොවුවෝ පලා ගොස්, නුවර ද ගම්මානයේ ද එපවත් පතළ කළෝ ය. එවිට සිදුවූ දේ කුමක් දැ යි බලන පිණිස මිනිස්සු නික්ම ආහ. ඔව්හු ජේසුස් වහන්සේ වෙත පැමිණ, අශුද්ධාත්මාවේශ වූ මිනිසා, එනම්, දුෂ්ටාත්ම සේනාංකය වැහී සිටි මිනිසා දැන් වස්ත්‍ර හැඳ හොඳ සිහිකල්පනාවෙන් හිඳිනු දැක භීතියට පත් වූ හ.
ශු. මාර්ක් 5:1-15 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. මාර්ක් 5:1-15 New International Version (NIV)
They went across the lake to the region of the Gerasenes. When Jesus got out of the boat, a man with an impure spirit came from the tombs to meet him. This man lived in the tombs, and no one could bind him anymore, not even with a chain. For he had often been chained hand and foot, but he tore the chains apart and broke the irons on his feet. No one was strong enough to subdue him. Night and day among the tombs and in the hills he would cry out and cut himself with stones. When he saw Jesus from a distance, he ran and fell on his knees in front of him. He shouted at the top of his voice, “What do you want with me, Jesus, Son of the Most High God? In God’s name don’t torture me!” For Jesus had said to him, “Come out of this man, you impure spirit!” Then Jesus asked him, “What is your name?” “My name is Legion,” he replied, “for we are many.” And he begged Jesus again and again not to send them out of the area. A large herd of pigs was feeding on the nearby hillside. The demons begged Jesus, “Send us among the pigs; allow us to go into them.” He gave them permission, and the impure spirits came out and went into the pigs. The herd, about two thousand in number, rushed down the steep bank into the lake and were drowned. Those tending the pigs ran off and reported this in the town and countryside, and the people went out to see what had happened. When they came to Jesus, they saw the man who had been possessed by the legion of demons, sitting there, dressed and in his right mind; and they were afraid.