ශු. මාර්ක් 4:39-41 - Compare All Versions

ශු. මාර්ක් 4:39-41 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ නැගිට සුළඟට තරවටුකොට: නිශ්ශබ්දවෙව, නිශ්චලවෙවයි මුහුදට කීසේක. එවිට සුළඟ නැවතී, මහත් නිශ්චලයක් විය. උන්වහන්සේද: නුඹලා භයව සිටින්නේ මන්ද? තවම නුඹලාට ඇදහිල්ල නැද්දැයි කීසේක. ඔව්හු ඉතා යහපත්වී: සුළඟ සහ මුහුද පවා මුන්වහන්සේට කීකරුවීමට මුන්වහන්සේ කවරෙක්දැයි එකිනෙකා කථාකරගත්තෝය.

බෙදාගන්න
ශු. මාර්ක් 4 SROV

ශු. මාර්ක් 4:39-41 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උන්වහන්සේ නැගිට, සුළඟට තරවටු කොට, “නිහඬ වනු! නිසලවනු!” යි මුහුදු රැළට කී සේක. එවිට සුළඟ නැවතිණ. සියල්ල නිසල විය. උන්වහන්සේ ඔවුන් අමතා, “ඔබ ඔය තරම් බය මොකද? තවමත් ඔබට විශ්වාස නැද්දැ?” යි ඇසූ සේක. එවිට මහත් බියකින් වෙළුණු ඔවුහු, ඔවුනොවුන් අමතමින්, “මොහු කවරෙක් ද? සුළඟත්, මුහුදත් පවා මොහුට කීකරු වෙතැ!” යි කීහ.

බෙදාගන්න
ශු. මාර්ක් 4 SCV

ශු. මාර්ක් 4:39-41 NRSV (Sinhala New Revised Version)

උන් වහන්සේ අවදි ව සුළඟට තර්ජනය කොට, “නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙව”යි මුහුදට අණ කළ සේක. සුළඟ නැවතිණි. මහා නිශ්චලයක් විය. උන් වහන්සේ ද, “ඔබ ඔය තරම් බිය වන්නේ මන් ද? තව ම ඔබට ඇදහිල්ල නැද්දැ”යි ඇසූ සේක. ඔව්හු මහත් භීතියකින් ඇලළී, “මේ කවරෙක් ද? සුළඟ සහ මුහුද පවා උන් වහන්සේට කීකරු වන්නේ ය”යි එකිනෙකාට කී හ.

බෙදාගන්න
ශු. මාර්ක් 4 NRSV

ශු. මාර්ක් 4:39-41 SNRV (Sinhala New Revised Version 2018)

උන් වහන්සේ අවදි ව සුළඟට තර්ජනය කොට, “නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙව”යි මුහුදට අණ කළ සේක. සුළඟ නැවතිණි. මහා නිශ්චලයක් විය. උන් වහන්සේ ද, “ඔබ ඔය තරම් බිය වන්නේ මන් ද? තව ම ඔබට ඇදහිල්ල නැද්දැ”යි ඇසූ සේක. ඔව්හු මහත් භීතියකින් ඇලළී, “මේ කවරෙක් ද? සුළඟ සහ මුහුද පවා උන් වහන්සේට කීකරු වන්නේ ය”යි එකිනෙකාට කී හ.

බෙදාගන්න
ශු. මාර්ක් 4 SNRV

ශු. මාර්ක් 4:39-41 NIV (New International Version)

He got up, rebuked the wind and said to the waves, “Quiet! Be still!” Then the wind died down and it was completely calm. He said to his disciples, “Why are you so afraid? Do you still have no faith?” They were terrified and asked each other, “Who is this? Even the wind and the waves obey him!”

බෙදාගන්න
ශු. මාර්ක් 4 NIV