ශු. මාර්ක් 4:13-15
ශු. මාර්ක් 4:13-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබට මේ උපමාව තේරෙන්නේ නැද්ද? එසේ නම් අනෙක් උපමා ඔබ තේරුම් ගන්නේ කොහොම ද? වපුරන්නා වචනය වපුරයි. වචනය වැපුරූ තැන්වල ඇතැම් දෙනා මග දිගේ වපුළ වූ බීජ වගෙයි. ඔවුන් ඇසූ කෙණෙහි ම සාතන් ඇවිත් ඔවුන් තුළ වපුරන ලද බීජ පැහැර ගනී.
ශු. මාර්ක් 4:13-15 Sinhala Revised Old Version (SROV)
තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේ උපමාව නුඹලා නොදනිවුද? එසේ නම් නුඹලා සියලු උපමා කෙලෙස දැනගන්නහුද? වපුරන්නා වචනය වපුරයි. වචනය ඇසූ කල තමුන්ගේ සිත් තුළ වපුළ වචනය සාතන් එකෙණෙහිම ඇවිත් පැහැරගනීද, වචනය වපුරනලද මග අසල වූවෝ නම් ඔව්හුය.
ශු. මාර්ක් 4:13-15 Sinhala New Revised Version (NRSV)
තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මේ උපමාව ඔබට වැටහෙන්නේ නැද් ද? එසේ නම්, කවර උපමාවක් වත් තේරුම්ගන්නේ කෙසේ ද? වපුරන්නා වචනය වපුරයි. මඟ අසල වූවෝ යන්නෙන් අදහස් කරනුයේ වචනය වපුරනු ලැබූ කල එය ඇසූ වහා ම සාතන් විත් සිතෙහි වපුරන ලද වචනය පැහැරගනු ලැබූ අය ය.
ශු. මාර්ක් 4:13-15 Sinhala New Revised Version 2018 (SNRV)
තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මේ උපමාව ඔබට වැටහෙන්නේ නැද් ද? එසේ නම්, කවර උපමාවක් වත් තේරුම්ගන්නේ කෙසේ ද? වපුරන්නා වචනය වපුරයි. මඟ අසල වූවෝ යන්නෙන් අදහස් කරනුයේ වචනය වපුරනු ලැබූ කල එය ඇසූ වහා ම සාතන් විත් සිතෙහි වපුරන ලද වචනය පැහැරගනු ලැබූ අය ය.
ශු. මාර්ක් 4:13-15 New International Version (NIV)
Then Jesus said to them, “Don’t you understand this parable? How then will you understand any parable? The farmer sows the word. Some people are like seed along the path, where the word is sown. As soon as they hear it, Satan comes and takes away the word that was sown in them.