ශු. මාර්ක් 4:1-29

ශු. මාර්ක් 4:1-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)

නැවතත් උන්වහන්සේ මුහුද අද්දරදී උගන්වන්නට වූ සේක. විශාල ජනකායක් උන්වහන්සේ වටා රොක්වූයෙන්, උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැග, එහි හිඳගත් අතර, මුළු ජනකාය ම මුහුද අයිනේ වෙරළේ සිටියහ. උන්වහන්සේ ඔවුන්ට බොහෝ දෑ ඉගැන්වූයේ උපමා අනුසාරයෙනි. ඔවුන්ට උගන්වමින්, උන්වහන්සේ මෙසේ කී සේක; “සවන් දෙන්න! වපුරන්නෙක් බීජ වපුරන්නට පිටත් ව ගියේ ය. ඔහු බීජ ඉසිද්දී, ඉන් සමහරක් මග දිගේ වැටිණි. කුරුල්ලෝ ඇවිත් ඒවා කා දැමූහ. සමහරක් එතරම් පස් නො තිබූ ගල් බිමේ වැටිණි. පස් නො ගැඹුරු බැවින්, ඒවා ඉක්මනින් පැළවිණි. එහෙත් හිරු නැගුණ කල, ඒවා කරවී, මුල් නොමැතිකමින් වියළී ගියේ ය. තවත් බීජ, කටු පඳුරු අතරේ වැටිණි. කටු පැළ වැඩී ඒවා යට කර දැමී ය. එබැවින් ඒවා පල දැරුවේ නැත. සෙසු බීජ සරු බිමෙහි වැටිණි; ඒවා පැළවී, වැඩී, පල දරමින් තිස් ගුණයක්, හැට ගුණයක් හා සිය ගුණයක් බැගින් අස්වනු ඉපද වී ය.” එසේ කී උන්වහන්සේ, “කන් ඇත්තා අසත්වා!” යි කී සේක. උන්වහන්සේ හුදකලාව සිටියදී, දොළොස් දෙනා සමඟ උන්වහන්සේ වටා සිටි අය, උපමා ගැන උන්වහන්සේගෙන් විමසූහ. උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ. එහෙත් පිටස්තර අයට හැම දෙයක් ම දන්වන්නේ උපමා මගිනි. මන්ද, “ ‘නිරතුරු ඔවුන් දකින නමුදු කිසි විටෙක වටහා නො ගන්න පිණිස ය; නිරතුරු අසන නමුදු කිසි විටෙක තේරුම් නො ගන්න පිණිස ය; නැතහොත් ඔවුන් හැරී කමාව ලබනු ඇතැ’ යි” පැවසූ සේක. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබට මේ උපමාව තේරෙන්නේ නැද්ද? එසේ නම් අනෙක් උපමා ඔබ තේරුම් ගන්නේ කොහොම ද? වපුරන්නා වචනය වපුරයි. වචනය වැපුරූ තැන්වල ඇතැම් දෙනා මග දිගේ වපුළ වූ බීජ වගෙයි. ඔවුන් ඇසූ කෙණෙහි ම සාතන් ඇවිත් ඔවුන් තුළ වපුරන ලද බීජ පැහැර ගනී. ගල් බිමේ වැපුරුණු බීජ වන්නේ වචනය අසා, එක්වර ම එය සතුටින් පිළිගන්නා තැනැත්තා ය. එහෙත් මුල් ඇද නො තිබූ බැවින්, ඔවුන් පැවත සිටින්නේ මද කලක් පමණි. වචනය නිසා හිංසා හෝ පීඩා හෝ පැමිණි කෙණෙහි ඔවුහු වැටී යති. අනෙක් අය කටු අතරේ වපුළ ඒවායි. ඔවුන් වචනය අසන අයයි; එහෙත් මේ ජීවිතයේ කම්කටොලු, ධන සම්පත්වල රැවටිල්ල හා අනිකුත් දේවලට ඇති ආශා ඇතුළු වී, වචනය පොඩිකර දමයි. එහෙයින් ඔවුන් පල දරන්නේ නැත. සරු බිමෙහි වපුරන ලද්දවුන් වන්නේ, වචනය අසා, එය පිළිගෙන, තිස් ගුණයකින්, හැට ගුණයකින් හා සිය ගුණයකින් පල දරන අය යැ” යි පැවසූ සේක. උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ පහනක් ගෙනෙන්නේ, එය බඳුනකින් වසා තබන්න ද? නැත්නම් ඇඳක් යට තබන්න ද? පහන් රුක මත තැබීමට නො වේ ද? මන්ද අනාවරණ නො කරන්නට සඟවන ලද කිසිවක් නැත; එළියට නො ගෙනෙන ලෙස වසන් කරන කිසිවක් ද නැත. අසන්නට කන් ඇත්තේ කවරකුට ද, ඔහු අසත්වා!” උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ අසන දෑ ගැන විමසිලිමත් වන්න. ඔබ මනින මිම්මෙන් ම ඔබට ද මැන දෙනු ලැබේ. ඊට වැඩියෙනුත් ඔබට දෙනු ලැබේ. ඇති තැනැත්තාට වඩ වඩා දෙනු ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ” යි කී සේක. උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු ය. මිනිහෙක් තම පොළොවේ බීජ ඉසියි; ඔහු නිදා සිටිය ද අවදිව සිටිය ද රැයේ හා දහවලේ ඒ බීජ පැළවී, වැඩෙයි. ඒ කෙසේදැයි ඔහු නො දනී. පොළොවෙන් ම පල හට ගන්වයි. පළමු ව දළු ද පසුව කරල් ද ඉන්පසුව කරල් පුරා බීජ ද හට ගන්වයි. අස්වැන්න පැසුණු වහාම ඔහු ඊට දෑකැත්ත යොදයි. මන්ද අස්වැන්න ඇවිල්ලා” යි පැවසූ සේක.

ශු. මාර්ක් 4:1-29 Sinhala Revised Old Version (SROV)

නැවතත් උන්වහන්සේ මුහුද අද්දර උගන්වන්ට පටන්ගත්සේක. එකල ඉතා මහත් සමූහයක් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ මුහුදේ ඔරුවකට නැගී වැඩහුන්සේක; මුළු සමූහයාද මුහුද ළඟ ගොඩ සිටියෝය. උන්වහන්සේ බොහෝ කාරණා උපමාවලින් ඔවුන්ට ඉගැන්වූසේක. උන්වහන්සේ තමන් ඉගැන්වීමේදී ඔවුන්ට කියනසේක්: අසන්න–වපුරන්නා වපුරන්ට ගියේය. ඔහු වපුරන කල මෙසේ සිදුවිය: සමහර බීජ මග අසල වැටුණේය, පක්ෂීහු ඇවිත් ඒවා අවුලා කෑවෝය. සමහරක් වඩා පස් නැති ගල් බිමේ වැටී, පස් ඝන නොවූ නිසා වහාම පැළවී, ඉර උදාවූකල අව්වෙන් දාලා, මුල් නැති බැවින් වියළී ගියේය. අන් සමහරක් කටු අතරේ වැටුණේය, කටු වැවී ඒවා යටකළ බැවින් ඒවා ඵල නුදුන්නේය. තවත් සමහරක් සරුබිමේ වැටුණේය; ඒවා පැළවී වැඩී, ඵලදෙමින්, එකෙන් තිහක් ද එකෙන් හැටක්ද එකෙන් සියයක්ද බැගින් අස්වැන්න ඉපදවිය. ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක. උන්වහන්සේ තනියම සිටියදී දොළොස්දෙනා සමඟ උන්වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය. එවිට උන්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස නුඹලාට දී තිබේ. නුමුත් පිටත සිටින්නන්ට සියල්ලම උපමාවලින් කියනු ලැබේ. මක්නිසාදයත්: යම් හෙයකින් ඔවුන් හැරී කමාව නොලබන ලෙස දැක දැකත් නොදක්නා පිණිසය, අස අසාත් තේරුම් නොගන්නා පිණිසයයි කීසේක. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේ උපමාව නුඹලා නොදනිවුද? එසේ නම් නුඹලා සියලු උපමා කෙලෙස දැනගන්නහුද? වපුරන්නා වචනය වපුරයි. වචනය ඇසූ කල තමුන්ගේ සිත් තුළ වපුළ වචනය සාතන් එකෙණෙහිම ඇවිත් පැහැරගනීද, වචනය වපුරනලද මග අසල වූවෝ නම් ඔව්හුය. එසේම ගල්බිම්වල වපුරනලද්දෝ නම්, වචනය ඇසූ කෙණෙහිම ප්‍රීතියෙන් පිළිගන්න නුමුත්, තමුන් තුළ මුල් නැති බැවින් මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කල්හි, එකෙණෙහිම බාධාවන්නෝවෙත්. කටු අතරේ වපුරනලද අනික් අයවල් නම්, වචනය ඇසූ නුමුත්, මේ ලෝකය සම්බන්ධ කරදරද වස්තු මායාවද අනිකුත් දේවලට තෘෂ්ණාවද පැමිණීම කරණකොටගෙන වචනය යටකරනු ලැබ ඵල නොදෙන්නෝ වෙති. සරුබිමේ වපුරනලද්දෝ නම්, වචනය අසා, පිළිගෙන, තිස් ගුණයක්ද සැට ගුණයක්ද සියක් ගුණයක්ද බැගින් ඵල දරන්නෝයයි කීසේක. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පහන ගෙනෙන්නේ කුරුණිය යට හෝ ඇඳ යට හෝ තබන පිණිසද? පහන් රුක උඩ තැබීමට නොවේද? මක්නිසාද මතු එළිදරව් නොවන සඟවනලද දෙයක්වත්, මතු ප්‍රසිද්ධකරනු නොලබන රහසේ තැබූ කිසි දෙයක්වත් නැත්තේය. යමෙකුට ඇසීමට කන් ඇත්තේද ඔහු අසාවයි කීසේක. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අසන කාරණා ගැන බලාගන්න. නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද, එයින්ම නුඹලාටත් මැනදෙනු ලැබේ. නුඹලාට තව වැඩියෙන් දෙනුලැබේ. මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබේ. යමෙකුට නැත්තේද ඔහුට ඇති දේ පවා ඔහුගෙන් ගනු ලැබේයයි කීසේක. තවද උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය වනාහි මනුෂ්‍යයෙකු විසින් පොළොවෙහි බීජ වැපිරීමට සමානය. ඔහු රාත්‍රියේ නිදන්නේය, දහවල් නැගිට සිටින්නේය, ඔහු නොදන්නා ප්‍රකාරයකින් ඒ බීජ පැළවී වැඩෙන්නේය. පොළොවෙන්ම ඵල හටගන්නේය; පළමුව කොළද දෙවනුව කරල්ද ඉන්පසු කරළේ සම්පූර්ණ ධාන්‍යයද හටගන්නේය. ගොයම් පැසුණු කල, කපන කාලය පැමුණුණ බැවින්, ඔහු වහාම දෑකැත්ත යොදන්නේයයි කීසේක.

ශු. මාර්ක් 4:1-29 Sinhala New Revised Version (NRSV)

නැවත උන් වහන්සේ මුහුද අද්දර උගන්වන්න පටන්ගත් සේක. එකල ඉතා මහත් ජනකායක් රැස් වූ බැවින් උන් වහන්සේ මුහුදේ ඔරුවකට නැඟී වැඩහුන් සේක. මුළු සමූහයා ද වෙරළ දිගේ සිටියෝ ය. උන් වහන්සේ උපමාවලින් ඔවුන්ට බොහෝ කාරණා ඉගැන්වූ සේක. සිය ඉගැන්වීමේ දී උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “සවන් දෙන්න! වපුරන්නෙක් වපුරන්නට නික්මිණි. ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මඟ අද්දර වැටිණි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලා කෑවෝ ය. තව සමහරක් පස තුනී ගල් බිමේ වැටී, පස ගැඹුරු නුවූ නිසා වහා පැළ විය. හිරු නැඟුණු කල ඒවා දැවී, මුල් නැති බැවින් වියළී ගියේ ය. අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ වැවී, ඒවා යටපත් කළ බැවින් ඒවා පල නොදැරී ය. තවත් සමහරක් සරු බිමේ වැටිණි. ඒවා පැළ වී, වැඩී, පල දරමින්, එකකින් තිස් ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් සිය ගුණයක් ද බැගින් අස්වැන්න ඉපදවිය. සවන් ඇත්තෝ සවන් දෙත් වා!” උන් වහන්සේ තනියම සිටිය දී, දොළොස් දෙනා සමඟ උන් වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, පිටත සිටින අයට සියල්ලක් ම උපමා මඟින් දන්වනු ලැබේ. එසේ වන්නේ: ‘දැක දැක නොදක්නා පිණිසත්, අස අසා වටහා නොගන්නා පිණිසත් ය. මන්ද, යම් හෙයකින් එසේ වුවහොත්, ඔවුන් දෙවියන් වහන්සේ වෙත හැරී කමාව ලබන්න පුළුවන් නිසා ය.’ “ තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මේ උපමාව ඔබට වැටහෙන්නේ නැද් ද? එසේ නම්, කවර උපමාවක් වත් තේරුම්ගන්නේ කෙසේ ද? වපුරන්නා වචනය වපුරයි. මඟ අසල වූවෝ යන්නෙන් අදහස් කරනුයේ වචනය වපුරනු ලැබූ කල එය ඇසූ වහා ම සාතන් විත් සිතෙහි වපුරන ලද වචනය පැහැරගනු ලැබූ අය ය. ගල් බිමෙහි වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය ඇසූ කෙණෙහි ම, එය සතුටින් පිළිගන්න නමුත්, තමන් සිත්හි කිඳා නොබසින බැවින් මඳ කලක් පැවත, වචනය නිසා විපතක් හෝ පීඩාවක් හෝ පැමිණි කල, වහා ම පැකිළී වැටෙන අය ය. සෙස්සෝ, කටු අතරේ වැපුරූ බීජවලට සමාන ය. ඔවුන් වචනය ඇසූ නමුත්, මේ ලෝකයේ කම්කටොලු හා වස්තු මායාව ද අනිකුත් දෙයට තණ්හාව ද ඔවුන් තුළට ඇතුළු වෙමින් වචනය හිර කරයි. ඔව්හු ද පල නොදරති. සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා, එය පිළිගෙන, තිස් ගුණයක් ද සැට ගුණයක් ද සිය ගුණයක් ද බැගින් පල දරන අය ය.” තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “පහනක් ගෙනෙන්නේ බඳුනක් හෝ යහනක් හෝ යට තබන පිණිස ද? පහන් රුක උඩ තැබීමට නොවේ ද? මන්ද යත්, හෙළි නොකරනු ලබන සැඟවුණ දෙයක් වත්, පළ නොකරනු ලබන රහසක් වත් නැති හෙයිනි. සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි වදාළ සේක. තවද, උන් වහන්සේ ඔවුන් අමතා, “ඔබ අසන දේ හොඳින් සිතට ගන්න. ඔබ මැන දෙන මිනුමෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ; වැඩියෙනුත් දෙනු ලැබේ. යමක් ඇති තැනැත්තාට වැඩියෙනුත් දෙනු ලැබේ; නැති තැනැත්තාගෙන් ඇති දෙයත් ගනු ලැබේ” යයි වදාළ සේක. තවද, උන් වහන්සේ කතා කරමින්, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු ය. මිනිසෙක් පොළොවෙහි බීජ වපුරයි; රෑ දාවල් දෙක්හි ඔහු නිදා සිටිය දීත්, අවදිව සිටිය දීත්, ඔහු නොදන්නා අයුරින් බීජ පැළවී වැඩෙයි. පොළොව එහි ස්වභාවයෙන් ම පල හටගන්වයි. පළමුව දලුව ද දෙවනුව කරල ද ඉන්පසු කරල පුරා ධාන්‍ය ද හටගනියි. ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන්, ඔහු වහා ම දෑකැත්ත යොදන්නේ ය”යි වදාළ සේක.

ශු. මාර්ක් 4:1-29 Sinhala New Revised Version 2018 (SNRV)

නැවත උන් වහන්සේ මුහුද අද්දර උගන්වන්න පටන්ගත් සේක. එකල ඉතා මහත් ජනකායක් රැස් වූ බැවින් උන් වහන්සේ මුහුදේ ඔරුවකට නැඟී වැඩහුන් සේක. මුළු සමූහයා ද වෙරළ දිගේ සිටියෝ ය. උන් වහන්සේ උපමාවලින් ඔවුන්ට බොහෝ කාරණා ඉගැන්වූ සේක. සිය ඉගැන්වීමේ දී උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “සවන් දෙන්න! වපුරන්නෙක් වපුරන්නට නික්මිණි. ඔහු වපුරන කල මෙසේ සිදුවිය. බීජ සමහරක් මඟ අද්දර වැටිණි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලා කෑවෝ ය. තව සමහරක් පස තුනී ගල් බිමේ වැටී, පස ගැඹුරු නුවූ නිසා වහා පැළ විය. හිරු නැඟුණු කල ඒවා දැවී, මුල් නැති බැවින් වියළී ගියේ ය. අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ වැවී, ඒවා යටපත් කළ බැවින් ඒවා පල නොදැරී ය. තවත් සමහරක් සරු බිමේ වැටිණි. ඒවා පැළ වී, වැඩී, පල දරමින්, එකකින් තිස් ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් සිය ගුණයක් ද බැගින් අස්වැන්න ඉපදවිය. සවන් ඇත්තෝ සවන් දෙත් වා!” උන් වහන්සේ තනියම සිටිය දී, දොළොස් දෙනා සමඟ උන් වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, පිටත සිටින අයට සියල්ලක් ම උපමා මඟින් දන්වනු ලැබේ. එසේ වන්නේ: ‘දැක දැක නොදක්නා පිණිසත්, අස අසා වටහා නොගන්නා පිණිසත් ය. මන්ද, යම් හෙයකින් එසේ වුවහොත්, ඔවුන් දෙවියන් වහන්සේ වෙත හැරී කමාව ලබන්න පුළුවන් නිසා ය.’ ” තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මේ උපමාව ඔබට වැටහෙන්නේ නැද් ද? එසේ නම්, කවර උපමාවක් වත් තේරුම්ගන්නේ කෙසේ ද? වපුරන්නා වචනය වපුරයි. මඟ අසල වූවෝ යන්නෙන් අදහස් කරනුයේ වචනය වපුරනු ලැබූ කල එය ඇසූ වහා ම සාතන් විත් සිතෙහි වපුරන ලද වචනය පැහැරගනු ලැබූ අය ය. ගල් බිමෙහි වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය ඇසූ කෙණෙහි ම, එය සතුටින් පිළිගන්න නමුත්, තමන් සිත්හි කිඳා නොබසින බැවින් මඳ කලක් පැවත, වචනය නිසා විපතක් හෝ පීඩාවක් හෝ පැමිණි කල, වහා ම පැකිළී වැටෙන අය ය. සෙස්සෝ, කටු අතරේ වැපුරූ බීජවලට සමාන ය. ඔවුන් වචනය ඇසූ නමුත්, මේ ලෝකයේ කම්කටොලු හා වස්තු මායාව ද අනිකුත් දෙයට තණ්හාව ද ඔවුන් තුළට ඇතුළු වෙමින් වචනය හිර කරයි. ඔව්හු ද පල නොදරති. සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා, එය පිළිගෙන, තිස් ගුණයක් ද සැට ගුණයක් ද සිය ගුණයක් ද බැගින් පල දරන අය ය.” තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “පහනක් ගෙනෙන්නේ බඳුනක් හෝ යහනක් හෝ යට තබන පිණිස ද? පහන් රුක උඩ තැබීමට නොවේ ද? මන්ද යත්, හෙළි නොකරනු ලබන සැඟවුණ දෙයක් වත්, පළ නොකරනු ලබන රහසක් වත් නැති හෙයිනි. සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි වදාළ සේක. තවද, උන් වහන්සේ ඔවුන් අමතා, “ඔබ අසන දේ හොඳින් සිතට ගන්න. ඔබ මැන දෙන මිනුමෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ; වැඩියෙනුත් දෙනු ලැබේ. යමක් ඇති තැනැත්තාට වැඩියෙනුත් දෙනු ලැබේ; නැති තැනැත්තාගෙන් ඇති දෙයත් ගනු ලැබේ” යයි වදාළ සේක. තවද, උන් වහන්සේ කතා කරමින්, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු ය. මිනිසෙක් පොළොවෙහි බීජ වපුරයි; රෑ දාවල් දෙක්හි ඔහු නිදා සිටිය දීත්, අවදිව සිටිය දීත්, ඔහු නොදන්නා අයුරින් බීජ පැළවී වැඩෙයි. පොළොව එහි ස්වභාවයෙන් ම පල හටගන්වයි. පළමුව දලුව ද දෙවනුව කරල ද ඉන්පසු කරල පුරා ධාන්‍ය ද හටගනියි. ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන්, ඔහු වහා ම දෑකැත්ත යොදන්නේ ය”යි වදාළ සේක.

ශු. මාර්ක් 4:1-29 New International Version (NIV)

Again Jesus began to teach by the lake. The crowd that gathered around him was so large that he got into a boat and sat in it out on the lake, while all the people were along the shore at the water’s edge. He taught them many things by parables, and in his teaching said: “Listen! A farmer went out to sow his seed. As he was scattering the seed, some fell along the path, and the birds came and ate it up. Some fell on rocky places, where it did not have much soil. It sprang up quickly, because the soil was shallow. But when the sun came up, the plants were scorched, and they withered because they had no root. Other seed fell among thorns, which grew up and choked the plants, so that they did not bear grain. Still other seed fell on good soil. It came up, grew and produced a crop, some multiplying thirty, some sixty, some a hundred times.” Then Jesus said, “Whoever has ears to hear, let them hear.” When he was alone, the Twelve and the others around him asked him about the parables. He told them, “The secret of the kingdom of God has been given to you. But to those on the outside everything is said in parables so that, “ ‘they may be ever seeing but never perceiving, and ever hearing but never understanding; otherwise they might turn and be forgiven!’” Then Jesus said to them, “Don’t you understand this parable? How then will you understand any parable? The farmer sows the word. Some people are like seed along the path, where the word is sown. As soon as they hear it, Satan comes and takes away the word that was sown in them. Others, like seed sown on rocky places, hear the word and at once receive it with joy. But since they have no root, they last only a short time. When trouble or persecution comes because of the word, they quickly fall away. Still others, like seed sown among thorns, hear the word; but the worries of this life, the deceitfulness of wealth and the desires for other things come in and choke the word, making it unfruitful. Others, like seed sown on good soil, hear the word, accept it, and produce a crop—some thirty, some sixty, some a hundred times what was sown.” He said to them, “Do you bring in a lamp to put it under a bowl or a bed? Instead, don’t you put it on its stand? For whatever is hidden is meant to be disclosed, and whatever is concealed is meant to be brought out into the open. If anyone has ears to hear, let them hear.” “Consider carefully what you hear,” he continued. “With the measure you use, it will be measured to you—and even more. Whoever has will be given more; whoever does not have, even what they have will be taken from them.” He also said, “This is what the kingdom of God is like. A man scatters seed on the ground. Night and day, whether he sleeps or gets up, the seed sprouts and grows, though he does not know how. All by itself the soil produces grain—first the stalk, then the head, then the full kernel in the head. As soon as the grain is ripe, he puts the sickle to it, because the harvest has come.”