ශු. මාර්ක් 3:13-14
ශු. මාර්ක් 3:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ කන්දකට නැගී, තමන් කැමති වූවන් තමා වෙත කැඳවූ සේක. ඔවුහු උන්වහන්සේ වෙත ආහ. උන්වහන්සේ දොළොස් දෙනකු තෝරාගත් සේක. එසේ කළේ, ඔවුන් උන්වහන්සේ සමඟ සිටින පිණිසත්, දේශනා කිරීමට උන්වහන්සේ ඔවුන් පිටත් කර හරින පිණිසත්
ශු. මාර්ක් 3:13-14 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ කන්දට නැගී තමන්වහන්සේ කැමතිවූවන් තමන් ළඟට කැඳෙවුසේක. ඔව්හු උන්වහන්සේ ළඟට ආවෝය. උන්වහන්සේද තමන් සමඟ සිටින පිණිසත්, දේශනාකරන්ට පිටත්කර අරින පිණිසත්
ශු. මාර්ක් 3:13-14 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමැති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන් වහන්සේ වෙත ආවෝ ය. උන් වහන්සේ දොළොස් දෙනෙකු පත් කළ සේක; ඔවුන්ට ප්රේරිතයෝ යයි නම් තැබූ සේක. උන් වහන්සේ එසේ කෙළේ, ඔවුන් තමන් හා සමඟ සිටින පිණිසත්, සුබ අස්න දේශනා කිරීමට යවන පිණිසත්
ශු. මාර්ක් 3:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
උන් වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමැති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන් වහන්සේ වෙත ආවෝ ය. උන් වහන්සේ දොළොස් දෙනෙකු පත් කළ සේක; ඔවුන්ට අපෝස්තුළුවරු යයි නම් තැබූ සේක. උන් වහන්සේ එසේ කෙළේ, ඔවුන් තමන් හා සමඟ සිටින පිණිසත්, සුබ අස්න දේශනා කිරීමට යවන පිණිසත්